» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/07/2015 - දේශය
ඇමරිකාව කියුබාව නිදහස් කරයි

'' කියුබාවට අත නොතබනු '' මෙයින් දශක කිහිපයකට කලින් මෙරට තාප්පවල රතු අකුරෙන් ලියා අලවා තිබූ පෝස්ටරයකි. ඇමරිකාවට බල කරන එම පෝස්ටරය අලවන්නේ ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට විරුද්ධව ප‍්‍රකාශ වෙමින් තිබූ ලෝක බලවේගයේ ලාංකේය නියෝජනයයි. ලෝක සිතියමේ අමෙරිකාව සහ එයට ළ`ගින් පිහිටි කියුබාවේ කි‍්‍රයාකාරකම් ගැටුමකට මග පාදන්නේ ඇයි? ජාත්‍යන්තර විරෝධයකට හේතුවූ රටවල් දෙකක් දශක පහකට පසු නැවත රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඇති කරගෙන හො`ද හිත පතුරුවන්නේ නොබෝදාය.

ඉරාන ඇමරිකා රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ද අලූතෙන් ලියැවෙන්නට පටන්ගෙන තිබේ. ඉරානයේ බලය සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන ඉරාන ඇමරිකා පාලකයන් අතර බලවත් අර්බුදයක් හටගන්නා අතර එහි අවසාන ප‍්‍රතිඵලය ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමයි. දශක තුනකට පසු ඉරානය දෙස අලූත් ඇසකින් බලන ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් මෙතෙක් පනවා තිබූ සම්බාධක ලිහිල් කර සහයෝගීතාවයකට ගමන් කරන්නට තීරණය කරයි.

ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් කියුබාව සහ ඉරානය සම්බන්ධයෙන් පනවා තිබූ ආධිපත්‍ය ලිහිල් කර අවස්ථා සලසන්නට තීරණය කරන්නේ ලෝකයේ නැවුම් පැවැත්ම සම්බන්ධයෙන් අලූත් අර්ථකතනයකට ඉඩපාදමින් බව අමතක කළ යුතු නැත. එය බලවත් අවධානයට ලක්විය යුතු පැත්තකි. ජාත්‍යන්තරය තුළ මෙහෙයවන දර ද`ඩු රාමුව වෙනස් කරන්නට රාජ්‍ය පාලකයන් පොළඹවන්නේ සාමාන්‍ය ජනතාව අතර බිහිවන සමාජ ගෝලීයකරණයේ අනන්‍යතා සීමාකරන්නට නොහැකි පසුබිම තුළ බව ද අවබෝධ කරගත යුතු කාරණයකි.

පරණ ලෝකය වෙනස් වී තිබේ. නායකයන් ගත් තීන්දු අදට ගැලපෙන එකක් දැයි සාකච්ඡුා කරන්නට අද පරම්පරාව මූලික වී ඇත. මෙයින් දශක පහකට කලින් ඇමරිකානු ආණ්ඩුව එවකට කියුබානු පාලනයේ තීන්දු වලට බලපෑම් කරන්නේය. පිදෙල් ක‍්‍රස්ත්‍රෝ බලයට එන්නේ එහි සිටි බැට්ස්ටා පාලනය පෙරලා දමමිනි. තද වාමාංශික ප‍්‍රතිපත්ති වලට ගමන් කරන හෙතෙම එදවස එහි පුද්ගලික ව්‍යවසාය රජයට පවරා ගනී. ඇමරිකානු ව්‍යවසායකයන්ට අත්වන්නේ බලවත් අවාසියකි. කියුබාව අනුගමනය කරන ලද ආර්ථික පිළිවෙත ඇමරිකාවේ නොසතුටට හේතුවෙයි. සීතල යුද සමයේ ඇමරිකානු දක්ෂිණාංශික බල ක`දවුරට සමීපව සෝවියට් වාමාංශික ප‍්‍රතිපත්ති වලට නැඹුරු කියුබාව ලෝකයට සංකේතයක් බවට පත්වෙයි. ඇමරිකා කියුබා රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රශ්න එකල ජාත්‍යන්තර කරලියේ ප‍්‍රධාන මාතෘකාවකි. එහි අවසාන ප‍්‍රතිඵලය දෙරට අතර තානාපති සම්බන්ධතා අත්හිටුවන තීන්දුවයි. කියුබාව ත‍්‍රස්ත ලැයිස්තුවට ද ඇතුලත් කර තද සම්බාධක පනවයි. ඇමරිකාව ගන්නා එම තීන්දු ගැන ලෝකය පුරා ජන මතයක් ඇතිවන අතර එයට එකතු වෙමින් ශ‍්‍රී ලංකාවේ ද පෝස්ටර් ඇලවෙන්නේ ඇමරිකානු විරෝධී මතය රට තුළ අවුලවමින්ය.

අවුරුදු පනස් අටකට පසු වොෂින්ටන් හි කියුබා තානාපති කාර්යාලය විවෘත වන්නේ නොබෝදාය. එහි නිලධාරියෙකු ඇමරිකානු තානාපති අංශයට කතා කර සිහිපත් කළේ 1961 අවුරුද්දට පසු කතා කරන බවය. දීර්ඝ කාලයක් ප‍්‍රමාද වූ ඓතිහාසික තීන්දුවක් ගන්නට හැකි වූ බව ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මෙම සිදුවීම ගැන තමන්ගේ මතය දක්වමින් කියයි. එය ඉතාමත් උණුසුම් සිදුවීමකි. දෙරටට උවමනා පරිදි තානාපති සම්බන්ධතා යළි අරඹන්නට තීරණය කරන්නේ තානාපති අංශ රහිතව පවා ඇමරිකානු සහ කියුබා වැසියන් අතර ගොඩනැගුනු පසුබිම ඔස්සේ බව වටහා ගැනීම වැදගත්ය.

මේ හා සමාන තත්ත්වයක් ඉරාන ඇමරිකා සම්බන්ධතා හමුවේ ද වාර්තා වෙයි. 1979 දී පමණ ඉරානයට සම්බාධක පනවන්නට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් තීරණය කරන්නේය. එය බලපෑ හේතුව ඉරාන න්‍යශ්ඨික බලය පරිහරණය කිරීම බව මතු පිටින් පෙනේ. නමුත් ඉරානයේ බලය අල්ලාගත් ෂා ඇමරිකානු උවමනාව අනුව යමින් රට තුළ ප‍්‍රතිසංස්කරණ යෝජනා කරන විට එයට මතුවූ බලවත් විරෝධය ප‍්‍රමුඛ හේතුවයි. 1979 නොවැ. 04 සිට 81 ජනවාරි 20 දක්වා ඉරානයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අල්ලාගත් එරට දැඩි මතධාරීන් ඇමරිකාවට දුන් පණිවුඩය එයිට වඩා බලපෑ එකකි. ලෝක පැවැත්මට තර්ජනයක් විය හැකි ආකාරයට ඉරානය න්‍යෂ්ඨික බලය භාවිතා කිරීම සම්මුතිය ඉක්මවා යාමක් ලෙස තීරණය කරන්නේ බලවත් රටවල පාලකයන්ය. ඉරානය මැද පෙරදිග ඛනිජ තෙල් නිපදවන රටවල් අතර ප‍්‍රමුඛ තැනක් ගත් රටකි. තෙල් කර්මාන්තයෙන් ලැබෙන ධනය සහ ආගමික බලය හවුල් කරගෙන මැද පෙරදිග අලූත් තත්ත්වයක් ඇතිවීම සහ එයට න්‍යශ්ඨික බලය ද එකතුවීම නරක ස්වභාවයක්යැයි තීරණය කරන්නේ ලෝක ප‍්‍රජාව තුළ හටගත් බලවත් විවාදයකින් අනතුරුවය.

ඉරානයේ තත්ත්වය ද වෙනස් වෙයි. පසුගිය මාස හය තුළ දෙරටෙහි රාජ්‍ය නායකයෝ දෙතුන් වතාවක් මුණ ගැසී කරුණු සාකච්ඡුා කරන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ දක්වා ඉරානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරන්නට පසුබිම සකස් වී තිබේ. න්‍යශ්ඨික බලයසම්බන්ධ ජාත්‍යන්තර එක`ගතා අනුව කටයුතුකරන්නට සහ එයට ප‍්‍රතිචාර වශයෙන් සම්බාධක ඉවත් කරන්නට දයෝජනා වී තිබේ.

දශක පහකට පසු ලෝකයේ වෙනස්වීම ඉතාමත් සියුම් තත්ත්වයක් බවට පත්ව තිබේ. එයට පසුබිම සකස් කරන්නේ තාක්ෂණය සහ ආර්ථික බලය බව පැහැදිලිය. 1980 ගණන් වල ඇමරිකාවට පලා ගිය ලක්ෂ සංඛ්‍යාත කියුබානු වැසියන් ඇමරිකාව තුළ ජීවත්වන කියුබානු ඩයස්පෝරාවකි. ඉරානයේ ස්වභාවය ද එයට නොදෙවෙනිය. දෙරටෙහිම වැසියන් ඇමරිකාවේ ජීවත්වන අතර ඇමරිකාවට ද ඉරාන සහ කියුබා සම්බන්ධතා වලින් තොරව පවතින්නට ඉඩ කඩ සීමා වෙමින් පවතින බව අවබෝධ වී තිබේ. 2001 අවුරුද්දේ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා කියුබාවට සම්බාධක පනවා රාජ්‍ය තාන්ත‍්‍රික ගනුදෙනු තවත් තද කරයි. දැන් ලිහිල් වී ඇත්තේ එකී පසුබිමයි. ලෝක සිතියම තුළ සීමා මායිම් පනවා එම සීමා තුළ නීති පද්ධති මගින් ගනුදෙනු කරන ලද යුගය අවසන්ව තිබේ. ජනතාව එකිනෙකා සමග සම්බන්ධවෙමින් ගෝලීය පරපුරක් කරා ගමන් කරමින් සිටී. එවැනි පසුබිමක් තුළ රටවල් සම්බන්ධ කරන අතරමැදියන් වශයෙන් තානාපති කාර්යාල ක‍්‍රියාකරන ලද කාලය ද ක‍්‍රමයෙන් අහෝසි වෙන ලකුණු මෙයින් පෙන්වයි.

අද තත්ත්වය අනුව ගැටුම් සදාකාලික නැත. ඒවා ඇති කරන්නේ පමණක් නොව සමනය කරන්නේ ද ලෝකයේ ඇති තාක්ෂණික සහ ආර්ථික කාරණා පදනම් කරගනිමින්ය. රජයට පවරා ගැනීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් වන විට එයට කැමැති සහ අකමැති වශයෙන් ලෝකයේ ක`දවුරු දෙකක් තිබිය හැකි නමුත් සියලූම පාර්ශව එකම ප‍්‍රතිපත්තියකින් ව්‍යවසාය වෙනුවෙන් පෙනී සිටින විට ගැටලූ අවම වෙයි. කියුබාව ඔප්පු කරන්නේ එයයි. බලශක්තිය සම්බන්ධයෙන් ද රාමුව එයමය. ඛනිජ තෙල් බලය ඒකාධිකාරයක්ව පැවැති වකවානු ව වෙනස් වන විට ඉරාන ඇමරිකා බලවන්තභාවය ගැන ද අලූත් ආකාරයේ පසුතලයක් නිර්මාණය වෙයි.

මෙකී සියලූ පැති සියුම්ව ගවේශනය කරන විට රටවල් අතර තානාපති සම්බ්ධතා නැති කරන්නට පමණක් නොව අලූතින් ඇති කරන්නට ද ජනතා බලය පදනමක් බව ස`දහන් කළ හැකිය. ජාත්‍යන්තරය තුළ ආර්ථික සහ සමාජයීය ව්‍යුහය සකස්වන ආකාරය අනුව රටවල් අතර සම්බන්ධතා හසුරුවන ද්‍රෘෂ්ටිකෝණය වෙනස් වන බව පැහැදිලිව පෙනේ. ඉරාණය පුරාණ ශිෂ්ඨාචාරයක් ඇති මැදපෙරදිග බලවත් රටකි. ඇමරිකාව ලෝකයේ බලවත්ම රටවල් ලැයිස්තුවේ ඉහළින්ම සිටී. මෙම ස්වබාවය තුළ ඇතිවන අලූත් ව්‍යුහය ලෝක ප‍්‍රජාවට සුවිශේෂී අවස්ථා ජනනය කරනු නිසැකය. ඉරානයේ සුනී සහ ෂියා ආගමික පසුබිම අනුව නොයෙක් ගැටලූ ඇතිවිය හැකි නමුත් මැදපෙරදිග කලාපයේ බලවත් පරිවර්තනයක් ඇතිවිය හැකි බව සැකයක් නැත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.