ගප්පියා සිංහලෙන් ලියැවෙන බ්ලොග් අඩවියකි. විදේශගත ලාංකේය තරුණයෙකු එය පවත්වාගෙන යයි. ඉකුත් පොසොන් පොහොය දිනයේ ගප්පියා කාටුන් චිත‍්‍රයක් ඇ`ද පළ කළේය. මිහි`දු මහ රහතන් වහන්සේ අද වැනි දිනක වැඩම කළහොත් විය හැකි දේ එහි නිරූපනය විය. දේවානම් පියතිස්ස රජු මිහි`දු හිමියන්ගේ ප‍්‍රශ්න වලට උත්තර දෙන්නට කලින් සෙල්ෆි පින්තූරයක් ගන්නට අවසර පතයි. එම කාටුන් චිත‍්‍රය බලවත් විවාදයට ලක්විය. අපට ප‍්‍රශ්නයක් තිබේ. බුදුරජාණන් වහන්සේ අද වැනි දිනයක මෙරටට වැඩම කළහොත් නොඑසේනම් හෝ බුදු දහම අද වැනි දිනයක ශ‍්‍රී ලංකාවට ලැබෙන්නේ නම් වියහැකි ස්වභාවයයි. ඉන්දියාවෙන් එන හෙයින් විශාල ජනමතයක්, විවිධ අදහස් රට තුළ පැන නැගෙන වග නිසැකය. අසල්වැසි රටවල් වශයෙන් ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර එවැනි ආකල්ප පවතින්නේ ඇයි? ශ‍්‍රී ලාංකිකයන් ඉන්දියාව දෙස වෙනස් ආකාරයකට හැසිරෙන්නේ මන්ද? දෙරට අතර රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රියාපටිපාටියේ දි බරපතල ගැටලූ මතුකරන මෙම තත්ත්වය විමසා බැලීම වැදගත්ය.
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර විරසකයක් ඇයි? ශ‍්‍රී ලාංකිකයන් ඉන්දියාව අභියෝගයක් ලෙස සලකන්නේ මන්ද? ඉන්දු ශ‍්‍රී ලංකා සම්බන්ධතා පුළුල් මට්ටමකට වර්ධනයවීම ගැන රටට බයක් හෝ සැකයක් පැන නැගෙන්නට හේතුව කුමක්ද? දෙරට අතර ජන සම්බන්ධතා නිදහසේ වැඩෙන්නට ඉඩදීම කොපමණ වැදගත්ද? මෙකී පැති ගැඹුරින් සාකච්ඡුා කළ යුතුය. නමුත් අභාග්‍යයකට මෙන් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ඇත්තේ එක`ගතාවය නොවේ. විශේෂයෙන් ජනතාව අතර ඇත්තේ නොපහන් බවකි. රාජ්‍යතාන්ත‍්‍රික තීන්දු ගැනීමේදී ජන ආකල්ප කෙරෙහි බලපවත්වන අවස්ථාවල රටට සිදුවන පොදු අවාසි බලවත්ය.
අතීතය දෙස බලන විට ප‍්‍රංශය හා ජර්මනිය අතර අර්බුද තිබිණ. දැන් මෙම රටවල් දෙක අතර ආර්ථික සහසමාජ සම්බන්ධතා ප‍්‍රබලය. ජපානය සහ දකුණු කොරියාව, ජපානය සහ චීනය, චීනය සහ වියට්නාමය මේ ආකාරයට කලින් නොමනාපකම් තිබී දැන් බලවත් සම්බන්ධතා පවත්වාගෙන යන රටවල්ය. එකිනෙක රටවල් අතර බැ`දීම් හා සහයෝගීතා රහිතව ගමනක් නැති බව මෙම රටවල් හො`දින් වටහා ගෙන තිබේ. ඇමරිකාව තවත් උදාහරණයකි. ලෝකයේ නොයෙක් රටවල් සමග අර්බුද ඇති කරගත් ඇමරිකාව ඒවා එසේම තිබිය දි ආර්ථික සම්බන්ධතා තහවුරු කරගනිමින් සිටින්නේ සියුම් ආකාරයකටය. ශ‍්‍රී ලංකාව ද, ඉන්දියාව දෙස ඒ ආකාරයට බලන්නට සූදානම් විය යුතුය.
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර නිදහස් වෙළ`ද ගිවිසුමක් අත්සන් කර තිබේ. ඉන්දියාව තමන් අවට ඇති රටවල් සමග නිදහස් ආර්ථික ගිවිසුම් අත්සන් කරන ලද අතර එයින් පළමු අවස්ථාව අත්පත් වූයේ ශ‍්‍රී ලංකාවටය. එය රටට බලවත් අවාසිදායක එකක් සේ සමාජය තුළ මතයක් තිබේ. මෙරට කර්මාන් සහ ව්‍යවසාය ඉන්දියානු ආක‍්‍රමණයකට ගොදුරු විය හැකි යැයි බියෙන් පසුවෙයි. දත්ත සලකා බලන විට නිදහස් වෙළ`ද ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ගත වූ අවුරුදු පහලොව තුළ මෙරටින් අපනයනය කරන භාණ්ඩ ප‍්‍රමාණය වැඩි වී තිබේ. එම වැඩිවීම පසුපස ඇත්තේ නිදහසේ අපනයනයට දුන් අවස්ථාව බව පෙනේ. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ප‍්‍රමාණය දෙගුණ තෙගුණ වී ඇත. නමුත් එය මෙරට බදු වාසි ඇති භාණ්ඩ නොවීම විමර්ෂණය කළ යුතු පැත්තකි. රටට වාසියක් වන අවස්ථා පසෙක තිබිය දී ඉන්දියානු ආධිපත්‍යයක් දකුණු ආසියාවේ පැතිරී යනු ඇත යන අනියත භීතියකින් පසුවීම නිරර්ථක කාරණයකි.
ලාංකිකයන් ඉන්දියාව කෙරෙහි යම් සැකයකින් බලන්නට මෑත කාලය තුළ බලපවත්වන ලද එක සිදුවීමක් තිබේ. එය නම් බෙදුම්වාදී දෙමල ත‍්‍රස්තවාදී කන්ඩායම් වලට ඉන්දියාව පුහුණුව සහ වෙනත් උපකාර කරන ලද බවට වන අදහසයි. කලාපීය සම්බන්ධතා අභිබවා බටහිරට නැඹුරු වන්නට මෙරට රාජ්‍යතාන්ත‍්‍රික තීරණ නතුවීමේ ප‍්‍රතිපලයක් වශයෙන් ඉන්දියාව එවැනි තීරණයක් ගන්නට හේතු වූ බව අදහසකි. එවැනි බලපෑමක් අවසානයේ දී දහස් සංඛ්‍යාත සාම සාධක භටයන් පමණක් නොව ඉන්දීය අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ජීවිතයෙන් වන්දි ගෙවන ලද බව අමතක කළ යුතු නැත. අවසානයේ දී ත‍්‍රස්තවාදය පරාජය කරන මානුෂික මෙහෙයුම අවස්ථාවේ දී ඉන්දියාව පමණක් නොව රටට හිතවත් රටවල් ගණනාවක් ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයිය. ලෝකයේ වෙනත් රටවල් උත්සාහ කරන ආකාරයට අතීතයේ අමිහිරි තැන් අමතක කර අනාගතය දෙස අලූත් ආකාරයකට බලන්නට රට ආත්ම ශක්තියක් උපදවා ගත යුතුය.
ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් ඉන්දියාව දෙස බලන්නේ අසුබදායක ආකාරයට නොවේ. ප‍්‍රතිපත්ති සම්පාදක සහ රාජ්‍යතාන්ත‍්‍රික පැති මෙම ප‍්‍රවනතාව අධ්‍යයනය කරන්නට අවශ්‍යය. මෙරටට පැමිණෙන සංචාරකයන් ගෙන් වැඩිම ප‍්‍රමාණයක් එන්නේ ඉන්දියාවෙන්ය. විශේෂයෙන් උත්සව සහ සමාගම් වල ප්‍රවර්දන කටයුතු වෙනුවෙන් රටට එන ඉන්දියානු සංචාරකයන් වෙනත් කිසිම රටකට දෙවැනි එකක් නොවේ. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් ගෙන් වැඩිම ප‍්‍රමාණයක් පිටත්ව යන රටක් වශයෙන් ද ඉන්දියාව ස`දහන් කළ හැකිය. ආගමික සංචාර වල සිට වෙළ`ද අවශ්‍යතා ස`දහා යන පිරිස දක්වා විවිධ පරාසයක් පුරා විහිදුන මෙම ජන කොටස ඉන්දියාවට ද වැදගත් සාධකයකි. ඒ බව තහවුරු වෙන්නේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මැතක දී අන්තර්ජාලයෙන් වීසා අයැදුම් කිරීමේ දී දක්වන ලද නිදහස් වීසා අනුමැතිය දෙස බලන විටදීය. දෙරටෙහි ජනතාව අතර සම්බන්ධතා ඇති කරගැනීමේ උවමනාවක් තිබේ. එය වැදගත් ආර්ථික සහ සමාජ උන්නතියක් ඇති කරන බව අවබෝධ කරගෙන හමාරය. නමුත් තීන්දු ගැනීමේ දී කිසියම් ආකාරයකට දුර්වල බවක් නිරීක්ෂණය කළ හැකිය.
ලෝකයේ සෑම බලවත් රටකටම අසල්වැසි රටවල් සමග ප‍්‍රශ්න තිබේ. එයට හේතුව කුඩා රටවල් තමන්ට ආසන්නයේ පවතින බලවත් රටවල් දෙස බලන ආකාරයයි. සැකය, අවිශ්වාසය සහ තරගය එහි තිබේ. ශ‍්‍රී ලංකාවට ද ඉන්දියාව සමග තරගයක් ඇත. එම තරගයට පසුබිම වියයුතු ආර්ථික අවස්ථා දිනා ගැනීමේ තරගය විනා ඉන්දියාව අබිබවා යාමේ ප‍්‍රයත්නය නොවේ. එක් එක් යුග වලදී තමන්ට දැනෙන දර්ශනය අනුව රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව ඉතිහාසය අධ්‍යයනය කරනවිට නිරීක්ෂණය කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ උරුමයට ඉන්දියාවේ සම්බන්ධතාවයක් තිබේ. එසේම නොයෙක්වර ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කර ඇත්තේ ද ඉන්දියාවයි. විශාල රටක් ආසන්නයේ ඇති කුඩා දිවයිනක වැසියන් වශයෙන් ලාංකිකයන් නිතරම ඉන්දියාව දෙස බලන්නේ යම් බයක් ඇතිවය. ඉන්දියානු සාධකය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වටහා ගත නොහැකි රාමුවක ශ‍්‍රී ලංකාව සිරගතව සිටී.
එසේ නමුත් අලූත් ආකාරයකට ඉන්දියානු උප කලාපයට ප‍්‍රවේශවීමේ හැකියාවක් රටට තිබේ. ශ‍්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාවය සහ කැපවීම ගැන විශ්වාසයක් සමාජයට ඇත. නූතන සමාජ ගෝලීයකරණය මෙම විශ්වාසය තහවුරු ප‍්‍රබල සාක්ෂියකි. ලෝකයේ ඕනෑම තැනක ස්වකීය අනන්‍යතාවය අනුව මෙහෙයැවෙන්නට සමත් ජන සමාජයකට තමන්ට නුදුරින් සිටින රටක අභියෝග සහ අවස්ථා හ`දුනාගැනීම අපහසු විය නොහැකිය. පවතින තාක්ෂණ හැකියාව තුළ එය වඩාත් පුලූල් සහ සරල ස්වභාවයක් ගන්නේය.
මේ අනුව ඉන්දු ශ‍්‍රී ලංකා සම්බන්ධතා ජනතාව අතර අනොන්‍ය සම්බන්ධතා තහවුරු වන ආකාරයට අලූත් මගක් ගත යුතුව තිබේ. සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධතා සමීපවන විට දුර සිටින විට දැනෙන යම් බියකට වඩා ළ`ග සිටින විට ඉන්දියාව තුළ ඇති අතිවිශාල අවස්ථා ගැන අවබෝධයක් ඇති කරගත හැකිවෙයි. වේගයෙන් සංවර්ධනය වන ඉන්දියාව තුළ වෙළ`ද සහ කර්මාන්ත අවස්ථා සොයමින් ලෝකයේ නොයෙක් රටවලින් ව්‍යවසායකයන් සංක‍්‍රමණය වෙමින් සිටී. ඉන්දියාවට ඉතාමත් සමීපයෙන් පිහිටි රටක වැසියන් වශයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ සිදුවන සංවර්ධනයේ අවස්ථා අත්පත් කරගැනීමේ හැකියාවක් තිබිය යුතුය. ඇමරිකාව, බ‍්‍රසීලය සහ චීනය වැනි විශාල රටවල් වටා පිහිටි කුඩා රටවල් මෙකී බලවත් රටවල ආර්ථිකයෙන් ප‍්‍රබෝධය අත්පත් කරගෙන වර්ධනය වී තිබේ. චීනයට දොරටුවක් වූ හොංකොං දේශය එයට තවත් උදාහරණයකි. මෙයින් දශක කිහිපයකට කලින් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව තිබූ ස්ථානය අද අතීතයට එක්වී තිබේ. දෙරටෙහිම යටිතල පහසුකම් වෙනස් ස්වභාවයක් ගෙන තිබේ. තොරතුරු තාක්ෂණය අනුව සම්බන්ධතා ගොඩනැගී ඇති අතර ගුවනින් සහ මුහුදෙන් රටවල් දෙක අතර ජනී ජනයා මුහුවෙමින් තිබේ. ජන පර්යටනය රටවල් අතර පවතින ආධිපත්‍ය සහ දේශසීමා වෙනස් කර ඇති බව ඉතිහාසය අධ්‍යයන කරන විට පෙනේ. තාක්ෂණික සම්බන්ධතා සමග රටවල් දෙක අතර ජනතාව නිදහසේ සම්බන්ධ ඉඩකඩ ලැබෙන විට පවතින සීමාසහිත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වනු ඇත.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|