» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/03/2017 - දේශය
වොර්න් බෆර්ට් ගේ පරිත්‍යාගයක මහිමය

වොරන් බෆර්ට් ජන තානතාන්ත‍්‍රිකත්වයට පත්වන්නේ ඇයි? එයට ගැලපෙන කදිම උත්තරයක් බිල් සහ මිලින්දා පදනම නොබෝදා නිකුත් කළේය. තිස් දෙහැවිරිදි ලාබාල වියේදීම බිලියනපතියෙකු වූ බිල් ගේට්ස් වරක් ටයිම්ස් සගරාව නම් කළේ ලෝකයේ පැවැත්මට බලපෑමක් කළ හැකි බලවත්ම පුද්ගලයන් විසි දෙනාගෙන් එක් අයෙකු හැටියටය. 2012 අවුරුද්දේ ෆෝබ්ස් සගරාව ලෝකයේ වඩාත්ම බලපුලූවන්කාර පුද්ගලයන්ගේ ලැයිස්තුවේ හතර වැනියා හැටියට නම් කළේ ඔහුවය. හෙතෙම මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ වන අතර අද එම ව්‍යාපාරය ලෝකයේ විශාලතම පරිගණක මෘදුකාංග සමාගම බවට පත්ව ඇත. අලූත්ම වාර්තා අනුව ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 78.6 කි. මෙම ධනයෙන් කොටසක් සමාජ උන්නතිය වෙනුවෙන් වෙන් කෙරේ. ලෝකයේ ප‍්‍රකට දාර්ශනික චරිත එයට දායක වෙති. තමන්ගේ ප‍්‍රයත්නයෙහි සාර්ථක අසාර්ථක බව ගැන බිල් ගේට්ස් සිය වාර්ෂික ලිපියෙන් කරුණු දක්වයි. සිය ෆේස් බුක් ගිණුමෙන් ලෝකයට හෙළිදරව් කරන ලද අවධානයට ලක් විය යුතු කරුණ වලින් වොරන් බෆර්ට් ගේ ස්වභාවය නිරවුල්ව ප‍්‍රකාශ කර තිබේ. බිල් සහ මිලින්දා පදනමට එක පුද්ගයෙකුගෙන් ලැබුණ විශාලතම ධන පරිත්‍යාගය සේ සැලකෙන වොරන් බෆර්ට් ගේ ආධාර මුදල කෘතවෙදීව සිහිපත් කරන හෙයින්ය.

දස වසරකට කලින් වොරන් බෆර්ට් කළ විශාල පරිත්‍යාගය සම්බන්ධයෙන් ලාභාංශ පෙන්වන්නට හැකියාවක් නැති බව බිල් ගේට්ස් ප‍්‍රසිද්ධ කරන ලිපියෙහි දක්වන අතර එය ආයෝජනයක් වශයෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති කරන ලද වෙනස්කම් ඉලක්කම් වලින් අනාවරණය කර ඇත.

සෑම වසරකම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවුරුදු පහට අඩු දරුවන් ජීවිතක්ෂයට පත්වීම ගැන කරුණු දක්වයි. පදනමට ලැබුණ මුදල් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට යොදවා ඇත. 1990 වසරේ සිට අඩු වූ ළදරු මරණ ගණන ගණන් බලන අතර එයට අනුව පසුගිය වසර විසි පහ තුළ ළමා දරුවන් මිලියන 122 ක ගේ ජීවිත බේරා ගන්නට හැකියාවව ලැබී තිබේ. දරවන්ගේ ජීවිත බේරාගැනීම මගින් ලැබුණ ප‍්‍රතිලාභ ඉලක්කම් පමණක් නොවේ. විප්පයෝගය තුරන් ව දරු පවුල් සුරක්ෂිතව තම පවුල ගොඩනගාගෙන ඇති අතර දෙමව්පියන්ට සිය වියදම් සකසුරුවම් කරගෙන කාලය කළමනාකරණයෙන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ද දී දුප්පත්කමෙන් අත්මිදෙන්නට හැකියාව ලැබීම දාර්ශණික පැත්තය. මෙම ආධාර උපයෝගී කරගෙන දරුවන් එන්නත් කරන කාර්යය සාර්ථක කරගන්නට හැකියාව ලැබී ඇත. බරපතල රෝග වලකන එන්නත දරුවන් ගේ ජීවිත ආරක්ෂා කර ඇති අතර ලෝකයේ දරුවන් අතරින් සියයට අසූ හයක ප‍්‍රතිශතයක් දක්වා එන්නත් ලබා දෙන්නට හැකිවීම එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඉහළම තත්ත්වය සේ අනාවරණය වී තිබේ. එපමණක් නොව දුප්පත් හා පොහොසත් රටවල් අතර ප‍්‍රතිශක්තීකරණ එන්නත භාවිතාව ගැන තිබුණ පරතරය ඉතාම අවම කිරීම විශාල ජයග‍්‍රහණයක් බව පෙන්වා දෙයි.

බිල් ගේට්ස් ගේ සටහන තුළ ළගා කර ගත යුතුව ඇති පැත්තක් ද අනාවරණය කර ඇත. අලූත උපදින දරුවෙකුගේ ජීවිතයේ පළමු මාසය ඉතාම තීරණාත්මකය. ලෝක දරු උපත්වලින් මිලියන 2.5 ක් මුල් මසය තුළ ඇතිවන සංකූලතා නිසා ජීවිතය හැරයති. උත්සාහයකින් පසු අප‍්‍රිකානු රටවල මව්කිරී භාවිතය, ළදරුවන් රැක බලා ගැනීම ගැන හොඳ අවබෝධයක් දෙන්නට සමත්වුවත් වෙනත් සමාජ ද එකතු කරගෙන එය තවත් සාර්ථක කරගන්නට තවත් දුර යා යුතුව ඇති බව දැක්වෙයි.

මිලියන තුන්සියයක් වන කාන්තාවන් උපත් පාලනය සාර්ථකව කරගෙන යන අතර තවත් මිලියන දෙසිය විසි පහකට එය කරා ළඟා වෙන්නට නොහැකි වී තිබේ. දියුණු රටවල් වල දැනුවත් පවුල් හි දරු උපත් අතර පරතරය අවුරුදු තුනක් පමණ වන විට මව සෞඛ්‍ය සම්පන්න වන අතර දරුවන් නිරෝගීය. පවුලේ ආදායම වැඩිකර ගැනීම සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීමට ඇති හැකියාව දරු උපත් අතර පරතරයෙන් කළමණාකරනය කරගත හැකිවන බව බිල් ගේට්ස් ගේ සටහන තවදුරටත් අවධාරණය කරන පැත්තකි. දුප්පත්කම සම්බන්ධව ස්තී‍්‍ර පුරුෂ සමාජ භාවයක් ද ඇති බව මෙම කාලය තුළ සිදු කරන ලද ආයෝජනය අනාවරණය කර තිබේ. කාන්තාවන් බලගතු කිරීමෙන් පවුලේ ආදායම නංවන්නට හැකියාව ලැබී තිබේ. ඉන්දියාවේ පමණක් මිලියන හැත්තෑ පහක කාන්තාවන් ප‍්‍රමාණයක් ණය හා හුවමාරු කාර්යයෙහි නිරත කුඩා කණ්ඩායම් ව්‍යාපෘති වල නිරතව ආදායම් අතින් හා එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සෞඛ්‍ය පැත්තෙන් බලවත් වී ඇත. මෙම කරුණු හෙළිදරව් කරගන්නට පර්යේෂණයක නිරත වන අතර එයින් හෙළිදරව් වන තවත් පැත්තක් ඉතාමත් වැදගත්ය. ලෝකයේ ඉතාම දරුණු දුප්පත්කම මෑත වසර විසි පහ තුළ හරි අඩකින් අඩු කරගන්නට සමත්වූ බව දන්නේ සියයට එකක පිරිසකි. මෙම සමීක්ෂණය දැනුවත්භාවය ගැන එකක් නොවේ. එය ස්වභාවිකව සිදුවන හෙයින් සමාජයේ බහුතරයක් එකී සංසිද්ධිය ගණනකට නොගැනීමයි. නමුත් ඇත්තටම ලෝකයේ දුප්පත්කම අඩුවී තිබේ. ළදරු මරණ පහත වැටී ඇත. සාක්ෂරතාවය ඉහළ නැග තිබේ. කාන්තාවන්ගේ සහ සුළු ජන කණ්ඩායම් වල තත්ත්වය හොඳ තැනකය.

මෙම කරුණු දක්වන බිල් ගේට්ස් සිය ලියැවිල්ලෙන් වොරන් බෆර්ට් ගේ හිතට තවත් සංවේදී තොරතුරු අනාවරණය කරයි. තම පදනමට ලැබෙන පරිත්‍යාග නිවැරදිව මෙහෙයවා මැලේරියාව ලෝකයෙන් තුරන් කර ඇත. ක්ෂය රේගය හා එච්.අයි.වී ආසාදන තුරන් කරන තෙක් ප‍්‍රයත්නය නතර නොවේ. පෝලියෝ රෝගය පාලනය මැජික් ඉලක්කමක මටට්මට පැමිණ ඇත. 1988 දී පෝලියෝ රෝගීන් තුන් ලක්ෂ පනස් දහසක් වන අතර 2016 අවුරුද්දේ දී වාර්තා වන්නේ රෝගීන් තිස් හතකි. එය දැවැන්ත දර්ශනයක එක කොටසක් නොවේද? මෙම රෝගීහු උතුරු නයිජීරියාව, අෆ්ලනිස්ථානයේ හා පකිස්තානයේ කොටසකින් වාර්තා වන අතර විශේෂයෙන් ගැටුම් සහිත ප‍්‍රදේශවල එහි අනතුර තවමත් තිබේ.

වාර්ෂිකව තම ෆේස් බුක් ගිණුමෙන් සාර්ථකත්වය ගැන උදම් අනනවාට වඩා ජයග‍්‍රහණයේ ඉලක්කම් පෙන්වා වොරන් බෆර් ගේ පරිත්‍යාගයෙහි කාරුණික භාවය දැවැන්ත මහිමයක් සේ දක්වා ඇත. මෙම කරුණු අප සාකච්ඡා කළ යුතු මන්ද? බිල් ගේට්ස් සහ මෙලින්දා පදනම ඔස්සේ මෙම විශිෂ්ඨ පුද්ගලයන් සැලසුම් කරන්නේ සමාජ පරිවර්තනයකටය. මේ දක්වා ලෝකයේ ඒඞ්ස් හා මැලේරියාව නැති කරන්නට පුද්ගලික අංශය විශාල ධනයක් පරිත්‍යාග කර තිබේ. කෘෂිකර්මයේ අභිවෘද්ධියට ධනය යොදවා ඇත. ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය අලූත් පැති ගැන පර්යේෂණ කරන්නේ මෙම බිල් හා මිලින්දා අරමුදලේ සහයෙන්ය. අරමුදල ගමන් මග තුළ ලෝකයේ පැවැත්ම වෙනුවෙන් විශාල මෙහෙවරක් කර තිබේ. ඒවා එකින්නෙක වෙන්කර දාමයක් සේ දක්වන්නට තරම් පහසු නැති තරමට සංකීර්ණය.

ලෝකය යහපත් තැනක් කරන්නට ලොව පුරා පරිත්‍යාගශීලීහු නොනිත් උනන්දුවකින් කි‍්‍රයා කරති. එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් අරමුදල අමතා කළ හැකි දේ විමසා බලති. ජාත්‍යන්තර අරමුදල් වල සේවාව පසුකර විශාල යහපතක් කරන්නට සහභාගීත්ව ක‍්‍රමවේදයට හැකියාව ලැබී තිබේ. වොරන් බෆර්ට් ඔසවා තැබෙන්නේ එතැනටය.