» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/06/2018 - දේශය
අධිපතිවාදියකු වූ විප්ලවවාදියා

නිකරගුවාව මධ්යතම ඇමරිකාවේ පරරග ජාතන්තරියෙවාදී පාලනයක් සහිත රටකි. ඇමරිකානු මහාද්වීපයේ දෙවැනි විශාලතම වැසි වනාන්තරයට හිමිකම් කියන නිකරගුවාව වසර 2020 වන විට සියයට අනූවක් පුනර්ජනණීය බලශක්තිය පරව යෝජනයට ගැනෙනු ඇත. 1821 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලැබූ නිකරගුවාව දීර්ඝ කාලයක් ගැටුම් සහ දේශපාලන අස්ථාවරභාවය තුළ පැවැති රටකි. 1960-70 කාලයේ දී එය උත්සන්න වූ අතර එවකට පැවැති පාලනයේ පැවැති අයහපත් වාතාවරණයට එරෙහිව ගරිල්ලා සටනක් මෙහෙයවනු ලැබ තිබේ. සැන්දිස්තානු කැරළිකරුවන් රට තුළ පැවැති දූෂිත, අධිපතිවාදී පාලනය අවසන් කළ අතර එම අරගලයේ නායකත්වය ගත් ඩැනියෙල් ඔර්තෙගා ජනාධිපති ධුරයට පත් විය.

ඩැනියෙල් ඔටේගා 1985 සිට වසර පහක් නිකරගුවාව පාලනය කළේය. ඉන්පසු පැවැති ජනාධිපතිවරණයේ දී බලය අහිමි වූ ඔහුට නැවත 2007 ජනාධිපතිවරණයේ දී ජය ලබාගැනීමට හැකි වූ අතර වසර දහයකට වැඩි පාලන කාලය අවසානයේ දී විශරාාගැම වැටුප් පරට වතිසංස්කරණ ඇතුළු එරට ආර්ථිකයේ වෙනස්කම් කරන යෝජනා ගණනාවක් හමුවේ ජනතා විරෝධයට මුහුණ දී සිටී. ජනතාවගෙන් පන්නරය ලබා ගරිල්ලා නායකයෙකු වශයෙන් පාලනය භාරගත් ජන නායකයෙකු ජනතා විරෝධය ඉදිරියේ බලවත් අර්බුදයකට පත්ව ඇති අතර ඩැනියෙල් ඔර්තෙගා වෙත එල්ල වී ඇති චෝදනා පහසුවෙන් පැත්තකට කළ නොහැකි බව නිරීක්ෂණය කළ හැකිය.

ජෝසේ ඩැනියෙල් ඔර්තෙගා සාවේද්රාප වැඩකරන පැලැන්තියේ පවුලක උපන් දරුවෙකි. පාලක අනස්ටාසියෝ සමෝසා ගේ ඒකාධිපති පාලනයෙන් බැට කෑ පවුලකි. ඔර්තෙගා ගේ මව වතාවක් ආරක්ෂකයන් ගේ අත් අඩංගුුවට පත්විය. අවස්ථා සොයමින් තැනින් තැන පලා ගිය ඔර්තෙගා ගේ පවුලේ සාමාජිකයන් නිතර අඩත්තේට්ටම් වලට ගොදුරුවූ අතර නිකරගුවාවේ පැවැති ආර්ථික පීඩනයෙන් හෙම්බත්ව සිටියේය. වයස අවුරුදු පහලොවේ දී ඔර්ටේගා අත්අඩංගුවට පත්ව තිබේ. නිදහස ලැබූ වහා හෙතෙම පාලකයන්ට එරෙහිව සංවිධානගත වෙමින් තිබුණ සැන්දිනිස්තා ජාතික විප්ලවීය පෙරමුණේ යටි බිම්ගත දේශපාලන ව්යාණපාරයට එකතු විය. ගෝතමාලාවට පැන යන අතරවාරයේ නැවත හමුදා අත්අඩංගුවට පත් වූ අතර දරුණු වධ හිංසා වලට මුහුණ දුන්න බව සදහන් වෙයි. තවත් අවස්ථාවක ඇමරිකානු බැංකු ශාඛාවක් කොල්ලකෑම ගැන චෝදනා එල්ල වූ අතර දීර්ඝ කාලයක් හිරගෙදර ගත කරන්නට සිදු වි තිබේ. පුතු ඇතුළු දේශපාලන සිරකරුවන් වධ බන්ධන වලින් නිදහස් කරන සේ ඩැනියෙල් ඔර්තෙගා ගේ මව නිකරගුවා අගනුවර උපවාසයක් කළ අතර පසුව සැන්දිනිස්තානු සිරකරුවන් සමග හිර ගෙදරින් එළියට පැමිණි හෙතෙම ජීවිතාරක්ෂාව පතා කියුබාවට පලා ගියේය. එවකට කියුබානු නායක පිදෙල් කස්ත්රෝව පාලනය විප්ලවීය කණ්ඩායම් සඳහා ගරිල්ලා පුහුණුව ලබා දෙමින් සිටියේය. එය සැන්දිනිස්තා ව්යාඳපාරයට ගරිල්ලා මුහුණුවරක් දෙන අවස්ථාවක් බවට පත් විය.

1970 අග භාගයේ නැවත නිකරගුවාවට එන ඩැනියෙල් ඔර්තෙගා තවත් සහායක කැරළි කණ්ඩායම් දෙකක් සමග එකතු වී තුන් පැත්තකින් අධිපතිවාදී පාලනයට එරෙහිව ගරිල්ලා සටනක් ආරම්භ කළේය. පහර පිට පහර එල්ල වන විට තව දුරටත් බලය ආරක්ෂා කරගත නොහැකිව අසරණ වූ සොමෝසා පවුල් පිටින් පැරගුවේ බලා පලා ගියේය. කැරලි වලින් පසු රට අල්ලාගත් ගරිල්ලා ව්යාුපාරය, අන්ධකාරයේ ගත කළ ජීවිත වලට ආලෝකය ලඟාකරදෙන්නට සමත් වනු ඇතැයි ජනතාව විශ්වාස කළේය. විප්ලවයට පසු බහු පාර්ශවික පක්ෂ පාලනයක් ගෙන ගියේය. අධ්යා පනය දියුණු කර සෞඛ්යප පහසුකම් නැංවීමට මුල් තැන ලැබිණ. ඔතෙර්ගා දුගී ජනතාව වෙත ඉඩම් බෙදා දුන්නේය. පෝලියෝ දුරු කරන සෞඛ්ය පහසුකම් ඇති කළේය. සිය පක්ෂයේ නියෝජිතයා වශයෙන් සෑහෙන සේවාවක් කරන්නට පහසුව අත්පත් කරගත්තේය. එයින් පසු 1984 දී එරට පැවැති පළමු ජනාධිපතිවරණයෙන් ජයගැනීමට ඔර්තෙගා සමත් විය. සැන්දිනිස්තා ජාතික විප්ලවීය පෙරමුණේ නායකයා වශයෙන් සියයට හැටක ජන වරමක් ලබාගත් හෙතෙම එම ජනපරිණේ යත්වය උපයෝගී කරගෙන අධ්යාගපනය නැංවීම, ආර්ථික සමෘද්ධිය හා ඉඩම් පරය්යතිසංස්කරණය සඳහා විශාල වැඩපිලිවෙලක් ඇරඹීය. සාක්ෂරතාව වෙනුවෙන් ගෙනගිය වැඩ පිලිවෙල ජාත්යකන්තර පැසසුමට ලක් වූ අතර ලෝක සෞඛ්ය් සංවිධානය නිකරගුවාවේ පරාඳහාථමි සෞඛ්යර ආරක්ෂණ වැඩ පිලිවෙල ආදර්ශයක් බව කියා සිටියේය. එය ඔතෙර්ගා පාලනය ලත් ජයගරසුමහණයකි.

ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීමට න්යාටය පතරිදේය සකස් කළ ඩැනියෙල් ඔර්තෙගා කියුබාවෙන් ලැබුණ ආදර්ශය අනුව යමින් අසල්වැසි රටවල ඒකාධිපති ආණ්ඩු පෙරලා දමන විප්ලවීය කණ්ඩායම් වලට ආධාර කරන්නට සූදානම් විය. ඇමරිකාව එම උත්සාහය පර්ලවශ්නයක් කරගත් අතර දෙරට අතර සම්බන්ධතාව පලූදු විය. ඉනික්බිතිව පැවැති ජනාධිපතිවරණයෙන් ඔර්තෙගා පරාජයට කරන පදනම එතැනින් සකස් වූ බව විචාරක අදහසයි. විපක්ෂයට ගිය ඩැනියෙල් ඔර්තෙගා එරට ජනතාව අතර අසමාන චරිතයක්ව සිටියේය. එහෙයින් ඔහු ගේ අදහස් වලට ඉඩක් තිබුණි. 1996 හා 2001 මැතිවණ වල දී ද පරඉඩකමාණවත් ඡන්ද නොලැබුණ අතර අඛණ්ඩව විපක්ෂය නියෝජනය කළේය. ලෝකය පුරා නැගෙමින් තිබුණ තරවල ස්තවාදයට විරුද්ධ මතවාදය විප්ලවකාරී නායකත්ව බිහි කරවනු සඳහා ඔර්තෙගා දරන පර දීයත්නයට බලවත් පහරක් වූ බව නිසැකය. රට තුළ පවා සාමකාමී ජන ජීවිතය අපේක්ෂා කළේය. ඔහු නැවත ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ 2006 ජනාධිපතිවරණයේ දීය. එය විශාල ජන පදනමකින් නොවේ. සියයට තිස් අටක ජන්ද බලයක් සහිතවය. නැවත බලයට පත් වූ පසු පවා ලතින් ඇමරිකානු හා වෙනිසියුලාවේ පාලකයන් සමග හොඳ හිත වඩවා ගන්නේ පැරණි විප්ලවීය වාමාංශික මතකය අලූත් කරමින්ය. ජයගරවඩවහණයට පසු ඉරාණයට යන හෙතෙම දෙරට අතර විප්ලවයේ සමානකම් ගැන සාකච්ඡා කර තිබේ. නමුත් මෙම විදේශ පරදෙ තිපත්තියට ඇමරිකාව පරාන මුඛ රටවල් කැමැත්තක් දක්වන්නේ නැත.

විප්ලව මෙහෙයවූ ගරිල්ලා නායකයෙකු වශයෙන් ඩැනියෙල් ඔර්තෙගා ගේ පාලනයෙහි සාර්ථක භාවය නොයෙක් අවස්ථා වල දී පරීක්ෂණයට භාජනය වී තිබේ. ජනතාව වෙනුවෙන් පවතින හැඟීම් සහ පක්ෂ විපක්ෂ මත සමග නොගැලපෙන අවස්ථා හමු වී ඇත. අන්තිම ජනාධිපතිවරණයේ දී අඩු ඡන්ද පරගැ තිශතයක් ලැබූ හෙතෙම 2011 ඡන්දයේ දී සියයට හැට තුනක පරාට තිශතයක් ලැබීය. මැතිවරණ කොමිසම ජාත්යලන්තර ඡන්ද නිරීක්ෂකයන් ගේ පැමිණීම තහනම් කර තිබිය දී ලැබුණ පරතිශතිඵලය ගැන සමාජය තුළ අවිස්වාසයක් ගොඩනැගිණි. ජනාධිපතිවරයා සිය බිරිඳ එනම් රොසයිරෝ එම ජනාධිපතිවරණයේ දී උප ජනාධිපති ධුරයට නම් කර තරග කරවන අතර දෙදෙනාම ජය ගැනීම වි‍ශේෂත්වයකි. ඡන්ද පරය චාරක කටයුතු වල දී පමණක් නොව රට තුළ නිතර සිදුවන සංවර්ධන කාර්යයේ දී ද ජනාධිපති ආර්යාව පෙනී සිටීම පරය කට දසුනක් විය. ඇය දරුවන් අට දෙනෙකු ගේ මවක වශයෙන් පවුලේ කටයුතු පමණක් නොව ඔර්තෙගා ගේ දේශපාලන පරෙකුවාහයට ද දායක වන්නීය. එය වත්මන් පාලනය කෙරෙහි රට තුළ විරෝධය නංවන හේතුවක් වී තිබේ.

2014 වසරේ දී ඩැනියෙල් ඔර්තෙගා නිකරගුවාවේ ව්ය වස්ථාව වෙනස් කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි සීමා ඉවත් කළ අතර හමුදා හා පොලිස්පරවරණධානීන් පත් කිරීමේ තනි බලය ජනාධිපතිවරයාට හිමි වන සංශෝධන අනුමත කළේය. මෙම අනුමත කිරීම් සමග රට තුළ මතුවූ ආර්ථික දුෂ්කරතා පාලනය කිරීමේ පියවරක් වශයෙන් විශරාීම්ම වැටුප් පරදුනතිසංස්කරණ යෝජනා කර ඇත.

විප්ලවවාදියෙකු වශයෙන් රට ගලවාගත් නායකයා අධිපතිවාදීව හැසිරෙන අන්දම අද වන විට ජනතාව පරෙන ශ්න කරන්නට පටන් ගෙන තිබේ. පසුගිය මාස කිහිපය තුළ පොලිසිය හා ආණ්ඩුවට විරුද්ධ කැරළිකරුවන් අතර ගැටුම් වලින් 170 ක් මිය ගොස් තිබේ. අගනුවර ඇතුළු නගර දහයක විරෝධතා ඇවිලෙන අතර ජනාධිපතිවරයාගේ පින්තූර වල මිනීමරුවා යැයි සඳහන් කරන වහාම ගෙදර යනු යැයි බලකර තිබේ. විශ්ව විද්යාිල ශිෂ්යනයන් ඇතුළු පිරිස කරගෙන යන නොනවතින විරෝධතා විකාශය කරන ලද රූපවාහිනී නාලිකා තහනම් කර තිබේ. ඩැනියෙල් ඔර්තෙගා ජනාධිපතිවයාගේ පවුලේ අයට සම්බන්ධ නාලිකා තුනක් ඇති අතර තවත් නාලිකා හතරක පාලනය අයිති කරගෙන ඇත.

නිකරගුවාවේ ආණ්ඩුව හා ගැටෙන පුරවැසියන්ගේ අනාවරනය කරන පණිවුඩය කුමක්ද? ජගත් පරපුරජාව බලා සිටී. දුෂිත පාලකයෙකුගෙන් රට නිදහස් කරගත් එක විශේෂිත පුද්ගලයෙකු වසර හතලිහකට පසු පරම්පරාව පරාව ශ්න කරන්නට පටන්ගෙන තිබේ.