» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
18/12/2016 - දේශය
ඉතිහාසය අලූතින් ලියන රොබින් කනිග්හම්

රොබින් කොනිග්හම් තරුණ පුරා විද්‍යාඥයෙකි. ඔහුගේ කුඩා දරුවාගෙන් ගුරුතුමිය ප‍්‍රශ්නයක් නැගීය. පියාගේ රුකියාව කුමක් ද යන්නය. කුඩා දරුවාගේ උත්තරය වූයේ ‘‘එයා වැඩ කරන්නේ බුදුන්ට’’ යන්නය. මෙහි දී දරුවා අදහස් කළේ පියා නිතර බුදුන් වහන්සේ ගේ උපත, එහි ඉතිහාසය හා පැවැත්ම සම්බන්ධව කරන පර්යේෂණ කෙරෙහි ඔහුට ඇති අවබෝධයයි. රොබින් කොනිග්හම් එපමණකටම වෘත්තියෙහි නියැලී, එහිම වැඩ කරමින් සිටියේය. මෙහි අවසාන ප‍්‍රතිඵලය කුමක්ද? අද වන විට ඉතාම ආන්ලෝදනාත්මක අනාවරණයක් කර තිබේ. එයට අනුව බුදුන් වහන්සේ ගේ උපත දැන් විශ්වාස කරන කාලය ඉක්මවා සියවස් තුනක් ඈතට විහිදී යන එකකි. බුදුන් වහන්සේ උඵතලබා ඇත්තේ ශත වර්ෂ තුනකට කලින් බව සාක්ෂි සහිතව හෙළිදරව් කරන විට පවතින ඉතිහාසය අලූතින් ලියැවෙනු ඇති බව සැකයක් නැත.

ලූම්බිණිය ලෝක උරුම පුද බිමකි. නේපලාපයේ ලූම්බිණි උරුමයට අයත්ප‍්‍රදේශ වල කැණීම් කරන්නට රොබින් ඇතුළු විද්‍යාඥයන් හතලිස් දෙනෙකු ක‍්‍රියා කළේය. එක දිගට වසර තුනක් ගවේශණයෙහි නිරත වු මෙම කණ්ඩායම එහි දී හමු වූ දේ අනුව කරන ලද කාබන් පරීක්ෂණ කාල වකවානු පිළිබඳව මෙතෙක් පැවැති තහවුරුවීම් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත. එය ලෝකය පුරා විශාල අවධානයක් මතු කරන ලද අවස්ථාවකි. බුද්ධෝත්පත්තිය සම්බන්ධ මෙම නවතම තහවුරුව ගාඩියන් සඟරාව අනාවරණය කරන්නේ අද විශ්වාස කරන කාලයට වඩා අවුරුදු තුන් සියයකට කලින් බෝසතාණන් උපත ලද බවය.

බෞද්ධ සාහිත්‍යයට අනුව මහා මායා දේවිය කිඹුල්වත් පුරයේ සිට ඇයගේ දෙමව්පියන් කරා ගමන් කරන්නේ දරු ප‍්‍රසූතිය සඳහාය. අතරමග ලූම්බිණි සල් උයනේ දී සිදුහත් කුමරු උපත ලබයි. ලූම්බිණි විහාරය අවට කරන ලද කැණීම් වල දී ස්ථර තුනකට පහලින් මතුවූ සල් ගස් වලින් කාබන් පරීක්ෂා කරන ලද අතර ඒවායේ කාල නීර්ණය කිරීමේ දී නවතම අනාවරණය හෙළිදරව් වෙයි. රොබින් උපතින් කිතුනුවෙකි. ඔහුට බුදුදහම පිළිබඳව හැඟීම බාලවියෙහි සිට ලැබෙන්නේ ඥාතියෙකුගේ සහායෙනි. බුදු දහම තුළ දැක්මෙන යථාවාදී සිද්ධි මෙම ගවේශනය සඳහා මුල් වූ බව රොබින් කියා සිටී. බුදු දහම පසුගිය වසර පහ තුළ පැතිරී ඇති අතර එය ජීවිතයට සමීප දර්ශනයක් හෙයින් ව්‍යාප්තියක් දක්වන බව රොබින් සිය ගවේශනයට අමතර වශයෙන් දක්වා තිබේ. ඔහු කියන්නේ බුදු දහස දම්බන්ධ දකුණු ආසියාෙ ව්පමණක් අවුරුද්දකට බැතිමතුන් මිලියන විසි දෙකක් සංචරණය කරන බවය. මෙම අති විශාල බොදුනුවන් වෙනුවෙන් හෙතෙම ගවේශන මෙහෙයවන බව ප‍්‍රකාශ වෙයි. දැනට හෙළිදර ව්කරගෙන ඇති කාරණා දෙස අවධානය යොමු කරන ලද යුනෙස්කොව සහ එයට ආධාර දෙන ජපානය මෙම අනාවරණ තවත් වසර තුනක් දක්වා කරගෙන යන්නට ප‍්‍රතිපාදන සලසන්නට එකඟ වී ඇත.

රොබින් කොනිග්හම් බි‍්‍රතානයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ දී පුරාවිද්‍යාව හා මානව විද්‍යාව යන විෂයයන් හදාරයි. එම විෂයයන් ගෙන් ඉහළටම හදාරන හෙතෙම බටහිර යෝක්ෂයර් හි පිහිටි බ්‍රෙඞ්ෆෝර්ඞ් විශ්වවිද්‍යාලයේ සේවයට බැඳෙන අතර පසුව එහිම මහාචාර්ය ධුරයට පත්වන්නේ දකුණු ආසියානු මානවවිද්‍යා අංශයෙහි ප‍්‍රධානියා ලෙසය. එයින් කාලයක පසු යුනෙස්කෝම හා බි‍්‍රතාන්‍යයේ ගිණිකොන පිහිටි ධුරාම් විශ්ව විද්‍යාලය ගති ලක්ෂණ හා අනන්‍යතාවය ගැන පර්යේෂණ කරන සංස්කෘතික අනන්‍යතා සොයා බලන විශේෂ පර්යේෂණ අංශයක් පිහිටුවන අතර එහි පළමු ප‍්‍රධානියා බවට පත්වන්නේ රොබින් කොනිග්හම් ය. ඔහුගේ අධ්‍යයන විධි, ගවේශණශීලීත්වය හා දැක්ම පිලිබඳව ජාත්‍යන්තරයට ගැටළු තිබුණේ නැත.

හෙතෙම දකුණු ආසියාවේ රටවල් ගණනාවක ගවේශණ කරන්නේ යුනෙස්කෝ අධ්‍යයන වශයෙන්ය. බංගලංදේශය, නේපාලය, පකිස්තානය, හා ශ‍්‍රී ලංකාවේ මුල් යුගයේ මානව සම්බන්ධතා හා පරිනාමික තත්ත්ව ගැන පුරා විද්‍යා පර්යේෂණ කර තිබේ. මෙරට පළමු රාජධානිය වූ අනුරාධපුරය ගැන කරන ලද ගවේශන ඒ අතරින් කැපී පෙනෙයි. ඔහු සහ ආචාර්ය රේමන්ඞ් අල්චින් සමග එකතු වී පර්යේෂණ නිබන්ධන දෙකක් නිකුත් කර ඇති අතර තුන්වැන්න ප‍්‍රකාශයට පත්කර ඇත්ත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන සමගය. එම එකතුවෙන් මෙරට මුල් රාජධානියේ විකසනය ගැන මනාව කරුණු දක්වා තිබේ. මෙරට ආර්ය ජනාවාස, ඒවා විහිදෙන අන්දම, පදිංචි වෙන්නට හේතු ඇතුළු කරුණු පහක් අලලා මෙම පුරා විද්‍යා ගවේශන කර ඇති අතර තවත් පැත්තක් වෙන්නේ අද ලෝකය කතාකරන පාරිසරික සාදක පවා අනුරාධපුර රාජධානියේ දී සලකා බලා ඇති බව හෙළිදරව් කිරීමය. ඒවා අතිශයින් වැදගත් කරුණු බව සදහන් කරන්නට අවශ්‍ය අතර ලෝකවාසීහු ලාංකික අනන්‍යතාව එහි පුරාවෘතය අධ්‍යයනය කරන්නට මෙම දත්ත උපයෝගී කරගනිමින් සිටිති.

මහාචාර්ය රොබින් කොනිග්හම් ලෝකය පුරා පුරා විද්‍යාත්මක සංරක්ෂිත ස්ථාන විස්සකට අධික ප‍්‍රමාණයක් ගැන මෙතෙක් අනාවරණය නොවූ කාරණා හොයා බලා ඒවා ජනගත කරන්නට මහන්සි වූ විද්වතෙකි. ජාත්‍යන්තරයේ සැඟවුනු මානව සම්බන්ධතා ගවේශනය කරන ඔහුගේ පුද්ගලික ජීවිතය කොපමණ ලූහුඞු එකක් දැයි පෙනෙන්නේ බාල දරුවා ඔහු ගැන කියන අදහස ජාත්‍යන්තරය පුරා හෙළිදරව් වන තරම අනුවය.

ඔහුගේ ක‍්‍රියාකාරකම් වලට එකතු වන ශාස්ත‍්‍රවන්තයන්, ගවේශකයන් සහ හදාරන්නන් සම්බන්ධ කරගෙන ලෝකයේ මෙතෙක් පවතින දේ වෙනස් කරන කරුණු හෙළිදරව් කරමින් සිටී. ජාත්‍යන්තරය පුරා පවතින විශ්වාස අලූතින් අර්ථ දක්වන්නට ජීවිතය කැපකරයි. අවුරුදු දස දහස් ගණනක් පොලව යට සැගවී ඇති කතාන්දර අනාවරණය කරගෙන ඒවා පර්යේෂණ පති‍්‍රකා සේ නිකුත් වන විට මෙතෙක් පැවැති අර්ථකථන වෙනස් වී හිතාගන්නට පවා නොහැකි දේ ප‍්‍රකාශ කරන අතර ඒවා අලූත් සහතික කරන ලද කරුණු සේ ජනතාව අතරට යන විට එහි අගය මිල කළ නොහැකිය.

මහාචාර්ය රොබින් ගේ නිබන්ධන ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර එයින් සමහර වාර්තා අතිශය විවාදයට හේතු වී තිබේ. ලූම්බිණිය ගැන කරන ලද ගවේශනය එහි ලා ප‍්‍රධාන එකකි. මෙරට බොදුනුවන් පවා බුදුන් වහන්සේ ගේ උපත සිදුවූ ස්ථානය වන්දනාමාන සඳහා පිටත්ව යන්නේ අතිශය භක්ත්‍යාදරවය. එකී භක්තියට ඇතුලතින් මානව වංශ කතාව ගැන විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු වන කාරණා ඇති බව දැක්වෙන විට, එහි ඉතිහාසය විහිදී ඇති අන්දම අනාවරණය වන විට බෞද්ධ දර්ශනය ගැන පවතින විශ්වාසය තවත් අලූත්වන බව සඳහන් කළ යුතුව තිබේ. මහාචාර්යවරයාගේ අනාවරණය ජනජීවිතයට අලූත් වටිනාකමක් ඇති කරන්නේ එහෙයින්ය.