අද වන විට ජාත්‍යන්තරය බලා සිටින්නේ ආසියාව දෙසය. ආසියාවේ දකුණු කලාපය ලෝක ආර්ථිකයේ වේගයෙන්ම වර්ධනය වන තැන බවට පුරෝකථනය වෙයි. ඒ අතර ද ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ එක්සත් බවට හා බල පරාක‍්‍රමයට මුල් වූ චරිත රැසක් තිබේ. මෙම චරිත වලට පදනම ඉන්දියාවේ නිදහස් උදානයයි. ඉන්දියානු නිදහස් සටනේ මෙහෙවරක් කළ දැවැන්තයන් අතර අම්බෙද්කාර් තවත් විශේෂිත පුද්ගලයෙකි. හෙතෙම සුවිශේෂී වෙන්නේ ජනතාන්ත‍්‍රිකත්වයට පත් වූ හෙයින්ම නොවේ. එකිනෙකට වෙනස් සිතුම් පැතුම් ඇති අති විශාල ජනකායක් ව්‍යවස්ථාව නමැති සම්මුතිය උපයෝගි කරගෙන එක කුලකයකට ඔසවා තබන්නට සමත් වූ හෙයින්ය.
ස්වකීය මතය වෙනුවෙන් තදින් පෙනී සිටිමින්, හඩක් නොමැති ජන කොටස වෙනුවෙන් හඞක්ව අභීතව සිය උපරිම ශක්තිය මෙහෙයවූ ජන නායකයෙකු හැටියට බහිමරෝ රමාජි අම්බෙද්කාර් ඉන්දීය දේශපාලනයේ වීරයෙකු වශයෙන් සනිටුහන් වී තිබේ.
අම්බෙද්කාර් උපත ලබන්නේ මධ්‍යම ඉන්දියාවේ මහෝව් ගම්මානයේය. එවකට ඉන්දියාව හිරු නොබසින අධිරාජ්‍යයේ එනම් බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් පමණක් නොව කුල බේධය ඉහවහා ගොස් තිබූ රටක් බව ඉතිහාසය දක්වයි. එය කොපමණ දරුණු එකක් ද යත් පාසලේ පන්ති කාමරයටවත් ඇතුළු වෙන්නට අම්බෙද්කාර්ට ඉඩක් ලැබෙන්නේ නැත. ඔහුගේ පියා බි‍්‍රතාන්‍ය හමුදාවේ රැකියාව කළේය. එහෙයින් රජයේ පාසලේ ඉගෙන ගන්න ලැබුණ නමුත් අධ්‍යාපනය ලබන්නේ පන්ති කාමරයෙන් පිටත හිටගෙන සිටිමින්ය. පාසලේ අනෙක් දරුවන් විවේක වෙලාවේදී රස මසවුලූ ගනිද්දී, අම්බෙද්කාර්ට වතුර පානය වෙනුවෙන් ජල ටැංකිය කිට්ටුවට එන්න නොලැබෙන්නේය. මෙයට හේතුව උපතින් කුල හින පවුලක ඉපැදුන හෙයින්ය.
එහෙම ඉගෙනගත් අම්බෙද්කාර් පසුව ඉන්දියාවේ ජාතික විරයෙකු වශයෙන් ඉහලම තැනටත්, ඉහලම ගෞරව නාමය වන භාරත රත්න සම්මානයෙනුත් පිදුම් ලබන්නේය. දුක දිනාගෙන අති මහත් කැපවීමකින් ඉගෙනගත් අම්බෙද්කාර් ශිෂ්‍යත්වයක් දිනා අමෙරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙයි. ඉන් පසු එංගලන්තයට යන හෙතෙම එහි දී නිතිය ගැන පරතෙරටත් ඉගෙනගත් අතර මෙම කුඩා සේ සැලකූ චරිතය නැවත ඉන්දියාවට එන්නේ මහා විද්වතෙකු හැටියටය. බටහිර ඉගෙන ගන්න කාලයේ අම්බෙද්කාර්ට ලෝකය දකින්නේ අලූත් අවස්ථාවක් හැටියටය. ඉන්දියාව පටු බේධ සහ සම්ප‍්‍රදායික මත නිසා මිනිසුන්ගේ හැකියාව යටපත් කරන ආකාරය ඔහු අත් වින්දේය. දැනුමෙන් පොහොසත් වන විට ඔහු ඉන්දියාව දැක්කේ මහා බැඳීම් වලින් වෙනස් කරන්න දැවැන්ත අරගලයක් කළ යුතු තැනක් වශයෙන්ය.
ආපසු පැමිණි හෙතෙම බරෝඩා ප‍්‍රාන්තයේ ආරක්ෂක ලේකම් ධුරයට පත්වෙයි. රැකියාව කරන ගමන් රටට සේවයක් වශයෙන් දුක් විඳින දරුවන්ට අතිරේක පන්ති පවත්වයි. මහන්සියෙන් ජීවිතය පටන් ගන්න වැර දරන පිරිසට උදව් කරයි. අඩු කුලයේ අය වෙනුවෙන් රට පුරා මතයක් ඇති කරන්නට ''නිශ්ශබ්ධ නායකත්වය'' නමින් සතිපතා ප‍්‍රකාශනයක් අරඹයි. අම්බෙද්කාර් ඉන්දියාවේ කුල වාදයට එරෙහිව මහා අරගලයකට මුල පුරයි. එයට රාමුව හදා ගත්තේ බුද්ධ දර්ශනයෙන් බව ඔහු සඳහන් කර තිබේ. බුදුන් වහන්සේ ලෝකයට දේශනා කළ සමානාත්මතාවයේ පණිවුඩය හා කෙනෙකු උසස් හෝ පහත් වන්නේ උපතින් නොව ක‍්‍රියාවෙන්ය යන දර්ශනය තරයේ ඇදහූ අම්බෙද්කාර් ඉන්දියාව නිදහස ලබන විට සමාජය පැත්තෙන් දැවැන්ත බේධ නැති නිදහස් චින්තනයක් ගොඩනගා ගන්නට සමත්කම් පෙන්වන්නේය. නිදහස් කම්කරු පක්ෂය අම්බෙද්කාර් ගේ දේශපාලන ගමනේ ආරම්භයයි. තමන් නියෝජනය කරන සමාජයට දේශපාලන ශක්තියත් අවශ්‍ය බව තේරුම් ගැනීමෙන් පසුවය.
නිදහස් ඉන්දියාවේ පළමු නීති අමාත්‍ය වරයා හැටියට දිවුරුම් දෙන්නේ අම්බෙද්කාර්ය. ඇමැති ධුරයට පත් වහා ඉන්දියාවට අලූත් ව්‍යවස්ථාවක් හදන කමිටුවේ මුල් පුටුවට යෝජනා වූයේ නීතිය හදාරා බටහිර අත්දැකීම් ඇති අම්බෙද්කාර්ය. මහ ජාතියට සමානව සුළු ජන කොටසට ද සමාන අයිතිය හිමිවන ආකාරයට අලූත් ව්‍යවස්ථාවක් සකස් කරයි කියන විශ්වාසය රටට තිබුණා. අම්බෙද්කාර් ඒ විශ්වාසය අකුරටම ඉටු කළා. එහෙම කරන්නට හැකිවුයේ ඔහු තුළ තිබුන පුලූල් හැඟීම්. පුරවැසි අයිතිය, මානව හිමිකම්, ආගම තෝරා ගැනීමේ නිදහස සහ ජන වර්ග හෝ ආගම් අතර වෙනස් කම් පිලිනොගැනීම වැනි කාරණා ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමෙන්.
ඉන්දියානු නිදහස් සටනට දර්ශනය දුන්නේ ජවහල්ලාල් නේරු. ආත්මය බවට පත්වුණේ අවිහිංසාවාදී නායක මහත්මා ගාන්ධි. මේ අය සමග එකට ක‍්‍රියාකරමින් සිටි අම්බෙත්කාර් තමන්ගේ ජීවන අත්දැකීම් එකතු කරලා රට එකතු කරන ලියැවිල්ල හැටියට ඉන්දියාවට අලූත් ව්‍යවස්ථාවක් හදන්නට සමත් වුණා. එහෙම නැත්නම් බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබන විට අති විශාල ඉන්දියාව ජාති ආගම් අනුව බෙදී වෙන් වෙන් රටවල් ගණනක් හැදෙන්න ඉඩ තිබුණා. මෙම ව්‍යවස්ථාව හදන කාරණයට ඉන්දියානු නායකයන් එකිනෙකට වෙනස් ආකාරයට දායක වූ බව විචාරකයන් දක්වන කාරණයක්. සර්ධාර් පටෙල් එකකට එකක් වෙනස් ගති ලක්ෂණ තිබූ වෙනස් ජාතික නායකයන් සමග කෙලින් සාකච්ඡා කළා. එම සාකච්ඡා තියුණු සහ මුවහත් අදහස් සහිතව වූ එකක්. උණුසුම් අදහස් හුවමාරු සහ මග ගැටීම් කෙළවර වුණේ නොබෙදී එකට ඉන්න තීරණ ඇතිව. එයට හේතුව අම්බෙද්කාර් නිර්මාණය කරන සමානාත්මතාවට මුල් තැන දෙන ව්‍යවස්ථාවේ වගන්ති සමග බව පොදු පිළිගැනීමයි. මේ නිසාම ඉන්දියාවේ සෑහෙන තරම් තිබුණ බෙදීම් යටපත් වෙලා සුළු ජාතීන්ගේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කරන්නට පදනම හැදුණා.
විවිධ ආගම් විවිධ සංස්කෘතින් අනුව ක‍්‍රියා කර අත් දැකීම් සහිතව සිටි අම්බෙද්කාර් ජීවිතයේ අවසන් අවරුදු පහ හය ගත කළේ බුද්ධාගම වැළඳගෙන. ශ‍්‍රී ලංකාවටත් ඇවිත් බුදු දහමේ ගැබුරු තැන් හැදෑරු බව සඳහන්. ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. ඒ විතරක් නෙවෙයි බුදු දහම හොයා ගෙන රටවල් කිහිපයකට ගිහින් අන්තිමේදි බෞද්ධ දර්ශනය ගැන කෘතියකුත් සම්පාදනය කළා.
ජනතාන්ත‍්‍රිකයන් බිහි වෙන්නෙ උපතින් නෙවෙයි. නායකයන් හැදෙන්නට පසුබිම රදල පරම්පරා වලින්ම නොවෙන බවට අම්බෙද්කාර් චරිතය ඉතා හොඳ උදාහරණයක්. පහලම තැනින් ඇවිත් අසිමිත වීර්යයෙන් ලෝකය දිනූ අම්බෙද්කාර් අභාවයට පත්වන විටත් ඔහු ලියන ලද පළ නොවූ සිය ගනණක් ලිපි ලේඛන ඔහුගේ මේසය මත තිබුණා. ඉන්දියාවේ ශක්තිය බවට පත්වෙන්න, සියලූම ජනතාවට සමානාත්මතාවයෙන් සලකන්න අදහස් ඒවායේ තිබුණා. අද්විතීය මෙහෙවරක් කළ අම්බෙද්කාර් වෙනුවෙන් ඉන්දියාව අපමණ ගරු කරනවා. එතුමාගේ ජන්ම දිනය ඉන්දියාවේ නිවාඩු දිනයක් සේ සලකා ගරු කරනවා. මහජනතාවගේ වැඳුම් පිදුම් ලබන මේ වීරවරයා නමට ලියැවුණ කෘති එමටයි. වාර්තා චිත‍්‍රපටි, පොත් පත් සෑහෙන ප‍්‍රමාණයක් ලියැවී තිබේ. ඉන්දියාවේ ඉදිරි ගමනට දැවැන්ත පිටිවහලක් වී ඇත්තේ අම්බෙද්කාර් නිර්මාණය කළ ව්‍යවස්ථාව සහ එයින් රටට ලැබුණ අවස්ථාවයි. පංති කාමරයක් තුළට ඇවිත් ඉගෙන ගන්නට ඉඩක් නොලැබුණ සමාජ ක‍්‍රමයක සිට එවැනි අසමානතා දුරු කර සියලූ දෙනාට එකට වාඩි වෙන්න පුලූවන් සමාජයක් වෙනුවෙන් ව්‍යවස්ථාවක් හදන්නට සමත්වීම ඔහු කළ දැවැන්ත කාර්ය භාරයක්. බලය ආරක්ෂා කරගන්නා අවස්ථා වෙනුවෙන් ව්‍යවස්ථා භාවිතා නොකර සමාජ උන්නතිය වෙනුවෙන් එහි වගන්ති ලියන්නට සමත්වන නායකයන් ජනතාවගේ හදවත් අතර මතකයේ රැදෙන්නේ සදාකාලයටමයි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|