» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/03/2017 - දේශය
බින්දුවෙන් අරඹා රට ජයගත්තා

ලෝහ මෙවලම් අතර ගැවසී ලෝකය දිනාගත් චරිතයක පසුබිම හඳුනාගැනීම රටට වැදගත්ය. පරම්පරා තුනක් එහි උරුමය ආරක්ෂා කරගෙන තිබේ. අභියෝග ජයගෙන ඇති අතර ජාත්‍යන්තරය වෙත තමන් ගේ නම ගෙන යන්නට සමත්ව ඇත. නිදහස ලබන්නටත් කලින් කාලයේ ඉතා වැර වෑයමෙන් අලූත් දෙයක් කරන්නට උත්සාහ කළ පුද්ගලයෙකු වශයෙන් කොළඹ පටබැ`දිගේ ජිනසේන හැ`දින්විය හැකිය. තමන්ගේ තාත්තා ජේම්ස් ප‍්‍රනාන්දු යනුවෙන් තැබූ නම ජිනසේන යනුවෙන් වෙනස් කරන්නට පසුකාලීනව තීරණය කරන්නේ දේශීය බෞද්ධ පුනරුද ව්‍යාපාරයෙහි ස්පර්ශය ලැබීමත් සමගය.

රට ගැන, ජාතියෙහි අභිමානය සම්බන්ධ මහත් අභිමානයෙකින් සිටි තරුණ ජිනසේන තරුණ වියේ දී ම තාත්තාගේ රැකවරණයෙන් මිදෙයි. තොරතුරක් අද වනතෙක් නොදන්නා සේ හෙතෙම අතුරුදහන් වන විට අද මෙන් තොරතුරු සොයා බලන්නට සූක්ෂම හැකියාවක් එ දවස එනම් 1887 දී නොතිබිණි. දහ හතරවැනි වියේදී එවැනි ඉරණමකට මුහුණ දුන් දරුවෙකු ගේ අනාගතය කෙසේ කෙළවර විය හැකිදැයි කල්පනා කළ හැකිද? නමුත් විධිමත් අධ්‍යාපනයක් ලබන අවස්ථාව අහිමි වූ නමුත් ජීවන අරගලයේ අභියෝග හමුවේ නොසැලෙන ධෛර්යයකින් යුතු විය. අභියෝග වලට මුහුණ දෙමින් අලූත් දේ කරන්නනට නොනිත් ආශාවකින් යුතු විය. නිතර කාර්මික දේ කෙරෙහි උනන්දුව ඇතිව ගැවසෙමින් සිටි ජිනසේන අවුරුදු දොලහේ දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආධුනික පාඨමාලාවක් මදාරන අවස්ථාව උදා කරගත්තේය. බි‍්‍රතාන්‍යය ජාතිකයන් දුම්රිය සේවාව පටන් ගත්තේ හිය වැවිලි භෝග ප‍්‍රවාහනයටය. ලංකාවේ තරුණන් බඳවාගෙන පුහුණු කිරීමේ වෑයම වූයේ ඔවුන් ලවා සේවය ගැනීමය. ජිනසේන එයින් ස්ටීම් බොයිලේරු තාක්ෂණය ඉගෙනගත්තේය. වෑද්දුම්කරුවෙකු විය. ඉංග‍්‍රීසි ඉගෙන ගත්තේය. දක්ෂ සහ කැපවීමෙන් වැඩ කරන ජිනසේන කෙරෙහි පැහැදුන සුදු පාලකයෝ ඔහුට මලයාවට ගොස් එරට දුම්රිය සේවායේ අවුරුද්දක් වැඩ කර පුහුණුවක් බලන අවස්ථාව දුන්නේය. එයින් වසරකට පසු මැලේසියාවේ ටින් මයින්ස් ලිමිටඞ් හි එන්ජින් භාරව කටයුතු කරන ලද අතර 1894 පෙබරවාරියේ දී නැවත ලංකාවට පැමිණ දුමිරිය සේවයේ වාත්තු සහ වැද්දුම්කරුවෙකු සේ සේවය කරන්නට අවස්ථාව ලැබිණ.

තනිවම පැමිණි ගමන පිටුපස සිටියේ හිතේ තිබුණ උවමනාවයි. ඒ වන වට ඔහුගේ වයස අවුරුදු විසි පහකි. ලංකාවේ එවකට තිබුණ ප‍්‍රසිද්ධ කම්හල් ගණනාවක සේවය කළ හෙතෙම සිටි ප‍්‍රනාන්දු නම වෙනස් කරන්නේ මෙම කාලයේ දීය. ලෝකය දැන හැඳීන රට තොට ගැවසෙන ජිනදාස මෙරට හටගෙන තිබුණ බෞද්ධ ප‍්‍රබෝධයෙන් ඇලලෙයි. හික්කඩුවේ සුමංගල හිමි, හෙන්රි ස්ටීල් ඔල්කොට් ධර්මපාල හා හරිශ්චන්ද්‍ර යන වියතුන් ගේ සංකල්ප අතරට එන්නට මොරටුවේ උපන් පසුබිම ද පාදක වන්නට ඇත. කොළඹ වරායේ වැඩ කරන ලද වසර හතර හා එයින් පසු නැවත විදේශ ගත වූ ජිනසේන ලංකාවට පැමිණි වහා තමන්ගේම ව්‍යාපාරයක් කරන ඇල්ම ඇතිව සිටි බව සඳහන්ය. මුලින් කරන්නේ මිනිරන් පතල් වල එන්ජින් බොයිලේරු අලූත්වැඩියා කිරීමය. කොටුවේ රෝහල් වීදියේ පාපැදි හා මහන මැෂින් අලූත් වැඩියා කිරීමේ සේවාවක් ද ආරම්භ කළේය. තවමත් රටට නිදහස ලැබී නැත. නමුත් නිදහස් මිනිහෙක් සේ නැගෙන්නට තිබුණ හැඟීම මෙයින් සාක්ෂාත් වෙයි.

තනිවම වැඩ කරන්නට නොහැකි තරමට ඉල්ලූමක් එන අවස්ථාවේ දී තේ, පොල්, රබර් හා මිනිරන් යන කර්මාන්ත වලට අවශ්‍ය යන්ත‍්‍ර අලූත්වැඩියාව සඳහා හවුල් ව්‍යාපාරයක් අරඹයි. හවුල ඇති කළේ අවුලකි. ව්‍යාපාර අර්බුදයට ගියේය. ධනය හානි වූ නමුත් අත්දැකීම් ඉතිරිවිය. නොසැලී තත්ත්වයට මුහණ දුන් හෙතෙම තනිව 1916 වසරේ දී හුණුපිටිය පාරට යාබදව අලූත් කම්හලක් කුඩා පරිමානයන් ආරම්භ කළේය. ඒ කාලයේ දී බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට පමණක් ලබාගත හැකි අවසර පත‍්‍ර ගැනීම තරුණ ජිනසේනට පහසු වූයේ ඔවුන් ගේ හිත දිනාගත් දක්ෂ කාර්මිකයෙකුව සිටි හෙයින්ය. මේ වන විට සිය සේවා ස්ථානය හුණුපිටිය හරස් පාරට ගෙනැවිත් තිබුණ අතර රබර් රෝල් හා පොල් කපන යන්ත‍්‍ර නිපදවමින් සිටි හෙතෙම මෝටර් රථ ආනයනය කළ හැකි ඒජනිසියක් ද ආරම්භ කළේය. යටත් විජිතයක වැසියෙකු සේ සුදු පාලකයන්ගෙන් මේ වෙනුවෙන් අවසර ගැනීම දුෂ්කර එකක් වූවා නොඅනුමානය. කරන්නට පුලූවන් යැයි අදිටනක් ඇතිකරගත් පසු ඕනෑම යන්ත‍්‍රයක් හෝ මෙවලමක් වෙනුවෙන් නිර්භීතව අතගැසූ හෙතෙම බි‍්‍රතාන්‍ය කාර්මිකයන්ට පමණක් කළ හැකි යැයි තිබුණ අදහස් වෙනස් කරන්නට කළ හැකි උපරිමයෙන් කි‍්‍රයා කළේය. එයින් පුද්ගලිකව ජිනදාස නමට පමණක් නොව ලංකාවට ද ලැබුණේ කීර්තියකි. යටත්ව බය පක්ෂපාතීව ඉන්නවා වෙනුවට බි‍්‍රතාන්‍යයන් ඉදිරියට ගොස් හපන්කම් පෙන්නුවා පමණක් නොව ඔහු ඉගෙනීම ද අතහැරියේ නැත. බාල කාලයේ විධිමත් අධ්‍යාපනය අහිමි වූ නමුත් හෙතෙම ඉන්ජිනේරු උපාධිය ගත්තේ ලන්ඩන් උපාධි පරීක්ෂණයට පෙනී සිට උසස් සාමාර්ථයක් සමගය.

මොරටුවේ ලක්ෂපතියේ උපන් නමුත් හෙතෙම තරුණ වියේ දී ධනවතෙකු නොවේ. විවාහයෙන් ඉතාම ධනවත් පවුලක් සමග බැªන අතර මුල් කාලයේ දී තමන්ගේ ආර්ථික දුෂ්කරතා හමුවේ පවුලේ සරදමට ලක්ව ඇත. එය නොකතා ඉහළටම ගිය හෙතෙම පසුව මොරටුවේ සිය වැඩට යන්නේ මෝටර් රථයකින්ය. තමන් පදවාගෙන යන කාර් එකකින් කොළඹට යන නමුත් තමන්ගේ පිරිමි දරුවන් කොළඹ රාජකීය විද්‍යාලයට ගියේ සාමාන්‍ය දරුවන් සේ බක්කි කරත්තයෙන් හා දුම්රියෙන්ය. දුක දිනාගෙන ඉදිරියට එන්නට ඔවුන් හුරු කළ යුතු යැයි ශූර කාර්මික සහ ව්‍යාපාරික ජිනදාස කල්පනා කරන්නට ඇත. දියණියන් දෙදෙනා එතරම් දුරට ඉගෙන ගත යුතු යැයි එදා මතයක් තිබුණේ නැත.

රට ගැන හිතන සාමාන්‍ය අල්පේච්ඡු ජීවිතයකට රුචි නමුත් ජිනසේනයන් සිය බිරිඳගේ ඇවිටිල්ල මත විශාල නිවසක් ඉදි කළේය. බොදු ප‍්‍රබෝධය හා ජාතික ඇල්ම අනුව විවිධ සමාජ කටයුතු වල නිරතව සිටි හෙතෙම දරුවන් රාජකීය විද්‍යාලයෙන් ඉවත්කර ආනන්ද විද්‍යාලයට යොමු කළේය. නමුත් අධ්‍යාපනයෙන් පසු බසින පුතු ටී. එස්. ජිනසේන එයින් ඉවත්කර ලන්ඩන් නගරයට යැව්වේය. තමන්ගේ ව්‍යාපාර සහ කර්මාන්ත එයින් පසු කරගෙන යන්නට පරම්පරාවේ උරුමය ටී. එස්. දරුවාට හිමි විය යුතු බව විශ්වාස කළ හෙතෙම ඒ වෙනුවෙන් ක‍්‍රියා කර 1933 දී අවසන් හුස්ම හෙළුවේ ජිනසේන නම රට තුළ තහවුරු කරමින්ය.

ජිනසේන කර්මාන්තයට නව යුගයක් එළැඹෙන්නේ සෙන්ටි‍්‍රක් වතුර පොම්පය නිෂ්පාදනයට අත ගැසීමෙන් පසුවය. දෙවන ලෝක යුද්ධය කාලයේ දී යන්ත‍්‍ර සූත‍්‍ර ආනයනයට තිබුණ බාධා වටහාගෙන ඒ වෙනුවෙන් අවධානය යොමු කළ තරුණ ටී. එස් සිය පියාගෙන් උරුම වූ ඥාණය ඉදිරියට ගෙන ගියේ පියා සමග වැඩ කරන එඞ්වඞ් නම් යන්ත‍්‍ර ශිල්පියෙකු දුන් අදහසක් අනුවය. වතුර පොම්පය අත්හදා බැලීමෙන් නතර නොවූ ජිනසේන කම්හල ඒ වන විට ඒකල ප‍්‍රදේශයට ව්‍යාප්ත කර අත්ටැක්ට කොළ මඩින යන්ත‍්‍ර බහු කාර්ය ඇඹරුම් යන්ත‍්‍ර සහ කෘෂි වතුර මල් පද්ධති වශයෙන් නොයෙක් අලූත් දේ කරා යොමු විය. සාර්ථක වූ ඒවා රට තුළ මුල් බැස ගන්නා විට ජාත්‍යන්තරය දිනා ගන්නට අපනයනය ආරම්භ කළේය. තරගකාරීව, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන කරන විට එයට ඉඩ ලැබුණ බව සඳහන් කළ යුතුය.

පරපුරෙන් පරපුර ඉදිරියට පැමිණි ගමනේ සන්ධිස්ථානයක් වුයේ ලෝඞ්ස්ටාර් ආරම්භයයි. 1984 දී බෙල්ජියමේ සමාගමක් සමග එකතු වී ලෝකයේ ප‍්‍රධාන අවශ්‍යතාවයක් වූ ගල් ටයර් නිපදවන්නට එය පිහිට වූ අතර මෙරට රබර් කිරි එකතු කර එයින් උසස් තත්වයේ ටයර් නිපදවා අපනයනය රටට විදේශ විනිමය උපයා දුන්නේය. වසර කිහිපයක් යන විට ලෝකයේ අංක එකේ ගල් යටර් නිපදවන්නා වශයෙන් ලෝඞ්ස්ටාර් පැමිණි අතර ලෝක නිෂ්පාදනයෙන් සියයට හැටක් සහ රටවල් හැටක මධ්‍යස්ථාන 120 ක ටොන් හත්දහසක් දක්වා අපනයනයට මග පාදා ගත්තේය. එය විශිෂ්ඨ තත්ත්වයකි.

එය එතැනින් අවසන්ව නැත. ජයග‍්‍රාහී ගමනක් පැමිණියේ පොදු ජනතාව සමගය. පරම්පරාවේ අලූත් පරපුරක තිස්ස ජිනදාස එය තවත් පැත්තකට හරවා තිබේ. සිය පරපුරේ ආරම්භක යුගයේ දී රට ගැන ඇල්මෙන් කි‍්‍රයා කළ බව අවබෝධ කරගෙන සමාජය අවබෝධය දෙන අරමුණ පළමු තැනට ගෙනැවිත් තිබේ. වෙදවත්ත ඔහුගේ සංකල්පයකි. නගරයෙන් බැහැර ඉඩමක් ගෙන එය සොබා දහමට සමීප බිමක් කර ඖෂධ වගා කළේය. සාමාන්‍ය ජනතාවට බෙහෙත් පැල ගැන උගන්වනවා පමණක් නොව අවශ්‍ය අයට නොමිලේ බෙදා දෙන්නේය. ජිනසේන ආයතනයට රටේ තැනින් තැනින් බඳවා ගන්නා තරුණයන් පුහුණ කර සමාජය හදන්නට අලූත් දැනුම හිතන ශක්තිය ඇතිකරන්නේය. එය පරම්පරවේ පළමු අරමුණ ඉදිරියට ගෙන යන වැඩ පිලිවෙලකි. තරුණන් හදා ඔවුන්ට මග පෙන්වුවහොත් එය අලූත් ව්‍යවසායක පැලැන්තියක් ඇති කරන පියවරකි.