» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/05/2018 - දේශය
ඉතාලියට නැතුවම බැරි බැරලූස්කෝනි

ඉතාලි මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව හය වසරකට සිවිල් අයිති අහිමි කර තිබුණ සිල්වියෝ බැරලූස්කෝනි නැවතත් එරට දේශපාලනයේ ප‍්‍රබල චරිතයක් වන ලකුණු පහල වී තිබේ. හෙතෙම හතර වතාවක් ඉතාලියේ අගමැති ධුරය හෙබවීය. බලයේ සිටිය දී නිරත වූ අයුතු ක‍්‍රියා, බදු වංචා ඇතුළු චෝදනා මත බැරුලූස්කෝනි ගේ චරිතය එපමණ දීප්තිමත් එකක් ව තිබුණේ නැත. ඉතාලි දේශපාලන පක්ෂවල මෑත කාලීන පැවැත්ම කෙරෙහි ඉතාලි වැසියන්ගේ අතෘප්තිය වාසියක් බවට පෙරළාගෙන ඇති බැරලූස්කෝනි අතීතයේ අමිහිරි ස්ථාන පරාජය කර නැවතත් ජය මාවතට අවතීර්ණ වී සිටී.

මැතිවරණ ප‍්‍රතිඵලය එකම පක්ෂයකට හෝ වැඩි බලයක් ලබා දී නැති අතර කෙසේ නමුත් අසූ එක් හැවිරිදි බැරලූස්කෝනි නායකත්වය දුන් සංක‍්‍රමණිකයන්ට එරෙහි ලීගය ඇතුළු සන්ධානයක් ආණ්ඩුව පිහිිටුවනු ඇත. කෙසේ වෙතත් එරට ජනාධිපතිවරයා පවතින තත්ත්වය සමාලෝචය කිරීමෙන් ඉනික්බිතිව පක්ෂ රාමුවෙන් බැහැර අගමැතිවරයෙකු පත් කරන්නට ද සමහර විට වසර අවසානයේ නැවතත් මහ මැතිවරණයක් පවත්වන්නට ද ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බැලැස්කෝනිගේ බලය ඉදිරි මාස දොලහ ඇතුලත නැවත වතාවක් උරගා බලන්නට ද අවකාශයක් උදා වී තිබේ.

සිල්වියෝ බැරලූස්කෝනි ඉතාලියේ ප‍්‍රබල චරිතයකි. හෙතෙම මිඩියාසෙට් මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන කොටස් අයිතිකරුවෙකු වන අතර ඒ. සී. මිලාන් පාපන්දු ක‍්‍රීඩා සමාජයේ අයිතිය ද උසුලයි. ඉතාලියේ මාධ්‍ය රාමුව බිඳ නව ව්‍යුහයක් බිහි කරනු සඳහා පුරෝගාමී විය. 1973 වසරේ දී හෙතෙම පළමුවෙන් මාධ්‍ය ක්ෂේත‍්‍රයට නැඹුරු වී තිබේ. එවකට ඉතාලියේ ජාතික මට්ටමින් පුද්ගලික මාධ්‍ය සඳහා අවකාශයක් නොතිබුණ අතර බැරලූස්කෝනි ප‍්‍රාදේශීය මටට්මින් විකාශන ඇරඹීය. සෑම නගරයක්ම ආවරණය වන මාධ්‍ය ජාලා පිහිටුවීමෙන් ඉනික්බිතිව තෝරාගත් වැඩ සටහන් එකම වෙලාවක රට පුරා විකාශය කරන උපක‍්‍රමය අනුගමනය කළ අතර එය වැලැක්වීමට හැකියාවක් ලැබුණේ නැත. පසුව ඔහු එරට පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ද ආරම්භ කළේය. මාධ්‍ය හා පාපන්දු ක‍්‍රීඩාවේ බලය විහිදා දක්වන්නට සමත් වූ බැරලූස්කෝනි වසර 2017 වන විට ලෝකයේ 199 වැනි ධනවත්ම පුද්ගලයා තෙක් ගමන් කර තිබේ. ෆෝබ්ස් සඟරාව එය හෙළිදරව් කළ අතරවාරයේ ලෝකයේ බලවත් පුද්ගලයන් අතර දොලොස්වැනියා වශයෙන් ද නම් කර තිබුණ බව සඳහන් කරන්නට අවශ්‍යය. අද වන විට ඉතාලියේ හය වැනි ධනවත් පුද්ගලයා බව නිල වශයෙන් ප‍්‍රකාශ වී තිබේ.

පශ්චාත් යුද කාලයෙන් පසු ඉතාලියේ අගමැති ධුරය අවුරුදු නමයක් ඉසිලූ බැරලූස්කෝනි දීර්ඝ කාලයක් ඉතාලි මහජන මන්ත‍්‍රී මණ්ඩලයේ ද සෙනෙට් සභාවේ ද කටයුතු කර ඇත. 2012 වසරේ දී බදු වංචා ගැන චෝදනා ලැබූ බැලැස්කෝනි ඊළඟ වසරේ දී වරදකරු කරනු ලැබූ නමුත් වයස හැත්තෑව ඉක්මවීම හෙයින් බන්ධනාගත කිරීමේ කාලය සීමා කරන එරට අධිකරණය සමාජ වැඩ පවරා දේශපාලනය තහනම් කරයි. වයස්ගත වන විට මොලය අක‍්‍රීය වන රෝගීන් ට සත්කාර කිරීම එම කාලය තුළ ඔහු තෝරාගෙන සිටියේය.

බැරලූස්කෝනි ගේ මුල් වකවානුව ද විචිත‍්‍රය. ඔහුගේ පියා බැංකු නිලධාරියෙකි. දරුවන් තිදෙනෙකුගේ පවුලේ වැඩිමලා වන අතර මිලාන් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තේය. ශිෂ්‍ය ජීවිතයේ දී සංගීත කණ්ඩායමක් සමග එකතු වී මගී නැව් වල ගීත ගායනා කරන අතර ගීත ඇල්බම් කිහිපයක් ද නිකුත් කර තිබේ. සංගීත කටයුතු වලින් ඉනික්බිතිව දේපොල වෙළඳාමට සම්බන්ධ ව්‍යාපාරයක් අරඹන හෙතෙම නිවාස ඉදිකර අලෙවි කරයි. එයින් විශාල ධනයක් උපයා ගනී. බලවත් ප‍්‍රතිරූපයක් හදාගත් අතර එසේ නමුත් පුද්ගලික ජීවිතය ගැන නොයෙක් විස්තර තිබේ. අවස්ථා ගණනාවක් විවාහ වූ බැරලූස්කෝනි වන්දි ගෙවා කෙළවර කරගත් අවස්ථා ගැන පමණක් නොව අනියම් ඇසුරු ගැන ද ප‍්‍රකට චරිතයක් බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි.

මාධ්‍ය බලය හා ධනය හිමි බැරලූස්කෝනි ඉතාලි දේශපාලනයට ප‍්‍රවේශ වන්නේ 1994 දී පමණ බව බව දැක්වෙයි. ෆෝසා ඉතාලි පක්ෂයෙන් පාර්ලිමේන්තුවට එන හෙතෙම පියවරෙන් පියවර ඉදිරියට පැමිණෙයි. 2009 වසරේ දී ඉතාලි ජනතා පක්ෂය වෙත නැඹුරු වන අතර එයින් වසර හතරකට පසු නැවතත් මුල් පක්ෂය කරා ගමන් කරයි. බලයේ සිටි කාලයේ දී අගමැති බැරලූස්කෝනි හා කැබිනට් මණ්ඩලය ඇමරිකානු පක්ෂපාතී පාර්ශවයක සිටියේය. ඇෆ්ගන්, ඉරාක හා ලොව පුරා පැතිරෙන ත‍්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාව අනුගමනය කරමින් සිටි ප‍්‍රතිපත්ති අනුමත කළේය. ඉරාකයට එරෙහිව තුන්වැනි විශාලම හමුදාව මෙහෙයවන තද තීරණයකින් ද ක‍්‍රියා කරන ලද අතර මැද පෙරදිග තත්ත්වය සම්බන්ධව සම්ප‍්‍රදායිකව කටයුතු කළ බව එවකට මාධ්‍ය වාර්තා කර තිබුණි. බැරලූස්කෝනි තමා ලිබරල් නායකයෙකු බව කියා සිටියේය. නිදහස් ව්‍යවසායකයෙකු වන අතර නවීන අදහස් ඇති අයෙකු බව නිතර සඳහන් කළේය. බලයේ සිටි කාලය තුළ අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති අනුව ඒවායේ මිශ‍්‍ර ස්වභාවයක් පෙන්නුම් කරයි.

බැරලූස්කෝනි ගේ වයස සහ බදු වංචා ඉදිරියේ ලැබූ අධිකරණ තීරණය ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ කල්පනා කරමින් සිටියේය. නමුත් ඉතාලි දේශපාලන ව්‍යුහය තුළ පැන නැගුණ අනපේක්ෂිත දුර්වල ව්‍යුහය බැලැස්කෝනි වැනි ප‍්‍රබල චරිත වලට නැවත වේදිකාවක් සපයන ලද බව පෙනේ. 2019 වන තෙක් ද`ඩුවම බලපවත්වන ලද නමුත් මැතිවරණයට දින කිහිපයකට කලින් ඡුන්දය ඉල්ලන්නට ලැබුණ අවසරයෙන් ප‍්‍රයෝජන ගත් හෙතෙම මෙකල පවතින ¥ෂණ වංචා පසුබිම හා සංක‍්‍රමණික ප‍්‍රශ්න තමන්ගේ වාසියට හරවා ගත්තේය. ‘‘ගෝ මිලාන් ගෝ’’ යනුවෙන් ඡුන්ද ව්‍යාපාරය ගොඩනැගූ හෙතෙම රට තුළ කිසියම් ඡුන්ද පදනමක් ආරක්ෂා කරගෙන තිබේ. මෙම වාසිය සමග බලයට එන්නට අපේක්ෂා කරන පක්ෂ සන්ධානයට බැරලූස්කෝනි නැතිව බැරි චරිතයක් වී තිබේ. ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි සම්ප‍්‍රදායෙන් තොර දේශපාලනඥයන් ඔසවා තබන ජන බලවේග ලෝකයේ නොයෙක් තැන් වලින් දැන් මතු වන බව ජගත් මාධ්‍ය බැරලූස්කෝනි ගැන ද සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති අලූත් පැත්තකි.

ධනය හා බලය යොදාගෙන ¥ෂිත තත්ත්ව ඇති කරන ලද පාලකයෙකු වශයෙන් දේශපාලනයෙන් නික්ම ගිය බැරලූස්කෝනි තමන් ගැන ජනතාව තිබුණ මතවාද වෙනස් කරගන්නට සමත්ව සිටී. පවතින පාලනය රට ¥ෂණයට යොමු කර ඇති බවට කරන ලද ප‍්‍රකාශ ඉතාලි වැසියන් පිලිගෙන තිබේ. ඔහු ඉවත් කරන ලද ජන බලවේගයම නැවතත් තීරණාත්මක බලයක පිහිටුවන තීරණය ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව සිල්වියෝ බැරලූස්කෝනි සතු දක්ෂතාවය පමණක් නොව ඉතාලියේ විහිළුකාර දේශපාලන පක්ෂ වල ප‍්‍රතිපත්ති බව පැහැදිලිය.