» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/08/2018 - දේශය
විදේශ සම්බන්ධතා ගැන අලූත් මානයක සිටි කිසිංජර්

අනු පස් හැවිරිදි හෙන්රි ඇල්ෆඞ් කිසිංජර් ජාත්‍යන්තර තලයේ සාකච්ඡාවල අදටත් ගැවසෙන අවිවේකී චරිතයකි. ඇමරිකාවේ ජනාධිපති ට‍්‍රම්ප් චීනයේ ජනාධිපති ෂී ජින්ග් පින් පමණක් නොව රුසියාවේ ජනාධිපති පුටින් පවා වරින් වර ඔහුට කතා කර අදහස් විමසන බව වාර්තා වෙයි. කිසිංජර් ලියන පොත පත වලට ලෝකය පුරා ඉල්ලූමක් තිබේ. ප‍්‍රකට සම්මන්ත‍්‍රණ වල දේශකයෙකු වශයෙන් සහභාගී වෙයි. කෙටි කාලයක් ඇමරිකානු රාජ්‍ය ලේකම් පදවිය හෙබවූ හෙතෙම ජාත්‍යන්තර සම්බන්ධතා හමුවේ අලූත් දැක්මක් එවකට අනුගමනය කරනලද පරිනත රාජ්‍යතාන්ත‍්‍රිකයෙකි.

වේගයෙන් දියුණුවන කෘතීම බුද්ධිය ගැන හෙතෙම පසුගියදා වැදගත් අදහසක් පළකර ඇත. පරිගණක තාක්ෂණය දිනෙන් දින පරිනත වන අතර කෘතීම බුද්ධිය නොයෙක් කාර්ය වෙනුවෙන් යෙදවිය හැකි බව සනාථ වී ඇති බව ඔහු පෙන්වා දෙයි. කෘතීම බුද්ධිය සහිත රොබෝවරුන් ගේ පාලනය කෙබª රාමුවක් මනෂ්‍ය සංහතිය වෙත පවරනු ඇති ද යන්න කල් තියා අවබෝධ කරගැනීම අරමුණු කරගෙන ජනාධිපති කොමිසමක් පත් කරන සේ හෙතෙම ඇමරිකානු බලධාරීන්ට යෝජනා කරයි. යන්ත‍්‍ර එකිනෙක සමග සන්නිවේදනය කරගැනීමට හැකි තරමට දියුණුවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි අතර කෘතිම බුද්ධිය සහිත රොබෝවරු තමන්ට ගැලපෙන අවශ්‍යතා අනුව ලෝකයේ උවමනාවන් වෙන් කරගන්නට ඉඩ තිබෙන බව කිසිංජර් ගේ අදහසයි. මනුෂ්‍ය මනස ඉක්මවා හිතන්නට සමත් රොබෝවරු බිහිවුවහොත් එය ලෝකයේ පැවැත්මට එල්ල කරන තර්ජනය ගැන කල් තබා හදුනාගත යුතු බව ඔහුගේ අදහස වී තිබේ. මීට තාක්ෂණය ගැන අවබෝධයක් නැහැ හෙන්රි කිසිංජර් කියයි. තාක්ෂණය දියුණු කරන අයට දේශපාලනය, සමාජය, මනුස්සකම, ගැන අවබෝධයක් නැති අතර එය භයානක බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ජර්මනියේ උපත ලැබූ කිසිංජර් ගේ පියා ගුරුවරයෙකි. වම රැකියාවක් නොකළාය. වැඩිමහල් සහෝදරයෙකු විය. යුදෙව් ජාතිකයන් වූ මෙම පවුලේ පිරිස නාසි ව්‍යාප්තිය සමග රටින් පිටත්ව ලන්ඩනය බලා යන අතර පසු කාලයක ඇමරිකාවට සේන්දු වී නිව්යෝක් නගරයේ පදිංචි වන අතර කිසිංජර් වොෂින්ටන් හි පාසලක ඉගෙනුම ලබයි. ජෝර්ජ් වොෂින්ටන් විදුහලට ඇතුලත්වන විට ඔහු දිවාකාලයේ බුරුසු සමාගමක සුළු සේවකයෙකු ලෙස වැඩ කළ අතර රාත‍්‍රියේ දී හොඳීන් ඉගෙන ගත්තේය. ගිණුම්කරණ පැත්තෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම යොවුන් වියේ දී හමුදා සේවයට බැදිණ. හමුදා පුහුණුවෙන් පසු ඔහුට බුද්ධි සේවාවට ඇතුළුවීමට අවස්ථාව ලැබුණ අතර එයට බලපෑ වාසිදායක තත්ත්වයක් වූයේය ජර්මන් භාෂා අවබෝධයයි. දෙවන ලෝක යුද්ධය ඇරඹෙන විට එහි යන්නට කිසිංජර්ට සිදුවිය. පෙරලා පැමිණෙන හෙතෙම උසස් අධ්‍යාපනයට යොමුවෙයි. හාවර්ඞ්විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධිය සමත්වන හෙතෙම විශ්ව විද්‍යාලයේම වෙනත් දෙපාර්තමේන්තුවක සේවය කිරීම අරඹයි. ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්ති හෙතෙම කැමැත්තෙන් අධ්‍යයනය කරන ලද අංශයකි. වසර ගණනාවක් ඇමරිකානු ජනාධිපතිවරණයේ රිබප්ලිකන් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල දී විදේශ සම්බන්ධතා උපදේශක ධුරය ඉසිලූ අතර 1968 වසරේදී ජනාධිපති ධුරයට පත් රිචඞ් නික්සන් මෙම ජර්මානු ජාතික දක්ෂ තරුණයා සිය ජාතික ආරක්ෂක උපදේශක තනතුරට තෝරා ගත්තේය. එයින් වසර පහක් ගතවන විට ඔහු රාජ්‍ය ලේකම් ධුරයට ද යෝජනා වූ අතර එම තනතුරෙහි දිවුරුම් දෙන විට ඔහුගේ මව බයිබලය අල්ලාගෙන සිටි අතර රිචඞ් නික්සන් ජනාධිපතිවරයා ද එම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා අනුව සඳහන්ය. මෙම තනතුරු දෙකම දරමින් නික්සන් ජනාධිපතිවරයාට විශාල සහයෝගයක් දැක්වූ අතර ඔහුගෙන් පසුව බලයට පත්වූ හෙන්රි ෆෝඞ් තව දුරටත් ඔහුගේ රාජ්‍ය ලේකම් වරයා වශයෙන් කි‍්‍රයා කළේය. ලෝකයේ බල අරගලකාරී තත්ත්වය තුළ සමබර මාවතක් තෝරා ගන්නට කිසිංජර් ක‍්‍රියා කළ අතර එය මනා පැසසුමට ලක්වූ කරුණකි.

සෝවියට් ඇමරිකා සම්බන්ධතා උද්වේගකර අවස්ථාවලට එළැඹෙන විට සීතල තීන්දු ගත් කිසිංජර් චීනය සමග ද සාකච්ඡා කරමින් මෙම රටවල් සියල්ල එක තලයේ තබා ගන්නට සමත් වූ බව ප‍්‍රකටය. චීන- ඇමරිකා හිතවත් භාවයක් නිර්මාණය කර එය ඇසුරෙන් සෝවියට් කඳවුරට පීඩනයක් එල්ල කරන්නට අවස්ථාව පාදා ගත්තේ කිසිංජර්ය. වියට්නාමය පරාජය කරන යුද්ධය හමාර කරන මෙහෙවර අරඹන ලද හෙතෙම දෙරට අතර සාකච්ඡා මෙහෙයවා මහා විනාශයක් කරා ගොමුවීමේ අවදානම වලකාගෙන ඇති අතර එයට ප‍්‍රණාමයක් වශයෙන් වියට්නාම් ජාතික ලී තෝ හා කිසිංජර් දෙදෙනා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. වියට්නාම් නායකයා එය භාරගත්තේ නැත. කිසිංජර් සම්මාන උළෙලට නොගිය නමුත් ඔහුට ලැබුණ ත්‍යාග මුදල පුද්ගලික පරිහරණයට නොගෙන පුණ්‍ය කටයුතු වලට පරිත්‍යාග කලේය. සාම ත්‍යාගයට ලැබුණ පදක්කම ආපසු බාරදෙන්නට සූදානම් බව ඔහු පසු කාලයක ප‍්‍රකාශයක් නිකුත් කළේය.

නික්සන් පාලනයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන වකවානුවේ දී කිසිංජර් ඇමරිකා සෝවියට් රටවල් දෙක අතර සුපිරි බලය උදෙසා ගෙන ගිය සීතල අරගලයට මැදිහත් වූ බව සඳහන් වෙයි. අවි සීමා කිරීමේ සාකච්ඡා ආරම්භ කළ හෙතෙම මිසයිල නිෂ්පාදනයේ සීමා මායිම් ලකුණු කරගන්නට සමත්විය.

හෙන්රි කිසිංජර් චරිතය අධ්‍යයනය කරන විද්වතුන් ඔහු මමත්වයක් සහිත අමුතුම චරිතයක් වශයෙන් පෙන්වා දෙන අතර එහෙත් ඔහුගේ බුද්ධිමත්භාවය අගය කරයි. ජාත්‍යන්තර සම්බන්ධතා ගැන අලූත් දැක්මක් ඇති කරන ලද බව පිලිගෙන තිබේ. ඔහු ගේ විදේශ ප‍්‍රතිපත්ති අනුව විශාල බරපතල දේ අවධානයට ගැනෙන්නේ නැත. දාර්ශනිකත්වය පැත්තකින් තබයි. ප‍්‍රායෝගිකව ක‍්‍රියා කරයි. ඇත්ත තත්ත්වය අවබෝධ කරගෙන දෙපාර්ශවයටම උවමනා කරන්නේ මොනවාද යන්න වටහා ගැනීමට ඉඩ දෙයි. බල තුලනය ඔහු ගේ ගමනේ සාර්ථකත්වය වශයෙන් සැලකේ. පුද්ගලයෙකු වශයෙන් ඔහුට කැමැත්තක් නැති කණ්ඩායමක් ලෝකයේ සිටින නමුත් අදටත් ජාත්‍යන්තර සමාජයේ ක‍්‍රියාශීලී චරිතයකි.

වොෂින්ටන් පෙස් ක්ලබ් සාමාජිකයන් එක්තරා අවස්ථාවක කිසිංජර් හමුවී කරන උත්සවයක දී ඔහු ඇමරිකාවේ මෑත වසර පනහ තුළ විශිෂ්ඨතම රාජ්‍ය ලේකම්වරයා සේ නම් කළේය. නමුත් මානව සංවිධාන සිවිල් ක‍්‍රියාකරකයන් හා ලෝකයේ නොයක් ජනතා බලවේග ඔහු ද අපාරාධකරුවෙකු යැයි කියා තිබේ. දෙබිඩි නිලධාරියෙකු යැයි හªන්වා ඇත.

කෙසේ වෙතත් ඔහුගේ දක්ෂතා අගය කරමින් ලෝකයේ නොයෙක් රටවල් සහ සංවිධාන සම්මාන පිරිනමා තිබේ. ඔහු ගැන ලියැවී ඇති දේ මහත්ය. කිසිංජර් තමන්ගේ අත්දැකීම් අලලා සෑහෙන පොත පත ප‍්‍රමාණයක් ලියා තිබේ. පර්යේෂණ පත‍්‍රිකා සහ දේශන පවත්වන ලද අවස්ථා ගණන විශාලය. ලෝකයේ සම්බන්ධතා සහ ඒවා ගෙඩනැගිය හැකි විලාසය ගැන ඔහුට අනන්‍ය ක‍්‍රමයකට මෙහි දී අර්ථකතනය කරමින් සිටින බව දැක්විය යුතුය.

කෘතීම බුද්ධිය බලවත් සේ නැග එන අන්දම ගැන ඔහු මතු කරන අදහස ජගත් නායකයන්ගේ අවධානයට යොමු වී තිබේ. කෘතීම බුද්ධිය දියුණු කරන වේගය අනුව එක්තරා අවස්ථාවක මනුෂ්‍ය බුද්ධිය පරාජය කළහොත් හා එම යන්ත‍්‍ර මගින් වටිනාකම් වශයෙන් තීරණය කරන දේ ගැන පරස්පරතා ඇතිවුවහොත් මිනිස් සංහතිකයට මුහුණ දෙන්නට සිදුවිය හැකි ඉරණම ගැන කරන අවවාදය පසෙක තැබිය නොහැකිය. ඇමරිකානු ජනාධිපති කොමිසමක් පත් කර මැදහත් තීරණයකට එළැඹෙන අවස්ථාවක් ඇතිවුවහොත් එය සමස්ථ මානව ප‍්‍රජාවටම වැදගත් කාරණයක් වනු ඇත.