» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/08/2017 - දේශය
පරිසරය ගැන චිත‍්‍රපට හදන ඇල් ගෝ

ඇමරිකානු ජාතික ඇල් ගෝ ගැන වැඩි දෙනෙකු දන්නේ දේශපාලනඥයෙකු වශයෙනි. බිල් ක්ලින්ටන් ජනාධිපති පාලන කාලයේ උප ජනාධිපති වූ හෙතෙම වසර 2000 දී ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂකයා වශයෙන් ඡන්දය ඉල්ලන ලද නමුත් අසාර්ථක වෙයි. මෙවැනි හැඳීන්වීමකට එපිටින් ඇති විශාල චරිතයක් කරා ඇල් ගෝ ප‍්‍රවේශ වී සිටි. ඇල්බර්ට් ආනෝල්ඞ් ගෝ අද පරිසර අවදානම ගැන ජාත්‍යන්තර මත හදන නිර්මාණශීලියෙකි. කාලගුණ විපර්යාස මාතෘකා ක‍්‍රියාකාරී වූ හෙතෙම කරගනිමින් 2007 වසරේදී නොබෙල් ත්‍යාගය සමව දිනා ගන්නට සමත්විය.

අල් ගෝ ටෙන්සි ප‍්‍රාන්තයේ කොන්ග‍්‍රස් නියෝජිතයෙකු සේ 1977 සිට අවුරුදු අටක් සේවය කරන ලද අතර එතැන් සිට තවත් වසර අටක් සෙනෙට් මණ්ඩලය නියෝජනය කළේය. 1993 වසරේ දී ඇමරිකානු උප ජනාධිපති ධුරයට පත් අල් ගෝ 2001 වසර තෙක් එහි කටයුතු කරන ලදී. ජනාධිපතිවරණ තරගයට එන්නේ එයින් පසුවය.

දේශපාලන වේදිකාවෙන් බැස ගිය අල් ගෝ නැවත පරිසර උන්නතිය උදෙසා කැපවන චරිතයක සේ ප‍්‍රවේශ වෙයි. හෙතෙම වර්තමානයෙහි දේශගුණ සංරක්ෂණ සහයෝගීතා ආයතනයේ ප‍්‍රධානියා වන අතර ආයෝජන කළමණාකාර ආයතනයක ද නිර්මාතෘය. ජාත්‍යන්තර ආයතන ගණනාවක ප‍්‍රධාන තනතුරු හොබවන අතර ඇපල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සහ ගූගල් හි ඡේ්‍යෂ්ඨ උපදේශකයෙකු ද වෙයි. අල් ගෝ ලියන ලද An Inconvenient Truth කෘතිය වඩාත් ආන්දෝලනාත්මක එකක් වශයෙන් ග‍්‍රැමී සම්මානයට පාත‍්‍ර විය. එය පදනම් කරගෙන නිර්මාණය කරන ලද වාර්තා චිත‍්‍රපටයදහා ඇකඩමික් සම්මානය පිරිනැමෙයි. ටයිම් සගරාව 2007 වසරේ දී ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයා නම් කරන අවස්ථාවේ දී ඔහුට එය මග හැරී ගියේ හෙතෙම දෙවැනියා බවට පත්කරමින්ය.

අල් ගෝ වොෂින්ටන් හි උපත ලබන්නේ දරුවන් දෙදෙනෙකුගේ පවුලේ බාලයා වශයෙනි. ඔහුගේ ලියා ඒ වන විට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන ලද අතර වසර දහ අටක් එහි නිතරව සිටි බව වාර්තා වෙයි. මව ඇමරිකාවේ වෙන්ඩ‍්‍රබිට් නීති විද්‍යාලයෙන් උපාධිය අත්පත් කරගත් පළමු කාන්තාව සේ ඉතිහාසයට එකතු වී සිටී. කුඩා කාලයේ පාසල් ගමන අතරතුර විවේක කාලයේ දී පවුලේ ගොවිපොලේ වැඩ කරන ලද අල් ගෝ බාල වියේ දී හොඳ මලල කී‍්‍රඩකයෙකි. පාපන්දු කණ්ඩායමේ නායකත්වය හෙබවූ අතර පැසිපන්දු කී‍්‍රඩා කරන ලද අල් ගෝ හාවඞ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය දිනා ගත්තේය. විශ්ව විද්‍යාලයේ දී කාලගුණ වෙනස්කම් හා ගෝලීය උණුසුම ගැන උනන්දුවෙන් ක‍්‍රියා කරන ලද හෙතෙම එහි ඉගෙනුමෙන් පසු ගැටුම් සහිත ප‍්‍රදේශයක අනිවාර්ය නිතරවීම වෙනුවෙන් තෝරාගත්තේ වියට්නාම් යුද බිමයි. යුද්ධය ප‍්‍රතික්ෂේප කරන නමුත් හෙතෙම එහි දී සාර්ථක සොල්දාදුවෙකු පමණක් නොව මාධ්‍යවේදියෙකු සේ ක‍්‍රියාකරන බව ද සදහන්ය. යුද බිමේ අත්දැකීම් ගැන පසු කාලයක දක්වන අල් ගෝ කියා සිටියේ ‘‘මම විශාල දෙයක් කළේ නැහැ. නමුත් මම ඇවිද ගියේ අවදානම් තැනක. හැබැයි රට වෙනුවෙන් ඒ ඇදුම අඳින්ට ලැබීම ආඩම්බරයක්’’ බවය. අල් ගෝ නීති විද්‍යාලයට ඇතුල්වනු දැකීම දෙමාපියන්ගේ අභිලාශය විය. ටෙන්සි හි නීති විදුහලකට ඇතුලත් කරන නමුත් එහි සිට පුරුදු මාධ්‍ය ජීවිතයට නැඹුරු වූ හෙතෙම එහි ටෙන්සිටන්ස් පුවත්පතේ සේවය කරන්නට එකඟවූයේ අතිරේක වශයෙනි. ගවේශණශීලී මාධ්‍යවේදියෙකු වශයෙන් දූෂණ හෙළිදරව් කරන වෑයමක නිරත වූ ඔහු දේශපාලකඥයන් දෙදෙනෙකු ගේ පැමිණිලි මත අත්අඩංගුවට ද පත්වෙයි. එයින් පසු පත්තරයේ වැඩට තාවකාලික විරාමයක් දෙන හෙතෙම නැවතත් නීති විදුහලට ගොස් එහි අධ්‍යාපනය ද යොමු වන නමුත් එය අවසානයක් දකින්නේ නැත. තම පියාගේ මැතිවරණ බලප‍්‍රදේශයේ ඇබෑර්තුව දකින අල් ගෝ එහි ගොස් ඡන්දය ඉල්ලා අවුරුදු විසි අටේ දී ඇමරිකානු කොන්ග‍්‍රස් මණ්ඩලයට පත්වූ බව දැක්විය හැකිය.

විවාහ දිවියට ඇතුලත් වූ අල් ගෝ දරුවන් හතර දෙනෙකු ගේ පියෙකි. එක්තරා අවස්ථාවක ඔහු ගේ කුඩා දරුවා පාර මාරු වෙන අවස්ථාවක වාහනයක ගැටී හදිසි අනතුරකට මුහුණ පාන අතර එය ජීවිතයේ කඩාවැඩුණු අවස්ථාවකි. පසු කාලයක අල් ගෝ කියන්නේ තමන් දරුවන්ගේ ආරක්ෂාව පතා ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට තීරණය කළේ එම අවස්ථාවේ බවය. මෙම කාලයේ දී සමබර ලෝකය නමින් කෘතියක් ලියා පළකරන ලද අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩිම අලෙවියක් ඇති පොත් ලැයිස්තුවට ඇතුලත් කර තිබිණ. අල් ගෝ පොත් දහ තුනක් ලියා ඇති අතර විශේෂ වාර්තාවිශාල ප‍්‍රමායකි. ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල බාහිර දේශන පවත්වන අතර තම සංවිධානය මෙහෙයවා පරිසරය සංරක්ෂණය හා ගෝලීය උණුසුම පාලනය සම්බන්ධ පුලූල් මතවාදයක් ඇති කර තිබේ.

අල් ගෝ වැනි පුද්ගලයෙකු ගේ චරිතය අධ්‍යයනය කරන විට වැදගත් වෙන්නේ ඔහු පෙනී සිටින අභිලාශය සොයා ගැනීමයි. සෙනෙට් මණ්ඩලයේ දී බලශක්ති හා වානිජ සහ විද්‍යා හා තාක්ෂණ යන අනු කමිටු නියෝජනය කරන ලද හෙතෙම ඔහුගේ කාලය තුළ සෑහෙන කාර්ය භාරයක නිරත වූ බව අවිවාදිතය. ඔහුගේ කාර්යභාරය, තීරණ ගැනීම හා දේශපාලනය ගැන අසීමිත තොරතුරු ප‍්‍රමාණයක් තිබේ. දේශපාලනයෙන් පසු ඔහු තම ගෝලීය පාරිසරික අරමුණ සඳහා උත්සුක වූ අන්දම එයට වඩා උචිතය.

එනම් Inconvenient Truth චිත‍්‍රපයට 2006 දී වාර්තා චිත‍්‍රපටයකට නැගෙන්නේ ලෝකයේ සිදුවන පරිසර විනාශය භයානක එකක් බව අවධාරණය කරන අයුරින්ය. එය ඉතා ශක්තිමත් අදහසක් ලෝකය පුරා පතුරවන්නට සමත් වූ බව පිලිගැනීමයි. දැන් ඔහුගේ අදහස් තිරයට නැගුණු දෙවැනි චිත‍්‍රපයටය An Inconvenient Sequel: Truth to Power ජන අවධානයට ලක් ව තිබේ. වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කාලගුණ විපත් සම්බන්ධ ක‍්‍රියාකරන ජාත්‍යන්තර සහයෝගීතාව එනම් පැරිස් සම්මුතියෙන් ඉවත්වන බව කියන අතරවාරයේ හිටපු උප ජනාපධිතිවරයෙකු වූ අල් ගෝ පරිසර උන්නතිය වෙනුවෙන් ක‍්‍රියා කිරීම අති විශාල අවධානයකට ලක්ව ඇත.

ලෝකය යහපත් තැනක් කරන්නට අල් ගෝ ගෙන යන සටන්කාමී සංවිධාන ව්‍යුහය දකින අය නැවතත් දේශපාලනයට පැමිණ ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ නැත්තේ මන්දැයි ප‍්‍රශ්න කරයි. ඔහු ට උත්තරයක් තිබේ. තමන් ‘‘දේශපාලනය ප‍්‍රතිපුණර්ජීවනය’’ කරන්නෙකු පමණක් යැයි කියා ඇත. ලෝකයේ පැවත්මට බාධාවක් වී ඇති විනාශකාරී සිද්ධි ගැන අනාවරණය කරන හෙතෙම ඒවා පිටුපස ඇති විශාල ධනස්කන්ධය ගැන ද කතාකරන්නේ කනස්සල්ලෙන්ය. පවතින දේශපාලනය ද දූෂිත බව කියන හෙතෙම තමන් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ ඒක මතික සැලසුම ලෝකය යහපත් කරන්නට බව අනාවරණය කරයි.