» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/06/2015 - දේශය
රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය තාන්ත‍්‍රික අරගලයක

පුද්ගල නාශක බිම් බෝම්බ සම්බන්ධයෙන් ලෝකය පුරා ඇත්තේ භීතිකාවකි. සතුරු පාර්ශව යන එන මාර්ගයෙහි බිම් බෝම්බ වලලන භටයෝ ඒවා පෑගී සතුරන් විනාශවී පරාජයවීම ඉලක්ක කරති. ජීවිත හානිය බලවත් ඒ හා සමානවම අංග විකලවී ජීවිත කාලයම දුක් වි`දින්නට සිදුවන බිම් බෝම්බ යුද පිටියෙන් ඉවත් කළ යුතු බවට බලවත් මතයක් නැගී තිබේ. බිම් බෝම්බ තහනම් කළ යුතුය යන මතය නැගෙන්නේ පොදු ජනතාව අතරින්ය. ආණ්ඩුවකට හැර වෙනත් බලවේගයකට බිම් බෝම්බ වැනි අවි ආයුද ගැන මතයක් ඇති කිරීම අනතුරුදායක පසුබිමක් තිබිණ.

ඇමරිකානු ජාතික ජූඩි විලියම්ස් බිම් බෝම්බ භාවිතාවට එරෙහිව ජනමතයක් ගොඩනගන්නේ මෙවැනි වකාවානුවකය. ආණ්ඩු වලට හිමිව තිබූ අයිතිය ජනතාව අතට පත්වෙයි. පොදු ජනතාව සංවිධාන ගත වී පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කරන ව්‍යාපාරයකට පණ පොවයි. ජූඩි විලියම් ඇතුළු ප‍්‍රජාව නගන ජනමතය ඉවසන්නට බලවත් රටවල් වලට සිදුවෙයි. එය ඔටාවා සම්මුතිය ලෙස බලපවත්වන්නේ එයින් අනතුරුවය. එයට සමාන්තරව බලවත් රටවල රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන්ට බිම් බෝම්බ වලට එරෙහිව හ`ඩනගන සිවිල් ජනතා බලවේග සමග එකට එකතු වී වැඩ කරන්නට සිදුවන්නේය. 1997 අවුරුද්දේ ජුඩි නොබෙල් සම්මාන ලබන විට ලෝකය පුරා තානාපති කාර්යාල එවකට රාජ්‍ය පාලකයන්ට සීමාවී තිබූ සම්බන්ධතා එයින් පහලට පැමිණ පොදු ජනතා සංවිධාන දක්වා පුළුල් කරන්නේය. රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ආණ්ඩු සමග ගනුදෙනු කරන තරමටත් වඩා ඉහළින් පොදු ජනතාව හා බැ`දුනු රාජ්‍ය නොවන සංවිධාන හා එකතුව වැඩකරන්නට ඉදිරිපත්ව සිටී.

රාජ්‍ය නොවන සංවිධාන ගැන මෙරට රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට ද තිබුණේ ද පැහැදිීමක් නොවන බව උදාහරණයකින් දැක්විය හැකිය. 1980 දී පමණ ශ‍්‍රී ලංකාවෙන් යුරෝපීය රටකට ගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ඇතුළු රාජ්‍ය නිලධාරී කණ්ඩායමක් අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. එරට ඇමැතිවරයා කතා කළේ ඇමෙන්ස්ටි ඉන්ටනැෂනල් වාර්තා ගැනය. මෙරට තානාපති නිලධාරියා කියා සිටියේ තමන් ඒවා කෙලින්ම කුණු කූඩයට දමන අතර තොග වශයෙන් එන පොත් සහ වාර්තා එකතුකර ගිණි තබන වගය. ඒවා නොසලකන බව කියන්නට ඔහුට උවමනා වූ නමුත් බටහිර ඇමැතිවරයා එවැනී තීන්දුවක් ගැනීම වරදක් බව සහ ඒවායේ ඇති තොරතුරු බරපතල ලෙස සලකන්නට අවශ්‍ය බව ඉ`ගි කළේය. එම අවස්ථාවට සහභාගී වී සිටි මෙරට තරුණ දේශපාලනඥයා දක්ෂ ලෙස මැදිහත්වෙමින් එදා ආණ්ඩුවේ හො`ද නම ගලවා ගත්තේ බලවත් වෑයමකින් පසුවය. ශ‍්‍රී ලංකාවේ පවා අසූ ගණන් වල රාජ්‍ය තාන්ත‍්‍රිකයන් රාජ්‍ය නොවන සංවිධාන ගැන උනන්දුවක් දැක් වූයේ නැති බව එයින් පෙනේ. අද වන විට ආණ්ඩු සමග පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන සමග ද ගැඹුරු මහජන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම වටිනා එකක් බව ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීහු හො`දින් අවබෝධ කරගෙන සිටිති. දශක දෙක තුනකට කලින් තානාපති අංශ බලන්නේ රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ අණට යටත් කරගෙන පාලනය කරන්නටය. අද වන විට තානාපති කාර්යාල වෙනම ඒකක පිහිටුවා රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් කරන ජනතා හිතවාදී මතගොඩනැගීමේ ව්‍යාපෘති වලට ආධාර කරන්නට බලා සිටී.

පරිසරය ගැන බලවත් අවධානයකින් සිටින ග‍්‍රීන්පීස් ආයතනය රටක් තරම් බලවත් ජනතා ඒකකයකි. ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් යනු රටවල් තුළ සිදුවන දේ සොයා බලන තවත් පාලකයෙකු තරම් බලවත් ආයතනයකි. ක‍්‍රයිසීස් ගෲප් සහ ඒෂියා වොච් තවත් එවැනි රාජ්‍ය නොවන සංවිධාන දෙකකි. රතුකුරුස සංවිදානය සහ අඩස`ද වැනි සංවිධාන සෑහෙන කාලයක සිට හදිසි අවස්ථා වලදී වැදගත් සේවා සපයන ආයතනයන්ය. බටහිර රටවල පමණක් නොව අප‍්‍රිකා, ආසියා කලාප වලින් ද අලූත් ජනතා සංවිධාන බිහිවී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව ධනවත් ව්‍යාපාරිකයන් පිහිටුවා ඇති ස්වේච්ඡුා සංවිධාන ආණ්ඩු හා සමාන බලවත් ව්‍යුහයන්ය. රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට ආණ්ඩු ගැන නොදැන නොසලකා සිටිය හැකි නමුත් මෙම සංවිධානවල ක‍්‍රියාකාරීත්වය දෙස හො`ද අවධානයකින් සිටින්නට සිදුවෙයි. තානාපති නිලධාරීන්ට රාජ්‍ය නොවන සංවිධාන අතිරේක එහෙත් ඉතාමත් වැදගත් විෂය පථයක් බවට පත්ව ඇත.

ජොර්ජ් සොරස් හංගේරියාවේ උපත ලැබූ පසුව ව්‍යාපාර මෙහෙයවා දැවැන්ත ධනයක් හිමි පුද්ගලයෙකි. ලිබරල් අදහස් ඇති හෙතෙම ඕපන් සොසයිටි යනුවන් ආයතනයක් පිහිටුවා ජාතීන් අතර දැනුම සහ අවබෝධය ඇතිකරන්නට අනුබල දෙයි. 1979-2011 කාලය තුළ පමණක් වැය කර ඇති ධනය ඇමරිකානු ඩොලර් බිලියන අටක් බව දක්වයි. මෙවැනි පුද්ගලයෙකු ගැන අවධානය යොමු නොකර සිටින්නට තානාපති අංශ වලට හැකියාවක් තිබේද? ජපානයේ සසකාවා පදනම ලොවපුරා විශාල මෙහෙවරක් කරයි. ඇල්බට් අයින්ස්ටයින් ඉන්ස්ටිටියුට් සමාජ බලවේග ගොඩනගමින් සිටී. ටෙඞ් ටර්නර් මාධ්‍ය පදනමක් පිහිටුවා එක්සත් ජාතීන්ට සහාය වෙයි. බිල්ගේට් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය දෙන්නේ එහි නිර්මාතෘවරයා වශයෙන් ව්‍යාපාර වලින් උපයන ධනයෙන් විශාල කොටසක් සෞඛ්‍ය පහසුකම් ස`දහා වෙන් කරමින්ය. මැලේරියාව සම්පූර්ණයෙන් තුරන් කරන්නට එයින් හැකියාව ලැබුණ අතර දැන් ඒඞ්ස් මර්දනය වෙනුවෙන් කාර්ය භාරයක් ඉටු කරයි. පුද්ගලයන්, ධනවතුන්, ආගමික මධ්‍යස්ථාන සියලූම දෙනා ලෝකයේ දස ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණයෙන් රාජ්‍ය නොවන සංවිධාන බිහිකර මෙහෙයවමින් සිටී. මේවායේ බලය ආණ්ඩුවක සීමාව ඉක්මවා ජනතා ශක්තිය ලෙලවන හෙයින් තානාපති අංශ වලට නොතකා නොසලකා හිටින්නට හැකියාවක් නැත.

ආණ්ඩු ගැන හා ආණ්ඩු ක‍්‍රියාකරන ආකාරය ගැන හොයා බලන්නට රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට උවමනා තරම් මාර්ග තිබේ. මාධ්‍ය භාවිතාව එකකි. තොරතුරු සන්නිවේදනය දියුණු හෙයින් රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු පහසු කර ඇත. රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය සමග ද සමාන්තරව ක‍්‍රියාකරන්නට සිදුවීම හෙයින් තානාපති කාර්යාල වල ස්වභාවය සහ විෂය පථය වෙනස් වී තිබේ. ජනතාව අතරින් පැන නැගෙන ජන මූල සංවිධානයක ව්‍යුහය සහ එහි පසුබිම නොදැන සිටියහොත් එය තානාපති අංශවල දුර්වලකමක් වශයෙන් සටහන් වන තරනට තත්ත්වය පරිවර්තනය වී ඇත. මෑතක දී උණුසුම් වූ අරාබි වසන්තය ද එහි එක් පියවරකි. එයට සම්බන්ධ වූ ජනතා බලවේගය සහ එය හසුරවන ලද පැති ගැන රාජ්‍යතාන්ත‍්‍රිකයන්ට බලවත් අවධානයෙන් සිටින්නට සිදුවිය.

බලය ලැබෙන්නේ, බලය බිහිවන්නේ පාලකයන්ගෙන් පමණක් නොවේ. පාලකයන්ට පරිබාහිරව බලය කේන්ද්‍රගත වූ තැන් තිබේ. ජනතා සංවිධාන ඒ අතර ප‍්‍රමුඛය. ජනතාව අතරට මත ගෙන යමින් ලෝක ස්වභාවය සම්බන්ධයෙන් පරිවර්තනයක් කරන්නට තැත් දරන රාජ්‍ය නොවන සංවිධාන සමග අභ්‍යන්තර සම්බන්ධතා නොතිබුණහොත් තානාපති කාර්යාලයකට එහි තොරතුරු දැනගන්නට ඉඩ ලැබෙන්නේ නැත. නූතන ව්‍යුහය අනුව එය බලවත් දුර්වලකමකි. තානාපති කාර්යාලයක කාර්ය භාරය අලිතින් පරිවර්තනය වි ඇත්තේ ඒ ආකාරයටය. රාජ්‍ය නායකයන් ගේ තොරතුරු සහ ඔවුන්ට පමණක් නතු රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඇති කරමින් තිබූ ක්ෂේත‍්‍රයක් අලූත් ස්වභාවය අනුව කලින් තිබූ ඉහළ පැලැන්තියේ සිට පොදු ජනතාවගේ සංවිධානවලට සම්බන්ධවන ආකාරයට පහල තලයට ප‍්‍රවේශ වී තිබේ. එය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත‍්‍රික ස්වභාවය අලූතින් සමාලෝචනය කළ යුතු පැත්තකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.