චීන ශ‍්‍රී ලංකා සබඳතා ගැන වත්මනෙහි විශේෂයෙන් සාකච්ඡා කෙරේ. පුරාණ චීන අධිරාජ්‍යයේ සමුදුරු බල ඇනිය භාරව සිටි ෂෙන් හෝ එහි එක්තරා පරිච්ජේදයක් විය යුතුය. හෙතෙම මිත‍්‍ර පාර්ශවයක් නියෝජනය කරන සේ මෙරටට පැමිණ තිබේ. 1405 - 1433 කාල වකවානුවේදී ඉන්දුනීසියාව, මලයාසියාව, ශ‍්‍රී ලංකා සහ ඉන්දියාව යන රටවල් සමග මිත‍්‍රත්වය තහවුරු කරන නමුත් උපායශීලී දූත මෙහෙවරක නිරතවන බව ඉතිහාසය අනාවරණය කරයි. පසුව අරාබි හා අප‍්‍රිකානු රටවල් කරා ද ප‍්‍රවේශ වී තිබේ. එය කෙබදු ප‍්‍රයත්නයක් ද යත් ෂෙන් හෝ ගේ නායකත්වයෙන් යුතු නැව් හමුදාව රටවල් වලට පැමිණ නොයෙක් බලපුලූවන්කාරම් කර ඇති බව පර්යේෂකයෝ සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. නමුත් වර්තමානයේ දී පවා ෂෙන් ගේ ක‍්‍රියාකාරකම් සාධාරණීකරනය කරන චීන බලධාරීහු ඔහු සෙසු ආක‍්‍රමණිකයන් මෙන් කිසිම රටකින් ඉඩම් අඟලක් හෝ බලහත්කාරයෙන් යටත් කරගෙන නැති බව පෙන්වා දෙයි.
හැසිරීම සහ පෙන්වන ලද ප‍්‍රතිභාව කෙසේ වෙතත් ෂෙන් හෝ සේවය කළේ මින්ග් අධිරාජ්‍යයටය. මින්ග් වංශය 13 වැනි සියවසේ දී චීනය පාලනය කරන ලද අතර එවකට එහි ජනගහනය මිලියන 160 ක් පමණ වූ ප‍්‍රකාශ වෙයි. වසර 278 ක් මෙම අධිරාජ්‍ය පැවැති අතර පහලොස් වැනි සියවසේ දී ෂෙන් හෝ නාවික ප‍්‍රධානියෙකු සේ චීන අධිරාජ්‍යයට සේවය කර ඇත. මෙකී අධිරාජ්‍ය කාලයේ දී දීර්ඝ සටන් පැවැති බව සඳහන් වන අතර චීන මහා ප‍්‍රාකාර සංකල්පය සහ ලෝක උරුමයක් බවට පත්ව ඇති සැතපුම් 1776 ක් දිග බෙයිජිං සහ ෂීජියෑන්ග් හි හැන්ග්ෂු නගරය යා කරන කෘතීම ගංගාවක් තනන්නට පියවර ගත්තේ ද මෙම අධිරාජ්‍යය සමයේය.
දස ලක්ෂ සංඛ්‍යාත ගොඩබිම් හමුදාවක් මෙකල සේවයෙහි පිහිටුවා ඇති අතර අධිරාජ්‍යයේ බලය තහවුරු කරන විශාල නාවික බල ඇනියක් ද නඩත්තු කර තිබේ. අද්මිරාල් ෂෙන් හෝ මෙම නාවික බලකාය ඉවහල් කරගෙන ඉන්දියන් සාගරයේ බලය හා වෙළඳාම පතුරවන ලද අතර එය ඉන්දියාව හරහා අරාබි හා අප‍්‍රිකානු කලාපය තෙක් විහිදුවන්නට සමත්ව ඇත. විශාල රුවල් නාවික යාත‍්‍රා වලින් සැදුම්ලත් ෂෙන් හෝ ගේ මෙහෙයුම් ඉතාමත් සංකීර්ණ සහ ආක‍්‍රමණික එකක් බවට පත්ව තිබුණේ එවකට මුහුදු ගමන් වලට අවශ්‍ය නිර්භීත භාවය බව නිසැකය. අතිවිශාල බලයක් තිබූ අධිරාජ්‍යයේ පිටිවහල එයට මනා සේ උපකාරී වූ බව නිසැකය. මෙම මුහුදු ගමන් හෙයින් ලෝක සිතියමේ චීනයට හිමි ස්ථානය සලකුණු කරන්නට හැකිවූ බව ඉතිහාසඥයන්ගේ නිගමනයයි. තොරතුරු හෙළි කරන අන්දමට විවිධ අවස්ථාවල කරන ලද මුහුදු සංචාර වලදී රටවල් තිහකට ගමන් කර ඇති බව හෙළිවෙයි.
ෂෙන් හෝ උපත ලබන්නේ මුස්ලිම් සම්භවයක් සහිතවය. බාල සොහොයුරෙකු හා සොහොයුරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයෙකු වූ හෙතෙම දස හැවිරිදි වියේ දී අධිරාජ්‍යයේ සොල්දාදුවන් අතට පත්වෙයි. කුඩා දරුවෙකු වූ හෙතෙම මාලිගය තුළ වැඩෙන්නේ නිදහසේය. පසුව රජකම උරුම කුමරෙකුට මෙහෙවර කරන කුමරු, බෙයිංජි සේ හැඳින්වෙන වත්මන් චීන අග නගරයෙහි එදා පැවැති රාජ්‍යයේ ප‍්‍රධානියා බවට පත්වන විට ෂෙන් හෝ ද සෙබලෙකු සේ සේවයට එකතු වෙයි. සාමාන්‍යයෙන් මෙවැනි තරුණයෙකුට නිසි අධ්‍යාපනය නොලැබෙන නමුත් ෂෙන් යමක් හදාරන අතර එය පසුව චීන අධිරාජ්‍යය රටින් බැහැරව කරන ආක‍්‍රමණ වල මෙහෙයුම් වෙනුවෙන් කැඳවන තරමට උසස් ධුරයකට සුදුසුකමක් බවට පත්වෙයි. ඉතා සමීප සහ විශ්වාසවන්ත සෙබලෙකු බවට පත්වන හෙතෙම රජ පෙලපත සමග හැදී වැඞී හමුදාවේ ඉහළ තනතුරු වෙනුවෙන් පත්වීම ලබයි. එය දක්ෂතාව හා හැදෑරීමේ ප‍්‍රතිඵලයකි. වසර 1431 වන විට ෂෙන් නතර කළ නොහැකි බලයක් සහිත රාජකීයයන්ගේ විශ්වාසය දිනූ නිර්භීත නාවුක සේනාකයක ප‍්‍රධානියාව සිටියේය. එය ඔහුට අලූත් දේ සොයා යන ද්වාරය විවර කිරීමක් වූ බවට සැකයක් නැත.
චීන අධිරාජ්‍යයේ පූර්ණ බලය සහිත රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු හා රටවල් අතර පණිවුඩ හුවමාරු කරන්නෙකු වශයෙන් අත්පත් කරගෙන ඇති සමත්කම් පුලූල්ය. ඉන්දියන් සාගරයේ නොයක් රටවලට ගොඩ බසින හෙතෙම ඉවක් බවක් නැතිව ක‍්‍රියා කරන අතර තමන්ගේ අභිමතය පරිදි එම රටවල් සම්බන්ධයෙන් තීරණ ගෙන ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. මෙම ගමන් බිමන් වල දී බෲනායි, තායිලන්තය, දකුණු ආසියා, අරාබි හා අප‍්‍රිකානු රටවලදී තමන් ගෙන ආ සිල්ක්, රිදී හා රන් වැනි දේ තිළිණ කරන අතර තමන් රිසි දේ චීන අධිරාජ්‍යයා වෙනුවෙන් එකතු කරගෙන ඇත. බලය සහිතව පිරිවර රැුගෙන වරායට ප‍්‍රවේශ වන හෙතෙම ක‍්‍රියා කරන ලද අන්දම සවිස්තරාත්මක ගමන් සටහන් වශයෙන් චීන ඉතිහාසයට එකතුවී තිබෙන අතර මෙම ගමන් වල දී චීනය සතු බලය සහ ශක්තිය ප‍්‍රදර්ශනය කරන සුවිශේෂී ලක්ෂණ අනුව හැසිරී ඇති බව වාර්තා වෙයි. ඔහුගේ බලය පිලිගන්නට සූදානම් නැති අවස්ථාව වල දී අධිපතිවාදී ස්වරූපයකින් හැසිරී ඇති අතර එය වක‍්‍රව චීනයේ බලය පෙන්වන එකක් වී ඇතැයි වර්තමානයේ කරන විග‍්‍රහය බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
ෂෙන් හෝ මෙම නාවුක ගමන් වලට සිය ගණන් නැව් දස දහස් සංඛ්‍යාත නැවියන් සම්බන්ධ කරගෙන ඇති අතර අතීතයේ පැවැති මුහුදු ගමන් අනුව එය අති විශාල බලයකි. හෙතෙම ළඟා වන වරායවල දී චීන සම්බන්ධතා ඉතිරි කරන අතර සෑහෙන ජනශ‍්‍රැතියක් එය වටා එකතුවී තිබේ. එය සියවස් ගණනක ඉතිහාසය තුළ සලකා බැලිය යුතු විශේෂ කාරණා බවට පත්ව ඇත. මෙම ගමන් වල දී සංස්කෘතික බලපෑම්, ආගමික ලක්ෂණ ඉතිරි කරනවා පමණක් නොව නැව් ගමනාගමනය සම්බන්ධ ඉතාම වැදගත් තොරතුරු සම්භාරයක් අනාවරණය කරගෙන තිබේ. මේවා පසු කාලයක පොත පත වශයෙන් පළ වී සාහිත්‍යයක් පෝෂණය කර ඇත.
මෙම නාවිකයා, ගවේශකයා සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයා චීනය නිතිපතා සිහිපත් කරයි. එරට නාවික දිනය ෂෙන් හෝ මතක් කරන එක් අවස්ථාවකි. කුම්මින් ගුවන් තොටුපොල ඔහු නමින් නම්කර ඇත. හෙතෙම ඉටු කරන ලද කෘත්‍ය වෙනුවෙන් චීනයේ නොයෙක් තැන ස්මාරක පිහිටුවා තිබේ. ඔහු වෙනුවෙන් වෙන් වූ කෞතුතාගාරයක් ඇත. ලංකාවට පැමිණි දෙවැනි වතාව සිහිපත් කරනු සඳහා කොටන ලද විශේෂ සෙල් ලිපියක් රැගෙන තුන් වැනි වතාවට ද මෙරටට පැමිණි බව සඳහන් වන අතර එය කොළඹ කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරේ. චීන, දෙමල සහ පර්සියානු භාෂා වලින් එහි කරුණු විස්තර කර ඇත. මෙරටට පැමිණි ගමන් වල දී සිදුවූ සිද්ධි ගැන එකිනෙකට වෙනස් තොරතුරු තිබේ. හැසිරුණ ආකාරය ගැන විස්තර සඳහන්ය. චීනය අද කතා කරන්නේ සේදමාවත ගොඩබිමින් ඇතිකරන කාර්යය ගැනය. ශ‍්‍රී ලංකාව මෙම සේද මාවත හා සම්බන්ධ වනු සඳහා උරුමයක් තිබේ. ෂෙන් හෝ සියවස් හයකට කලින් ලංකාව සිය ගමන් මාර්ගයේ එක් සන්ධිස්ථානයක් කර ගැනීම එහි කදිම සාක්ෂිකයකි.
දකුණු ආසියාවේ සිට අරාබිය ඔස්සේ අප‍්‍රිකානු රටවලට ද ප‍්‍රවේශ වී අද්විතීය සංචාර පෙළක නිරතව චීනය ගැන සලකුණු තැබූ මෙම යාත‍්‍රිකයාගේ අභාවයෙන් වසර සියයකට පසු මෙම නැව් බලය සම්පූර්ණයෙන්ම අහෝසි වී තිබේ. එය අදටත් විශ්වාස කළ නොහැකි කාරණයක් සේ ජාත්‍යන්තරය තුළ සාකච්ඡා වෙයි. නැව් සිය ගණනක් සම්පූර්ණයෙන් විනාශ කර සෙබලූන් විසුරුවා හැර එකී ශක්තිය අමතක කරන්නට චීන අධිරාජ්‍යය තීරණය කරන ලද බව ජගත් ප‍්‍රජාවගේ මතයයි. එයට හේතුව කුමක් විය හැකිද? සියවස් හයකට කලින් සිදුවූ මෙම සිද්ධි අදටත් ගවේශනය කෙරේ. ෂෙන් හෝ දස හැවිරිදි වියේ දී අධිරාජ්‍යයාට යටත්ව සිට පසුව ඔහුගේ ලෙන්ගතුම සේවකයා බවට පත්ව ජීවිත කාලයේ දී ලෝකය පුරා සැරි සරා අත්දැකීම් ලැබ, ජාත්‍යන්තරයට කතා කරන්නට මාතෘකාවක් ඉදිරිපත් කිරීම ඉහළ අවධානයක තිබිය යුතු කාරණයක් බව සදහන් කළ යුතුය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|