» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/08/2015 - දේශය
විදෙස් පිළිවෙතකට හරි පාරක්

පරංගියා කෝට්ටේ ගියා වගේ යැයි ව්‍යවහාරයක් අපට තිබේ. පරංගි යනුවෙන් අපහාසයෙන් කතා කළේ පෘතුගීසි ජාතිකයන්ටය. අහම්බෙන් රටට පැමිණ ලංකාවේ එවකට සිටි රජු මුණ ගැසෙන්නට පෘතුගීසි නියෝජිතයන් කැටුව ගියේ දිගම පාරෙන්ය. කෝට්ටේ රජ මාලිගාවට පැමිණෙන විට එය මහා දුරක් සේ පෙණුනත් ඔවුන් පැමිණි නැවෙන් නිකුත් වූ නලා හ`ඩ ඇහෙන විට එහෙමට දුරක් නැති බව පෘතුගීසින් ඒත්තු ගන්නට ඇත. නියෝජිතයන් හෙම්බත්කර, මුලාකර එයින් වාසි අත්පත් කරගත් බව ඉතිහාසයේ අපේ ලියැවී තිබේ. නමුත් අවංකව ක‍්‍රියා කළා නම් සිදුවිය හැකි දේ කුමක්දැයි අදටත් විග‍්‍රහයකට යා නොහැකිය. නොමග යැවීම උපක‍්‍රමයක් බවට සැකයක් නැත. එයින් අනෙක් ගැටලූ මතුවීම සලකා බලන්නට අවශ්‍යය.

විදේශ කටයුතු ගැන සලකා බලන විට ඉතිහාසය අපට පෙන්වන්නේ සම්බන්ධතා නොවේ. ආක‍්‍රමණ සහ යටත් කරගැනීමය. ඉන්දියාව, මැදපෙරදිග සහ යුරෝපයේ රටවල් ලංකාව ආක‍්‍රමණය කරයි. කාලිංඝ මාඝ ගේ සිට බි‍්‍රතාන්‍ය දක්වා විදේශයෙන් කරන ඕනෑම බලපෑමක් ආක‍්‍රමණයක් සේ සලකන්නට ශ‍්‍රී ලාංකේය මනස හුරුවි තිබේ. ආක‍්‍රමණ සේ නොසලකන්නේ ඉන්දියාවෙන් බුදු දහම ලැබුණ ආකාරය පමණකි. ලංකාවේ ඉතාහාසය බලන විට අනුරාධපුරය වෙළ`ද නගරයකි. චිනය, මැදපෙරදිග ඇතුළු නොයෙක් රටවලින් පැමිණි පිරිස් අනුරාධපුරයේ දී වෙළ`දාම් කර තිබේ. වෙළ`දාම පමණක් නොව දැනුම සහ තාක්ෂණය ද හුවමාරු කරගෙන ඇත.

නිදහස අත් පත් කරගැනීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය රටට අනන්‍ය ආකාරයකට පවත්වාගෙන යන්නට හැකියාවක් ලැබුණි දැයි ප‍්‍රශ්නයක් තිබේ. සීතල යුද්ධය පැවැති වකවානුවේ ලෝකයේ රටවල් කොටස් දෙකක පාර්ශව කරුවන්ව සිටියේය. පැති නොගත් කණ්ඩායමක් වශයෙන් පෙනී සිටින්නට උත්සාහ කළ රටවල් ගණනාවක් ද විය. ඒවා නොබැ`දි රටවල්ය. ඒ කාලයේ දී ශ‍්‍රී ලංකාව නොබැ`දි ජාතීන්ගේ ප‍්‍රබල සාමාජිකත්වය ඇති රටකි. ඉන්දියාව ද එසේය. නොබැ`දි නමුත් සෝවියට් ක`දවුරට සමීපය. 1977 මැතිවරණයෙන් පසු බටහිරට අවනත ප‍්‍රතිපත්තියකට ප‍්‍රවේශ වූ බව පිළිගැනීමයි. එය සිදුවූයේ සූක්ෂම ආකාරයටය. අසල්වැසි ඉන්දියාව තමන්ගේ ආසියානු බලවත්කම නොසලකා ඇමරිකාව දෙසට ඇදෙන ශ‍්‍රී ලංකාවට පාඩමක් උගන්වන්නට උත්සුක වූ ආකාරය විදේශ සම්බන්ධතා හදාරන කිසිවෙකුට රහසක් නොවේ. රට තුළ දෙමල සන්නද්ධ කල්ලි ඇති කරන්නට සහ සටන් පුහුණුව දී යම් ආකාරයකට අරගලයකට යොමු කරන්නට ඉන්දියාව තීරණය කරන ලද සාධකය විදේශ ප‍්‍රතිපත්තියේ ගැටලූ බව ස`දහන් කළ හැකිය. එකී තීන්දු අවසානයේ රටවල් දෙකම ගෙවන ලද වන්දියක් තිබේ. නායකයන් ඝාතනය වී දේපොල විනාශ වී තිස් අවුරුද්දක් තිස්සේ අත්පත් කරගත් හානිය කෙබ`දු දැයි දැන් වැටහීමක් ඇත. බලවත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී ලෝකයේ නොයෙක් පැතිවලින් එන පීඩනය හ`දුනාගෙන ඒවා සමබර කරනන්නට ¥රදර්ශී විය යුතුය. මැදහත්ව සහ පුලූල්ව සිතා බලන්නට හැකියාව අවශ්‍යය.

ත‍්‍රස්තවාදය පරාජය කර අලූත් ගමනකට සූදානම්වන ශ‍්‍රී ලංකාව අතීත අත්දැකීම් පදනම් කරගෙන අනාගතය ගොඩනගා ගැනීම වැදගත්ය. අද වන විට අලූත් ක`දවුරු ඉදිවෙමින් තිබේ. බටහිර ක`දවුරේ බලය ඇමරිකාව නතු කරගෙන සිටින නමුත් නැගෙනහිර ක`දවුරේ නායකත්ව ගණනාවකි. චීනය, රුසියාව ඉන්දියාව ඒ අතරය. මෙම රටවල් නැගෙන ආකාරය සරල කාරණයක් නොවේ. ආර්ථික අතින් වෙළ`ද පොළ අතින් සහ ජනගහන සාධකය වශයෙන් මෙම රටවල් ඉදිරියට එන්නේ සුක්ෂම ආකාරයකටය. ඉන්දියාව සහ ඇමරිකාව අතර විදේශ ගමන වරද්දාගත් ආකාරය අනුව බලන කළ චීන, ඇමරිකා සහ ඉන්දියානු සම්බන්ධතා වරද්දා ගතහොත් ගමන අවසන් විය හැක්කේ කෙසේදැයි සාකච්ඡුා කරන්නට අපට වගකීමක් තිබේ. පෘතුගීසීන් නොමග යවා කෝට්ටේ ගෙන ගිය ආකාරයට පමණක් නොව ඉන්දියාවට නොබැ`දි පිලිවෙත පෙන්වා ඇමරිකාවට එකතුවීම වැනි උපාය අදට කිසිසේත් ගැලපෙන්නේ නැත. ඉකුත් කාලය තුළ එකිනෙක ආණ්ඩු කි‍්‍රයාකළ එකිනෙකට වෙනස් ආකාරය අනුව ලෝකයේ විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධ දුෂ්කර කාල පරිච්ෙඡ්දය අවසන් කර තිබේ. දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ විදේශ ප‍්‍රතිපත්ති හමුවේ ක‍්‍රියා කළේ පටු ආකාරයකටය. එයින් අත්පත් වුයේ අවාසියකි. ¥පතක්. කුඩා රටක් වශයෙන් ඉකුත් දශක හය තුළ අනුගමනය කළ ප‍්‍රතිපත්ති වල සාර්ථක හෝ අසාර්ථක භාවය මනින්නට මේ වන විට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එන බලවත් පීඩනය හො`දටම ප‍්‍රමාණවත්ය.

අලූත් යුගය තුළ විදේශ සම්බන්ධතා හුදෙක් දේශපාලන පක්ෂයක හෝ මහජන නියෝජිතයෙකුගේ තනි කාර්යයක් නොවේ. ලෝකය අලූත් ආකාරයකට ජාල ගතවී තිබේ. එම ජාලයේ විශාලතම පාර්ශවය වී ඇත්තේ ජනතාවයි. රටවල් අතර ජනතාව එකට බැ`දී ඇති යුගයක විදේශ ප‍්‍රතිපත්තිය එක දිසාවකට යොමු කරන්නට එක ආයතනයක ශක්තිය ප‍්‍රමාණවත් නැත.

කරුණු එසේ හෙයින් සමස්ථ සමාජයම විදේශ ප‍්‍රතිපත්තියේ කොටස්කරුවන් විය යුතුය. ජන සන්ධාන ගතවීම යම් තීරණයක බලවත් සාධකය විය යුතුව තිබේ. රාජ්‍යතාන්ත‍්‍රිකත්වයට වඩා ජනතාන්ති‍්‍රකත්වය ඉහළින් පෙනෙන්නට තිබිය යුතුය. සියලූ සම්බන්ධතා විදේශ අමාත්‍යංශය හරහා නීත්‍යානුකූලව සිදුවිය යුතු යැයි සිතන්නේ නම් වරදකි. බුද්ධිමතුන්. ජනතා සංවිධාන, විචාරකයන් සහ මාධ්‍ය භාවිතාව විදේශ සම්බන්ධතා අරභයා පොදු ඉලක්කයකට ගොනු කරන්නට අවශ්‍යය.

අද පෙනෙන ආකාරයට ලෝකයේ රටවල් සමග කරන ගනුදෙනු විදේශ සම්බන්ධතා ප‍්‍රතිපත්ති හමුවේ සුවිශේෂී එකකි. ඒ ගැන අධ්‍යයනය කරන්නට අවශ්‍යය. පවතින ප‍්‍රතිපත්ති විවේචනයකට යා යුතුය. වර්තමානයෙහි වෘත්තීය විචාරයක් නැත. හුදෙක් එය දේශපාලන තීන්දු වලට භාර දී ඇත. විශ්ව විද්‍යාලය තුළ අලූත් ව්‍යුහය ගැන කතා කරන්නට අවශ්‍යය. ඇමරිකාව වෙනුවට චීනය ඇතුළු රටවල් මතුවීම අලූත් තත්ත්වයකි. චීනය සහ ඉන්දියාව සමබර කරගෙන අවස්ථා දිනා ගැනීම විශේෂ අවධානයකින් ක‍්‍රියා කළ යුතු තත්ත්වයකි. චීනය හා ඉන්දියාව අතර පවතින උණුසුම් තත්ත්වය දෙස බලන විට එක පැත්තකට හෝ නතු නොවන නොබැ`දි පිළිවෙත අදට ගැලපෙන එකක් නොවේ. රටවල් දෙකම එක තැනක තබාගෙන ගනුදෙනු කරන්නට හැකි කෙසේද යන්න විමර්ෂණය කළ යුතු සමාජයයි. එවැනි තීරණයකට ගමන් කරන විට ඇමරිකානු සම්බන්ධතා පලූදු කර ගැනීම නුසුදුසු බව තීරණය කළ යුතු සමාජය විනා අන් පාර්ශවයකින් නොවේ. මෙම තත්ත්වය ගැන විශ්ව විද්‍යාලයෙන්, බුද්ධිමතුන් අතරින් නැගෙන හරවත් සංවාදය සමාජය තුළ මතු වෙන්නට අවශ්‍යය. ඒ සංවාදය හරවත් තැනකට යොමු කරන රාමුවක් සකස් කරගන්නට අවශ්‍යය. ඒ ගැන අද ඇති උවමනාව පැහැදිලි නැත.

අද බලවත්ම මතය ලෙස නැගෙන්නේ කුමන්ත‍්‍රණ කතා බහ පමණකි. බටහිර කුමන්ත‍්‍රණයක් හෝ ඉන්දියානු කුමන්ත‍්‍රණයක් ගැන කතාකරන අතර හැබෑ කුමන්ත‍්‍රණයට මුහුණ දෙන්නේ කෙසේදැයි එක`ගතාවයක් නැත. එය වරදකි.

ලෝකය අලූතින් ගවේශනය කරන්නට අවශ්‍යය. විජයගේ පැමිණීම, කාලිංඝ මාඝ සිට බටහිර දක්වා පැමිණි ගමන ආක‍්‍රමණ හැටියට දකින්නට පුලූවන. නමුත් මේවායින් ලැබුණ අවස්ථා ඒවා හරි ආකාරයට යොදා ගන්නට නොහැකිවීම ගැන සමාජයක් හැටියට පුලූල් විවේචනයක් කළ යුතුය. එය කළ හැක්කේ විදේශ සම්බන්ධතා ගැන දැක්මක් ඇති වෘත්තීය විචාරකයන්ටය. වෘත්තීය ආකාරයට සිද්ධි පෙල ගස්සවන්නට සමත් මාධ්‍ය ක්ෂේත‍්‍රයටය. එම මාධ්‍ය වල සේවය තුළින් අලූත් මතයක් ගොඩ නගන්නට හැකි පරපුරකටය. සියලූ අභියෝග අවස්ථා වශයෙන් දකින්නට සහ එම අවස්ථා රටේ අභිවෘද්ධියට යොමු කරගන්නට අවශ්‍යය. බලවතුන් සමග කරන සම්බන්ධතා හුදෙක් දේශපාලනය නොවේ. ජාතීන් අතර ආගමික සම්බන්ධතා, වෙළ`දාම, ආයෝජනය, සංචරණය සහ මාධ්‍ය යනාදී වශයෙන් පුලූල් කරන්නට විචාරාත්මක බවක් රට තුළ පැන නැගේ නම් ඉතාමත් යහපත්ය.

පටු ආකාරයකට අවධානය යොමු කර රටවල් අතර සම්බන්ධතා අවස්ථාවාදී ආකාරයට කරගෙන යන්නට උත්සාහ කළහොත් මෙම තාක්ෂණ යුගයේ දී එය උපක‍්‍රමයක් බව හ`දුනාගන්නේ කෝට්ටේ යුගයට කලින්ය. එවැනි අවකාශයක් තුළ ගෙවන්නට සිදුවියහැකි වන්දිය ඉකුත් තිස් අවුරුද්ද තුළ ත‍්‍රස්තවාදය හෙයින් උත්ගතවූ තත්ත්වයට වඩා ආර්ථික සහ සමාජයීය දරුණු එකක් වෙන්නට ද ඉඩ තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.