ජීවත්වීම කලාවකි. එය තුළ මානුෂික වටිනාකම් තිබේ. ලෝකයේ එකිනෙකට වෙනස් දාර්ශණිකයන් වෙනස් ස්වරූපයෙන් ජන ප‍්‍රජාවට ජීවිතයෙහි අරුත දක්වන්නට උත්සාහ කර ඇත. ආගමික, දාර්ශණික සහ සමාජ නායකයන් මතුකරන අර්ථපූර්ණ සංකල්ප අතරට ‘‘ආර්ට් ඔෆ් ලිවිං’’ අලූතින්ම එකතු වී ඇති එකකි. ඉරු දිනයක උපන් හෙයින් රවි නම ලැබුණ නමුත් අද ජාත්‍යන්තරය ඔහු ගැන දන්නේ ශ‍්‍රී ශ‍්‍රී රවි ශංකර් නොඑසේනම් ගුරු ජී වශයෙනි. මෙයින් අවුරුදු විසි පහකට කලින් සරල අදහස් ඇතිව ජීවත්වීමේ අගයගැන කතා කරමින් සිටි මෙතුමා අද ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති චරිතයකි. පොදුවේ පමණක් නොව පුද්ගලිකව ද ගෞරවයට උරුමකම් කියන සංවේදී පුද්ගලයෙකි.
උවුරුදු පනස් හයකට පමණකලින් ඉන්දියාවේ තමිල්නාඩුවේ උපත ලැබූ රවි මූලික අධ්‍යාපනයෙන් පසු බැංගලෝර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබුවේය. මුල් අවධියේ සිටම අවිහිංසාව, දයාව වැනි සංකල්ප ගැන අප‍්‍රමාණ උනන්දුවක් දැක්වූ තරුණ රවි ශංකර් පසුව ඉන්දියාවේ තැනින් තැන වේදය, භාවනාව සහ ආයුර්වේදය ගැන දේශන, සාකච්ඡා සහ අත්දැකීම් හුවමාරු කරගන්නා වැඩසටහන් වලට සම්බන්ධ විය. එයින් හෙතෙම අත්පත් කරගත්තේ අලූත් අවකාශයක් වන්නට බෙහෙවින් ඉඩ තිබේ. රවි ශංකර්ගේ අදහස් වලට සවන් දුන් මිනිසුන් අලූත් ආකාරයකට සිද්ධි දෙස බලන්නටත්, ඒවා විග‍්‍රහ කරන්නටත් සූදානම් වූහ. ශ‍්‍රී ශ‍්‍රී රවි ශංකර් හුස්ම ගැනීම සහ ආශ්වාස වාතය පිටතට හෙලීම සම්බන්ධයෙන් භාවනාවක් ආකාරයේ ශිල්පයක් ප‍්‍රගුණ කළේය. එය අලූත් අනාවරණයකි. පළමුවෙන් නවසීලන්තයට පිටත්ව ගිය රවි ශංකර් තමන්ගේ දර්ශනය එරට දී පවත්වන ආර්ට් ඇන්ඞ් ලිවිං වැඩ මුලූවක දී පෙන්වා දෙයි. එය 1983 අවුරුද්දේ දීය. එයින් අවුරුදු තුනකට පසු කැලිෆෝනියාවේ දී එය තව දුරටත් ව්‍යාප්ත කරයි.
අද මිනිසුන් ජීවත්වන්නේ තාක්ෂණික යුගයකය. එය ඉතා සංකීර්ණ සහ තරගකාරී ස්වභාවයක් ගෙන දී තිබේ. ජීවත්වීම වෙහෙසකාරී එකක් වන අතර ජීවිතය විඳින්නට නොව විඳවන්නට හුරු සමාජ ව්‍යුහයක් පොදුවේ සකස් වී ඇති බව දක්නට ලැබෙන විවේචනයයි. මෙවැනි පසුබිමක් තුළ අලූත් කෙම්බිම් සොයා යමින් සිටි ජනකාය වෙත රවි ශංකර් ඉස්පාසුව පෙන්වා දෙයි. පුද්ගල පීඩනය සමබර කරගන්නට ඉඩකඩ සකස් කරයි. සමාජ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරන අතර හිංසනය තුරන්කර අරමුණක් ඇති ව්‍යුහයක් ගොඩනගන්නට දේශණා පවත්වයි. එහි දී කරන්නේ හුස්ම ගැනීම සම්බන්ධ පිළිවෙතකි. එයින් ආධ්‍යාත්මික සුවය අපේක්ෂා කරන ලෝක වාසිහු රවි ශංකර් දෙස බලන්නේ තමන් වෙත පැමිණි අලූත් නායකයෙකු වශයෙන්ය. ජනතාව හඳ බැඳ ගන්නා අප‍්‍රමාණ පුද්ගලයෙකු බවට පත්වන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියටය.
1997 දී හෙතෙම ජිනීවා නගරය පදනම් කරගෙන Art of Living Foundation පිහිටුවයි. එය ජාත්‍යන්තර පුණ්‍ය සංවිධානයක් වශයෙන් ප‍්‍රකට වන අතර මනුෂ්‍ය වටිනාකම්, ගුණාංග ගැන අවධානය යොමු කරයි. සහන අවශ්‍ය ජනතාව වෙත ආධාර කරන රාජ්‍ය නොවන සංවිධාන මෙහි දී සංවිධානගත වන අතර ග‍්‍රාමීය සංවර්ධනය සහ දරිද්‍රතාවය ගැන කතිකාවතක් ඇති කෙරේ.
රවි ශංකර් නූතන සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන ආධ්‍යාත්මක නායකයෙකි. ඔහුගේ ට්විටර් ගිණුම නිතරම අලූත් පණිවුඩ නිකුත් කරයි. ඒවා මේ දවස්වල කියන්නේ පරිසරය වෙනස් වී පානීය ජලය පවා නැති ඉන්දියානුවන්ගේ පවස නිවන ආකාරය ගැනය. ඔහුටම වෙන්වූ ෆේස් බුක් ගිණුමක් සහ වෙබ් අඩවියක් ඇත. ඒවායේ සාමාජිකයන් වී ඇති ලෝක වාසීහු මෙම නව ප‍්‍රවනතාවය සමග බැඳ අලූත් ආකාරයකට හිතන්නටත්, ක‍්‍රියාකරන්නටත් පටන්ගෙන සිටිති. ලෝකයේ රටවල් එකසිය පනහකට වැඩි ප‍්‍රමාණයක ආර්ට් ඔෆ් ලිවිං යන සංකල්පය විහිදුවා ඇති රවි ශංකර් නොබෝදා නව දිල්ලියට අත් විශාල ජනකායක් කැඳවා තමන්ගේ මානවවාදී බලය කොපමණ දැයි ලෝකයට හෙළිදරව් කරන ලද්දේය. එම ජනගහනය මිලියන 3.5 ඉක්මවන පමණක් නොව එපමණ එකතුවක් දිල්ලියට පැමිණි පළමු අවස්ථාව බව ද සඳහන් කරන්නේය. රවි ශංකර් ගේ අධ්‍යාත්මික බලය ගැන කතා කරන අතරතුර එවැනි ජනතායක් පැමිණීමෙන් දිල්ලියේ සාමකාමී බව අර්බුදයකට පත් කර පරිසරය පවා විකෘති කරන ලද බව ඇතැම් සංවිධාන චෝදනා කළේය. නමුත් ඔහු ඒ බව සලකන්නේ නැත. ඔහු පෙන්වා දෙන්නේ මනුෂ්‍යයා අතර දැවෙන පීඩනය අඩු කරගෙන සාමකාමීව ජීවත්වන ආකාරයයි.
ඉන්දියානුවෙකු හැටියට ඔහු පකිස්තානයට ගියේය. මනුෂ්‍යත්වය සහ මානව හිතවාදී දැක්ම පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ එය රටවල් දෙක අතර ඇති ආවේග තුරන් කරන සාමකාමී මෙහෙයුමක් හැටියටය. එය පකිස්තානයේ ඉස්ලාම් වැසියන්ගේ ප‍්‍රිතියට ද හේතු වූ නමුත් දිනක් එක් අන්තවාදියෙකු ඔහුගේ පදනම ගිණිබත් කර තිබිණ. හෙතෙම ඉරාකයට ගියේය. නොබෝදා ප‍්‍රකට මාධ්‍යයක් ඔහු සමග සාකච්ඡා කරමින් අයි. එස්. අයි. එස් ත‍්‍රස්තවාදීන් සමග සංවාදයකට යන්නේ නැත්තේ මන්දැයි විමසා සිටියේය. ඔහු කියා සිටියේ එයට සුදුසු හෝරාවේ දී එය සිදුවනු ඇතැයි විශ්වාස කරන බවය. යුක්තිය ඉටුවනු ඇති අතර කිසිවෙකුට අනුන්ගේ ජීවිතය ගැන තීරණය කිරීමේ අයිතියක් නැත් බව ද හෙතෙම වතාවක් සඳහන් කර තිබේ. මිනිසුන් අතර හිතන්නට පොළඹවන සහ මානව වර්ගයා වෙනුවෙන් අලූත් ශක්තියක් ජනිත කරන පුද්ගලයෙකු වශයෙන් හෙතෙම අද ජාත්‍යන්තරය හඳුනාගෙන තිබේ. එය විශේෂිත තත්ත්වයකි. ලෝකයේ වරින් වර තැනින් තැන දාර්ශණිකයෝ බිහිවෙති. අලූත් මතවාද පැන නැගෙන අතර ඒවා පිටුපස සිටින්නේ අප‍්‍රමාණ බලයක් සහිත පුද්ගලයන්ය. ශ‍්‍රි ශ‍්‍රී රවි ශංකර් ද එවැනි බලයක් සහිත පුද්ගලයෙක් ලෙස හිතන්නට ජාත්‍යන්තර සමාජය සූදානම්ය. ඔහු හඳුන්වා දුන් සුදර්ශන් ක‍්‍රියා යෝග වැඩ පිළිවෙල වෙත ලෝකයේ අනුගාමිකයෝ අති විශාල වශයෙන් එකතු වෙමින් සිටිති.
එක පුද්ගලයෙකු වශයෙන් ඔහු තමන්ගේ දර්ශනය ගොඩනගන්නේනය. සාමකාමී ලෝකයක් ඇති කිරීම ඔහුගේ අධිශ්ඨානයයි. එයට අනුව ලෝකයේ අති විශාල ජනතායක් ආධ්‍යාත්මික එකමුතුවක් ආකාරයෙන් පවතින්නට උත්සුක වන විට ඔහුගේ මව්බිම එනම් ඉන්දියාව ඔහු එරට ඉහළම සම්මානයෙන් එනම් විභූෂණ සම්මානයෙන් පුදනු ලැබුවාය. එය ඔහුගේ සම්මාන එකතුව තුළ ඇති තවත් එකක් බවට පත්ව තිබේ. ලෝකයේ පවතින විෂම හැඩතලය වෙනස් කරන්නට තැත් කරන හෙතෙම තම දර්ශනය කියා දෙන්නට පොත් ගණනාවක් ලියා පළ කර තිබේ. ඒව ලෝකය පුරා විහිදෙන්නේ අති විශාල ඉල්ලූමක් සහිතවය. කියවා පැත්තකට දමනු වෙනුවට එයින් අනාවරණය කරන දැක්ම අනුව අනුගත වෙන්නට උත්සාහ කරන ලෝක වාසීහු හෙයින් අද ලෝකය පුරා ශ‍්‍රී ශ‍්‍රී රවි ශංකර් උන්මාදයක් පැතිරෙමින් පවතින්නේ යැයි සඳහන් කළොත් එය ව්‍යාජෝක්තියක් නොවේ. එක්තරා අවස්ථාවක හෙතෙම මෙරටට ද පැමිණියේය. එයට කලින් හෙතෙම මෙරට ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් මැදිහත්වූ ආකාරය ගැන නොයෙක් පැතිවලින් ලියැවී තිබේ. සාමය උදාවෙන්නේ ආධ්‍යාත්මික පිලිවෙතක් අනුව පමණකැයි එම අදහස් වලට ප‍්‍රතිචාර වශයෙන් සඳහන් කරන්නේය. 2011 වසරේ දී මෙරටට පැමිණ සිය අධ්‍යාත්මික මෙහෙවර කරන වකවානුවට වඩා අති විශාල ජන පදනමක් අද ඔහු සතුව තිබේ. තමිල්නාඩුවේ උපන් හෙතෙම කුඩා අවදියේදීම බගවත් ගීතාව කියවන්නේය. ආදර්ශය ලබන්නේ අවිහිංසාවෙන්ය. මානව වාදය සම්බන්ධයෙන් ඔහුගේ දර්ශනයේ තැනක් තිබේ. හුසුම ගන්නා පමණක් නොව හෙළන ආකාරයෙන් ද ලෝකය සැනසුම් සහගත තැනක් බවට පත් කරන්නට වෑයම් කරයි. ඉකුත් දශක පහ තුළ ඔහු පැමිණි ගමන සම්බන්ධයෙන් ජනතාව මහත් විශ්වාසයක් පළ කරයි. අලූත් දැක්මක් සහිතවෙයි. ජනතාව ඔහු වටා එකතු වෙමින් සිටියි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|