සැප්තැම්බර් ප‍්‍රකට පොත් විකිණෙන මාසය හැටියටය. සිය ගණනින් අලූත් පොත් නිකුත් වෙයි. ලෝකයේ රටවල් වල අවුරුද්දකට නිකුත්වන ලක්ෂ සංඛ්‍යාත පොත පත ගැන අවධානය යොමු කරන විට ඒ අතර වැදගත් කෘති අපමණ තිබේ. පොත් මාසයේ දී පළ වූ ජොනතන් ටෙපර්මන් ගේ ‘‘ද ෆික්ස්’’ ගේ පොත ඒ අතර වෙනස් එකකි. ලෝකයේ දියුණු වී ඉදිරියට පැමිණ ඇති රටවල් කිහිපයක් තෝරා ගන්නා හෙතෙම එම රටවල් නැගී දියුණු වෙන්නට හේතුවූ හැරවුම් ලක්ෂ්‍යය කොතැන දැයි නිර්වචනයක යෙදේ. ද ෆික්ස් කෘතිය අවධානයට ගැනෙන්නේ ජනතාන්ත‍්‍රිකයන් ගේ තිරණ ගැන සියුම්ව විග‍්‍රහ කරන හෙයින් බව තේරුම් ගැනීම වැදගත්ය.
සිංගප්පූරුව දුෂණ වංචා අතින් නරකම තැනක සිටියේය. ලී ක්වාන් යූ නැත්තටම නැති කරන්නේ එම පරිසරයයි. අල්ලස් නුදුන්නොත් ගිලන් රථයක රියැදුරු රෝගියෙකු රෝහලට ගෙන යන්නවත් සූදානම් නැති තැනක තිබූ බව කියන සිංගප්පූරුවේ ස්වභාවය වෙනස් කිරීම අද පවතින තත්ත්වයට පදනම වූ බව ජොනතන් ටෙපර්මන්ගේ ද්‍රෘෂ්ටියයි. ඒ වන විට තුන්වැනි ලෝකයේ රටක මට්ටමේ සිටි සිංගප්පූරුව හදන්නට ලී ක්වාන් යූ පළමු වැනි ලෝකයේ රටක ස්වභාවයේ දුෂණ මර්ධන නිති සකස් කළේය. 1960 දී දුෂන වලක්වන විශේෂ පණතක් සම්මත කරයි. තෑගි, ණය, මුදල්, ප‍්‍රසාද දීමනා, කොමිස් හෝ ණය ලිහිල් කිරීම වැනි ඕනැම දෙයක් නීති විරෝධී කරන ලද අතර මේවා දීම, ගැනීම හෝ එවැනි ගනුදෙනුවක නිරත වූ බව දැනගෙන නිහඬව සිටීන අධීක්ෂකයන් ද වරද කරුවන් බවට පත් කරන නීති එහි තිබේ. ඒ ගැන සොයන්නට විශේෂ දූෂණ විමර්ශන කාර්යාංශයක් පිහිටවූ අතර ආණ්ඩුවට පමණක් නොව පුද්ගලික අංශයට ද එය පොදු නීතියක් බවට පත් වෙයි. කාලයකට පසු එම කාර්යය තවත් බලවත්කරනු වස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අගමැති කාර්යාලයට පවරාගෙන ඇති බව ද එය තවත් ස්වාධීනව මෙහෙයැවිය හැකි වන පරිදි මහජන ඡන්දයෙන් පත් ජනාධිපතිවරයාට මෙහි කාර්ය පටිපාටිය ගැන සොයා බලා අවශ්‍ය නම් කෙලින්ම මැදිහත් වෙන්නට ඉඩ සලසා තිබිණ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අතරමැදියන් නැති යුක්ති සහගත ආර්ථික පරිසරයක් සකස්වී තිබේ. ලෝකයේ නොයෙක් තැන් වලින් කර්මාන්ත ව්‍යාපාර නිදහසේ රටට එන්නට පසුබිම හැදී ඇත. ජොනතන්ගේ නිර්වචනය එයයි.
ද ෆික්ස් හි තවත් පරිච්ඡේදයක විස්තර කරන්නේ බ‍්‍රසීලයේ පරිවර්තනයට මග පෑදුන ආකාරයයි. ලූලා ද සිල්වා එවකට සිටි ජනාධිපතිවරයා රටේ සමෘද්ධියෙන් කොටසක් කෙලින්ම ජනතාවට දෙන සංකල්පයක් හදුන්වා දී ඇත. දුප්පත් අයට රටේ වෘද්ධියෙන් කොටසක් ලබා දී ඔවුන් නගා සිටුවන්නේ කෙසේද? ආහාර හෝ වෙනත් බඩු මුට්ටු බෙදා දීමේ වැඩසටහන් පැත්තකට දැමූ ලූලා කෙලින්ම දුප්පත් මිනිස්සුන්ගේ අතට සල්ලි දෙන ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. බෝයා ෆැමිලියා කියන්නේ එයයි. දුප්පත්කම නැති කිරිමේ ක‍්‍රම ගැන විශේෂඥයන් දන්නේ මොනවාදැයි ප‍්‍රශ්න කළ ලූලා ද සිල්වා ජනාධිපතිවරයා අඩු ආදායම් ලබන පවුලකට හිමි විය යුතු ජීවනාධාරය දුන්නේ පවුලේ අම්මාටය. පවුලේ අම්මා ‘කරන්න උවමනා වියදම් ගැන හඳට දන්නවා’ යැයි විශ්වාස කළ හෙතෙම එම මුදල සකසුරුවම් ලෙස වියදම් කර පවුලේ ආර්ථිකය හදා ගනු ඇතැයි තරයේ විශ්වාස කර තිබේ. ආර්ථිකය පරිවර්තනය කරන විට එරට පුද්ගලිකකරණ වැඩසටහන වේගයෙන් කර තිබේ. රටේ විශාල ව්‍යාපාර විකුණා ආදායමක් උපයා ගත් ආණ්ඩුව 1980-90 කාලයේ දී එම පුද්ගලීකකරනය හෙයින් සිදුව යම් අසාධාරණයක් සිදු වූයේ නම් මගහරින්නේ දුප්පත් - අසරණ වන පවුල් වලට කෙලින්ම මුදල් බෙදා දීමෙන්ය. බ‍්‍රසීලයේ පරිවර්තනයට හේතු වී ඇත්තේ එයයි.
කැනඩාව එරට පැවැත්ම හදාගෙන ඇත්තේ හරි පුද්ගලයන්ට රට තුළට සංක‍්‍රමණය වෙන්නට ඉඩ දීමෙන් බව ජොනතන් ටෙපර්මන් සිය කෘතියෙන් කියයි. පියර් ටෲඩෝ අගමැතිවරයාගේ කාලයේ සිට රටට මානව සම්පත අවශ්‍ය එකක් බවට මතයක් නිර්මාණය කර තිබේ. රටට හිඟ එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍ර වල දක්ෂ පුද්ගලයන් නොයෙක් රටවල විපත් නිසා පලා යන සංක‍්‍රමණිකයන් අතරින් තෝරා ගතහොත් එය වාසිදායක එකක් බව අඟවා තිබේ. එය කැනඩාවෙන් අවස්ථා සොයමින් පැමිණ පදිංචි වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස ගැන සමාජ නොසන්සුන්තාවයක් ඇති නොකරන්නට හේතු වී තිබේ. රුවන්ඩාව ගෝත‍්‍රික සංහාරයක පසු සංහිඳියාව ඇති කරගත් රටකි. ත‍්‍රස්තවාදය පරාජය කරන්නට කගාමි ජනාධිපතිවරයා ලක්ෂ ගණනින් ඝාතනය කර ඇත. ජාතයන්තර විරෝධය නැග එන විට ඇමරිකාවට හා ලෝක බැංකුව ඇතුළු ආයතන වලට අවනත වූ හෙතෙම මෙමතීරණය නොගත්තා නම් ත‍්‍රස්තවාදි ගොත‍්‍රිකයන්ගෙන් රුවන්ඩාවට වෙන්නට තිබූ හානිය එයට වඩා දරුණු බිහිසුණු එකක් බව පෙන්වා දෙන්නට සමත් විය. ජොනතන් ටෙපර්මන් කියන්නේ එය ඒ රටේ හැරවුම් ලක්ෂ්‍යය වූ බවය.
ඇමරිකාව ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් කළ අන්දම මෙම කෘතියෙහි සාකච්ඡා වෙයි. මෙතෙක් සිරස් සේ කැනීම් කරන ලද බොරතෙල් සොයා ගැනීම නව තාක්ෂණය ඔස්සේ තිරස් කැනීම් මගින් කරගෙනයාම ඇමරිකාවට අති විශාල ඛනිජ තෙල් සම්පත් උත්පාදනය කරන ලද අතර එය මැද පෙරදිග තෙල් බලවත්භාවය සසල කරන පරිවර්තනයකට හේතු වූ බව දක්වයි. බොට්ස්වානා රාජ්‍ය තමන්ගේ දියමන්ති සම්පත් නිසි පරිදි කළමනාකරනය කර ගන්නට සමත් වූ අන්දම, දකුණු කොරියාව නිෂ්පාදන යාන්ත‍්‍රණය ශක්තිමත් කර අපනයනයට යොමු වූ ආකාරය මෙම රටවල තත්ත්වය වෙනස්කරන්නට හේතු වූ බව කදිමට දක්වයි.
ජොනතන් ටෙපර්මන් නිව්යෝර්ක් හි ‘‘ෆොරීන් එෆෙයාස්’’ නමැති සඟරාවේ කළමණාකරණ කර්තෘ වරයාය. හෙතෙම ලෝකයේ නොයෙක් තැන් වල සිදුවන කාර්යශූර දේ ගැන සියුම් අවධානයක සිටි බව මෙම කෘතිය අනාවරණය කරයි. ආර්ථික සහ සමාජ පරිවර්තනයක් උදෙසා ලෝකයේ නමත් දිනූ ජනතාන්ත‍්‍රිකයන් ගත් තින්දු සහ ඒවා අනගිබවනීය තැනක පැවැති බව කියනන්ට හෙතෙම කරුණු දීර්ඝ වශයෙන් ගොනු කරන බව නිරීක්ෂණය කළ හැකිය. යේල් විශ්ව විද්‍යාලයෙන් අසස් අධ්‍යාපනය ලැබූ ජොනතන් සෑහෙන කාලයක් විවිධ සඟරා වලට තීරු ලිපි සහ නිර්මාණාත්මක විශේෂාංග රචනා කරන ලද අතර ඒවා ඉතා අවධානයට ලක් වූ මාතෘකා බවට පත්විය. කැනඩාවේ උපත ලැබූ හෙතෙම ලෝකයේ නොයක් රටවලට සහ අන්තර් ජාතික සංවිධාන වලට සේවය කර ඇති අතර වඩා ප‍්‍රකට කතුවරයෙකු, ලේඛකයෙකු සහ විශ්ලේෂකයෙකු හැටියටය.
මෙම කෘතිය අප එදිනෙදා දකින සහ අත්විඳින එකිනෙකට වෙනස් අර්බුද හමුවේ කදිම විසදුම් සොයාගන්නට මග පෙන්වන හොඳ පසුබිමකින් ලියන ලද එකක් බව දැනටමත් විචාරකයෝ කියන්නට පටන්ගෙන තිබේ. ලෝකය දෙස විමසුම් ඇසින් බලන්නට ඉඩ දෙන කෘතියක් බව ද ජගත් විචාරකයෝ පෙන්වා දෙති.
නිති පතා ලෝකයේ රටවල් එකිනෙකට වෙනස් පරිවර්තන වලට මුහුණ දෙමින් සිටී. ගෙවීයන සියවස තුළ සිදු වූ පරිවර්තන වඩාත් දැනෙන සහ බලපැමක් අත්පත් කරදුන් ඒවාය. රටවල් ඉහළින් ඉහළටම කැඳවන්නට පමණක් නොව ජනතාවගේ ජීවිත වඩා යහපත් කරන්නට ද එයින් ඇති කරන ලද පෙළැඹවිම සැලකිය යුතුය. ජොනතන් සිය කෘතිය පාදක කරගන්නේ මේවා සම්බන්දව මැදහත්ව, වඩා වටිනාකමක් සහිතව නිරීක්ෂණය කරන්නටය.
|