» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/09/2015 - දේශය
නව ලෝකයට පිම්මක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන්නේ ලෝකය එක්සත් තැනක් කරන අරමුණ ඇතිවය. එක්සත් ජාතීන් ගේ සංවිධානය පිහිටුවන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. එයින් පාඩමක් ඉගෙනගත් ජගත් ප‍්‍රජාව නැවත එවැනි ඛේදවාචකයක් නොවන තැනට සබ`දතා තර කරගන්නේ සහ ගැටලූ නිරාකරණය කරගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගනිමින්ය. ස්විට්සරලන්තය ලෝකයේ රටවල් අතර අධ්‍යයනය කළ යුතු රටකි. 1945 අවුරුද්දේ එක්සත් ජාතීන් ආරම්භ වූ අවස්ථාවේ සිට 2002 අවුරුද්ද තෙක් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ගත්තේ නැත. රටක් හැටියට ලෝකයේ තවත් රටවල් සමග එකතු වෙන්නේ නැතිව නොබැ`දි, නොගැලි රටක් හැටියට ඉන්නේ කෙසේදැයි ස්විට්සරලන්තය පෙන්වා දී තිබේ. එවැනි අනන්‍යතාවයක් ඇති කරගන්නේ මුළු ලෝකයේම විශ්වාසය දිනාගනිමින් බව අවධානයෙන් සලකා බැලිය යුතු කැපී පෙනෙන කාරණයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මූලස්ථානය නිව්යෝක් නගරයේ පිහිටුවන විට එයට අනුබද්ධ යුරෝපා කාර්යාලය ඇතුළු වැදගත් අංශ පිහිටුවන්නේ එහි සාමාජිකත්වය පවා නැති ස්විට්සරලන්තයේය. මානව හිමිකම් කවුන්සලය එයට එක උදාහරණයකි. කම්කරු, සෞඛ්‍ය ඇතුළු අනන්‍ය ජාත්‍යන්තර ආයතන පිහිටුවන්නට සාමාජිකත්වය නැති රටක් හැටියට ස්විට්සරලන්තය තෝරාගන්නේ ඇයි? ස්වාදීනව නොබැ`දී අනන්‍යතාවයක් ඇති කරගන්නට සමත් වූ හෙයින්ය. ජගත් ප‍්‍රජාවගේ විශ්වාසය අඛණ්ඩව දිනාගන්නට සමත් වූ නිසා බව ස`දහන් කළ යුතුය. දෙවන ලෝක යුද්ධය සමයේ සතුරු සහ මිත‍්‍ර යන පාර්ශව දෙකම තමන්ගේ සම්පත් ආරක්ෂාවට භාරදෙන්නේ ස්විස් රටටය. අදටත් ලෝකයේ ධන කුවේරයන් තමන්ගේ ධනය තැන්පත්කරන්නේ ස්විස් බැංකු වලය. මැදහත්ව මැදිහත්වීමේ බලවත් සාක්ෂිය එයයි. රටක් අනන්‍යතාවය ගොඩනගාගෙන කිසිම පාර්ශවයකට බැෙ`දන්නේ නැතිව පවතින ආකාරය ගැන ස්විස් රට සාක්ෂියකි. සාක්ෂියක් පමණක් නොව එවැනි පැවැත්මක් තුළින් රට තුළ ආර්ථික සහ සාමාජයීය ප‍්‍රවනතා සකස් කරගන්නා ස්විට්සරලන්තය අද ලෝකයේ ඉසුරුමත් සහ ජීවත්වීමට සුදුසුම රටවල් අතලොස්ස අතරින් එකකි.

ස්ව්ට්සරලන්තය බටහිර කලාපයේ එකී අවස්ථාව දිනාගන්නා විට ආසියාවේ එම අයිතිය අත්පත් කරගන්නේ සිංගප්පූරුවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙසේ වෙතත් ආයෝජන, වෙළ`දාම, සංචාරය සහ සේවා සම්පාදන ආදී වශයෙන් ක්ෂේත‍්‍ර ගණනාවකින් පෙරදිග කලාපයේ ස්වාධීන පැවැත්මක් ඇති රටකි. සිංගප්පූරු රාජ්‍යයේ ආකාරය ආර්ථිකය මුල් කරගත් එකකි. ඒ වෙනුවන් ලෝකයේ ඕනෑම රටක් සමග සම්බන්ධතා පවත්වන්නට සූදානම්ය. චීනය සමග සබ`දතා පවත්වාගෙන යන අතර වාරයේ ඉන්දියාව සමග හො`ද හිත පවත්වාගෙන යන්නටත්, ඇමරිකාව, යුරෝපය පමණක් නොව ලොකු කුඩා බලවත් රටවල් සමග මිත‍්‍රත්වය පවත්වාගෙන යන්නේ දේශපාලන හෝ වෙනත් බැ`දීම් වලින් නිදහස්වය. ඕනෑම ව්‍යවසායකයෙකුට එහි පැමිණ ආයෝජනය කළ හැකිය. ඉඩම් මිලදී ගන්නටත්, ව්‍යාපාර වෙනුවෙන් ණය ගන්නටත් හැකියාව තිබේ. තමන් මිලදීගත් දේපොල විකුණා ආපසු යන්නටත් පුලූවන්කම ඇත. සිංගප්පූරුව කි‍්‍රයාකරන්නේ ක්ෂේම භූමියක් හැටියටය. නිදහස ඇති නමුත් එරටට එන සියලූම පාර්ශව සිංගප්පූරුවේ නිතියට හිස නමන්නට අවශ්‍යය. ඒ නිදහස සොයමින් නොයෙකුත් රටවලින් එන විට සිංගප්පූරුවට ලෝකයේ අවධානය දිනාගත් සාර්ථක රටක් බවට පත්ව තිබේ. සිංගප්පූරුවේ නිර්මාතෘ දිවංගත ලී ක්වාන් යූ මහතාට නොබැ`දි සංවිධානයට ආරාධනා කළ අවස්ථාවේ එතුමා ප‍්‍රකාශ කළේ ''නොබැ`දි රටක් වෙන්න බැහැ'' යනුවෙනි. නොබැ`දි බව එළිපිට ප‍්‍රකාශ නොකර අවස්ථාව අනුව ක‍්‍රියාකරමින් ලෝකයේ බලවත් රටවල් සමග සහයෝගීතාවයකට යන්නට සිංගප්පූරුව සමත්ව තිබේ.

ස්වකීය අනන්‍යතාවය අලූතෙන් සකස් කරගැනීමේ දී ශ‍්‍රී ලංකාවට අලූත් අවස්ථාවක් උදා වී ඇත. වර්තමාන වකවානුව ආසියාවේ යුගය බව ජාත්‍යන්තරය අවධානයට ගනිමින් සිටී. එය ඉතාමත් වැදගත් අවස්ථාවකි. ආර්ථික වශයෙන් ආසියාව පිබිදෙන විට එය ලෝක ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් බව පැහැදිලිය. ආසියානු කලාපය ප‍්‍රවර්ධනය වන විට එහි දොරටුව බවට පත්වන්නට ශ‍්‍රී ලංකාවට ඉඩ කඩ ඇත. භූගෝලිය පිහිටීම එහිලා ඉතාමත් වැදගත් සාධකයකි. ආපසු හැරී අතීතය දෙස බලන විට ලන්දේසි, පෘතුගීසි සහ ඉංග‍්‍රීසි ජාතිකයන් ශ‍්‍රී ලංකාව තෝරා ගන්නේ එකී පිහිටීම අනුවය. පෙරදිග සහ අපරදිග යා වෙන විට එහි ප‍්‍රධාන සංධිස්ථානයක් වශයෙන් ලංකාව පැවැති බව අතීතය සාක්ෂි දරයි. අනුරාධපුරය වෙළ`ද නගරයක් බව අනාවරණය වන්නේ මෙම සාධකය අනුවය. නන් දෙසින් පැමිණි වෙළ`දුන් අනුරාධපුරයේ දී භාණ්ඩ හුවමාරු කරගෙන තිබේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට ලංකාව පත්වන්නේය. එයින් පෙන්වන්නේ ඉතාමත් වැදගත් තැනක් ලංකාවට තිබූ බවය. අද එහි ඊළ`ග පියවරට ගමන් කරන්නේ කෙසේදැයි විමසා බැලීම සුදුසුය. ස්විට්සරලන්තය සහ සිංගප්පූරුව අනුගමනය කළ ආකාරය සහ තීන්දු ගත් ස්වභාවය වැදගත් වන්නේ එකී අරමුණ සාක්ෂාත් කරගැනීමටය.

අද ජාත්‍යන්තර තලය සම්පූර්ණයෙන් වෙනස් එකක් බවට පත්ව තිබේ. සීතල යුද්ධයක් පැවැති කාලය අවසන්ය. ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සීතල ගැටුම් තිබූ වකවානුව තුළ ලෝකයේ නොයෙක් රටවල් පාර්ශව ගනිද්දී තවත් රටවල් නොබැ`දි රටවල් ලෙස පෙනී සිටින්නට උත්සාහ කළේය. නොබැ`දි ජාතීන් ගේ සංවිධානය බිහිවන්නේ දෙපැත්තටම නැති ගමනක් අපේක්ෂාවෙන්ය. නමුත් නොබැ`දි රටවල් යනුවෙන් පෙනී සිටි නොයෙක් රටවල් අවසානයේ දී බටහිර විශේෂයෙන් ඇමරිකාවේ අනුග‍්‍රහය ඇතිව සිටි බව ප‍්‍රකට කරුණකි. නොබැ`දි පදක්කම පැළ`ද ගෙන සිටි ශ‍්‍රී ලංකාව නැඹුරුවී සිටයේ වාමංශික පැත්තටය. එයින් රටට බලපවත්වන ලද ආර්ථික සාමාජයීය ප‍්‍රවනතා වල හො`ද නරක වෙනම සාකච්ඡා කළ යුතු එකකි. නමුත් අතීත අත්දැකීම් වලින් අලූත් පැති අනාවරණය කරගත යුතුව ඇත. ලෝකයේ අද පවතින සමාජ ගෝලීය ස්වභාවය සහ තොරතුරු තාක්ෂණ යුගය හමුවේ ශ‍්‍රී ලංකාව ආසියාවේ දොරටුව බවට පත්වීමේ අවස්ථාව තිබේ.

ආසියාවේ දොරටුව බවට පත්වන්නේ කෙසේද? සමාජය විවෘතව සාකච්ඡුා කළ යුතුව තිබේ. ස්විට්සරලන්තයේ සාර්ථකත්වයට බලපාන්නේ දේශපාලනය අඩුවෙන් ක‍්‍රියාත්මකවීමය. එරට දක්ෂ නිලධාරීන් ගේ ශක්තිය උපයෝගී කරගැනීමය. සිංගප්පූරුවේ ද පවතින්නේ එයට සමීප ස්වභාවයකි. ස්විට්සරලන්තයේ අවුරුද්දක් පාසා ජනාධිපති ධුරය මාරු වෙයි. එරට පුරවැසියන්ගෙන් සමහරු ජනාධිපති කවුද නොදන්නා තරමට දේශපාලනය සමාජයට බලපෑමක් කරන්නේ නැත. සිංගප්පූරුව තනි පක්ෂ ක‍්‍රමයක් ඇති පටු බේධ නැති රටකි. අලූත් ආණ්ඩුවක්, අලූත් යුගයක් අපේක්ෂා කරන ශ‍්‍රී ලංකාවට මේ පැති ගැව අලූතින් හිතන්නට අවස්ථාව තිබේ. ලෝකයේ නොයෙක් රටවල් සම්බන්ධ කරගන්නා ආකාරය ගැන සාකච්ඡා කරන්නට හැකියාව තිබේ.

අලූත් අභ්‍යාසයක් වශයෙන් ආර්ථාක සහ සමාජ ව්‍යුහය සැලසුම් කරන්නට සූදානම් වීම වැදගත්ය. ජනතාව සමග සාකච්ඡා කර අවංක ගමනකින් ආසියාවේ දොරටුව බවට පත්වන අවස්ථාව සකස් කරගත හැකිය. ජන තාන්ත‍්‍රිකත්වය එයයි. ශ‍්‍රී ලංකාවේ දක්ෂ සමාජයක් සිටී. නිලධාරීන් අඩු තක්සේරුවකින් කතා කළ නොහැකිය. තාක්ෂණ දැනුම උපයෝගී කරගැනීම අපහසු නැත. දේශපාලනඥයන්ට තින්දු ගන්නට බලය දෙන සමාජය, එකී තීන්දු කාලීන සහ සමාජය ඉහළට ඔසවා තබන ආකාරයේ ඒවා කරගන්නේ කෙසේදැයි විවෘත සංවාදයක් ආරම්භ කළ යුතුය. එය ඉතාමත් වැදගත් බව සැලකිය හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.