» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/07/2015 - දේශය
රාජ්‍ය රහස් නැති රාජ්‍යතාන්ත‍්‍රිකත්වය

ඇමරිකානු තානාපති නිලධාරීන් ප‍්‍රංශ නායකයන් ගැන ඔත්තු බැලූ බව විකීලීක්ස් ආන්දෝලනයක් හටගෙන තිබේ. ප‍්‍රංශයේ හිටපු ජනාධිපතිවරුන් වන ජාකේස් ෂෙරාක්, නිකොලායි සාකෝසි සහ දැන් සිටින රාජ්‍ය නායකයා වන ප‍්‍රාන්සියොස් හොලන්ඞ් ගේ දුරකථන ඇමතුම් වලට සවන් දී ඔවුන් ගේ රාජ්‍යතාන්ත‍්‍රික තීරණ ගැන ඇමරිකානු බලධාරීන් අවධානයකින් සිටි බව විකීලික්ස් කෙලින්ම කියා සිටී. 2011 අවුරුද්දේ දී ඊශ‍්‍රායල් පලස්තීන සාම සාකච්ඡා ඇමරිකානු මැදිහත්වීමකින් තොරව සිදුකිරීමක් ගැන සාකෝසි පළ කරන ලද අදහසක් ආන්දෝලනාත්මකය. තවත් අවධානය දිනාගත් පැත්තක් බවට පත්ව ඇත්තේ ග‍්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වීමට ඇති ඉඩකඩ ගැන වත්මන් ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රාන්සියොස් කරන ලද අදහස් දැක්වීමකි.

ඇමරිකාව සහ ප‍්‍රංශය මෙම අනාවරණ සමග අපහසුතාවයකට පත්ව සිටී. ප‍්‍රංශය මේ ගැන ඇමරිකානු ජාතික ආරක්ෂක ඒකකය සමග කතා කරන්නට තීරණයක් ගෙන ඇතැයි හෙලිවෙයි. ඇමරිකාව මේ ගැන තවමත් නිල වශයෙන් යමක් කියන්නේ නැත. රටවල් අතර සිදුවන තොරතුරු හුවමාරුව සම්බන්ධව අලලා අලූත් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කර අවධානය දිනා ගැනීම අලූත් දෙයක් නොවේ. අද වන විට රාජ්‍ය තාන්ත‍්‍රික බැ`දීම් රහසිගත ඒවා නොවේ. බොහෝ තානාපති කාර්යාල ක‍්‍රියා කරන්නේ විවෘතවය. රටක තීන්දු වලට බලපාන කරුණු සාකච්ඡා කරන්නේ විවෘත සහ සංවාදශීලි ආකාරයකටය. එවැනි පරිවර්තනයක් සිදුවන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ ඉතාමත් වේගයෙන් බව නිරීක්ෂණය කළ හැකිය. රාජ්‍යතාන්ත‍්‍රික කාර්ය විවෘත එකක් බවට පත්වන්නේ තාක්ෂණය සහ තොරතුරු හුවමාරුව වේගවත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බව ද පෙනේ.

ඇමරිකානු සහ ප‍්‍රංශ ඔත්තු බැලීම් කෙසේ වෙතත් තානාපති කාර්යාලයක අභ්‍යන්තරය අද විනිවිද පෙනෙන ආකාරයට සකස්ව තිබේ. තානාපති කාර්යලය සහ එහි නිලධාරීන් ජනතාවගෙන් දුරස් වෙනම බලකායක් වශයෙන් සිටි කාලය අවසන්ය. රාජ්‍යතාන්ත‍්‍රිකත්වය ජනතාන්ත‍්‍රික යුගයක් කරා එළැඹෙන්නේ තානාපති කාර්යාලය යනු නිතර මහජනතාව ගැවසෙන, මාධ්‍යයට විවෘත තැනක් බවට පත්වීම සමගය.

දශක කිහිපයකට කලින් තානාපති කාර්යාලය ප‍්‍රභූ වාසස්ථානයකි. සාමාන්‍ය ජනතාවට එහි තැනක් නැත. තානාපති කාර්යාලයකට සාමාන්‍ය ජනතාව එන්නේ වීසා ඉල්ලන අදහස ඇතිව පමණකි. විදේශ ගමනක් යන අරමුණෙන් වීසා අයැදුම් කරන්නේ ද යමක් දැන සිටි පැලැන්තියයි. වීසා නිකුත් කරන්නේ තානාපති කාර්යාලයක කුඩා කවුලූවකින්ය. මහා දොරටු සාමාන්‍ය ජනතාවට විවෘත වෙන්නේ නැත. මාධ්‍යවේදීන්ට තානාපති කාර්යාලයක් තුළ සිදුවන සිද්ධි ආවරණය කරන්නට ඉඩක් නොමැත. තානාපති කාර්යාලයේ නිලධාරීන් සාකච්ඡා කරන්නේ ඉහළ ස්ථරයේ සමාජයටය. සැදෑ සාද අඩුවක් නැති නමුත් එහිදී හමුවන්නේ ද එක්තරා තෝරාගත් පිරිසක් පමණකි.

ස්වභාවය වෙනස් වන්නේ ඉක්මනින් වන අතර තානාපති කාර්යාලය තුළ පැවැති රාමුව වෙනස් වෙයි. තානාපති කාර්යාල පාලනය කරන විදේශ අමාත්‍යංශය වෙනස් තැනක් බවට පත්වෙයි. එවැනි පරිවර්තනයක් සිදුවන්නේ ජනතා බලය අනුවය. ලෝකය විවෘත වී දේශ සීමා සංකල්ප දුරස්වෙයි. රටකින් රටකට ගමන් කිරිම පහසු එකක් වන විට ජනතාව සමග සම්බන්ධවීම අවශ්‍ය කාරණයක් බව තහවුරු වෙයි. වෙළ`ද පොල සකස් වන්නේ පාරිභෝගික උවමනාව අනුවය. ආයෝජනය, නිෂ්පාදනය සහ වෙළ`දාම පළමු තැනට පත්වෙයි. තානාපති කාර්යාලයට පමණක් සම්ප‍්‍රදායේ නතරවන්නට හැකියාවක් නැත.

වීසා ඉල්ලන පිරිස වැඩි වන විට එය තානාපති කාර්යාලයෙන් බැහැර වෙනම යක් බවට හරවන්නට රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට සිදුවෙයි. රටවල් අතර පාලකයන් ජනහිතකාමී වන විට ඔවුන්ගේ ආකල්ප අනුව රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ට ජනතාව අතරට යන්නට බලකෙරේ. තානාපති කාර්යාල තුළ සිදුවන දේ මාධ්‍ය වලට මුදා හරින සම්ප‍්‍රදායක් ඇතිවෙයි. විදේශ අමාත්‍යංශය නිතිපතා පුවත්පත් සාකච්ඡුා පවත්වන සම්ප‍්‍රදායකට ඇතුළු වෙයි. ලෝකයේ නොයක් රටවල විදේශ අමාත්‍යංශ ජනතාව ගෙන් දුරස්ථ නැත. ජනතාව ආමන්ත‍්‍රණය කරන තැන් බවට පත්ව තිබේ. මෙයින් දශක කිහිපයකට කලින් කොළඹ නගරයේ තිබූ බරහිර තානාපති කාර්යාලයක් දෙස බලා ජනතාව හිතන ආකාරය අද වෙනස් එකකි. එහි චිත‍්‍රපට දර්ශන පැවැත්වෙන්නේය. සම්භාව්‍ය සාකච්ඡුා සංවිධානය කරන්නේය. කුඩා පුවත් හසුන් නිර්මාණය කර උනන්දුවක් දක්වන අයට යවන අතර අන්තර් ජාලය ඇැසුරු කරගෙන එදිනෙදා ගන්නා තීරණ ගැන නිවේදන නිකුත් කරයි. අවශ්‍ය අවස්ථාවල විවෘත පුවත් පත් සාකච්ඡුා පවත්වන අතර මාධ්‍යවේදීන්ට ඒවායේ දී ප‍්‍රශ්න කරන්නට ඉඩ ලැබේ. රටවලතානාපති කාර්යාල සමග සම්බන්ධ මාධ්‍යවේදී සංගම්, පුරවැසි මිත‍්‍ර සංගම් සහ ව්‍යාපාරික සම්බන්ධතා ඇති සංවිධාන බිහිවෙයි. ඒවා රටවල් අතර හුවමාරු වැඩසටහන් සම්පාදනය කරන බව ප‍්‍රකට කරුණකි. මෙම හුවමාරු වලදී සමාජයේ එක් එක් ක්ෂේත‍්‍රවල නිරත පිරිස් වලට රටවල් අතර සංචාර පිරිනැමේ. එයින් තානාපති කාර්යාලය සහ තානාපති නිලධාරීන් සමග බැ`දීමි ඇතිවෙයි. කලින් බැ`දීම් රහිතව රටක් ගැන තොරතුරු හොයා තමන්ගේ මවු රටේ පාලකයන්ට සිදුවීම් දැනුම් දුන් රාජ්‍යතාන්ත‍්‍රිකයන් දැන් ජනතාව සමග සම්බන්ධවී ජනමතය නිවැරදි ආකාරයට ගවේශනය කර එහි තොරතුරු ද එකතු කරගෙන පාලකයන්ට හැබෑ තොරතුරු යොමු කරයි. තානාපති කාර්යාලයෙන් නිතිපතා යැවෙන තොරතුරු සම්පණ්ඩනයේ ජනතා සංවිධාන ක‍්‍රියාකරන ආකාරය, මාධ්‍ය වල තීරණ පමණක් නොව එම තොරතුරු සොයා ගන්නට පවත්වන ලද මහජන සම්බන්ධතා වැඩ සටහන් ගැන විස්තර ඇතුලත් කිරීමත් සාමාන්‍ය එකක් බවට පත්ව තිබේ.

විදේශීය තානාපති කාර්යාල තමන්ගේ මවුරටේ ප‍්‍රතිරූපය නැංවීම වෙනුවෙන් තෝරාගත් සංවිධාන සමග වැඩසටහන් සම්පාදනය අලූත් තීරණ නොවේ. කලින් ඒ වෙනුවෙන් සීමිත අවස්ථාය. දැන් අවුරුද්දේ යම් යම් අවස්ථාවල තානාපති කාර්යාල ප‍්‍රසිද්ධ කරන තොරතුරු වලින් ඔවුන් ගේ අරමුදල් යොදවා කරන්නට අපේක්ෂා කරන ප‍්‍රජා ව්‍යාපෘති ගැන අනාවරණය කරයි. උනන්දුවක් දක්වන දේශීය සංවිධාන වලට ඒ වෙනුවෙන් ඉල්ලීම් කරන්නට හැකිය. තානාපති කාර්යාල යෝග්‍ය වැඩසටහන් වලට ධනයෙන් ආධාර කරයි. එම ධනය ඔවුන්ගේ රටවල ප‍්‍රදානයන්ය. තමමවු රටේ පුරවැසියන් ගෙවූ බදු වලින් කොටසක් වෙනත් රටකට වියදම් කරන විට ඔවුන් ට වගකීමක් තිබේ. ඒවා වියදම් කරන ආකාරය ගැන විගණනයක් කරයි. එක වරක් නොමග යැවිය හැකිය. දෙවන වතාවට ඉඩ නොදෙන ආකාරයට තානාපති කාර්යාල පරෙස්සම්ය. එපමණක් නොවේ. මේ තොරතුරු පවා අන්තර්ජාලයෙන් අනාවරණය කරයි. කාලයකට කලින් අභිලාශ ස`දහා රාජ්‍ය නොවන සංවිධානයකට මුදලක් පිරිනමන ලද්දේ නම් එය බලවත් රහසකි. දැන් එය රහසක් නොවේ. දුන් මුදල අපේක්ෂා කරන අරමුණ පැහැදිලිව දක්වා තිබේ.

විකීලීක්ස් අනාවරණය කරන කරුණු පෙන්වන්නේ දේශපාලන ව්‍යුහයයි. එය තුළ ඇත්තක් තිබිය හැකිය. අනෙක් පැත්ත මේ සියලූ දේ අද රහස් නොවීමයි. රටක් දරන මතය ගැන තවත් රටක් හෙවිල්ලෙන් සිටීම විශාල සිද්ධියක් නොවේ. ඒවා තානාපති කාර්යාලයක රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ වගකීම් අතර කොටසකි. අද තානාපති කාර්යාලයක් ජනතාවගෙන් දුරස්ව දොරටු වසාගෙන සිටීනම් එය රාජ්‍ය රහසකට හේතුවකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.