» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/10/2017 - දේශය
අවුන් සාන් සු කී සදඵතලෙන් බිමට

අවුන් සාන් සු කී ප‍්රජාතන්ත‍්රවාදය සඳහා වූ ජාතික ලීගය පක්ෂයේ නායිකාව වශයෙන් මියන්මාරයේ රාජ්ය කවුන්සල්වරියයි. එය අගමැති ධුරයට සමානය. වසර විසි පහකට පසු විවෘතව පවත්වන මහ මැතිවරණයකින් ඇය ජය අත්පත් කරගනී. 2016 දී මහ මැතිවරණයේ දී පවා එහි වෙසෙන රෝහින්ග්යා සංක‍්රමණිකයන් ඇතුළු ලක්ෂ ගණනක් සුළු ජාතිකයන්ට ඡන්ද බලය හිමිව තිබුණේ නැත. ප‍්රජාතන්ත‍්රවාදී මානුෂික පාලනයක් ගැන විශාල බලාපොරොත්තු ඇතිව සිටි නොසලකා හැර සිටි සංක‍්රමණිකයන් ඇතුළු පිරිස අවුන් සාන් සු කී ගේ දරදඩු තීරණ හමුවේ වික්ෂිප්තව සිටී. ජනතාන්ත‍්රිකත්වයට පත් නායිකාවක වූ ඇය අද ඔක්ස්ෆඞ් විශ්ව විද්යාලයේ අධ්යාපනය ලැබීම අගය කරමින් එහි ප‍්රධාන ශාලාවේ ප‍්රදර්ශනය කරමින් තිබුණ ඡායාරූපය ද ගලවා ඉවත් කරන තරමට අභියෝගයකට මුහුණ පා සිටී.

අවුන් සාන් සු කී මියන්මාරයේ දේශපාලනය කරන්නට ගත් තීරණය පහසු එකක් නොවේ. ඇය ට අනේකවිධ බාධා වලට මහුණ දුන්නාය. දෙවන වතාවට නියම වූ අවුරුදු පහලොවක නිවාස අඩස්සිය වෙමින් සිටි අවුන් සාන් මැතිවරණය ජය ගැනීමෙන් පසු නිදහස් කරන ලද අතර ඒ වන විට පස් වසරක් නිවාස අඩස්සියේ සිටියාය. බටහිර ඉගෙනගත් අතර විදේශිකයෙකු හා විවාහ වූ ඇය මියන්මාරයට පැමිණ එහි පැවැති ප‍්රජාතන්ත‍්රවාදයක් නැති පාලනය වෙනස් කරන්නට අරගලයක නිරත වූවාය. ජගත් ප‍්රජාවගෙන් එයට විශාල අනුබලයක් ලැබිණි. නමුත් වසරක් ඇවෑමෙන් මුස්ලිම් සරණාගතයන් වූ රෝහින්ග්යා ජනයා සම්බන්ධයෙන් අනුගමනය කළ ඉතාම තද තීරණය හමුවේ ජාත්යන්තරයේ නිග‍්රහයට ලක්ව සිටින්නීය. බංගලාදේශයෙන් පැන ඇවිත් අනවසරයෙන් ජීවත්වන රෝහින්ග්යා ජනයා වෙත හමුදාව මෙහෙයවා ඔවුන් බලහත්කාරයෙන් රටින් පන්නා දමන්නට තැත් කරන ලද අතර එම ගැටුම් වලදී විසි දෙනෙකු පමණ මියයන්නට ඇත. පන්නා දමන ලද දහස් ගණනක් වූ මුස්ලිම් ජනයා දෙරට අතර දේශසීමාවේ අසරණව පසු වන බව එක්සත් ජාතීන් වාර්තා අනාවරණය කළේය. රට තුළට සංක‍්රමණය වන දස දහස් සංඛ්යාත බංගලාදේශ රෝහින්ග්යා වැසියන් ගෙන් සියන්මාරය පිරිසිදු කිරීම අවුන් සාන් සුකී ගේ වෑයම වූ බව ජාත්යන්තර මාධ්ය පෙන්වා දී තිබේ. මියන්මාරයේ පාලනයට එරෙහිව සිය මානුෂික හැඟීම් පෙන්වා බලයට පැමිණි අවුන් සාන් වර්තමානයේ ගන්නා තීරණ වලදී මනුෂ්ය ජීවිත අනතුරට ලක්වීම ජාත්යන්තරයේ කනස්සල්ලට හේතු වී ඇත.

මියන්මාරයේ ජාතික වීරයෙකු වන ජෙනරාල් අවුන් සෙන් ගේ දියණියක වන සාන් සු කී සිය දෙවැනි වසරට පියවර ඔසවන විට සාහසික ඝාතනයකින් පියා අහිමිවීමේ ඛේදවාචකයට මුහුණු පෑවාය. ඉන් පසු මව ද සමග ඉන්දියාවට නික්ම ගිය අතර පසුව සාන් සු කී ගේ මව මියන්මාරය සඳහා ඉන්දියාවේ තානාපතිවරිය සේ පත්කළාය. දේශපාලනය, දර්ශනය හා ආර්ථික විද්යාව හදාරනු සඳහා ඔක්ස්ෆඞ් විශ්ව විද්යාලයට ඇතුළු වෙන්නේ මූලික අධ්යාපනයෙන් පසුවය. විදේශිකයෙකු හා විවාහ වූ ඇය ජපානයේ හා භූතානයේ නොයෙක් වෘත්තීන් හි නිරතව සිට ඔවුන්ගේ දෙදරුවන් සමග බි‍්රතාන්යයේ පදිංචිය තෝරා ගත්තාය. පසු කාලයක මියන්මාරයේ මහ මැතිවරණයෙන් ජය ගත් නමුත් ජනාධිපතිනිය බවට පත්වීමේ වරම අහිමි වෙන්නේ විදේශික දරුවන් සිටින අයෙකුට නායකත්වයට පත් විය නොහැකි බව අලූතින් සකස් කළ ව්යවස්ථාවේ දැන්වෙන හෙයින් බව සඳහන් කළ යුතුය.

තම මෑණියන් අසාධ්යව සිටින අවස්ථාවේ රුන්ගුන් ගුවන් තොටුපොලින් මියන්මාරයට පැමිණි අවස්ථාවේ දහස් ගණනක් ඇය වට කරගත් අතර රටට ප‍්රජාතන්ත‍්රවාදය ඉල්ලා සටන් පාඨ කියමින් පෙලපාලි ගිය බව දැක්වේ. රටට නිදහස් මැතිවරණයක් ඉල්ලා සාමකාමී ජන රැළි පවත්වමින් රට පුරා යන්නේ එයින් ලැබූ පන්නරයෙන් පසුවය. පාලක හමුදා නිලධාරීහු ඒවා වලක්වන ලද අතර රට තුළ පැන නැගෙන නව ප‍්රවනතා වලකනු සඳහා සාන් සු කී නිවාස අඩස්සියේ තබන්නට තීරණයක් ගනී. වසර හයක් නිවාස අඩස්සියේ සිටින අතරවාරයේ ජාතන්තර පෙළඹවීම අනුව 1990 දී මහ මැතිවරණයක් පවත්වන ලද අතර ජාතික එහි දී ලබා ගත් සියයට අසූ එකක ජයග‍්රහනය අත්පත් කරගත් ප‍්රතිඵලය පදනම් කරගෙන ප‍්රජාතන්ත‍්රවාදය සඳහා වූ ජාතික ලීගය සැලකිය යුතු ජයක් ලැබූ නමුත් මිලිටරි පාලනය ඇය නිදහස් කිරීම ප‍්රතික්ෂේප කළේය. මේ අතරවාරයේ වරක් සිය ගණනක් පිරිස ඇය වටකර පහරදෙන්නට තැත් කරන ලද අතර එය ඝාතන උත්සාහයක් වන අතර එය පිටුපස මිලිටරි ජුන්ටාව ඉන්නා බව ජනතාව චෝදනා කළේය. 2010 මැතිවරණයට තරග කිරීම ප‍්රතික්ෂේප කරන ලද ලීග් පක්ෂය රට පුරා අරගල කරන්නට පටන්ගත්තේය. අවුන් සාන් 1995 වසරේ දී නිදහස් කරන ලද නමුත් රට පුරා සංචාරය කරමින් ජනතාවට කතාකරන්නට සූදානම් වූ අවස්ථාවේ 2000 දී දෙවන වරට ද ඇය නිවාස අඩස්සියේ තබන්නට හමුදා පාලකයෝ තීරණය කළහ. ඒක්සත් ජාතීන් පවා මිලිටරි පාලනය හා සාකච්ඡා කර ඇය වෙනුවෙන් දේශපාලන අයිතිය ඉල්ලන ලදනමුත් ඔවුන්ට ද මිලිටරි පාලනය කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැත. 2002 මැයි වල කොන්දේසි රහිතව නිදහස් කරන ලද නමුත් අවුරුද්දකට පසු නැවත වතාවක් හමුදාව ඇය අත් අඩංගුවට ගන්නේ ආරක්ෂක අංශ හා පක්ෂ ආධාරකරුවන් අතර ගැටුමක් පදනම් කරගෙනය.

අන්තර් වාර ව්යවස්ථාවක් අනුව 2015 දී පවත්වන ලද මැතිවරණයක දී අවුන් සාන් සු කී අති විශිෂ්ඨ ජයක් අත්කර ගත් අතර ව්යවස්ථාව අනුව ජනපති ධුරයට පත් විය නොහැකි හෙයින් ඇයගේ විශ්වාසවන්ත පක්ෂ සගයෙකු එහි හිදුවා ඇය අගමැති ධුරය නොඑසේනම් කවුන්සල්වරිවරිය සේ රාජකාරි භාරගත් අතර විදේශ කටයුතු අමාත්යංශය ද භාරගත්තාය. දීර්ඝ කාලයක් රට මිලිටරි පාලනයෙන් මුදවා ගන්නට අති විශාල කාර්ය භාරයක නොනැවතී නිරත වූ අවුන් සාන් සු කී සාමකාමී නිදහස් රටක් හදන්නට ගෙනගිය අරගලය හෙයින් ජාත්යන්තර සංකේතයක් වූවාය. 1991 වසරේ දී නොබෙල් සාම ත්යාගය දිනූ අවුන්සාන් නම් කළේ බලය නොමැති අයවලූන් වෙනුවෙන් බලයක් නිර්මාණය කළ තැනැත්තියක වශයෙනි.

කෙසේ නමුත් ඉතාමත් කෙටි පාලන කාලයක් ඇතුලත අවුන් සාන් වර්තමානයෙහි ජාත්යන්තරයේ හොද නම මකා ගන්නා තීරණ හෙයින් අර්බුදයකට ලක්ව සිටින්නීය. රට තුළ සුළු ජන කොටස් සහ විශේෂයෙන් රොහින්ග්යා සංක‍්රමණික අනාථයන් වෙනුවෙන් සලකන අයුරු තද විවේචනයට ලක් ව ඇත. ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හෙයින් ජනතාන්ත‍්රිකත්වයට පත් ඇය ජනතාවගෙන් ඈත් වීමේ තැනකට තල්ලූ වී තිබේ. එය ලෝක ප‍්රජාව නොඉවසන කරුණකි.

අවුන් සාන් සු කී ගේ ධෛර්යවන්ත ගමනට බටහිර පමණක් නොව පෙරදිග රටවලින් ද අති විශාල සහයෝගයක් ලැබිණි. ජාත්යන්තර සංවිධාන දේශපාලන බලධාරීහු ඇයගේ ගමන මල් වලින් සරසන ලද අතර උපහාර සම්මානයෙන් පුදනු ලැබුවේ වරක් දෙවරක් නොවේ. මියන්මාරය නිදහස් රටක් බවට පත් කර ජනී ජනයා සුඛිත මුදිතව ඉන්නා තැනක් වනු දැකීම සියළුම දෙනාගේ අභිලාශය විය. නමුත් එරට ව්යවස්ථාව හමුදාව සතු බලය සම්පූර්ණයෙන් අත් හරින්නට ඉඩ දී නැත. අවුන්සාන් සු කී එරට බහුතරයේ උවමනාවන් සාක්ෂාත් කරනු සඳහා සුළු ජාතිය කොන් කරමින් සිටී. ජාත්යන්තරය බලා සිටියේ සියළු දෙනාට සමානව සලකන උසස් චරිතයකි. රට තුළ පවතින ප‍්රජාතන්ත‍්රවාදය එහිලා ඉඩ නොදෙන බව පෙනේ. සුළු ජන කොටස් හා බංගලා දේශයේ රෝහින්ග්යා ජනතාවගේ වේදනාව ඉදිරියේ නැවතත් මියන්මාරය අවිනිශ්චිත තැනකය. අවුන් සාන් සු කී ගේ ප‍්රතිරූපය යම් පමණකට සසල වී තිබේ. එය අලූත් පැවැත්ම අභියෝගයට ලක් කර ඇති බව පැහැදිලිව පෙනේ.