» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/01/2017 - දේශය
ප්‍රංශයෙත් ට්‍රම්ප් කෙනෙක්

මෙයින් අවුරුදු දහයකට කලින් ප‍්‍රංශ නායකත්වය සඳහා පත් කරගනු ඇතැයි එරට වැසියන් සිහිනෙන් වත් නොසිතූ චරිතයක් අද ප‍්‍රංශ ජනාධිපතිවරණ සටනේ කරට කර සටනකය. අති දක්ෂිණ අදහස් ඇති ජාතිවාදී අදහස් වලට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක නායකත්වයට පත් ව සිටින ඇය ජාත්‍යන්තරයේ පවතින ප‍්‍රවණතා වලට එළිපිටම අභියෝග කරන්නට පටන්ගෙන තිබේ. පැරණි දේශපාලන පරපුරක අලූත් පුරුක සේ ගැනෙන ඇය මරීන් ල පෙන් වශයෙන් සඳහන් කළ හැකිය.

ප‍්‍රංශයේ ජාතික පෙරමුණ ඇගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂයයි. මරීන් ගේ පියා 1972 දී එනම් මෙයින් අවුරුදු හතලිස් පහකට කලින් පක්ෂය නිර්මාණය කළේය. ආර්ථික ආරක්ෂණවාදය, හානි අවම කිරීම, නීති හා විධිවිධාන සමග විශේෂයෙන් මහා පරිමානයෙන් වන ජන සංක‍්‍රමණයට එරෙහි ප‍්‍රතිපත්තිය පක්ෂයෙහි ස්ථාවරයයි. පක්ෂ නායකයා වශයෙන් මරීන් ගේ තාත්තා ප‍්‍රංශ ජනාධිපතිවරණ සටනට 2002 වසරේ ඉදිරිපත් වුව ද එයින් සාර්ථකත්වයක් අත් කරගත්තේ නැත. මරීන් ල පෙන් පක්ෂය භාරගත්තේ එයින් වසර නමයකට පසුවය. තරුණ කාන්තාවක වශයෙන් එවකට නැගෙමින් තිබූ අදහස් අනුව ක‍්‍රියා කරමින් පක්ෂය නව මාවතකට යොමු කරන ලද අතර, ඇය 2014 දී පැවැති පලාත් පාලන මටට්මේ ඡන්ද වලින් සැලකිය යුතු ජයක් අත්පත් කරගත්තාය. යුරෝපා පාර්ලිමේන්තුව සඳහා ප‍්‍රංශ නියෝජිතයන් තෝරා ගැනීමේ දී සියයට විසි පහ ඉක්මවන ප‍්‍රතිශතයක් ගන්නට සමත් වූ ජාතික පෙරමුණ වර්තමානයේ දැඩි කතා බහට ලක්ව තිබේ.

පසුගිය වසරේ දී මරීන් කියා සිටියේ ඇය 2017 ප‍්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. පළමු වටයේ දී සියයට තිහක පමණ වාසියක් අත් පත් කර ගත හැකි වනු ඇති බව එරට විචාරකයෝ කියති. අරමුදල් සම්පාදනය ඇයගේ ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් ව තිබේ. පක්ෂය ගෝලීයකරණයට අකමැති හෙයින් ප‍්‍රංශයේ බැංකු වලින් ලැබෙන මූල්‍ය අනුග‍්‍රහය අඩුය. යුරෝපා හා වෙනත් පාර්ශව වලින් ධනය ලබාගෙන ඡුන්ද කටයුතු මෙහෙයවන්නට මරීන් ගේ ලැදියාවක් නැත. ප‍්‍රංශය මුහුණ දී ඇති සංක‍්‍රමණ අර්බුද, ත‍්‍රස්තවාදී ප‍්‍රහාර සහ මරීන් ගේ උපායශීලි පක්ෂ යාන්ත‍්‍රණය ජයග‍්‍රහණය සම්බන්ධ බලාපොරොත්තු තීව්ර තර ඇත. කෙසේ නමුත් මරීන් ල පෙන් පෙබරවාරි මාසයෙන් මෙපිට සිය ජනාධිපතිවරණ ඡුන්ද ව්‍යාපාරය ආරම්භ නොකරන බව දැක්වෙයි. ප‍්‍රතිවාදී තරගකරුවන් ගේ ප‍්‍රවේශය සහ සිය බුද්ධි මණ්ඩලය සැලසුම සකස්කරන තුරු මාධ්‍ය වලින් ඈත්ව නිහ`ඩව සිටින්නට උත්සාහ කරන්නීය. මෑතක දී ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරණයේ ජය ගැනීම සමග ජාත්‍යන්තර පුවත් සේවයකට ප‍්‍රකාශයක් කළ ඇය කියා සිටියේ එය තම ප‍්‍රංශ ජනාධිපතිවරණ සටනට පහසුවක් වන අතර කළ නොහැකි යැයි කලින් උපකල්පනය කරන ලද දේ යථාර්තයක් කරන්නට ට‍්‍රම්ප් ට පුළුවන් වූ බව සඳහන් කරන්නේ ඇයගේ හාවිතාව ද ජාති, අන්තවාදී සහ ආරක්ෂණවාදී වන එකක් බව දක්වමින්ය.

මරීන් ල පෙන් සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දැරියයි. මූලික අධ්‍යානයෙන් පසුව ඇය තෝරා ගත්තේ නීතියයි. ශාස්ත‍්‍රපති නීති උපාධිය දිනා ගැනීමෙන් පසු ඇය එහි උසස් අධ්‍යාපනය තව දුරටත් කරගෙන යන අතරවාරයේ පැරිසියේ නීතිවේදිනියක ලෙස පෙනී සිටියාය. හය අවුරුද්දක් පමණ මහන්සි වී අධිකරණ කටයුතු වල දී පෙනී සිටි ඇය වඩා ප‍්‍රකට වූයේ අනවසර සංක‍්‍රමණ නීතිය කෙරෙහිය. දෙවතාවක්ම විවාහ වූ නමුත් දරුවන් සමග තනිවූ ඇය පසුව පක්ෂය වෙනුවෙන් පූර්ණ කාලීන වූවාය. මුලින් පක්ෂයේ නීති දෙපාර්තමේන්තුව භාරගත් අතර හරියටම 2000 වසරේ දී පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තාය.

පක්ෂ නායකත්වය ඇයට උරුම වුයේ පවුලේ දේපොලක් වශයෙන් නොවේ. මහන්සියෙන් දිනා ගත් එකකි. ජාතික පෙරමුණ පක්ෂයේ දෙපාර්තමේන්තු පනස් එකක් සමග දින ගණන් සාකච්ඡා කළාය. ඇයගේ දේශපාලන අදහස්, දේශපාලන ව්‍යාපාරය මෙහෙවන අයුරු සහ ප‍්‍රතිපත්ති ගැන දීර්ඝ උණුසුම් කතාබහ වල නිරත විය. මාස හතරක් පැවැති මෙම සාකච්ඡා ප‍්‍රධානීහු සමග කරන අතරවාරයේ ඇගේ ආධාරකරුවන් දෙවැනි පෙළ සමග සංවාදයෙහි නිතර විය. පක්ෂ නායයකත්වයට යන ගමන හුදෙක් දේශපාලන පවුලක් එකතු කරන එකක් නොවන බව අවධාරණය කළ මරින් ල පෙන්, හුදෙක් එය එසේ නොවන්නේ නොවන බව ද අවධාරණය කළේ මෙම නායකත්ව ගමනෙහි ඉලක්කය පක්ෂය ප‍්‍රංශ ජනතාවගේ කේන්ද්‍රීය බලවේගය බවට පත්කරන බවට එකහෙලා ප‍්‍රතිඥා දෙමින්ය. අවසානයේ දී ඇගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයාගේ ඡන්ද ප‍්‍රතිශතයට වඩා දෙගුණයක් ඉහළින් සිටිමින් පක්ෂයේ නායකත්වයට පත් වූවාය.

එයින් වසර දෙකකට පසු ඇය තම පියාගේ අඩි පාරේ යමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර පක්ෂ යාන්ත‍්‍රණය සමග ඉදිරියට ගිය මරීන් ග‍්‍රාමීය සහ ප‍්‍රංශයෙන් බැහැර ඡන්ද ආකර්ශනය කරගත්තාය. එය පක්ෂය පළමු වරට ඉදිරිපත් වූවාය වඩා ජයග‍්‍රශණයක් විය. රට තුළ මහ රටින් පිට ඇය ගමන් කරන විට මාධ්‍ය ආකර්ශණය ඉහළින් දිනා ගන්නට ඇගේ වැඩ පිලිවෙල සමත් වූ බව පෙණින. ජාතික පෙරමුණ නාගරික හා සෙනෙට් ඡන්ද වලට ඉදිරිපත් වූයේ මෙම පිටිවහල ද සහිතවය. පළමු වරය නගර එකොලහක් හා ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයේ සෙනෙට් ධුර දෙකක් අත් පත් කරගන්නට හැකිවීම පක්ෂය ගැන පමණක් නොව මරින් ල පෙන් ගේ බලය ගැන පැරිස් වැසියන්ගේ අවධානය යොමු කරන එකක් විය.

1998 අවුරුද්දේ සිට මරීන් ල පෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතවරියකි. එහි මතවාදය දෙස බලන ඇය යුරෝ මුදල් ඒකකට යටතේ ඉන්නට කැමැත්තක් නැත. යුරෝ පොදු මුදල් භාවිතයෙන් පමණක් නොව නෙටෝ සාමාජිකත්වයෙන් ද ඉවත්විය යුතු බවට කියන ඇය දෙස බලා සිටින ජගත් විචාරකයන් ට අනුව බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිද්ධිය වැනි ලෝකය සොලවන ලද සිද්ධියක් ලබන අප‍්‍රියෙල් වන විට ප‍්‍රංශයෙන් වාර්තා විය හැකි යැයි කියා තිබේ. ප‍්‍රංශ ජනාධිපතිවරණ සටන අනුව එය වට දෙකකින් සමන්විත වන අතර එහි පළමු වටයේ දී ප‍්‍රධාන ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවන අය දෙවන වටය සඳහා සුදුසුකම් ලබයි. පළමු වටයේ දී, ල පෙන් ගේ ඉලක්කය සියයට 28-30 අතර ජනතා බලයක් බව ප‍්‍රකාශ වෙයි. එම කඩඉම සමත්ව ප‍්‍රංශ ජනයා වෙත අලූත් අදහස් ඉදිරිපත් කරන්නට සමත් වුවහොත් ජර්මනිය හැරුණ විට යුරෝපා සංගමයේ සිටින දෙවැනි බලවතා සේ සැලකෙන ප‍්‍රංශය ගන්නා තීරණය ජාත්‍යන්තරයේ හෙට ගමනට ඉතාමත් වැදගත් වනු නොඅනුමානය.

ජාත්‍යන්තරය තුළ පෙරැළියකට හේතු වෙන්නේ නවීන අදහස්ධාරී අලූත් චරිත බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ජනයා එකතු වෙන්නේ ඔවුන්ට නතු අදහස් ඉදිරිපත් කරන නායක නායිකාවන්ටය. ටයිම්ස් සඟරාව දෙවතාවක් මරීන් ල පෙන් ලොව ප‍්‍රබල සිය දෙනාගේ ලැයිස්තුවට ඇතුලත් කර ඇත. මත ඇතිකිරීමෙන් සහ තමන්ට දැනෙන දේ ප‍්‍රකාශ කිරීමෙන් නොනැවතී ඉදිරියට ගමන් කරන ඇය ප‍්‍රංශයේ පවතින සියළු අර්බුද තුරන් කරන පාලිකාවක් වනු ඇත් දැයි නියන්නට තවත් කල් තිබේ. නමුත් ජනතාව ඇය වටා ඒකරාශි වෙමින් සිටී. නව ප‍්‍රවනතාවය එයයි.