» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/05/2017 - දේශය
ලොව බලවත්ම කාන්තාවකගේ ගමන

මුහුණු පොත යනුවෙන් කියනු වෙනවට ෆේස් බුක් යැයි සඳහන් කළොත් හොඳීන් දන්නා දැවැන්ත සමාජ මාධ්‍ය ජාලය පිටුපස සිටින බලවත් චරිතයක් ලෙස ෂෙරිල් සැන්ඞ්බර්ග් දැක්විය හැකිය. ඇය අද විවාදයට ලක් වූ නමුත් අපතිහත ධෛර්යයවන්ත කාන්තාවක සේ ලෝක අවධානයට ලක්ව සිටී. ෂෙරිල් තාක්ෂණවේදිනියක වශයෙන් ෆේස් බුක් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය වන අතර කාන්තා ක‍්‍රියාකාරිනියක සේ ද ප‍්‍රසිද්ධය. එපමණක් නොව ඇය ග‍්‍රන්ථ කතුවරියකි.

ෆේස් බුක් මෙහෙයුම් නිලධාරිනිය වශයෙන් සම්බන්ධ වෙන්නට කලින් ගූගල් සෙවුම් ජාලයෙහි සේවයේ නිරත වූවාය. හාවඞ් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගත් පසු ෂෙරීන් එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍ර කිහිපයක සේවය කළ අතර 2012 වසරේ දී ටයිම්ස් සඟරාව ෂෙරිල් සැන්ඞ්බර්ග් ලෝකයට වඩාත් බලපෑමක් කළ හැකි සිය දෙනෙකු අතරින් කෙනෙකු බවට නම් කිරීම විශේෂ සිද්ධියකි. වොෂින්ටන්හි විසූ අක්ෂි වෛද්‍යවරයෙකු හා පාසල් ගුරුවරියකගේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා වූ ඇය බාල වියේ සිටම ඉගෙනුමට දස්කම් දැක්වූවාය. ඉගෙනුම අවසන් වූ පසු ෂෙරිල් කාලයක් ඇමරිකානු මහා භාණ්ඩාගාර ලේකම්වයා ගේකාර්යාලයේ ේවය කලාය. ඒ වන විට එම තනතුර හෙබවූයේ ඇයගේ උසස් අධ්‍යාපන පර්යේෂණ උඵදේශකයා වූ ලැරී සමර් වන අතර එය ජනාධිපති බිල් ක්ලින්ටන් ගේ ධුර කාලයයි. ආසියානු ආර්ථික අර්බුදය මතුවන එකී වකවානුවේ මහන්සියෙන් වැඩ කරන ලද අතර එය ඇයගේ වත්මන් ගමනට අත්දැකීම් සමුදායක් එකතු කරන ලද බව නිසැකය. ජීවන ගමන ආරම්භ කරන විට මැදි ආදායම් පවුලක සාමාජිකාවක් වූ ඇය අද ඇමරිකානු ඩොලර් බිලියනයක වත් පොහොසත්කම් ඇති අනන්‍ය ලක්ෂණ ඇති කාන්තාවක සේ ඇගැයීමට ලක්ව ඇත. කාන්තාවක වශයෙන් අර්බුද මැදින් වැර වෑයමෙන් ජීවිතය ජයගත් හෙයින් ගෞරවයට පාත‍්‍ර වී තිබේ.

2007 අවුරුද්දේ දී ෂෙරිල් හා මාර්ක් සුකර්බර්ග් හමුවූයේ නත්තල් සාදයකදීය. ෂෙරිල්ගේ හැකියාව ගැන දැනගෙනන සිටි ෆේස්බුක් සම නිර්මාතෘ සුකර්බර්ග් ප‍්‍රධාන මෙහෙයුම් රාජකාරිය භාරගන්නා සේ ඉල්ලා සිටියේය. ඒ වන විට එපමණ ප‍්‍රබල තැනකට නොපැමිණ තිබුණ සමාජ ජාලය පාඩු සහිතව පවත්වාගෙන ගිය අතර ෂෙරිල් වහාම තම කාර්යය ආරම්භ කළේ අලූත් ව්‍යාපාර හා සම්බන්ධ කරමින්ය. අවුරුදු තුනක් ඇතුලත ෆේස් බුක් සමාජ ජාලය ලාභ ලැබූ අතර රටින් අවුරුදු දෙකකට පසු ඇය එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූයේ එහි ඉහළම තලයට පැමිණි පළමු කාන්තාව වශයෙනි.

ෂෙරිල්ගේ පළමු විවාහය අවුරුද්දකට සීමා විය. දෙවැනි වර විවාහ වූයේ ඬේව් ගෝල්ඞ්බර්ග් සමගය. දරුවන් දෙදෙනකු බිහි කළ අතර සාර්ථක ජීවිතයක්ගත කරමින් සිටිය දී අසරණ වූයේ ස්වාමියාගේ අභාවයෙන්ය. මෙක්සිකෝ හි විවේකයෙන් ඉන්නා අවස්ථාවන ව්‍යායාම කරමින් සිටි ඔහු මිය යාමෙන් පසු අසරණ වූ ෂෙරිල් මහත් මානසික පීඩාවකට පත්වූ බව ඇය ගැන තොරතුරු වල සඳහන්ය. ඒ වන විට ඇය කාන්තාවන් වෙනුවෙන් සත්කාරක හා නායකත්ව වැඩ සටහන් සෑහෙන ප‍්‍රමාණයක නියැලී සිටියාය. කාන්තාවන් මුළු ගැන්විය නැති බව කියා සිටිමින් කාන්තා සමාජය බලගතු කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කළාය. කාන්තා කාර්ය භාරය හා ප‍්‍රමුඛ තැනක ඇය සිටිය යුතු මන්ද යන්න පැහැදිලි කරන ප‍්‍රකිපත්ති විග‍්‍රහ කරමින් කෘතියක් ද මෙම කාලය වන විට ප‍්‍රකාශයට පත් කර තිබුණි. නමුත් ස්වාමියා හදිසියේ අහිමිවීමෙන් කාන්තාවක වශයෙන් ඇය තනි වූවාය. එය දරාගත නොහැකි විය. කාර්යාලයෙන් පවා ඇයට උවමනා පරිිදි විවේක ගන්නට ඉඩ සැලසීය. පසු කාලයක සැමියා ගේ අභාවය හෙයින් අසරණ ව තනිවීම දරාාගෙන මහත් උවමනාවකින් නැගී සිටීමෙන් අනතුරුව ෂෙරිල් එහි අත්දැකීම් ප‍්‍රකට ගත්කතුවරයෙකු සමග එකතු වී කෘතියක් සේ පළ කළාය. ‘ඔෆ්ෂන් බී’ යනුවෙන් නම් කළ එයින් සහමුලින්ම කියා තිබුණේ බලාපොරොත්තු විරහිත අවස්ථාවකට පසු නැවත නැගී සිටින්නට පුළුවන් වන විකල්ප ක‍්‍රමවේදයක් ගැන කතාන්දරයයි. තමන්ගේ මුල් වාරුව නැති වූ අවස්ථාවක දෙවැනි පියවරක් සේ ජීවිතය ජයගන්නට උපකාරී වෙන්නේ මොනවාදැයි ඇය සමස්ථ කාන්තාවන් වෙනුවෙන් ලියා තැබුවාය. එය මහත් සමාජ පිළිගැනීමකට ලක් වූ බව සඳහන් කළ යුතුය.

ෂෙරිල් වැඩ කරන්නට සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියාය. කොපමණ වැඩ කළා ද යත් එය තක්සේරු කරන්නට කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැත. වතාවක් රූපවාහිනී වැඩසටහනක දී ජීවිතයේ වඩා අභියෝගයක් වූ අවස්ථා ගැන ප‍්‍රශ්නයකට ෂෙරිල් උත්තර දුන්නේ ලෝකයේ ජනී ජනයා එකට සම්බන්ධ කරන්නට ලැබීම අභියෝගයක් නොව මහත් අවස්ථාවක් නොවේදැයි පෙරළා ප‍්‍රශ්න කරමින්ය. සෑම පුද්ගලයෙකුම දවසකට මිනිත්තු පනහක් වත් සමාජ මාධ්‍ය ඇසුරෙහි ගත කරන අතර මෙයට අවුරුදු හත අටකට කලින් එහෙම එකක් ගැන අහන්නට පුලූවන් වුණා දැයි ඇය සදහන් කළේ ඇය ඇතුළු ෆේස් බුක් සමාජ මාධ්‍යය ඇතිකරන ලද බලය මොනවට පැහැදිලි කරමින්ය.

අද වන විට ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය වල පැතිරෙන අසත්‍ය තොරතුරු නිසා සමාජයට බලවත් ව්‍යවසයක් වන බවට චෝදනාවක් පවතින අතර එය උත්සන්න වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් ගේ ඡුන්ද ව්‍යාපාරයට මෙකී අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් ෆේස් බුක් ව්‍යාපාරය අනියමින් ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහණයට දායක වූ බව දක්වමින්ය. නමුත් එය ඇත්තක් නොවනබව ප‍්‍රකාශ කර ඒ වෙනුවෙන් වෙනම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන අතර හැකිතාක් සත්‍ය පැතිරවීමට අනුබල දෙන ව්‍යුහයක් ඇති කරන්නට ෂෙරිල් උත්සාහ කරමින් සිටී.

කාන්තාවන් පසු පෙල නොවන බව ෂෙරිල් තදින් කියා සිටී. සාමාන්‍ය රුස්වීමක දී පවා කාන්තාව පැත්තක හෝ පසු පෙල වාඩි වී සිටීමෙන් ඇය සතු බලය තුනී කරගන්නා බය ඇය කියා සිටි කාරණයකි. ඉදිරියට පැමිණ සමස්ථ කාර්යයට උර දෙන්නේ නැතිව සමතැනක් දිනාගත නොහැකි බව ඇයගේ අදහසයි. ඇමරිකාවේ ජනාධිපති ධුරයට කරඟ කරන්නේදැයි වතාවක් ඇයගෙන් ප‍්‍රකට මාධ්‍යක් ප‍්‍රශ්න කළාය. මන්ද එපමණකටම ඇය සමාජ ප‍්‍රශ්න ගැන, කාන්තාව හා පවුල ගැන උනන්දුවක් දක්වන්නීය. ඇමරිකාව කාන්තාව හා පවුල ගැන අවධානය යොමු කරන්නේ අඩුවෙන් බව සඳහන් කරන ෂෙරිල් සැන්ඞ්බර්ග් ඒ වෙනුවෙන් සමාජ සුරක්ෂිතතා පණතක් අවශ්‍ය බව කියා සිටි අතර නමුත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නට අදහසක් නැති බව කියා සිටියාය. ඇය කාන්තාවක් ජනාධිපති ධුරයට පත්ව ඇතැයි කියා කුඩා දරුවන් අවදි කරන්නට සිතා සිටි නමුත් හිලරි ක්ලින්ටන් පරාජය වූ අතර ඉක්මනින් තම දරුවන්ට එම අවස්ථාව අත්පත් කරගත හැකි වන බව සඳහන් කරන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන වෙහෙසෙන අතරතුරය. කාන්තාව හා දරුවන් ගැන අතිශය සංවේදී ඇය කොපමණ වැඩි වැටුප් ගෙවන නමුත් කාන්තාවන් අමතර වැඩ වෙනුවට පවුලේ දරුවන් වෙනුවෙන් කැපවිය යුතු බව ප‍්‍රකාශ කරන්නීය.

පොදු ජනයා විශේෂයෙන් දරුපවුල් හා කාන්තාව වෙනුවෙන් ඇය කරන කාර්යභාරය වෙනුවෙන් විශේෂ ඇගයීමට ලක්ව ඇති ෂෙරිල් 2007 සිට 2014 දක්වා අඛණ්ඩව ෆෝචූන් සඟරාවේ වඩා බලවත් ඇමරිකානු කාන්තාවන්ගේ ලැයිස්තුවේ පළමු 50 දෙනා අතර සිටියාය. වෝල්ස්ටී‍්‍රට්, බිස්නස් වීක් සහ ෆෝබ්ස් සඟරා වලින් වඩාත්ම බලවත් කාන්තාවක් බවට සම්මාන දිනාගත්තාය.

තනිවීම වෙනුවට තනිනොවී සිටින්නේ කෙසේදැයි කියා දුන් ඇය කොන්වීම වෙනුවට ඉදිරියට එන්නේ කෙසේදැයි කාන්තාවන්ට පෙන්වා සෙමින් සිටී. ජනතාව වෙනුවෙන් ඇය කරන කාර්යය අගය කරන්නේ එහෙයින්ය.