» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/05/2015 - දේශය
රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයෙන් ජනතාන්ත‍්‍රිකත්වයට - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව කුඩා භූමියක් ඇති රටකි. ආර්ථිකය කුඩා එකකි. ඉතිහාසයේ සිට අද දක්වාම කැපී පෙනෙන කාරණයක් තිබේ. එනම් කුඩා රටක් බලවත් ආකාරයට ජාත්‍යන්තර අවධානයට ලක් වීමය. අභියෝග හමුවේ ජගත් ධෛර්යවත්ව අභිමානයෙන් නැගීසිටින්නට සමත්ව තිබේ. එය අතීතය දෙස හැරී බලන විට පැහැදිලි වන කරුණකි. එහි ගෞරවය අත්පත් විය යුත්තේ පුරවැසියන්ට සහ නොයෙකුත් බාධක මැද රට ඉදිරියට ගෙන ගිය නායකයන්ටය. ආක‍්‍රමණ තිබිණ. යටත්ව සිටි යුගයක් ද විය. පසුව නිදහස ලැබිය. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවතී. අද ඇති තත්ත්වය බැරූරුම්ය. අර්බුද එල්ලවන්නේ කොතැනකින්දැයි වටහාගැනීම පහසු නැත. මතුපිටට වඩා අභ්‍යන්තරය සාහසිකය. මැදි ආර්ථික දියුණුවක් ඇති රටක් බවට පත්ව ඇත. ආර්ථික තර`ගකාරීත්වය උදෙසා ජාත්‍යන්තර සම්බන්ධතා වැදගත්ය. ආයෝජන හා සංවර්ධන ණය ගැනීමේ දී ද ජාත්‍යන්තර ප‍්‍රතිරූපය වැදගත් වෙයි. ශ‍්‍රී ලංකාව බාධක මැද ක‍්‍රියා කර තිබේ. එහි අත්දැකීම් අපමණයි. අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් නොයෙක් රටවල් සමග තරගකරන්නට අප සමත්ව ඇත. විදේශ සම්බන්ධතා හා එහි උපායශීලී බව කේන්ද්‍රීය ලක්ෂයකි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා ඉතා වැදගත් වන්නේය.

ජාත්‍යන්තර සම්බන්ධතා රටකට වැදගත්ය. වැදගත්වන්නේ මෙයින් දශක කිහිපයකට කලින් මෙන් නොවේ. නොඑසේනම් රාජ්‍ය තාන්ත‍්‍රික බව අද වැදගත්ම සාධකයක් දැයි විමසා බලන්නට අවශ්‍යය. අද ජීවත්වන්නේ ගෝලීයකරණයට ලක්වූ සමාජයකය. දේශසීමා ඇත. නමුත් සියලූ සීමා පරදවා ජනතාව සම්බන්ධ වෙමින් සිටී. එක පැත්තකින් රටවල්තුළ කරන සංක‍්‍රමණය පුලූල්ය. අනෙක් පැත්තෙන් කිසිදා විදේශ සංචාරයක් නොකළ පුරවැසියන් පවා නොයෙකුත් ආකාරයට ජාත්‍යන්තරය සමග සම්බන්ධ වී සිටී. එයට මුල පුරන්නේ තාක්ෂණයයි. එය අවිවාදිතය. ෆේස්බුක්, ටිවිටර් වැනි සමාජ වෙබ් අඩවි වලට සම්බන්ධ වන පිරිස අමුතු දුපත් සකස් කරගනිමින් සිටී. තමන්ගේ කැමැත්ත, අවශ්‍යතාවය අනුව එකිනෙකට වෙනස් ගෝලීය අවකාශ වල එකතුවන සමයක රාජ්‍ය තාන්ත‍්‍රික බැ`දීම් බලවත් ආකාරයක පරිවර්තනයකය. මෙම තීරු ලිපියෙන් විදේශ සම්බන්ධතා පමණක් නොව එහි නව ප‍්‍රවනතා ද අධ්‍යයනය කරන්නට සූදානම්ය.

විදේශ සම්බන්ධතා කෙරෙහි රටට ඉතිහාසයක් තිබේ. ඉන්දියාව, චීනය ඇතුලූ පෙරදිග රටවල් සමග පැවති වෙළ`ද හා ධර්මදූත සම්බන්ධතා ඒ අතරින් ප‍්‍රමුඛය. අනුරාධපුරය සහ ති‍්‍රකුණාමලය වෙළ`ද නගර වශයෙන් පැවතුන බවට සාක්ෂි හමුවෙයි. ස්වභාවික වරාය මගින් රට තුළට පැමිණි ආගන්තුකයන් ස්වදේශිකයන් සමග ගනු දෙනු කර තිබේ. සම්පත් හුවමාරු කරගෙන ඇත. වෙළ`දාම සමග ආක‍්‍රමණ ද සිදුව ඇත. එහිදී ශක්තිය, ධෛර්යයට අමතරව උපාය පාවිච්චි කරන ලද බවට අවිවාදිතය. බාහිර බලවේග හා ඔවුන්ගේ ආකල්ප හ`දුනාගෙන සාර්ථකව මුහුණ දෙන්නට හැකියාවක් රජවරුන් සතුව තිබිණ. පෘතුගීසීන් පැමිණි විට ගිරි දුර්ග මැදින් දීර්ඝ ගමනකින් රජු හමුවට ගෙන යාම උපායශීලී දක්ෂතාවයකි. පෘතුගීසින් යටපත් කරන්නට ලන්දේසින් ගේ සහාය ලබාගෙන තිබේ. ලන්දේසි බලය පාලනය කරන්නට කෙටි කාලයකට ප‍්‍රංශයේ හා පසුව ඉංග‍්‍රීසීන්ගේ උපකාර ලබා ගෙන ඇත. උපාය වෙනුවෙන් දූත මෙහෙවර පැවැතී ඇත. මුස්ලිම් වෙළ`ද ප‍්‍රජාව එයට මුල් වූ බව ද පෙනේ. රට යටත්කර ගන්නට අධිරාජ්‍යවාදීන්ට හැකිවූයේ මෙරට සංස්කෘතික ලක්ෂණ හා අනන්‍යතාව මනාව හැදෑරීමෙන් පසුවය. ඒවා බරපතල ලෙස විනාශ කර ජනතාව හා පාලකයන් එකිනෙකා කෙරෙහි බි`දවීය. ගරු නාම හා තනතුරු දී තම පාර්ශවයට එකතු කර ගත්තේය. වැව විනාශ කළේය. පන්සල හා සමාජය අතර තිබුණ බැ`දීම පලූදු කරන්නේය. බටහිර සිරිත්, ආගම් හා සම්ප‍්‍රදායයන් මෙරට සමාජයට කාන්දු කළේය.

රටට නිදහස ලබා ගන්නේ බලවත් ප‍්‍රයත්නයකින් පසුවය. ඉන්දියානු නිදහස් සටන සමග පවත්වන ලද සමබන්ධතා එක් සන්ධිස්ථානයකි. එය නූතන විදේශ ප‍්‍රතිපත්ති තුළ පදනමක් බවට පත්ව තිබේ. අමෙරිකාව හා සෝවියට් දේශය යන බලවත් රාජ්‍ය අතර සීතල යුද්ධයක් පැවතින. එකල ද, බලවත් රාජ්‍ය සමග නිසි සම්බන්ධතා පවත්වා ගනිමින් තම විදේශ ප‍්‍රතිපත්තිය සමබරව පවත්වාගෙන යන්නට හැකි විය. පසුව රට, නොබැ`දි ජාතියක් වශයෙන් ක‍්‍රියා කළේය. ජාත්‍යන්තර බලවේග ඉදිරියේ මෙරට අනන්‍යතාව ආරක්ෂා කළ වෙනත් උපායශීලී පිලිවෙතකි. බලවත් රාජ්‍ය හමුවේ අභියෝගයක් විය නොහැකිය. කුඩා රටකට උපායදැන දුරදක්නා නුවණින් කි‍්‍රයාකර ගෞරවයත් අවස්ථාවත් දිනා ගත හැකිය. විදේශ සම්බන්ධතා පලූදු වූ අවස්ථා වල රටට බරපතල තත්ත්ව ඇතිවිය. රටවල් අතර ශක්තිමත් සම්බන්ධතා තිබුණේ නම් ත‍්‍රස්තවාදීන්ට ඉඩ ලැබෙන්නේ නැත. එය බරපතල පාඩමකි. 1971 කැරැුල්ල, 83 ජූලි කලබල, 1987 දෙවැනි කැරැුල්ල හා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය ශ‍්‍රි ලංකාවේ කීර්ති නාමය අභියෝගයට ලක්වූ බැරූරුම් අවස්ථාය. විදේශ මිතුරන්ගෙන් උදව් පැතීම පහසු නැත. වත්මන් විදේශ සම්බන්ධතා තුළ ඉතා සංකීර්ණ මහුණුවරක් ඇත. මානව හිමිකම්, මාධ්‍ය නිදහස, පරිසර ප‍්‍රශ්න හා නොයෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කතිකා ඉදිරිපත් වෙයි. වෙනස්වෙමින් පවතින ජාත්‍යන්තර ආර්ථීක හා දේශපාලන ධාරාව තුළ ශ‍්‍රි ලංකාව ද කොටස්කරුවෙකු විය යුතුය. එය කළහැක්කේ කෙසේද? පළමුවෙන් ජාත්‍යන්තර දේශපාලනය නිවැරදිව අවබෝධකර ගත යුතුය. රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ගැන අලූත් ආකාරයකට හිතන්නට අවශ්‍යය.

මාධ්‍ය භාවිතාව හා තොරතුරු සන්නිවේදනය දියුණු මේ වකවානුවේ රටක තොරතුරු වේගයෙන් ව්‍යාප්ත වෙයි. ඒ අනුව ලෝක වාසීන් හා ප‍්‍රජා සංවිධාන පාලකයන්ට බලපෑම් කරයි. නොයෙකුත් මත අනුව සංවිධානය වූ සමාජ තිබේ. රාජ්‍ය නොවන සංවිධාන ඇත. ආර්ථිකය, දේශපාලනය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, කාන්තාව බලසතුකිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි මාතෘකා ඒ අතර ප‍්‍රධානය. එවැනි මතධාරී සංවිධාන රටකට වඩා බලවත් ව නැගී සිටින අවස්ථා ඇත. එම නැගිටීම් රටකට බලපෑම් කරන්නට සමත්ය. තානාපතිවරු පත්කර රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් ඒවා විස`දාගත හැකිද? යුක්ති සහගත හා විනිවිද පෙනෙන අන්දමට කි‍්‍රයා කරන ලෙස මෙම සංවිධාන කරන බලකිරීම් තවත් රටකට අත්හැර දැමිය නොහැකිය. ඒවා වෙනුවෙන් නම්‍යශීලීබවක් දක්වන්නට සිදුවන්නේ බටහිර රටක්කරන බලපෑමක් හා සමාන්තරවය.

ජාත්‍යන්තර සබ`දතා පාවෙන අයිස් කන්දක් සේ සමාජයට පෙනීම සුදුසුය. අයිස් කන්දේ ජලයෙන් උඩ පාවෙන කොටසට වඩා විශාල ස්ථරයක් දිය යට නොපෙනෙන අන්දමට පවතී. එම නොපෙනෙන කොටස නායකයින් අතර ඇති විශ්්වාසය හා ස්ථීරසාරත්වයේ පදනමයි. රාජ්‍ය නායකයින් ජනතා නායකයින් සහ රටවල් වලට වඩා විශාල ව්‍යවසායකත්ව නායකයින් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම අද ඇති ජාත්‍යන්තර සම්බන්ධතා වල ප‍්‍රධාන අභිමතාර්ථයක් විය යුතුය. රටවල් හා සංවිධාන වලට විරුද්ධව නැගෙන විවිධ චෝදනා එල්ල වන්නේ දිය මතුපිට ඇති අයිස් කන්දටයි. එහෙත් එයට යටින් ඇති ශක්තිමත් පදනම මහා බලවේගයක්ව පවතින්නේ නම් හා ගලන දිය පහර ඔස්සේ ආරක්ෂිතව සුදුසු තැන් බලා ගලායන්නේ නම් පදනමට හානියක් සිදුනොවේ. පදනමට හානි නොවන ආකාරයට රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය ඇති කරගැනීම රටක ඇති උවමනාවයි. හෙන්රි කිංසින්ජර් මහතා වරක් ප‍්‍රකාශ කළේ ''තම ප‍්‍රායෝගික පැවැත්මට වැදගත් වන්නේ කුමක්ද? එය ඉටුකර ගැනීම වැදගත්'' බවයි.

ශ‍්‍රී ලංකාව අලූත් යුගයක් කරා අවතීර්ණ වෙමින් සිටී. එය දේශපාලනයෙන් නුහුරුය. තාක්ෂණයෙන් අලූත්ය. මාධ්‍ය ස්වභාවයෙන් ඉතාමත් නවීනය. සම්බන්ධතා ගැන මතයක් ගොඩනැගීම අවශ්‍යය. රටවල් අතර සම්බන්ධතා තහවුරු කරගත යුතුය. සංවිධාන අතර ජාලගත විය යුතුය. ඕනෑම මිතුරෙකු හෝ සතුරෙකු සමග සෘජු ගනුදෙනුව වැදගත්ය. අවසාන වශයෙන් සියලූ මිනිසුන් සමග සම්බන්ධවීම වැදගත්ය. මිනිසුන් සහ මිනිසුන් අතර සම්බන්ධතාවය ඉතාම ඉහළ එකක් බව අද ප‍්‍රායෝගිකව පෙනෙන කාරණයයි. ජාත්‍යන්තර සම්බන්ධතා වලදී වාසිය අත් කරගන්නේ දෙපැත්තට පණිවුඩ ගෙනයන අතරමැදියන් බව අවබෝධකර ගැනීම වැදගත්ය. ජනතාව සම්බන්ධ වූ විට එවැනි බාධක මග හැරේ. සම්බන්ධතා ගොඩනැගෙන්නේ කෙසේද? රාජ්‍ය තාන්ත‍්‍රික වූ සම්බන්ධතා ජනතාන්ත‍්‍රිකත්වයක් ඇති කරන්නේ කවර ආකාරයකටද ඉදිරියේදී සාකච්ඡා කරමු.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.