වයිෆයි තාක්ෂණය ගැන වැඩි පුරම අවධානයට ලක් ව ඇති මෙකල එහි නිර්මාතෘවරිය අමතක කළ නොහැකිය. ජංගම දුරකථනය අතින් නොඅල්ලා බ්ලූ ටූත් තාක්ෂණයෙන් ඇමතුමකට උත්තර දෙන අවස්ථාවක එය සොයා ගත්තේ ඇය බව සිහිපත් විය යුතුය. ඔස්ටි‍්‍රයාවේ ජන්ම ලාභය ලැබූ හිඩි ලමාර් ජීවත් වූයේ ඇමරිකාවේය. ඇය අති දක්ෂ නිළියකි. රූපය වෙනුවට බුද්ධිය මෙහෙයුවානම් ලමාර් ලෝක ප‍්‍රකට නවෝත්පාදකවරියක සේ අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කියනු ඇති නමුත් ජීවිතය අවසාන කාලයේ ඉතා දුප්පත්ව විසූ බව සඳහන් වෙයි. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව ඉතා වැදගත් ගවේශණාත්මක ලිපියක් මගින් 1990 වසරේ දී මුලින් සඳහන් කළ ලමාර් ගේ සොයා ගැනීම් ඇතුළු තවත් නවෝත්පාදන අංග ගැන ජාත්‍යන්තරයට අනාවරණය කර ඉහළ පිලිගැනීමක් අත්පත්කර දුන් නමුත් එයින් ඇයට කිසිදු ආදායමක් නොලැබුණ බව ද දැක්විය යුතුය.
ලමාර් යුදෙව් ජාතික දෙමාපියන්ගේ එකම දියණියයි. එකල ඇගේ නම ඉවා මාරියා කිස්ලර් වූවාය. ඔස්ටි‍්‍රයාවේ වියනා නගරයට ආසන්න ස්ථානයක උපත ලබන විට ඇයගේ පියා බැංකුවක අධ්‍යක්ෂක ධුරයක් හොබවමින් සිටියේය. මව පියානෝ වාදක ශිල්පිනියක වූවාය. මුල් කාලයේ යුදෙව් පාසලක ඉගෙනුම ලබා ඇත. ඇමරිකාවට ගිය ඇය පසු කාලයක එහි පුරවැසිභාවය ගැනීමෙන් අනතුරුව බර්ලින් නගරයට එන්නේ නිළියක වශයෙනි. රඟපෑ චිත‍්‍රපටයෙහි අන්තර්ගතය පවුලේ කතාවක් නමුත් එහි අධ්‍යක්ෂකවරයා ඇය නොමග යවා දුර සිට මානන ලද කැමරා වලින් ඇයගේ නිරුවත් දර්ශන ගෙන ඒවා සංස්කරණය කර ඇත. චිත‍්‍රපටය රෝමයේ දී ඇගයීමට ලක් වූ අතර ඇය පෙනී සිටි නිරුවත් දර්ශන හෙයින් ඇමරිකාවේ පවා ආන්දෝලනාත්මකව ප‍්‍රදර්ශනය වූයේ ලමාර් වෙත ඉහළ ආකර්ශණයක් ඇති කරමින්ය. ජර්මනියේ එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම තහනම් කළ අතර එසේ පසුබිම සකස්ව තිබිය දී ඇයගේ දෙමාපියන්ගේ එකඟතාවයක් රහිතව තව තවත් චිත‍්‍රපය හා නාට්‍ය ගණනාවක ලමාර් රඟපා තිබේ.
ඔස්ටි‍්‍රයාවේ ඉතාම ධනවත් ආයුධ වෙළෙන්දෙකු සමග විවාහ වූ ලමාර් එම කාලය තුළ ඔහු සමග ව්‍යාපාරික කටයුතු වල දී ජර්මනියේ නාසි නායකයන්, යුද විශේෂඥයන් හා ඉංජිනේරුවන් සමග දැනුම අවබෝධය සඳහා සාකච්ඡා කර තිබේ. තාක්ෂණ ඥාණය හා ඉංජිනේරු ක්ෂේත‍්‍රය කෙරෙහි සංකල්ප ඇයගේ සිත තුළ හටගන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. පසු කාලයක විවාහයෙන් වෙන් වන ලමාර් එය ගැන ඇගේ චරිතාපදානයෙහි සඳහන් කරන්නේ ‘‘රඟපෑමට අවකාශයක් නොලැබෙන බෝනික්කියකගේ ජීවිතයෙන් පලක් නැති’’ බවය. දෙවන ලෝක යුද්ධය කාලයේ තවත් හිතවතෙකු සමග එකතු වූ ලමාර් කිසියම් සංඥා සන්නිවේදන ක‍්‍රමයක් ගැන අත්හදා බලන අතර එය ආරක්ෂිත පද්ධතියකි. ‘‘අපේක්ෂාවේ සංඥා පරාසයක් ’’ වශයෙන් ඔවුහු එය නම් කළ අතර 1941 දී එය නව සොයා ගැනීම් කවුන්සලයට ඉදිරිපත් කළේ ලියාපදිංචිටය. නමුත් එය හේතු දක්වා ප‍්‍රමාද කළ අතර එම අනාවරණය පසු කාලයක ඇමරිකානු නාවික සංඥා විශේෂඥයන් කිසිම මිලක් නොගෙවා භාවිතාවට ගෙන ඇත. එම සොයාගැනීම පසු කාලයක දී බ්ලූටූත් තාක්ෂණයට උපයෝගී කර ගැණුන අතර සී.ඞී.එම්.ඒ. සහ වයි ෆයි තාක්ෂණයට පාදක වන්නේ ද එයට සමාන පියවරකි.
චිත‍්‍රපට කිහිපයක රඟපා ආන්දෝලනාත්මක චරිතයක්ව සිටි ලමාර් 1930 දී පමණ හොලිවුඞ් පුරවරයට ඇරයුම් ලැබෙයි. එහි සමාගමක් සමග ගිවිසුම් අත්සන් කරන විට ඇය තම මුල් නම වෙනුවට හිඩි ලමාර් යනුවෙන් ආරූඪ නාමය භාවිතා කරන්නට එකඟ වී තිබේ. එහි තාරකාවක් බවට පත්වන ලමාර් ආදායම් වාර්තා පිහිටුවන ඇමරිකන් චිත‍්‍රපට ගණනාවකට දායකවන්නීය. එම කාලයේ දී ලමාර් කිසිසේත් සහජයෙන් ඇය සතු තාක්ෂණික හා ඉංජිනේරු දක්ෂතා කෙරෙහි නැඹුරු වී නැත. රූප ශ‍්‍රීයෙන් යුතු ඇය වටා එකතුවන චිත‍්‍රපට නිෂ්පාදකයන් ගේ ඉල්ලීම අනුව රඟපෑම කෙරෙහි වඩා අවධානයක් යොමු කරන ලද බව පැහැදිලිවෙයි. ඇමරිකාවේ ප‍්‍රාන්ත ගණනාවකට හිම කී‍්‍රඩා ව්‍යාපාර අවස්ථා හදුන්වාදීම ගැන ද ලමාර් ගේ නම කියැවෙයි. පැහැපත්ව වඩා ආකර්ශණීයව සිටින්නට ඉතා කැමැත්තෙන් සිටි හිඩි ලමාර් ශල්‍ය වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර නූතන කාලයේ වඩාත් ප‍්‍රසිද්ධ නමුත් එකල එපමණ නොදැන සිටි රූපලාවන්‍ය සැත්කම් ගණනාවක් ඇයගේ උවමනාවෙන් කරගෙන ඇත.
චිත‍්‍රපට නිෂ්පාදනයට ද එකතු වූ ඇය ලෝක ප‍්‍රකට චිත‍්‍රපට ගණනාවක් නිෂ්පාදනය කර ඇත. රඟපෑ සහ අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට තිස් හයක් බව ඇයගේ වේබ් අඩවියෙහි දැක්වෙයි. එනමුත් ඒවායෙන් කැපී පෙනෙන සම්මාන දිනා ගැනීමට ඇය අපොහොසත්වන්නීය. නමුත් පසු කාලයක ඉලෙක්ට්‍රොනික් ෆොන්ටිය ෆවුන්ඬේෂන් නමැති ආයතනයක් ඇය හා ඇගේ සහායකයා සම්මානයට පාත‍්‍ර කරන ලද අතර එයට හේතුව වෙනත් සංකේත සංඥා භාවිතා කර බ්ලූටූත් සොයා ගැනීම වෙනුවෙනි.
හිඩි ලමාර් ගේ ජීවිත කතාව පළ කරන ලද ෆෝබ්ස් සඟරාව එතෙක් ලෝකයට අමතකව සිටි අතිශය රූපත් එපමණක් නොව නව සොයාගැනීම් වලට දක්ෂ කාන්තාව ගැන ලෝකය ඉදිරියේ හෙළිදරව් කළේය. එම සාකච්ඡුාවේ දී ලමාර් සිය තාක්ෂණික සොයා ගැනීම් ගැන කියා තිබුණේ ‘‘අලූත් දෙයක් සොයා ගැනීම හරිම පහසුයි. මම දන්නේ නැහැ මම ආවේ වෙන ග‍්‍රහ ලෝකයකින් ද’’ කියලා යනුවෙනි. තාක්ෂණය පමණක් නොව රූපලාවන්‍ය හා හිම මත කරන ව්‍යාපාරික අංශ ඇතුළු නොයෙක් දේ ලෝකයේ තැන් තැන් වලට හදුන්වා දෙන්නට මුල් වූ ලමාර් සෑහෙන කාලයක් ලෝකය පුරා අවධානයට ලක්ව සිටි චරිතයකි. එක්තරා අවස්ථාවක ගුවන් යානා ගමන් වේගවත් කරන්නට ලමාර්ට උවමනා වී තිබුණ අතර ඒ වෙනුවෙන් ද යානා වල පියාපත් වෙනස් කරන අත්හදා බැලීම් යෝජනා කරන ලද බව ප‍්‍රකාශ වෙයි. කුරුල්ලන් හා මත්ස්‍යන් ගැන තොරතුරු ඇතුලත් පොත පත පෙරලමින් ඒවායේ චිත‍්‍ර සටහන් අවුස්සමින් ඇය අධ්‍යයනය කර තිබේ. නිළියක වශයෙන් චිත‍්‍රපට කර්මාන්තයේ නියැලෙමින් සිටිය දී අති දක්ෂ ඉංජිනේරුවරියක සේ අලූත් දේ නිර්මාණය කරන්නට හිත යෙදවූයේ කෙසේදැයි අදටත් විසඳාගත නොහැකි කාරණයක් වී තිබේ.
ෆෝබ්ස් සඟරාවේ ලිපිය පළවීමෙන් පසු ඇය ගේ ජීවිත කතාව ඇසුරෙන් චිත‍්‍රපටයක් නිර්මාණයවූ අතර ඒ සඳහා අවශ්‍ය වූ ජීවිත කතාවේ තොරතුරු සාකච්ඡා සටහන් ඉතා අපහසුවෙන් නැවත සොයා ගෙන එම නිර්මාණ කාර්යය අවසන් කරන ලද බව සඳහන් වෙයි.
ලමාර් ජීවිතය ගත කර ඇත්තේ අලූත් සොයා ගැනීම් කරන අන්දමටම පහසුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. ඇය හය වතාවක් විවාහ ජීවිතයට ඇතුලත් වී තිබේ. තිදරු මවකි. ඇයගේ ජීවිත කතාව හෙළිදරව්කර ගැනීමට නොයෙක් දෙනා උත්සාහ දරා තිබිණ. සමහර අවස්ථා ඇය ප‍්‍රකාශ කර තිබුණේ නැත. ලමාර්ගේ කතාව බෝම්බ්ෂෙල් නමින් චිත‍්‍රපටයට නැගෙන විට එහි අධ්‍යක්ෂකවරු පවා කිසිසේත් විශ්වාස කළ නොහැකි බව සඳහන් කර තිබේ. නමුත් ඇය 1930-40 කාලයේ ඉතාම ජනප‍්‍රිය නිළියකි. ඒ හා සමානවම ලෝකයට ආඩම්බර විය හැකි අලූත් දේවල් සොයාගෙන තිබේ. ඇයගේ චරිතය ගැන කියැවෙන විට බොහෝ අවස්ථාවල පුද්ගලිකත්වය සඟවාගෙන සිටි බව ප‍්‍රකාශ වෙයි. ඇමරිකාවේ ජීවත් වූ ඇය ඇගේ මව ද එහි ගෙන්වා ගත් අතර යුදෙව් පසුබිම අමතක කරන්නට ප‍්‍රයත්න දරා තිබේ. විවිධ හැල හැප්පිලි මැද ජීවිතය ගත කළ හිඩි ලමාර් ජීවිතක්ෂයට පත් වන විට දිළිදු වටපිටාවක පසු වූ බව අනාවරණය වන කාරණයකි.
|