» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
23/09/2018 - දේශය
අතුල් පහරකින් පාඩමක් ඉගැන්වූ පලස්තීන දිරිය දැරිය

පලස්තීන යොවුන් දැරියක් ජාත්‍යන්තර අවධානයට ලක් වී සිටින්නීය. අහිඞ් තමිමි පලස්තීන ජනතාව අතර තාරකාවක් වී සිටී. ඇය පසුගිය වසරේ මැද ඇති වූ සිද්ධියක් අවසානයේ දී ඊශ‍්‍රායල් සොල්දාදුවන් දෙදෙනෙකුට අතුල් පහරවල් එල්ල කරන ලද අතර එය දෙරට අතර පවතින ගැටුම් යොවුන් පරපුර වෙත බලපා ඇති තරම පෙන්වන අවස්ථාවකි. පලස්තීන ඊශ‍්‍රායල් ගැටුම් වලට අඩ සියවසක් දක්වා ඉතිහාසයක් තිබේ. පලස්තීනයට අයත් භූමිය ඊශ‍්‍රායල ආක‍්‍රමණිකයන් අල්ලා ගන්නා බවට විරෝධයක් පවති. විශේෂයෙන් දකුණු වෙරළ හා ගාසා තීරය නොසන්සුන්ය. ඊශ‍්‍රායල සොල්දාදුවන් වීදියේ මුර සංචාරය කරන අවස්ථාවල දොරටු වසා ගන්නා පලස්තීන දරුවෝ සෙබළුන් වෙත ගල් ප‍්‍රහාර එල්ල කරති. සිද්ධි ගැන අවධානයෙන් සිටින සෙබළු එකී ප‍්‍රහාර එල්ලවන නිවාස සොයා බලා පරීක්ෂා කරන අතර එවැනි සිද්ධියක් අතරවාරයේ දී එවකට බාල වියේ සිටි යුවතියක් එකවරම ඉදිරියට පැන එක සොල්දාදුවෙකුට අතුල් පහරක් එල්ල කලාය. අහිඞ් තමිමි ගේ නඩු පවරන ලද අතර ඇයට මාස අටක සිර දඬුවමක් නියම විය.

අහිඞ් තමිමි ජීවත් වූ නාබි සාලිහ් ගම්මානයේ පලස්තීනුවන් ඊශ‍්‍රායල් සෙබලූන් අප‍්‍රිය කරයි. මෙම ප‍්‍රදේශය සාමකාමීව තිබුණ අතර එහි කඩාවැදුණු හමුදාව ඊශ‍්‍රායල ජාතිකයන් එහි පදිංචි කළ අතර පරම්පරා ගණනක් ප‍්‍රයෝජනයට ගත් ජලාශ ඔවුන්ගේ අයිතියක් බව ප‍්‍රකාශයට පත් කළහ. ඒවාට විරුද්ධව නිතර ජනතාව ගැටුම් ඇති කරගනී. දෙසීයක් පමණ පිරිසක් භටයන්ට විරුද්ධව විරෝධය කරන අවස්ථාවක ඊශ‍්‍රායල් හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූහ. ඒවා නිවාස වලට පවා ඉලක්ක වෙයි. නිවාස වල සැඟවෙන කාන්තාවෝ සහ දරුවන් සෙබළුන්ට ගල් ප‍්‍රහාර එල්ල දරති. ඒවා එන ඉලක්ක බලා කඩා වදින ඊශ‍්‍රායල භටයෝ පලස්තිනුවන්ට හිරිහැර කරති. මෙම උද්ඝෝෂණය අතරවාරයේ රබර් උණ්ඩයක් වදින ඥාති සහෝදරයෙකු සිහි සුන්වන අතර එය අහිඞ් තමිමි වේදනාවට පත්වන අවස්ථාවකි. ඇය කළේ රැුස්කරගෙන තිබුණ ගල් වලින් ප‍්‍රහාර එල්ල කිරීමයි. කඩාවදින හමුදාව ඇයගේ මව අත්අඩංගුවට ගන්නා අතර සිහිසුන්ව සිටින ඥාති සොහොයුරා හා මවගේ අත්අඩංගුවට පත්වීම දරාගත නොහැකි වූ තමිමි සෙබලූන් එල්ල කර තද අතුල්පහරඑල්ල දර තිබේ. කුඩා යුවතිය අල්ලා ගන්නා භටයෝ අහිඞ් අමිමිට එරෙහිව නඩු පවරයි. මාස අටක සිර ද`ඩුවම එහි ප‍්‍රතිඵලයකි.

පසුව පලස්තීන ජනාධිපති මොහමඞ් අබ්බාස් කුඩා අහිඞ් තමිමි වෙත ප‍්‍රශංසා කළේය. එයට හේතුව ඇගේ මව අත්අඩංවට පත්වන සිද්ධිය අවස්ථාවේ දී විරෝධය පළකරමින් ක‍්‍රියා කළ විලාසයයි. අසාධාරණයට එරෙහිව නිතර සටන් කරන ඇය සහ ඇයගේ පවුලේ අය සිය අසල්වාසීන් හිරිහැර වලින් වලක්වා ගැනීමට නිතර පෙරමුණ ගත්තාය. විරෝධතා සංවිධාන ගත කළාය. එහෙයින් නිතර ඊශ‍්‍රායල භටයන්ගේ ගැහැට වින්දාය. නිමක් නැති අතවර වලින් මිදෙනු සඳහා නැගුණ හඩ අභීත එකක් විය. සගයන් එකතු කරගෙන දරුවන් සිරගත කිරීම වලක්වන මත පතුරවන ව්‍යාපාරය නියැලි සිටි අහිඞ් තමිමි කොපමණ ඉලක්ක ගත චරිතයක් වී ද යත් වරක් ඇය ඇමරිකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කර තිබුණි.

දඩුවම නියම වී හිරගතවන අවස්ථාවේ දී ඇය නිර්භීතව කියා සිටියේ හිරගෙදර ජීවිතය දේව වරමක් වන අතර නීතිය හදාරන්නට මාස අටක කාලය වෙන් කරන බවය. නිදහස් වූ පසු නීතිවේදිනියක වී ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීම සිය අභිලාශය බව යොවුන් දැරිය ඉතා අධිෂ්ඨානශීලීව ප‍්‍රකාශ කළාය. තමිමි දඬුවම අතර තුර හිර ගෙදරදී අධ්‍යාපනය ලබයි. මානව අයිතිවාසිකම් ගැන අධ්‍යයනය කරයි. එහි දී උසස් උපාධිය හිමි කර ගනී. හිර ගෙදරින් නිදහස් වූ අහිඞ් තමිමි අද ජාත්‍යන්තර අවධානය දිනා ගත් යුවතියකි. පලස්තීනයේ බටහිර ප‍්‍රදේශය අත්පත් කරගෙන සිටින ඊශ‍්‍රායල් හමුදාවට විරුද්ධ මතධාරීන්ට ඇය ප‍්‍රබල සංකේතයක් වී තිබේ. නිදහස පතා කරන නිරන්තර අරගලයට බලවත් ශක්තියක් වී ඇත. ඉකුත් ජුලි 29 වනදා නිදහස ලබන විට ඇය දහ හත් හැවිරිදිය.

ඇයට පන්නරය ලැබෙන්නේ පවුලේ දායාදයක් වශයෙන් පෙනේ. ඇගේ පියා අහිඞ් පවා ඔහු අතදරුවෙකුව සිටි බාල කාලයේ සිට ඊශ‍්‍රායල ආක‍්‍රමණ වලට එරෙහි සටනේ පංගු කරුවෙකු බව දැක්වේ. අහිඞ් ගේ තාත්තා සිය පුතා තුරුළු කරගෙන සැඟවී ජීවත් වී ඇත. පරම්පරා දෙකක් තිස්සේ ගැටුම පවතී. පියා එකොලොස් වතාවක් ඊශ‍්‍රායල හමුදා භටයන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව අහිඞ් තමිමි ගැන කරුණු සොයන විට අනාවරණය වන කරුණකි.

බටහිර ප‍්‍රදේශයේ නාබි සාලිහ් නමැති කුඩා ගම්මානයේ ජීවත්වන අයවලූන් අතරින් ඊශ‍්‍රායල අත්අඩංගුවට පත් නොවූ අයෙකු නැති තරම්ය. විජාතිකයන් පලවා හරින අරගලයක සිටින ඔවුහු නිතර කැරලි ගසති. ගල් ප‍්‍රහාර එල්ල කරන අතර උත්තරයක් වශයෙන් ඊශ‍්‍රායල සෙබළු රබර් උණ්ඩ වලින් වෙඩි තබති. කදුළු ගෑස් එල්ල කරන අතර එය ඉතා ඛේදජනක තත්ත්වයකි. අහිඞ් තම්මි ගේ සිද්ධිය අනාවරණය කරන පරිදි ඇය ඇතුළු අලූත් පරම්පරාවේ නියෝජනය ද අසරණ භාවයට ගොදුරුවී ඇත. බාලවියේ දී ද්විතියික අධ්‍යාපනය අහිමිවන අහිඞ් තමිමි දැරිය දිනපතා ඊශ‍්‍රායල හමුදා කඳවුරු අසලින් පාසලට යා ගත නොහැකිවීම නිසා නිවසේ නතරවෙයි. ඊශ‍්‍රායල් විරෝධය බාල වියේ සිටම ඇයගේ හිතේ තිබුණි. නිවසේ පසුබිම පමණක් නොව අසල්වැසියන් ද පත්ව ඇති ග‍්‍රහණය ඇය තේරුම් ගත්තාය. සෙබළුන් ඇවිදගෙන මුර සංචාරයෙහි නරත වන අවස්ථාවේ සඟවාගෙන සිටින ගලකින් ඉලක්කය ගන්නවා හැරෙන්නට අන් ශක්තියක් ඇයට තිබුණේ නැත.

නමුත් අත් අඩංගුවෙන් නිදහස් වූ අහිඞ් තමිමි අද වන විට බලවත් චරිතයකි. ඇයගේ අරමුණ නීතිවේදිනියක වීමය. නිදහස ලබා නිවසට පැමිණි අහිඞ් තමිමි පිලිගන්නට සිය ගණනක් මාධ්‍යවේදීන් පැමිණ සිටි අතර ඇගේ මව හා පියා දෙපසින් තබාගෙන සරල හා බුද්ධිමත් විලාසයකින් සමකාමී අනාගතයක් වෙනුවෙන් පලස්තීනය යොමු කරන අභිලාශය ප‍්‍රකාශයට පත් කළාය. ‘‘ මම සතුටින් නෙවෙයි මගේ සහෝදර පලස්තීනයේ සෑහෙන පිරිසක් බන්ධනාගාරයේ ජීවත්වන අතර මෙම සියුළු දෙනා නිදහස් කරගැනීමට සියළු දෙනා එකමුතු විය යුතු’’ බව අවධාරණය කළාය.

ඇය නිදහස ලබන විට ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු පලස්තීන දේශසීමාවේ ඇගේ රුව සහිත විශාල බැනර් ප‍්‍රදර්ශනය කරන ලද අතර ඊශ‍්‍රායල හමුදා එම ශිල්පීන් අත් අඩංගුවට ගෙන පසුව දින තුනක් තුළ රටින් පිටව යන සේ නියම කළේය. ‘‘මගේ දියණිය ගැන මම ආඩම්බරයි.’ තමිමි ගේ පියා පසුව මාධ්‍ය වෙත කියා තිබේ. ඇයගේ ජීවිතය පුරා බන්ධනාගාරයේ සෙවනැල්ල වැටී ඇති අතර භයානක සිද්ධි ඉදිරියේ දී අපේක්ෂා කළ යුතු බව සිය හඬ අවදිකරන්නට පටන්ගෙන තිබේ. ඊශ‍්‍රායල් හමුදා බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ පවතින කටුක තත්ත්වය හෙළි කරයි. හය දහසකට වැඩි පලස්තීනුවන් බන්ධනාගාරවල රඳවා සිටින අතර තුන්සියයක් පමණ කුඩා දරුවන් බව ජාත්‍යන්තර මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම විශේෂ සිද්ධියකි.

පලස්තීන දැරියක නැගූ විරෝධතාවය සුළු එකක් නොවන බව ජාත්‍යන්තරය තේරුම් ගෙන තිබේ. ඇයට හඩක් තිබේ. සියළු සමාජ සංවිධාන අවදි කරන අතර ලෝකයේ මතට තමන්ගේ පැත්තට ගන්නට සමත්ව ඇත.