» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/12/2015 - දේශය
මිචෙල් ඔබාමාගේ සින්දුව

බ්රොඩ් කාස්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ඇමරිකාවේ ප‍්රකට රූපවාහිනී නාලිකාවකි. සෙනසුරාදා හැන්දෑවේ අවසාන භාගයේ දී එහි ජනප‍්රිය සජීවී වැඩසටහනක් ඇත. එය ඉදිරිපත් කරන්නේ සරල වින්දනය වෙනුවෙන්ය. මිචෙල් ඔබාමා එම ජනප‍්රිය වැඩසටහනට සහභාගී වී ගීතයක් ගායනා කළාය. එය බොහෝ දෙනාගේ ආකර්ශණයට පත් වූ රැුප් සින්දුවකි.

'අයි ඩෝන්ට් වෝන්ට් ටු ගෝ ටූ ස්කූල් අයි ජස්ට් වෝන්ට් ටූ බ්රේක් ද රූල්' යනුවෙන් තරුණ ගායිකා කණ්ඩායමක් ගයන ගීතයකි. එයින් කියන්නේ සැහැල්ලූවෙන් සිටින දරුවන් සම්ප‍්රදාය බි`දින අතර, පාසලට යන්නට උවමනා නැති බව කියන ආකාරයේ ඉංගී‍්රසි ගීතයකි. නමුත් මිචෙල් ඔබාමා කියන්නේ එම අදහස නොවේ. එයට හාත්පසින්ම වෙනස් ගැඹුරු අදහසකි. ඇය දරුවන්ට පාසල් යන්නට කියන්නීය. දරුවන් පාසලට යවන සහ හො`දට ඉගෙන ගෙන හො`ද අනාගතයක් සාක්ෂාත් කරගන්නට මග දක්වන අදහසින් ගායනා කරන්නීය. එම සංකල්පය සමාජයට කාවද්දන්නට රුප් ගීතයක් එළි දක්වන්නීය. මිචෙල් ඔබාමා ඒ ස`දහා තෝරා ගත්තේ රූපවාහිනියේ හැන්දෑවේ ජනපි‍්රය හෝරාවකි. දෙමව්පියන් දරුවන් සමග නිවහනේ සුන්දරව ඉන්නා වේලාවක් බලා දරුවනේ ඉගෙනගන්න යන පණිවුඩය ගෙදරක් පාසා යවයි. 'ඉහලින් ආකාසය සිසාරා හඹායන්නට නම් ඉගෙන ගන්න, ඔයාලාගේ ඔලූව දැනුමෙන් පුරවා ගන්න' ඇය එයින් ඉල්ලා සිටින්නීය. මිචෙල් හ`දුන්වන්නේ ශාන්ත ගතිගුණ ඇති අම්මා කෙනකු හැටියටය. ලෝකයේ බලවත්ම පුද්ගලයාගේ එනම් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ ආර්යාව වශයෙන් ප‍්රභූ කාන්තාවක් වන නමුත් ඇය දරුවන් ඇති අම්මා කෙනෙකු වශයෙන් දයාබරව ආමන්ත‍්රණය කරන කාරණය ප‍්රජාව තුළ විශේෂ අවධානයට ලක්ව ඇති සිද්ධියක් බවට පත්ව තිබේ. මිචෙල් ඔබාමා ගීතය ගායනා කරන්නේ සහ ඒ වෙනුවෙන් විශේෂිත සජීවි වැඩසටහනකට එන්නේ දරුවන්ට ඉගෙන ගන්නැයි ආයාචනා කරන්නටය. එය අතිශය සාර්ථක ප‍්රතිචාර ලැබූ අංගයක් බවට පත්ව ඇත.

කාලයකට කලින් ඇමරිකාව උපාධිධාරීන් වැඩිම ප‍්රතිශතයක් ඇති රට වශයෙන් ආඩම්බරයට ලක්ව සිටියේය. නමුත් දැන් එය ක‍්රමයෙන් පහත වැටී තිබේ. බැරක් ඔබාමා ඇමරිකානුවන්ගේ උසස් අධ්යාපනය වෙනුවෙන් සංකල්පයක් සමාජගත කර තිබේ. එයින් දිරිගන්වන්නේ ඇමරිකානුවන්ය. කොහොමහරි ඉගෙනගෙන ලෝකයේ උපාධිධරයන් වැඩිපුරම සිටින රට බවට ඇමරිකාව නැවත එම තැනට පත් කරගන්නටය. ප‍්රඥාවන්තයන් සහ හො`ද දැනුමකින් හිස පුරවා ගත් ජාතරටකට ජාත්යන්තරයේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලූවක් නැති බව ඇමරිකාව අනාවරණය කරන කාරණයයි.

කුඩා තැනකින් පටන්ගෙන ඇමරිකානු ජනාධිපති ධුරය දක්වා ගිය ගමන බැරක් ඔබාමාගේ දිරිය අවකාශයකි. එවැනිම ගමනක් පැමිණි මිචෙල් ඔබාමා රාජ්ය තාන්ති‍්රකයෙකුගේ බිරි`දක ව නැවත ජනතාව අතරට එන්නේ මෙම වැදගත් කාර්ය භාරයෙහි පණිවුඩකාරියක වශයෙන්ය. පණිවුඩය නිකුත් කරන්නේ ජනාධිපති ආර්යාව හැටියටය. දරුවන්ට හැකි තරම් ඉහළට ඉගෙනගන්න කියන අතරවාරයේ සම්ප‍්රදායික මාධ්ය පමණක් නොව සමාජ මාධ්ය පවා වහල් කරගන්නා අතර තරුණන් ගේ අවධානයට ලක්වන හැම අහු මුලූ මාධ්යයකින්ම පණිවුඩය දෙන්නට තැත් කරයි. එහි සාර්ථකත්වය පෙන්නුම් කරන්නේ ජන අවධානය නොඅඩුව ලැබීමත් සමගය.

මිචෙල් ඔබාමා දරුවන්ගේ ඉගෙන ගැනීමේ උවමනාව ගැන ඇමරිකාව පුරා තැන් තැන් වල දී දරු දැරියන්ගෙන් අදහස් විමසා තිබේ. ඒ වෙනුවෙන් කාලය වැය කර ඇත. උසස් අධ්යාපනය ලැබීම, හො`ද රැුකියාවක් ලැබීම පමණක් නොව තමන්ගේ ම පවුලක් ගැන ඔවුන්ට සිහිනයක් ඇති බව ඇය ස`දහන් කරයි. නමුත් එහි අභියෝග ද ඇය අනාවරණය කරගෙන තිබේ. උසස් අධ්යාපනය පමණක් නොව ඒ වෙනුවෙන් කරන්නට සිදුවන වියදම ද, බලවත් ප‍්රශ්නයක් වි ඇත. ඉගෙන ගැනීමේ හා ඉගැන්වීමේ ක‍්රම වල ඇති අධික පීඩනය, එහි ඇති බරපතලකම සහ එයින් දරුවන්ගේ ඇහැට උණන ක`දුලූ ගැන තමන් දන්නා බව මිචෙල් ඔබාමා ප‍්රසිද්ධියේ කියයි. එපමණක් නොව, උසස් අධ්යාපනය ලැබීමේ පණිවුඩය සියලූ වැඩිහිටියන්, ගුරුවරුන්, පරිපාලකයන් පමණක් නොව ප‍්රතිපත්ති සම්පාදකයන් ද අවබෝධ කරගෙන තමන්ගේ යුතුකම සහ වගකීම මනා සේ ඉටු කළ යුතු අතර එය මේ ඉගෙන ගන්නා දරුවන් ද තමන්ගේ කාර්ය භාරය අනාගතයේ දී ඉටු කරන්නට හො`ද පදනමක් වනු ඇති බව ද ඇය කියා සිටියි.

දිනපතාම පාඩම් අතපසු නොකර හදාරන්න. ඉගෙන ගැනීම ගැන ඇය කියන්නේ පිස්සුවෙන් වගේ එක දිගට මහන්සිවෙන්න කියාය. මගේ ජීවිත කතාව පමණක් නොව මගේ මහත්තයා බැරක් ගේ කතාව දන්නා ඔබ එය අපේ සාර්ථකත්වය බව විශ්වාස කරන එක ගැන තමන් දන්නා බව ද ඇය කියා සිටින්නීය. අපේ කතාව ඔබගේ ද ජිවිත කතාව වෙනවා දකින්නට අපි දෙදෙනා කැමැති බව ඇය කියන්නේ මෙම ගීතය ගායනා කර ජන අවධානය දිනා ගැනීමේ අරමුණ ගැන ස`දහන් කරමින්ය.

මිචෙල් ඔබාමා ඇයගේ ඉගෙන ගැනීමේ පසුබිම කියයි. පහසුකම් අඩු තැනක සහ වෙනස් වෙනස් ආකාරයට සැලක\ම් ලබන සමාජ ක‍්රමයක් තුළ හො`දින් ඉගෙන ගන්නට බලවත් දුෂ්කරතාවයකට මුහුණ දන්නට සිදුවෙයි. ඇය සිය උපාධි නිබන්ධනයට ලියන්නේ කලූ ජාතිකයන් සහ ඉගෙනගත් කලූ ජාතිකයන් ගැනය. උසස් අධ්යාපනය ලබන අවධියේ සුළු සිද්ධියක් ඇය පසුව සිහිපත්කරන්නේ ඒවා තමන් අත් වි`දි නැති කාරණා හැටියටය. එකට ඉගෙනගත් අය කාර් එකක් අ`දින විට බී.එම්. ඩබ්ලියු. වර්ගය ඇ`ද පෙන්වයි. මිචෙල් කියන්නේ ඇග් දෙමවුපියන්පවා ඒ ගැන දැන සිටියේ නැති බවය. උපාධිය ලැබ පසුව නීති උපාධිය ද හදාරා බැරක් සමග විවාහ වන විට ඉගෙනුමේ අගය ඇයට දැනී තිබේ. එපමණක් නොව තමන්ගේ ස්වාමියා පැමිණි ගමන ද දකින විට එතැනින් නික්ම සමාජයක් අවදි කරන්නට ඇති අභියෝගය හ`දුනාගෙන ඇත.

බැරක් ඔබාමාගේ ඡුන්ද ව්යාපාරය තුළ මිචෙල් බලගතු කාර්යයක් කරන්නේ ඒ අනුවය. තමන් පැමිණි ගමන ගැන අප‍්රමාණ මතකයක් ඇති මිචෙල් ආපසු හැරී තරුණ ප‍්රජාවගෙන් ඉල්ලන්නේ ඉගෙන ගෙන ඉහළටමඑ න හැටියටය. ඒ ඉගෙනුමෙන් රට ඉහළට ඔසවා තබන ලෙසය. ලෝකයේ ඉහළින්ම සිටින රටක ප‍්රධානම පුරවැසියගේ බිරි`දට තවත් ඉහළට නගින රටක් ගැන හිතන්නට පුලූල් හදවතක් තිබේ. ලෝකයේ පවතින තරගය හා එහි නොනැවති ඇති අරගලය තුළ ඇමරිකාව ඉහළින් ඉහලටම ඔසවා තබන්නට උවමනාව ඇත. ඇය හුදෙක් පුවත් පත් නිවේදනයක් හෝ වැඩ මුලූවක් සංවිධානය කර දරුවන්ට ඉගෙන ගන්න යැයි නොකියන්නේය. ජනතාව අතරට පැමිණ ඇති අලූත් මාධ්ය සංස්කෘතිය ආක‍්රමණය කරයි. සමාජ මාධ්ය වෙත පැමිණෙයි. පොදු ජනතාව බලන දෙය හොයා බලා එතැනට පැමිණ ගායනා කරන ගීතයකින් හදවත් සංවේදී තත්ත්වයට පත් කරයි. තේරුම්ගත යුතු පැත්ත එයයි. ඉගෙන ගැනීම වැදගත් යැයි හිතන්නට මෙම පාඩම ශ‍්රී ලාංකික අපට ද ආදර්ශයට ගත යුතු එකකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.