» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/04/2018 - දේශය
සල්ලි දන්දෙන බිලියනපතියෝ

බිල් ගේට්ස් සහ වොරන් බෆට් ගැන නොදන්නෝ නොවෙති. බිල් ගේට්ස් ඇමරිකානු ධනවතෙකි. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ වන හෙතෙම දාර්ශනිකයෙකු හා නව නිර්මාපකයෙකි. බිල් හා ඔහුගේ බිරිඳ මෙලින්ඩා එකතු වී ප‍්‍රබල පුණ්‍ය අරමුදලක් පවත්වාගෙන යමින් ලෝකය යහපත් තැනක් කරන්නට කැපවී සිටිති. වොරන් බෆට් ඇමරිකානු ආයෝජකයෙකු වන අතර ලෝකයේ තෙවැනි ධනවතා වශයෙන් සැලකෙයි. ඔහුගේ වත්කම් වලින් සියයට අනූ නමයක් බිල් හා මෙලෙන්ඩා පුණ්‍ය අරමුදලට පරිත්‍යාග කරන බව ප‍්‍රකාශ කර තිබේ. බිල් ගේට්ස් වොරන් බෆට් ඇතුළු බිලියනපතියන් හතලිස් දෙනෙකු 2010 අගෝස්තු මාසයේ දී එකතු වී අලූත් අදහසක් ප‍්‍රකාශයට පත් කළහ. එය ප‍්‍රතිඥාවකි. ඔවුහු සිය වත්කම් වලින් හරි අඩක් පොදු යහපත උදෙසා පරිත්‍යාග කරන බවට පොරොන්දු විය. ඔයැ ඨසඩසබට ඡුකැාටැ යනුවෙන් එය හªන්වා දෙයි.

ව්‍යවහාරයට අනුව මෙම සංකල්පය දානපතියන්ගේ වැඩසටහනකි. තමන් උඵයන දෙයින් කොටසක් දන් දීම බොදුනුවන්ගේ සිරිතය. සිදුහත් කුමාරයා ගේ උපත, බුදු රාජණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවීම යෙදුණ පුර පොහෝ දිනය අරමුණු කරගෙන වෙසක් සමරන මෙම වකවානුවෙහි ලෝබ සිත් අතහැර ලෝක යහපත වෙනුවෙන් සිය ධනය පරිත්‍යාග කරන මෙකී සත් පුරුෂයන්ගේ තීරණ ප‍්‍රසංශාවට ලක් විය යුතුය. බුද්ධ දේශනාව අනුව දානය මහත් ආනිශංස ඇති කරයි. තුන් සිත පහදවාගෙන සැදැහැ සිතින් දෙන දානය මහා පින්කමකි. මෙරට බලය හා ධනය ඇති ඇතැම් පිරිස හැසිරෙන අන්දම දකින විට ලෝකයේ පරිත්‍යාගශීලීහු ක‍්‍රියාකරන උත්තම ආකාරය බලවත් ආදර්ශයකි. ධනය රැස් කරන ඉතාම නරක විධි ගැන නොයෙක් තොරතුරු කියැවෙන මෙකල මෙම පරිත්‍යාගශීලී වැඩසටහන ඉතාම අගය කළ යුතුය.

ඇමරිකාවේ ප‍්‍රකට ධනවත් පුද්ගලයන් සහ ඔවුන්ගේ දරු පවුල් එකතු වී ලෝක යහපත වෙනුවෙන් සිය වත්කම් වලින් හරි අඩක් පරිත්‍යාග කරන බවට දෙන ප‍්‍රතිඥාව දේශ සීමා මායිම් රහිත දැවැන්ත පණිවුඩයක් බවට පත්ව තිබේ. වසර අටක් අවසන් වීමට මත්තෙන් ලෝකයේ රටවල් විසි දෙකක ධනවත් පවුල් 175 ක් මෙම පරිත්‍යාගයට සම්මාදම් වී තිබේ. වයස අවුරුදු තිහක සිට අවුරුදු අනූව දක්වා වයස් කාණ්ඩ වලට අයත් මෙම කණ්ඩායම ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, චීනය, ජර්මනිය, රුසියාව, මැලේසියාව සවුදි අරාබිය පමණක් නොව දකුණු අප‍්‍රිකාව ද නියෝජනය කරන බව සදහන් කළ යුතුය. පරිත්‍යාග කරන බවට පොරොන්දු දී ඇති චරිත අතර ආයෝජකයන්, නව නිර්මාණකරුවන්, වෛද්‍යවරු, නීති අංශයේ පිරිස, පරිසරවේදීන් හා අධ්‍යාපනඥයන් ඇතුළු නොයෙක් ක්ෂේත‍්‍රවලට විහිදී තිබේ.

අනර්ඝ දාර්ශනික සම්ප‍්‍රදායයක් ගොඩනැගීම මෙම ප‍්‍රතිඥාවේ අරමුණ වන අතර එය ලෝකය වඩා යහපත් තැනක් කරනු ඇති බව බිල් ගේට්ස් මෙකී වැඩ සටහන ආරම්භ කරමින් ප‍්‍රකාශයට පත් කළේය. ලෝකය යහපත් කරන මෙම වැඩ පිලිවෙල ඉතා සරල සංකල්පයකි. ලොව පුරා වෙසෙන බිලියනපතියන්ට විවෘත ආරාධනාවක් කෙරේ. එයට එකඟ වන බිලියනපතියන් ලෝකයේ මානුෂික පැවැත්ම සලකා උපයාගත් ධනයෙන් අඩක් පිරිනැමිය හැකිය. ඒවා විවිධ සමාජ සත්කාර වෙනුවෙන් වැය කෙරෙන අතර පුද්ගලිකව එකිනෙක දේ වෙනුවෙන් කරන ප‍්‍රදාන වලට වඩා උසස් පරමාර්ථයක් සහිතය. දුප්පත්කම දුරු කිරීම, අනාථාධාර, හදිසි විපත් ආධාර, ජාත්‍යන්තර සෞඛ්‍ය ප‍්‍රශ්න, අධ්‍යාපනය, කාන්තා අභිවෘද්ධිය, වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ, කලාව සහ සංස්කෘතිය, අපරාධ විනිශ්චය කටයුතු ප‍්‍රතිසංස්කරණය හා තිරසාර පාරිසරික පැවැත්ම යනා දී විෂයයන් වෙනුවෙන් එකතුවන ධනස්කන්ධය වියදම් කරන බව පරිත්‍යාගශීලීන්ට දැනුම් දී තිබේ. මෙකී ප‍්‍රතිඥාව පළමු වසර දෙක අවසානයේ දී ඇමරිකාව තුළ වෙසෙන බිලියනපතියන් වෙත බලවත් සංඥාවක් නිකුත් කළ අතර පසුව ලෝකයේ නොයෙක් තැන් වල වෙසෙන බිලියනපතියන් වෙත ද එය ඉතා හොඳ පණිවුඩයක් බවට පත් වූ බව නිසැකය.

2016 වසර අවසන් වන විට වත්කම් වලින් අඩක් පරිත්‍යාග කරන බවට ප‍්‍රතිඥා දුන් බලවතුන්ගේ ප‍්‍රමාණය 139 දෙනෙකුට සීමා වී තිබුණි. එ පිරිසගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 731 ක් බව සඳහන් වූ අතර ඔවුන්ගේ කැමැත්ත අනුව අරමුදලට එකතු වූ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 365 ඉක්මවීය. එය කොපමණ විශාල එකක් ද යන්න සලකා බැලිය යුතුය. ශ‍්‍රී ලංකාවේ මුළු ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන අසූවකට මදක් වැඩි බව දැක්වෙයි. පරිත්‍යාගයේ ප‍්‍රතිඥාවකින් අරඹන ලද මෙම අරමුදල අද වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මෙන් හය ගුණයක් ඉක්මවා ඇති බවට කිසිදු සැකයක් නැත. එය මෙම දානපතියන්ගේ තරම පෙන්වන කදිම සාක්ෂියකි. රටවල් වලට වඩා විශාල ධනයක්, පොදු යහපත වෙනුවෙන් පිහිටවූ ලෝක සංවිධාන වලට වඩා වැඩි බලයක් මෙම ප‍්‍රතිඥාව නිසා ජාත්‍යන්තරයට ලැබී තිබේ. එය නිවහල්, නිදහස් අරමුදලක් වන අතර සාධාරණ සහ නවෝත්පාදක අදහස් අනුව ඉතාම ඉක්මනින් බිහිකරන ලද ධන සම්භාරයක් බව ජගත් ප‍්‍රජාවගේ පිලිගැනීමට ලක්ව තිබේ.

ලෝකයේ නොයෙක් තැන් වලින් මෙම ප‍්‍රතිඥාව ගැන එකිනෙකට වෙනස් අදහස් පළ වී තිබේ. ධනවාදය මගින් ලෝකයේ සමාජ සාධාරණත්වය තුරන් කරනු ඇතැයි පැවැති භීතිය මෙයින් පහ වනු ඇති බව සඳහන් කර ඇති එක අදහසකි. තවත් මතයකට අනුව ලෝකයේ විශිෂ්ඨතම අදහස බිල් ගේට්ස් සහ වොරන් බෆට් එකතු වී නිර්මාණය කර තිබේ. ස්වෝත්සාහයෙන් උපයන ධන සම්භාරය කිසිදු බල කිරීමකින් තොරව සමාජ යහපත වෙනුවෙන් පිරිනමන්නට තීරණය කරන බිලියනපතියන් ධෛර්යයට පත්කරන අදහස් විශාල වශයෙන් පළ වී තිබේ. වෙළඳ ඒකාධිකාරයක් සහ ඉතාම බලවත් ධනවතුන් ලෝකය පාලනය කරනු සඳහා අනුගමනය කරන්නට ඉඩ ඇති උපක‍්‍රම ගැන අවධානයෙන් සිටි ජගත් ප‍්‍රජාවට බිලියනපතියන් සිය ධනය අතහරින වැඩ පිලිවෙලක් හෙයින් සැනසුම් සුසුම් හෙලන්නට අවස්ථාව ලැබී ඇති බව ද ප‍්‍රකාශ වී ඇත. මෙවැනි අදහස් වලින් බිලියනපතියෝ උද්දාමයට පත්ව ඇති බව පෙනේ. ඒ බව සනාථ කරමින් අලූතින් නිර්මාණය වූ The giving Pledge සංකල්පය දිනෙන් දින පෝෂණය වෙමින් තිබේ. ප‍්‍රකට ඉන්දියානු පරිගණක ඉන්ෆෝටෙක් විප්රෝ හි සභාපති අසීම් පේ‍්‍රම්ජී සිය ධනයෙන් හරි අඩක් පිරිනමන බවට ප‍්‍රතිඥා දී ඇති අතර තවත් ප‍්‍රකට පරිගණක ක්ෂේත‍්‍රයේ බිලියනපතියෙකු වන නන්දන් නිලෙක්නී සහ ඔහුගේ බිරිඳ ද නොබෝදා මෙම ප‍්‍රතිඥාව සමග එකතු වූ බව අනාවරණය වෙයි.

අලූත් දේ නිර්මාණය කිරීමෙන් ලෝකයේ පැවැත්ම ඉදිරි ගමනක් සිදුවෙයි. නොයෙක් සංකල්ප අනුව ක‍්‍රියාකර ධනය බිහිකරන ලද චරිත එම ධනය ලෝකවාසීන්ගේ යහපතට යොදවන අලූත් සංකල්ප බිහිකර තිබේ. ස්වකීය ධනයෙන් හරි අඩක් පිරිනැමීමට හිත හදා ගැනීම පහසු නැත. උපකාරයක් අවශ්‍ය අවස්ථාවක දෙවරක් නොසිතා යමක් කරන්නට පෙළැඹෙන අය සිටිති. නමුත් ජීවිත කාලයම මහන්සි වී උපයා ගත් දෙයින් හරි අඩක් පිරිනැමීමට තීරණය කිරීම පහසු නැත. නමුත් කළ නොහැකි දේ කිරීමෙන් ලෝකය වර්ණවත් කරන ධෛර්යය සම්පන්න මිනිසුන් එය කරන්නට හැකි දෙයක් බව ඔප්පු කර තිබේ. ඔවුන්ගේ ශක්තියෙන් බිහි වූ මුදල් ලෝකය පුරා සරණක් අවශ්‍ය ජනතාවට නිර්ලෝභීව පිරිනැමෙන බව දැක්විය යුතුය. රාජ්‍යතාන්ත‍්‍රිකත්වය අභිබවා ගිය ජනතාන්ත‍්‍රිකත්වය එයයි.