හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරණයට ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වශයෙන් තර`ග කරන අරමුණෙන් කි‍්‍රයා කරමින් සිටින්නීය. නොබෝදා ඒ.බී.සී. ප‍්‍රවෘත්ති විකාශයට සම්මුඛ සාකච්ඡවක් දෙන ක්ලින්ටන් මහත්මිය ''එය මගේ අත් වැරුද්දක් පුද්ගලික කාරණා සහ රාජකාරි වෙනුවෙන් වෙනම ඊ මේල් ගිනුම් දෙකක් තබා ගන්න තිබුණා. මම ඒකට සමාව ඉල්ලනවා'' යැයි ප‍්‍රකාශ කර තිබේ. එවැනි ප‍්‍රකාශයක් කරන්නේ අද වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති ප‍්‍රමුඛ කාරණයක් හෙයින් බව ස`දහන් කළ යුතුය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේ දී ක්ලින්ටන් මහත්මිය තමන්ගේ පුද්ගලික ඊමේල් ගිණුමෙන් රාජකාරි කටයුතු කර ඇත. විනිවිද පෙනෙන ආණ්ඩු ක‍්‍රමයක් ගැන වත්මන් ඇමරිකානු පාලනය පෙනී සිටින අවස්ථාවක ජාත්‍යන්තරයට බලපාන කරුණු, පුද්ගලික ගිණුමෙන් උත්තර යැවීම බරපතල කාරණයක් බවට පත්ව ඇත. මෙම සිදුවිම සම්බන්ධව සමාව ඉල්ලන අතර, නැගෙන බරපතල චෝදනා වලට මුහුණ දීම හැරෙන්නට විකල්පයක් ක්ලින්ටන් මහත්මියට නැත. රාජකාරිය සහ පුද්ගලික ජීවිතය අතර වෙනස නිසි ආකාරයට පාලනය කරගන්නට අපොහොසත්වන අවස්ථාවක මතුවන අර්බුද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හැසිරීම සම්බන්ධ ඉතා වැදගත් සංවාදයකට මග පාදා තිබේ.
ඇමරිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග ඉහළින් ක‍්‍රියාත්මක කරන රටක් වශයෙන් සැලකේ. විනිවිද පෙනෙන ආකාරයට තීරණ ගැනීමට බලකරන නීති එරට ඇත. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය වැනි නීති මගින් පුරවැසියන්ගේ අයිතිය තහවුරු කර තිබේ. ඇමරිකාවේ රාජ්‍ය පරිපාලන වගන්ති අනුව රාජකාරි නිලය උසුලන නිලධාරීන් විශ‍්‍රාම යන විට තම කාලය තුළ තින්දුගත් ආකාරය පෙන්වන ලිපිගොනු සියල්ල නිල වශයෙන් ආණ්ඩුවට භාර දිය යුතුය. තාක්ෂණික යුගයේ දී ලිපිගොනු පමණක් ප‍්‍රමාණවත් නැත.
ඊමේල් මගින් කරන ලද පණිවුඩ හුවමාරු පවා බාරදෙන්නට සිදුවෙයි. ඉදිරියේ කාලයේ දී තෝරාගත් විශේෂ නිලධාරීන්ගේ දුරකථන සංවාද පවා පටිගතකර සංරක්ෂණය කරනු ඇතැයි ඇමරිකාවෙන් අනාවරණය වෙයි. එයින් අදහස් කරන්නේ රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු වලදී අපක්ෂපාත, යුක්ති සහගත ආකාරයකට තීන්දු ගැනීමට පෙළඹවීමය. එවැනි පසුබිමක් තුළ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ධුරය උසුලමින් සිටි හිලරි ක්ලින්ටන් මහත්මිය තමන්ගේ පුද්ගලික ගිණුමෙන් ප‍්‍රතිචාර දක්වන ලද රාජකාරිගැන ජාත්‍යන්තරය පුරා විශාල ආන්දෝලනයක් මතුව තිබේ. රාජකාරි අවස්ථාවේ භාර දිය යුතු ලිපිගොනු වලට එකී පුද්ගලික ඊමේල් ගොනුවේ සංවාද ඇතුලත් නොවීම ඉතාමත් බරපතල තත්ත්වයක් බව විවෘත සමාජ ක‍්‍රමයක් අපේක්ෂා කරන නවීන මතධාරීන්ගේ අදහස වී තිබේ.
හිලරි ක්ලින්ටන් සිය පුද්ගලික ඊ මේල් ලිපිනය භාවිතා කර රාජ්‍ය තාන්ත‍්‍රික තීරණ ගැනීමේ දී ශ‍්‍රී ලංකාවට අදාල කරුණු දෙකක් ද ඇතුලත් බව ප‍්‍රකාශ වෙයි. එකක් යුද කාලසීමාවේදී ස්ත‍්‍රී දුෂණ ක‍්‍රියා ආණ්ඩුව උපරිමව භාවිතා කරන ලද උපක‍්‍රමයක් බව ස`දහන් කරන එකක් වන අතර අනෙක ශ‍්‍රී ලංකාවට ආධාර කරන්නට එපා යැයි කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ පණිවුඩයකි. මෙම කරුණු දෙක ඇතුලත්ව ක්ලින්ටන් මහත්මිය සිය පුද්ගලික ඊ මේල් ලිපිනයෙන් කරන ලද සන්නිවේදනය බලවත් වරදක් බව ප‍්‍රකාශ වෙමින් තිබේ. ඒ.බී.සී නාලිකාව සමග පවත්වන සාකච්ඡාවේ දී සමාව ගන්නේ ඒ අනුවය.
රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු, හුදෙක් බලයට පත්වන චරිතයක පුද්ගලික උවමනාව අනුව මෙහෙයවන්නට හැකි පූර්ණ බලය සහිත කර්තව්‍යයක් නොවන බව තේරුම් ගන්නට මෙම සිදුවිම කදිම උදාහරණයකි. පාලන ක‍්‍රමය විනිවිද පෙනෙන ආකාරයකට පවත්වාගෙන යන්නට ජාත්‍යන්තරය තුළ විශේෂයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප‍්‍රවනතා මෙයින් හ`දුනාගත හැකිය.
ජනතා නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් වශයෙන් කි‍්‍රයාකිරීමේ දී තනි තීරණ වලට යන්නට හැකියාවක් නැත. අත්තනෝමතික ආකාරයකට ක‍්‍රියාකරන්නට නොහැක. හුවමාරු කරගන්නා අදහස්, ගන්නා තීරණ නිල ඒවා පමණක් නොව එම තීරණ ගැනීමට පසුබිම් වූ කාරණා ද පැහැදිලිව පෙනෙන ආකාරයට වාර්තා පොත් වලට එකතු විය යුතු අතර පසුව අවශ්‍ය වුවහොත් සොයා බැලීමේ පහසුව පිණිසය. එය විවෘත නොඑසේනම් විනිවිද පෙනෙන ආකාරයට ආණ්ඩු කිරීමේ අලූත් ප‍්‍රවනතාවයේ සුවිශේෂී අවස්ථාවකි. තවත් පැත්තක් ද තිබේ. රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු වල සියලූම අංශ නිරාවරණයවන්නේ නැත. රාජ්‍ය ආරක්ෂාවට හෝ රහස්‍යභාවයට ගැටලූවක් වන අංශ එයින් බැහැර කර තැබීමට නීතියෙන් ඉඩක් තිබේ. ජනතාවට දැනගත යුතු පමණක් නොව දැනගැනීමට ඉඩ දිය හැකි කාරණා වලට සම්පූර්ණ අයිතිය ලබාදීම මෙම විවෘත ප‍්‍රවනතාවය බව අවධාරණය කළ යුතුය.
ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු වලදී පැහැදිලි ප‍්‍රතිපත්ති, ජනතාවට හිතකර තීන්දු අපක්ෂපාතීව වැඩ කිරීම යනාදී වශයෙන් නොයෙක් සුන්දර අදහස් දේශපාලන වේදිකාවේ දී ප‍්‍රකාශ වෙයි. නමුත් මෙම අදහස් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වෙන්නේ කෙසේද? එවැනි පටිපාටියක් මෙරට බලපවත්වන බවට බලවත් සාක්ෂි නැත. තීරණයක් ගත් ආකාරය ඔප්පු කරන්නට කිසිම සාක්ෂියක් නැති පසුබිමක මිත්‍යා අදහස් කටකතා සහ අභූත චෝදනා වලට පදනම් වන අතර ඒවා දේශපාලන ප‍්‍රතිවාදීන් භාවිතා කරන්නේ ඉතාමත් දරුණු ආකාරයකටය.
ආණ්ඩුව ගන්නා තීරණ ලේඛන ගත කිරීමට සහ ඒවා සංරක්ෂණය කරන්නට හුරු විය යුතු ඇයි? ඇමරිකාවේ ආන්දෝලනයට ලක්ව ඇති පුද්ගලික සහ නිල ඊමේල් ගොනු පවත්වාගෙන යාමේ තත්ත්වය දක්වා සියුම් පැති කෙසේ වෙතත් අමාත්‍යංශයක, දෙපාර්තමේන්තුවක නිල සිදුවීම් හරියටම සංර්ක්ෂණය කරන්නට වැඩ පිළිවෙලක් රටට තිබේද? විවෘත සමාජයක් වශයෙන් ගෝලීය සමාජය තුළ ඉදිරියට ගමන් කරන විට එවැනි අලූත් පැති ගැන අවධානය යොමු කරන්නට සිදුවෙයි.
අඩුම තරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීම රටට අත්පත් කරදෙන සුවිශේෂී බලයකි. වසර ගණනක් තිස්සේ සමාජය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කිරීමේ වැදගත්කම සාකච්ඡුාවෙයි. නමුත් එය ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නට ආණ්ඩු සූදානම් නැත. දකුණු ආසියාවේ සියළුම රටවල් මේ වන විට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර තිබේ. ආරක්ෂාවට හෝ රාජ්‍ය තාන්ත‍්‍රික රහස්‍ය පැති වලට බලපෑමක් නොවන මහජනතාවගේ බදු වලින් නඩත්තුවන සියලූ කාරණා වලදී ඒවායේ පසුබිම දැනගන්නට ජනතාවට අයිතියක් ඇති බව මෙම පණතින් ඉඩකඩ සලසයි.
මහජන නියෝජිතයන්, නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත‍්‍රික බලය ඇතිව ක‍්‍රියාකරන මෙරට ආණ්ඩුවල විවිධ තල වලට හිලරි ක්ලින්ටන් මුහුණ දිය ඇති ආකාරයේ ඉතාම බැරූරුම් ප‍්‍රතිපත්ති පිළිපැදීමක් කරා ගමන් කිරීම පහසු නැත. එනම් එදිනෙදා සියලූම දේ ලේඛනගත කර සංරක්ෂණය කරන්නටත්, තනතුරෙන් ඉවත්ව යන අවස්ථාවේ දී ඒවා නිසි ආකාරයට බාර දී සංරක්ෂණය කරන්නටත් පොළඹවන නිල යහපත්කමක් රටට ලැබෙන්නට තවත් කාලයක් ගත විය හැකිය. නමුත් ඒ පිරිසිදු තත්ත්වය ඉලක්ක කරගෙන සමාජය ඒ වෙනුවෙන් සූදානම් කිරීමේ වගකීමක් අප සියලූම දෙනාට තිබේ. ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මුහුණ දී ඇති තත්ත්වය සලකන විට ජනතාවට වගකියන රාජ්‍ය තාන්ත‍්‍රික ව්‍යුහයකට එය කොපමණ වැදගත් එකක් දැයි මැනවින් පැහැදිලි වනු ඇත.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|