» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/11/2015 - දේශය
පවර් එක ඇති සමන්තා පවර්

වර්ණබේධ වාදය බහුලව තිබුණේ ඇමරිකාවේය. කලූ සුදු බේධය දැන් තුරන් වී තිබේ. කලූ ජාතිකයන් යන ව්‍යවහාරය පවා අතීතයට එක් වූ වචනයකි. කලූ ඇමරිකානුවන් අද හැඳින්වෙන්නේ අප‍්‍රිකානු සම්භවයක් ඇති ජනයා ලෙසය. කලූ ජාතීන් පීඩාවට පත්කරන ලද රටක එනම් ඇමරිකාවේ උපන් සමන්තා පවර් නොබෝදා ශ‍්‍රී ලංකාවට පැමිණියාය. කලූ සුදු බේධය ගැන අන්තර් ජාතිකව කලූ පැල්ලමක් ඇති කරගෙන සිටි ඇමරිකාව, අනාගතය ලෝකයේ දී වර්ග ඝාතනය වලක්වන රටක් වශයෙන් ලියවා ගන්නට සමන්තා මහන්සි වෙමින් සිටින්නීය. එය ඇයගේ ගමන තුළ ඇති විශේෂත්වයයි. සමන්තා පවර් ගේ හුදෙකලා සටන ගැන ලෝක ප‍්‍රජාව බලවත් අවධානයෙකින් සිටී. එපමණක් නොව ඉමහත් සේ අගය කරයි. සමන්තා පවර් ලියන ලද කෘතියක් පදනම් කරන්නේ මනුෂ්‍යයන්ගේ ශෝකාන්තයන් ගැනය. එය 2003 අවුරුද්දේ දී පුලිස්ටර් සම්මානය හිමිකර ගත්තේය. එය ලෝක ජනතාව වෙන්වෙන් නිර්භය ප‍්‍රකාශනයකට ලැබූ ඉහළම පිළිගැනීමක් වශයෙන් සැලකෙයි.

ඇමරිකාව වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වශයෙන් වර්තමානයේ ක‍්‍රියා කරන සමන්තා පවර් ශ‍්‍රී ලංකාවට එන්නේ එක අතකින් හොඳ හිත අරගෙනය. නමුත් අනෙක් අතින් යුද සමයේ ශ‍්‍රී ලංකාවේ සිදුවූ ඝාතන ඇයගේ රාමුව අනුව එනම් වර්ග ඝාතනයක් යැයි දකින අදහසින් ද යන්න අවබෝධ කරගත යුතු සූක්ෂම ආකාරයේ ගැටලූවකි. සරල හිත් ඇදගන්නා චරිතයක් වශයෙන් මතු පිටින් පෙනෙන පවර් අභ්‍යන්තරයෙන් ඉතාමත් තීක්ෂණ කාන්තාවකි. බුද්ධිමත්ය.

සිය අභිමතාර්ථ ජයගැනීම වෙනුවෙන් එකහෙලා සටන් කරන්නීය. එම පසුබිම ලැබෙන්නේ පවර් මාධ්‍යවේදිනියක ලෙස යුගෝස්ලෝවියාවේ වර්ගවාදී යුද්ධය වාර්තා කිරීමෙන් ලද අත්දැකීම් සහිතව බව නිරීක්ෂණය කළ හැකිය. පසුව මිනිස් අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් ගැන තියුණු හඞක් නැගූ සමන්තා පවර් පසුව බැරක් ඔබාමා වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ මුල් කාලයේ එනම් 2008 දී සෙනෙට්වරයෙකු වශයෙන් ක‍්‍රියා කළ කාලයේ දී උපදේශීකාවක ලෙස කරන්නීය. ඔබාමාගේ ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරය තුළ කැපී පෙනෙන චරිතයක් වූ නමුත් ප‍්‍රතිවාදී හිලරි ක්ලින්ටන් රාක්ෂණියක් යනුවෙන් හැඳින්වීමට පසුබට නොවූ අතර එහි ප‍්‍රතිඵලය වයේ ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත්ව සිටින්නට සිදුවීමය.

යුද බිමේ වාර්තාකරණයෙන් පසු හාවඞ් හි නීතිය හැදෑරූ පවර් තමන්ගේ අභිලාශ අනාවරණය කරන්නේ එහි දීය. මානව හිමිකම් යටපත්කර මනුෂ්‍යයන් ගේ ජීවිත ආගාධයට ඇද දැමීම ගැන අදහසක් ඇතිවෙන්නේ යුද බිමේ අත් දැකිම් වලින් විය හැකිය. එම අත් දැකීම් ලෙලවන ඇය එය තුළින් සමස්ථ ලෝකයටම අලූත් අදහසක් ඉදිරිපත් කරන්නේය. ලෝකයේ තැනින් තැන ජන ඝාතන සිදුවන අතර එයින් කරන්නේ ලෝකයේ පවතින ජනවර්ග සමූල ඝාතනය කර නැත්තටම නැති කර දැමීමට යැයි තර්කයක් ඉදිරිපත් කරන්නීය. එය ලෝක ප‍්‍රජාව තැති ගන්නවන සුළු අදහසකි. යුද මෙහෙයවූ ලෝක නායකයන් අර්බුදයට පත්කළ ප‍්‍රකාශ්‍යකි. එතැන් සිට ජන සංහාරයට එරෙහිව ඇය තනි සටනක් අරඹයි. ලෝකයේ රාජ්‍ය තාන්ති‍්‍රක රාජ්‍යයන් මෙම තනි බලය හමුවේ ඇය කියන දේ තුළ යම් සංකල්පයක් ඇති බව හිතන්නට ක‍්‍රමයෙන් නැඹුරු වෙයි. විශේෂත්වය එයයි. පවර් සිය ද්‍රෘෂ්ටිකෝණයෙන් ආර්මේනියාව සහ රුවන්ඩාවේ යුද සිදුවීම් ගවේශණය කළාය. ලෝකයේ කොතැනක හෝ මිනිස් අපරාධයක් සිදුවන විට ඉදිරියට පැමිණියාය. ශ‍්‍රී ලංකාව ගැන ද උණන්දුවක් දක්වන්නේ එහෙයින්ය. ඒ බව අමතක කළ යුතු නැත.

2004 වසරේ දී ටයිම්ස් සඟරාව සමන්තා පවර් ලෝකයේ වඩාත්ම බලපෑමක් කළ හැකි චරිත සියයක් අතුරින් කෙනෙකු බවට නම් කරන්නේය. එය ඇයගේ ජන තාන්ත‍්‍රිකත්වය මතු කරන ශ්‍රේණිගත කිරීමකි. ලෝකයේ කොතැනක හෝ ජන ඝාතනයක් සිදුවන්නේ නම් එයට විරුද්ධය රාරජ්‍ය තාන්ත‍්‍රික, ආර්ථික, දේශපාලන සහ හමුදා වශයෙන් මැදිහත් විය යුතු බව පවර් කියන්නේ ප‍්‍රසිද්ධියේය. එය ඉතාමත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ වන අතර තවත් රටක් අපගේ රට තුළ සිදුවන දේ ගැන අපි බලාගන්නම් යනුවෙන් මතුකරන යම් අදහසක් ඇත්නම් එයට එල්ලකරන තද පීඩනයකි. ජාත්‍යන්තර ප‍්‍රජාව මෙම අදහස් දෙස බලන්නේ පීඩනය එල්ල කරන තැනක් ලෙස සනිටුහන් කරමින්ය. ඇමරිකාව වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ නියෝජිත වරිය වශයෙන් බැරක් ඔබාමා පත් කරන විට පවර් කියා සිටියේ තමන් කුඩා නමුත් ඇමරිකානු ධජය සෞභාග්‍යය සහ නිදහස වෙනුවෙන් ලෙලදෙවන්නට නොපැකිලෙන බව සඳහන් කළාය. අය ඒ බව කියන්නේ කුඩා කාලයේ සිටම තමන්ගේ ගමන ගැන තම දෙමාපියන් සාක්ෂි දරනු ඇත යන අභිමානය පළකරන වචන වලින් යුත් වාගාලාපයකින්ය.

සමන්තා පවර් ලෝකයේ හැම තැනකම සිදුවන ඝාතන වල පසුබිමට ඇඟිල්ලල දිගුකර විමසා බලයි. ඇමරිකාව කරන ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධයෙන් ද ඇයගේ ස්ථාවරය වෙනස්වූයේ නැත. ලෝකය වෙනස් තැනක් කරන්නට අවශ්‍ය බව ඇයගේ අවධාරණයවන අතර නායකයන්ට ඉවසිල්ලෙන් ඒ ගැන සාවධාන වන්නට බල කිරීම මෙහිදී අවධානයට ගත යුතු ප‍්‍රධාන කාරණාව වශයෙන් සැලකිය හැකිය. එක චරිතයකට, එක කාන්තාවකට ලෝකයේ සිදුවන ඇතැම් සිදුවීම් ජන මූල ඝාතන ලෙස අර්ථ දක්වන්නට හැකිවීම පමණක් නොව එම පණිවුඩය ඉතාම තද ස්වරයකින් ඉදිරිපත් වන විට ප‍්‍රශ්න දෙස වෙනත් කෝණයකින් බලන්නට පාලකයන් පෙළැඹීම මෙහි ඇති තේරුම් ගත යුතු පැත්තයි.

ශ‍්‍රී ලංකාවේ යුද්ධය ගැන පවර් කතාකළාය. මෙරට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සහ මානව හිමිකම් ගැන සොයා බැලූවේය. ඉරානයේ මිසයිල් ගැන සඳහන් කරමින් එම ප‍්‍රශ්නය අතට ගත්තාය. රුසියාවේ සිදුවීම් ගැන අත පෙවුවාය. මැද පෙරදිග ගැන අවධානය යොමු කලාය. මේ සියල්ලටම බලය ලැබෙන්නේ ඇය දරන ස්ථාවරය හෙයින් බව අමතක කළ යුතු නැත. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මානව හිමිකම් සමහ සමස්ථ මිනිස් වර්ගයා ගැන ලැදි සමත්තා පවර එක්සත් ජාතීන් නියෝජනය කරන්නට පත් කරයි. නමුත් අද වන විට ඇය ලෝකය පුරා සිය අණසක පතුරවන්නේ ජන බලය ආරක්ෂාකරන නියමුවරිය ලෙසය. ඇය ඝාතනයට ලක්වන්නන් වෙනුවෙන් රැජනක් බවට විරුදාවලි ලබන්නේ එහෙයින්ය. කලූ ජාතිකයන් කොන් කළ රටක් තුළින් සියලූ ජාතීන් වෙනුවෙන් අලූත් අදහසක් නැගෙනවිට එය ජනතාව වෙනුවෙන් නැගෙන අදහසකි. පාලකයන් බලය වෙනුවෙන් නගන සටන් තුළ අසරණ වන පොදු ජනතාව වෙනුවෙන් මතුවන නායකත්වයකි. මෙම පසුබිම සම්බන්ධයෙන් විමසා බැලීම වැදගත්ය. එපමණක් නොවේ. යම් ආකාරයකට මිත‍්‍රශීලී බව දක්වන නමුත් ඇයගේ ගමන තුළ ඇති සම්පූර්ණ අදහස තේරුම් ගැනීමට මෙම පසුබිම ප‍්‍රයෝජනවත් විය හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.