» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
25/10/2015 - දේශය
චීන නායකයාට එංගලන්තයෙන් ආචාර වෙඩිමුර 103ක්

චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ බි‍්‍රතාන්‍ය සංචාරය පොඩි කුමාරයෙකු රාජකීයත්වයට පත් කරන ආකාරයේ සංකේතාත්මක එකක් වශයෙන් සැලකිය හැකිය. බි‍්‍රතාන්‍ය රජ පවුලේ පරම්පරා තුනක නියෝජිතයෝ මෙම සංචාරයේ දී ෂී ජින්පින්ග් හමුවෙයි. ඔහුගේ බි‍්‍රතාන්‍ය සංචාරය මෙයින් අවුරුදු විස්සකට කළින් කරන ලද සංචාරයෙන් පසු සිදුවන එකකි. එවකට චීනයේ ෆුශෝවු ප‍්‍රාන්තයේ නිලධාරියෙකු වූ ජනාධිපතිවරයා 1994 දී බි‍්‍රතාන්‍යයට යන විට පැවැති ආකල්ප සහමුලින්ම පරිවර්තනයකට ලක්ව ඇත. එකල බි‍්‍රතාන්‍ය ආන්ඩුව පමණක් නොව පුරවැසියන් ද චීනය විශාල රටක් නමුත් බලවත් රාජ්‍යයක් බව හිතන්නේ නැත. ඉකුත් විසි වසර තුළ බි‍්‍රතාන්‍ය වෙනස් වී තිබේ. එයටත් වඩා බලවත් වෙනස් තැනකට පත්ව ඇත්තේ චීනයයි. ඒ අනුව බි‍්‍රතාන්‍ය සූදානම් වන්නේ චීන ජනාධිපතිවරයා සන්තර්පනය කර චීනය තමන්ගේ සමීප බලවතෙකු සේ දිනාගැනීමටය. චීන නායකයාට නිල පිලිගැනීම් දෙකක දී ආචාර වෙඩි මුර එකසිය තුනකින් සම්මාන පිරිනැමීම විශේෂත්වයකි. ග‍්‍රින්පාක් හි දී ආචාර වෙඩිමුර හතලිස් එකක් සහ ටවර් හිදී තවත් අවස්ථාවක සම්මාන වෙඩිමුර හැට දෙකක් වශයෙනි. චීන නායකයා පිළිගන්නා සුපිරි භාවය එයින් පෙන්නුම් කරයි. මේ සමග දෙරට අතර සම්බන්ධතා රන් යුගයකට අවතීර්ණ වන බව සන්නිවේදනය වෙයි.

ෂී ජින්පින්ගේ තාත්තා එනම්, ෂී ෂොන්ගුෂන් චීන විප්ලවයේ ප‍්‍රබල සාමාජිකයෙකි. විප්ලවයට පසු මාවෝ සේතුං චීනයේ සංස්කෘතික විප්ලවය කරන විට ඔහු ඇතුළු දරු පවුල බෙයිජිං වලින් ඉතා ඈත හෙනාන් ප‍්‍රාන්තයේ කම්හලක වැඩ කරන්නට පිටත් කර හැරියේය. එය දුෂ්කර කාල පරිච්ෙඡ්දයකි. මාවෝ සේතුං නායකයාට අභියෝගයක් වන විප්ලවයේ සමකාලීන ප‍්‍රමුඛ චරිත බෙයිජිං අගනුවරින් බැහැර කළ බවට එක්තරා මතයක් තිබේ. ජනාධිපති ෂී ජින්පින්ග් ගේ පියා චීන විප්ලවය කාලයේ දී එහි ප‍්‍රචාරක යාන්ත‍්‍රණයේ ප‍්‍රධානියා පමණක් නොව විප්ලවය මෙහෙයවන බලවේගයේ බලවත් තැන් කිහිපයකම වැදගත් තනතුරු උසුලමින් සිටියේය. ඔහු පිට පලාතකට යවන විට කුඩා ෂී ජින්පින්ග් ද්විතියික අධ්‍යාපනය ලබන වියෙහි පසුවිය.

විප්ලවයේ ප‍්‍රමුඛ පවුල් වල දරුවන් විප්ලවයෙන් පසු ජයග‍්‍රාහී කාලයේ දී හැදින්වූයේ පොඩි කුමාරවරු යන විශේෂ ආමන්ත‍්‍රණයෙනි. ඒ අනුව ෂි ජින්පින්ග් පොඩි කුමාරයෙකි. ෂී ජින්පින්ග් චීන ජනාධිපති තනතුර තෙක් නැගෙන්නේ බාල වියේ දී ලත් අත් දැකීම් සමගය. විප්ලවයේ නියමුවන්ගේ දරුවන් වශයෙන් පොඩි කුමාරයන් වශයෙන් පෙනී සිටි නමුත් සංස්කෘතික විප්ලවයේ දී නගරයෙන් එපිටට පිටත්කර ඉගෙනුම ද අඩාල වූ ජින් පින්ග් ට වයස අවුරුදු පහලොවේ දී තමන්ගේ තාත්තා සිරගතව සිටින සිදුවීමකට ද අත්විදින්නට සිදුවිය. පසුව ඒ වේදනාව මතකයට නගන ඔහු කියන්නේ 'ඒ අවස්ථාව හැගීම්බර පමණක් නොව එහෙම නොවුණානම් කොපමණ හොද ද?' යනුවෙන්ය. අහිමි වූ තරුණ අවධියේ වාසනාව ගැන දුකට පත් නොවූ ජින් පින්ග් තම අධ්‍යාපන කටයුතු අවසන් කර ඔහුගේ ඉගෙනුම ආපසු නිසි මගට එන්නේ ඩෙන් ෂියාවෝ පෙන්ග් බලයට පැමිණ චීනයේ ඇතිකරන ලද ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ සමග ඔහුගේ පවුලේ අය නැවත බෙයිජිං වලට පැමිණීමත් සමගය.

චීන විප්ලවයටත් කලින් සිට බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව ගැන චීනයට තිබුණේ නොමනාපයකි. බලවත් තැනක සිටි චීනය ආගාධයට ඇද දමන්නට මෙම රටවල් මත් ද්‍රව්‍ය එවමින් උපායක යෙදුණු බව චීන වැසියෝ අදටත් විශ්වාස කරති. එය ඔවුන්ට කළ නොපනත් කමක් සේ කල්පනා කළේය. හොංකොං දුපත යටත් කරගෙන, චීනය ඇද බැද තබා තිබූ තරම කොපමණ ද යත් පසුගිය අවුරුදු පහ තුළ දෙරට අතර නායකයන් ගේ නිල සංචාර පවා නොනිල ලෙස වාරණයකට ලක්ව තිබුණි. බි‍්‍රතාන්‍ය ඉතාමත් උණුසුම් ආකාරයකට පිළිගන්නේ ඒ ආකාරයට පහලම තැනට දුබලකර තිබූ චීනයේ ආත්ම ගෞරවය බව තේරුම් ගැනීම ද අවශ්‍යම කාරණාවකි.

චින ජනාධිපති ෂී ජින්පින්ග් විවාහ වෙන්නේ නිලයෙන් බි‍්‍රගේඩියර් ජෙනරාල්වරියක සමගය. එයටත් වඩා විශේෂත්වය ඇය ප‍්‍රකට දේශානුරාගී අදහස් ඇති ගායිකාවකි. මෙම දෙපොල නැවත චීනය ලෝකය තුළ ඉහළට ඔසවා තබන ගමන පියවරෙන් පියවර ගෙනැවිත් එක්තරා තලයකට තිබේ. එහි උච්චතම අවස්ථාව බි‍්‍රතාන්‍ය නිල සංචාරයයි. ජින්පින්ග් ජනාධිපතිවරයා ජනතාව තුළින් මතුවී, අත්දැකීම් වලින් පන්නරය ලබා රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ පරිනත ලක්ෂණ විදහා දක්වන්නේ මෙම වකවානුවේදීය.

කාලයක් තිස්සේ පැත්තකට දමා තිබූ චීනය තමන්ට අවශ්‍යම රටක් බව බි‍්‍රතාන්‍ය අ`ගවන්නේ ඇයි? ආර්ථික කාරණා හේතුවී ඇති බව පැහැදිලිව පෙනේ. වසර 2025 වනවිට සිය දෙවැනි විශාලතම වෙළ`ද හවුල්කාරයා බවට චීනය පත් කරගැනීම බි‍්‍රතාන්‍යයේ ඉලක්කයයි. එය විශේෂයෙන් සලකා බැලිය යුතු තත්ත්වයකි. මෙම සංචාරයේ දී ආයෝජන ගිවිසුම් 150 ක් අත්සන් කරන අතර පවුම් බිලියන තිහක් එයින් උපයා ගැනීම බි‍්‍රතාන්‍යයේ අපේ්ක්ෂාවයි. ස්ථාවර රටක් හැටියට වර්ධනය වන චීනයේ සම්පත් වලින් බි‍්‍රතාන්‍ය තම අවස්ථා සාක්ෂාත් කරගන්නට තැත් කරන අතර ඒ අතර වැදගත්ම ආයෝජනය වශයෙන් සැලකිය හැක්කේ චීන තාක්ෂණය ඇති න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් ඉදිකරන්නට බි‍්‍රතාන්‍ය එක`ගවීමයි.

චීන ජනාධිපතිවරයා බි‍්‍රතාන්‍යයට එන විට ලැබූ හරසර කොතරම් ද යත් රජ පවුලේ පරම්පරා තුනක් රැජන, රජ කුමරු සහ රජ කුමරුගේ දරුවන් ඔහු හමුවූ අතර ඔහු නවාතැන් ගන්නේ රජ මාලිගාවේය. බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා කැදවා ගෙන ගියේ ඔහු ලැදියාවක් දක්වන මැන්චෙස්ටර් ප‍්‍රාන්තයේ පාපන්දු ක‍්‍රිඩාංගනයටය. චීනය ලෝක ආර්ථික තලයේ දී අනන්‍ය පරිවර්තනයට මුහුණ දෙන්නේ එසේය.

එනමුත් බටහිර ජනමාධ්‍ය චීනය මත පනවන පීඩනය ද සුළු පටු එකක් නොවේ. එරට තුළ බලපවත්වන දේශපාලන ක‍්‍රමය මගින් චීන පුරවැසියන්ගේ මානව හිමිකම් අහිමිවීම බලවත් එකක් බව මතුකරන්නට බටහිර මාධ්‍ය වෙහෙසෙයි. ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ඒ ගැන ඒ තරමට හිතන බවක් පෙනෙන්නේ නැත. චීන අනන්‍යතාව අඩපණ කරන්නට එයින් සූක්ෂම ආකාරයකට ක‍්‍රියාත්මක වන බව ස`දහන් වෙයි. නමුත් චීන ජනාධිපතිවරයා ගේ මතය මේ චීන ක‍්‍රමය බවයි. බටහිර ක‍්‍රමයට නැඹුරු වුවහොත් චීනය තුළ පවතින ස්ථාවරත්වය බිද වැටෙන්නට ඉඩ ඇති බව චීන පාලන ක‍්‍රමයේ අදහස වී තිබේ. එය බලවත් දුෂ්කරතා මතුකරනු ඇත. බටහි දකින ප‍්‍රජාතන්ත5වාදය චීනයට නොගැලපෙන අතර චීන ආර්ථික ක‍්‍රමය අනන්‍ය එකක් බව කොමියුනිස්ට් පාලනයේ අවධාරණයයි. චීන ජනාධිපති ෂී ජින්පින්ග් පෙනී සිටින්නේ ඒ අනන්‍යතාවය වෙනුවෙන්ය. ජාත්‍යන්තරයට අවශ්‍ය චිනය තුළ නැති බටහිර රාමුව අනුව වටිනාකම් සේ පෙනෙන දේ ඇතුළු කරන්නටය. එවැනි මිශ‍්‍රවීමකට යන්නට චිනය සූදානම්ද? බි‍්‍රතාන්‍ය මෙවර සංචාරයේ දී දක්වන ලද ආගන්තුක සත්කාරය පෙන්වන්නේ තමන්ට සමීප කරගෙන චීන ආර්ථික බලයෙන් තමන්ගේ සශී‍්‍රකත්වයට යමක් උපයා ගැනීම බව තේරුම් ගැනීම වැදගත් කාරණාවකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.