» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/06/2015 - දේශය
තානාපති සබදතා තරකරන සිනමාව - මිලින්ද මොරගොඩ

රටවල් අතර සම්බන්ධතා ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. රාජ්‍ය පාලකයන්ට රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා වැදගත් වන්නේ කලකට ඉහතදීය. අද වන විට රාජ්‍ය තාන්ත‍්‍රාන්ත‍්‍රිකත්වය අභිබවා ජනතාන්ත‍්‍රිකත්වය පෙරට පැමිණ තිබේ. පාලකයන්ට සම්බන්ධතා අවශ්‍ය වන්නේ තමන්ගේ බලය තහවුරු කරගන්නටය. එහිදී රටවල් අතර රාජ්‍යතාන්ත‍්‍රික දුත සේවා ඉටු කරන්නේ රහස්‍ය කාර්ය භාරයකි. රටකින් රටකට යන දුතයන් රටවල නායකයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරයි. ඔවුන්ගේ අපේක්ෂා අවබා්ධ කරගනී. සැලසුම් ගැන කරුණු ගවේශනය කරයි. ඒවා කරන්නේ ඉතාමත් සියුම් ආකාරයකටය. මෙම තොරතුරු තමන්ගේ මවු රටේ නායකයන්ට දැනුම්දීම රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ වගකිමකි. එම කාර්ය භාරය අතරතුර තම මවු රටේ සම්බන්ධය වැඩි කරන කීර්තිය පතල කරන එකිනෙකට වෙනස් මහජන සම්බන්ධතා කාර්යයන්හි නිරත වන්නට තානාපති නිලධාරීන්ට සිදුවෙයි. රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් පාලකයන්ට ඉතා සමීප ඔවුන්ගේ අභිලාශයන් හ`දුනන පුද්ගලික කණ්ඩායමක් වශයෙන්ය. එය ඉතා සුවිශේෂී සහ සාමාන්‍ය ජනතාවට සම්බන්ධතා අඩු රාජකාරියක් වන්නේ එහෙයින්ය.

රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරීන්ගේ විෂය පථය පාලකයන් සමග අනොන්‍ය වශයෙන් සම්බන්ධවීම වූ නමුත් අද එය බලවත් පරිවර්තනයකට ලක්ව තිබේ. හුදෙක් පාලකයන් සහ පාලකයන්ගේ සම්බන්ධතා තරමටම රටවල් අතර සාමාන්‍ය ජනතාවගේ සම්බන්ධතා ද වැදගත් බවට පත්ව තිබේ. මෙම සම්බන්ධතා ඔස්සේ ආර්ථික සහ සාමාජයීය හුවමාරුවක් සිදුවෙයි. එම හුවමාරුවට අවශ්‍ය පරිසරය සකස් කිරීම නූතන රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ වගකීමකි.

රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයෙහි මෙම පෙරළිය සිදුවන්නේ සමාජ ගෝලීයකරණයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන්ය. මෙයින් දශක කිහිපයකට කලින් ලෝකයේ තිබූ සීමා වෙන් කර පෙන්වන රටවල් දැන් නැත. රටවල් වල තිබූ අනන්‍යතා ලිහී වෙනස් ජාල සමග සම්බන්ධ වී තිබේ. එය තාක්ෂණයේ සහ සංචරණයේ ප‍්‍රතිඵලයකි. එක රටක හුදෙකලා වැසියන් බවට පත් නොවන මිනිසුන් නොයෙකුත් හේතු හෙයින් රටින් රටට යන අතර එය ඉතා විශාල ආර්ථික අවස්ථා බිහිකර තිබේ. නිෂ්පාදන සහ ශ‍්‍රමය යන අංශ ස`දහා රටින් රට සම්බන්ධවන මිනිසුන් ජන තාන්ත‍්‍රිකත්වයේ ඉතාම වැදගත් සාධකයක් බවට පත්ව තිබේ. රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය ඇතිකරන පසුබිම වෙනුවට ජනතාව අතර අවබෝධය ඇති කිරීම අවශ්‍යම කාරණයක් වී තිබේ. පාලකයන් අතර සම්බන්ධතා ඇති කරනවා හා සමානව නොඑසේනම් එයටත් වඩා තියුණු ආකාරයකට ජනතාව අතර ඇතිවන ආශ‍්‍රය හෝ මුණගැසීමට අලූත් වටිනාකමක් එකතු වී ඇත.

රාජ්‍යතාන්ත‍්‍රික කාර්ය භාරයක නිරත වූ නිලධාරීන් එක් එක් රටවල් තුළ දැනට වැදගත්වන ජනතාව අතර එනම් ජනතාන්ත‍්‍රික සම්බන්ධතා ගොඩනගන සන්නිවේදන ව්‍යුහය කි‍්‍රයා කරන්නේ කෙසේද? සාකච්ඡා කළ යුතු වැදගත් පැත්ත එයයි.

නොබෝදා ඉන්දියාවට පැමිණි ජර්මන් තානාපතිවරයා ක‍්‍රියාකරන ලද ආකාරය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. මෙහිදී නිලධාරියෙකු වශයෙන් රටක් ගැන තවත් රටක ජනතාව වෙත සන්නිවේදනය කරන්නට අනුගමනය කරන ලද උපාය ඉතා ඵලදායි එකක් බවට පත්ව ඇත. රාජ්‍ය පාලකයන් අතර අලූත් සම්බන්ධතා ගොඩනගන්නට රාජ්‍ය තාන්ත‍්‍රික දුතයන් අනුගමනය කරන උපාය ආකාරයටම ජනතාව අතර අලූත් ආශ‍්‍රයක් සහ පිබිදීමක් ඇති කරන්නට අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිය විශේෂ පැසසුම් සහගත එකකි.

එයට අනුව ජර්මන් තානාපතිවරයා, ඔහුගේ බිරි`ද සහ ඉන්දියානු හිටපු විදේශ අමාත්‍යවරයා එකතු වී ඉන්දියාවේ ජනප‍්‍රිය සංගීතය ද උපයෝගී කරගෙන කෙටි වෘතාන්තයක් සකස් කර තිබේ. එය වින්දනාත්මක සහ සුලබ, සරල පේ‍්‍රම කතාවකි. එයට අනුව තානාපතිවරයාගේ බිරි`ද සහ හිටපු විදේශ ඇමැතිවරයා පේ‍්‍රමණීය ගනුදෙනුවක පැටලෙයි. එය ඔස්සේ දෙරට අතර ආකර්ශණය ඇති කරන දේ හුවා දක්වන්නේය. කෙටි චිත‍්‍රපටයක් වශයෙන් අන්තර් ජාල යූ ටියුබ් වෙත මුදා හරින මෙම වැඩ සටහන ඉතාමත් ඉක්මනින් රටවල් දෙක අතර පමණක් නොව ලෝකය පුරා අහන, බලන සහ සාකච්ඡා කරන නිර්මාණාත්මක දෙයක් බවට පත්වෙයි.

ජර්මනියෙන් පැමිණෙන අලූත් තානාපතිවරයාට ඉන්දියානුවන් ගේ හදවත් තුළ ඉඩක් ගන්නට ජර්මනිය ගැන තොරතුරු කියා තමන් ගේ රාජකාරි ස්වභාවය අ`ගවන්නට පුවත් පත් සාකච්ඡා දහසක් පැවැත්වුව ද මෙවැනි සැලකියයුතු අවධානයක් ලැබෙන්නේ නැත. අති විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කර මාධ්‍යයන්හි දැන්වීම් පළ කළත් ලැබෙන ප‍්‍රතිඵලය සීමා සහිතය. ඉන්දියානුවෝ සිය සමාජ වෙබ් අඩවි හරහා එම කෙටි වෘතාන්තය නැරඹීමෙන් පමණක් නතර වූයේ නැත. කොටසක් රටවල් දෙක ගැන එදා මෙදා සියලූ විස්තර සොයන්නට පෙළඹුනහ. එයට සමාන්තරව දෙරට අතර ඇති ආර්ථික සමාජ ව්‍යවසායකත්වය ගැන අධ්‍යයනය කරන්නේය. කර්මාන්ත සහ ව්‍යාපාර ඇති කරන්නට ඇති හැකියාව විමසන්නේය. ආනයනය සහ අපනයන අවස්ථා වැඩි කරන්නට එම අවකාශ උපයෝගී කරරගත හැකි ආකාරය ගැන සොයා බලන්නේය. ඉන්දියාව ජාත්‍යන්තර අවධානයට ලක් වූ රටකි. එහි විශාල වෙළ`ද පොළ දිනාගන්නට ලෝකයේ නොයෙක් රටවල් ප‍්‍රඑය දෙරට අතර මිනිසුන් අතර ආශ‍්‍රය වැඩි කරන සම්බන්ධතා තර කරන බලවත් ව්‍යායාමයක් බවට පත්විය.

මෙම අංගය කළමණාකරනය කරන්නේ බොලිවුඞ් අධ්‍යක්ෂකවරයෙකි. එහි සාර්ථකත්වය දකින මෙම ආයතනය තවත් කෙටි චිත‍්‍රපටයක් අන්තර්ජාලයේ යූ ටියුබ් වෙත නිදහස් කරයි. එයින් කරන්නේ මෙවැනි නිර්මාණයක් කරන්නට පෙළඹවූ ආකාරය සහ එය කරන අතරතුර මුහුණ දුන් සිදුවීමිය. එය තවත් ආකර්ශණීය සහ අව්‍යාජ මහජන සම්බන්ධතා වැඩසටහනක් ලෙස ලෝකය පුරා පැතිර ගොස් ඇත. මෙම චිත‍්‍රපට දෙකම දැනටත් අන්තර් ජාලයේ පවතින අතර රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා වලට වඩා මහජනතාව අතර ආශ‍්‍රය ඇති කිරීම වැදගත් බව පෙන්වන කදිම උදාහරණයක් වශයෙන් එය පවතී. එපමණක් නොවේ මෙම තානාපතිවරයා ඉන්දියාවේ කාශ්මීරයෙහි නගරයක සංදර්ශනයක් සූදානම් කරයි. එහි ගැයෙන්නේ ජර්මනියේ සම්භාව්‍ය ගීත වන අතර තාක්ෂණය උපයෝගී කරගෙන සජීවීව එය ජර්මනියේ නගරයක ඒ අවස්ථාවෙදීම තිරයක ප‍්‍රක්ශෂේපනය කරවන්නේය. රටවල් අතර බැ`දීම් ඇති කළේ එහෙමය.

ජර්මනිය නියෝජනය කරන තානාපතිවරයා දිල්ලියට පැමිණ නිල වශයෙන් සිය අක්ත පත‍්‍රය අගමැති නරේන්ද්‍ර මෝදි අතට දී රාජකාරි ආරම්භ කළේ නම් දෙරට අතර මිත‍්‍රභාවය ඇතිවන්නේ මේ ආකාරයට නොවේ. එය හුදෙක් නිල කටයුත්තක් වන අතර ජර්මන් සහ ඉන්දීය පාලකයන් අතර හො`ද හිත තරකරන්නට තැගි සහ සංචාර හුවමාරු කරගන්නා සම්ප‍්‍රදායික අවස්ථාවක් පමණක් බවට පත්වනු ඇත.

මෙම රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියා කල්පනා කළේ විකල්ප ආකාරයකටය. පාලකයන් අතර සම්බන්ධතා ඇති කරන උපාය තරමටම ජනතාව අතර ආශ‍්‍රය ඇති කිරිම වැදගත් බව තීන්දු කරන්නේය. දෙරට අතර හදවත් දිනාගන්නා වැඩ පිළිවෙලක වැදගත්කමක් ඇති බව කල්පනා කළේය. එය ලෝකයේ රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා ඇති කරන ව්‍යුහය තුළ අලූත් අත්දැකීමක් ඉතිරි කර තිබේ. පාලකයන් පමණක් නොව පුරවැසියන් ද රටවල් අතර සම්බන්ධතා ඉදිරියේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවට මෙය එක්තරා සාක්ෂියකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.