» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/10/2015 - දේශය
ඉන්දියාවේ කෝවිලකින් ශක්තිය ලැබූ ෆේස්බුක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගී වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්පසු ඇමරිකාවේ සිලිකන්වැලි ප‍්‍රදේශයට පිටත්ව ගියේය. ෆේස් බුක් සමාගමේ දී මෝදි අගමැතිවරයා පිළිගත් ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් රහසක් අනාවරණය කළේය. දකුණු ඉන්දියාවේ කනිචිදාම් කෝවිල ගැනය. තිස් එක්වැනි විය ලබන විට ලෝක ප‍්‍රකට වෙබ් සමාජ ජාලාවක් වන ෆේස් බුක් නිර්මාණය කර එයින් ඇමරිකානු ඩොලර් බිලියන තිස් පහ ඉක්මවන ධනයක් උපයාගෙන සිටින සුකර්බර්ග්, මෝදි අගමැතිවරයාට කියන රහස කුමක්ද?

තමන් එක වතාවක් මෙම ෆේස් බුක් ව්‍යාපාරය විකුණා දමන තීරණයක සිටි බවය. ස්ටීව් ජොබ්ස් එම තීරණය ගැන අවවාදයක් කර තිබේ. තමන් ද එවැනිම පීඩනයක් ඇති වූ අවස්ථාවක දී ඉන්දියාවේ පිහිටි කනිචිදාම් කෝවිලට ගොස් නිදහසේ මාසයක් ගත කර පැමිණි අතර එය අලූත් ධෛර්යයක් ඇති කරගන්නට මහත් සේ උපකාරී වූ බව ප‍්‍රකාශ කර ඇත. මේ ස`දහන් කරන ස්ටීව් ජොබ්ස් ඇමරිකාවේ ඇපල් පරිගනක ආයතනයේ සම නිර්මාතෘවරයා ඇතුළු ව්‍යාපාර ජාලයක හිමිකරු බව ස`දහන් කළ යුතුය. ස්ටීව් ජොබ්ස් පමණක් නොව මයිකල් සුකර්බර්ග් ද, ඉන්දියාවට යන්නේ තම අරමුණු වෙනුවෙන් අධ්‍යාත්මික බලය අපේක්ෂාවෙන්ය. නමුත් නරේන්ද්‍ර මෝදි සිය ඇමරිකානු සංචාරයේ එක් අවස්ථාවක් වශයෙන් සිලිකන්වැලි ප‍්‍රදේශයට ගියේ ඉන්දියාව ඩිජිටල්කරණයට ලක්කරන වෑයමේ තවත් පියවරක් හැටියටය. කනිචිදාම් කෝවිලට වඩා වැදගත්වන්නේ ඉන්දියානු නායකයා සිලිකන්වැලි ප‍්‍රදේශයට ගොස් එහි ආයෝජන ඉන්දියාවට ගෙනඑන්නට කරන යෝජනා බව තේරුම් ගැනීම වැදගත්ය.

ඉන්දියානු අගමැතිවරයා සිලිකන්වැලි ප‍්‍රදේශයට යන්නේ ඉන්දියානු නායකයෙකු තිස් වසරකට පසු එහි කරන සංචාරයක් වශයෙන්ය. කැලිපෝනියාව ලෝකවාසින් හ`දුන්වන්නේ සිලිකන්වැලි යන අන්වර්ථ නාමයෙන්ය. ලෝකයේ බලවත්ම තොරතුරු තාක්ෂණ සමාගම් එහි සිට මෙහෙයැවීම එයට හේතුවයි. ලෝකයේ ඉසුරුමත් සමාගම් පන්සියයක් වර්ගීකරණය කරන අතර එයින් තිස් ගණණක්ම කැලිෆෝනියාවේ සිලිකන්වැලි ප‍්‍රදේශයෙන්වීම විශේෂත්වයකි. තවත් කාරණයක් වන්නේ මෙම සමාගම් වැඩි ගණනක ප‍්‍රධානීන් හෝ තීරණගන්නා මට්ටමේ ප‍්‍රබලයන් ඉන්දියානුවන්වීමය. නරේන්ද්‍ර මෝදි සිලිකන්වැලි යන්නේ මෙම උරුමයට ඇති සම්බන්ධය හොයමින් වන අතර ඔහුට ඇති ඉතා ආකර්ශණීය ජන අවධානය හෙයින් ඔහු කතා කරන ආකාරය බලන්නට වාර්තාගත පිරිසක් සිලිකන්වැලි ජනහමුවට පැමිණ තිබූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. එය විසි දහසකට වැඩි බව දැක්වෙයි. සාමාන්‍යයෙන් දේශපාලනඥයෙකුගේ ගමනක් බලන්නට සිලිකන්වැලි ජනතාව උනන්දු නැත. මෝදි එය වෙනස්කර තිබේ.

රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු නමුත් පොදු ජනතාව සමග සම්බන්ධ වෙන්නට තොරතුරු තාක්ෂණය බහුලව උපයෝගී කරගන්නා ලෝක නායකයෙකු වශයෙන් ඉන්දියානු අගමැතිවරයාට අන්‍යයතාවයක් තිබේ. එය එහුගේ ජන තාන්ත‍්‍රිකත්වයයි. ලෝකයේ රටවල් එකසිය හැත්තෑ ගණනක නායකයන් එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ නමුත් ඉන්දියානු අගමැතිවරයා පමණක් සිලිකන්වැලි යන්නේ ඉන්දියානුවන්ගේ බලය පෙන්වන්නට පමණක් නොව එම සමාගම්වල ප‍්‍රධානීන්ට ඉන්දියාවට පැමිණ අයෝජනය කරන ලෙස ආරාධනා කරන්නටය. මයික්‍රොසොෆ්ට්, ගූගල්. මාස්ටර්කාඞ්, පෙප්සි ඇතුළු සමාගම් විශාල ගණනක ප‍්‍රධානීහු ඉන්දියානු සම්භවයක් ඇති අයය. ඒ අයට කියන්නේ ඉන්දියාවට එන ලෙසය. ගූගල් ප‍්‍රධාන කාර්යාලයට ගිය මෝදි පසුව ෆේස් බුක්, මයික්‍රොසොෆ්ට් සමාගම් වලට යයි. ඌබර් ප‍්‍රධානියා ද හමුවෙයි. එයින් උත්සාහ කරන්නේ ඉන්දියාව ඩිජිටල්කරණයට ලක්කරන තවත් වැදගත් පියවරකටය.

ඇමරිකාවට ගිය ඉන්දියානු ජාතිකයන් එරට තුළ සුළු ජන කොටසක් වශයෙන් තොරතුරු තාක්ෂණය හා වෙනත් අංශ වලින් ඉදිරියට පැමිණ බැබලෙන නමුත් එම ජනතාව ගැන වෙහෙසෙන්නට නරෙන්ද්‍ර මෝදි තීරණය කිරීම ද විවාදයට හේතු වී තිබේ. ඉන්දියාවේ ඇතැමි දෙනෙකු මෝදි ට දොස් පවරන්නේ පිටරට ගිහින් ඉන්න ඉන්දියානුවන් ගැන හොයන්නට යාම වරදක් බව දෝෂාරෝපණය කරමින්ය.

මෝදි තේරුම් ගෙන ඇති ආකාරය වෙනස් එකකි. ෆේස් බුක් පරිහරණය කරන සමාජය රටක් නම් එම රටට දේශ සීමා නැත. ජනගහනයක් හැටියට බැලූවහොත් ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රටවල් ලැයිස්තුවේ තුන්වැනි තැනට එකතුකරන්නට හැකියාවක් තිබේ. ලෝක ජනගහනයේ වැඩිම දෙවැනි තැන සිටින ඉන්දියානු නායකයා සිලිකන්වැලි ගොස් ෆේස් බුක් නිර්මාතෘ හමුවන විට තවත් නොබෝ දිනකින් චිනයේ ජනාධිපති ෂින් ජින්ග්පින් ඇමරිකානු ජනාධිපතිවරයා හමුවෙන්නටත් කලින් සිය ඇමරිකානු සංචාරයේ දී කෙලින්ම යන්නට නියමිතව ඇත්තේ සිලිකන්වැලි ප‍්‍රදේශයටය. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රටේ නායකයා තාක්ෂණය සහ විද්‍යාත්මක සොයාගැනීම් ගැන ඒ තරමට හිතන විට නරේන්ද්‍ර මෝදි එයටත්කලින් ඒ ගැන කල්පනා කිරීම අවධානයට ගත යුතු කාරණයකි. ලෝකයේ අනෙක් නායකයන් ඒ ගැන අවධානය නැති පමණක් නොව රට තුළ යම් ආකාරයක දෝෂාරෝපණය හමුවේ ඉහළින් හිතන්නට හැකිවීම සුවිශේෂී අවස්ථාවකි. රටට ආයෝජන ඉල්ලන්නේ රට ගොඩනගන්නටය. ඉන්දියානු ජනතාව වෙනුවෙන්ය. ඉන්දියානු පර වැසියන් අතරින් කොටසක් තේරුම් ගෙන නැති ආාකරයට දොස්කියන නමුත් තීන්දු ගන්නේ අනාගතය වෙනුවෙන්ය. එය ඉතාමත් වැදගත්වන්නේ සිලිකොන්වැලි ගැන මේ වන විට ජාත්‍යන්තර ප‍්‍රජාව බලන ආකාරය අනුවය.

අලූත් දේ නිපදවන, විදයාත්මක සහ තාක්ෂණික පෙරුලියකට පදනමක් බවට පත්ව ඇති ඇමරිකාවේ සිලිකන් වැලි ප‍්‍රදේශය විශාල හාස්කමක් ඇති තැනක් දැයි ලෝක වාසිහු විමසන්නනේය. එහි වතුර වෙන තැනකට වැඩි වෙනස් එකක් දැයි ජාත්‍යන්තරයප‍්‍රශ්න කරන්නේ එතැනට එන, ආයෝජනය කරන අලූත් දේ නිපදවා ලෝකය වෙනස් කරන නව නිපැයුම් ව්‍යවසායකත්වය ගැන අධ්‍යයනය කරමින්ය. සිලිකොන් වැලි සාර්ථකත්වය තීරණ ගැනීමට ඇති නිදහස සහ අලූත් දෙයක් කරන්නට ඉඩ දී ඇති ව්‍යුහය බව ජාත්‍යන්තර ප‍්‍රජාව තේරුම් ගෙන තිබේ. ලෝකයේ නොයෙක් තැනින් එන අලූත් ආකාරයකට හිතන පිරිම එතැන දී කරන ව්‍යාපාර සාර්ථක වන්නේ එහෙයින්ය. එම සාර්ථකත්වය ගවේශනය කරන්නට සමත් වූ ලෝක නායකයන් කිහිප දෙනා අතර නරේන්ද්‍ර මෝදිට ඇති තැන අප අවධානයට ගත යුතුය. සියලූ දෙනාට කලින් ඒ බව තේරුම් ගෙන එතැනින් ජවය උපයා ගන්නට තැත් කිරීම සූක්ෂම එකක් බව වටහා ගත යුතුමය.

මම තොරතුරු තාක්ෂණය ගැන විශේෂඥයෙකු නොවෙමි. නමුත් ශෝෂල් මීඩියා භාවිතා කරන ආකාරය ගැන මට අවබෝධයක් ඇත. මෝදි අගමැතිවරයා මාර්ක් සුකර්බර්ග් හමුවේ දී කියන්නේ සුකර්බර්ග් හෙලිකරන ලද කනිචිදාම් කෝවිල ගැන රහසට ප‍්‍රතිචාරයක් වශයෙන් දැයි විචාරයකට ගමන් කිරීම වැදගත්ය. එයට වඩා සූක්ෂම ආකාරයට තේරුම්ගත යුතු දෙයක් තිබේ. ඉන්දියානුවන් ඇමරිකාවට ගොස් තාක්ෂණයෙන් ඉහළ තැන් ඇති බලවත් සමාගම්වල ප‍්‍රධානීන් වන විට එයින් ප‍්‍රයෝජන ගන්නට හිතන ආකාරයයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් ලෝක නායකයින් සමග උරෙනුර ගැටී ඉහලින් සිටින අතර ජනතාන්ත‍්‍රිකත්වය වෙනුවෙන් තිරණ ගන්නා පෙළැඹවීමයි. ඉන්දියාව විසි එක් වැනි සියවස අයිති ඉන්දියාවට බව ජාත්‍යන්තරය හිතන්නට පටන්ගෙන ඇති බව කියන නරේන්ද්‍ර මෝදි වේද ග‍්‍රන්ථ වල සිට සැටලයිට් යුගය දක්වා දර්ශනයකට රට ගමන් කරමින් සිටින්නේ යැයි ස`දහන් කරයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.