» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/07/2015 - දේශය
සිංගප්පූරුවෙ සකසුරුවම

සිංගප්පූරුව කුඩා රටකි. කොළඹ නගරය හා සමාන භූමි ප‍්‍රමාණයකින් යුක්තය. වර්ග කිලෝමීටර් හත්සිය දහසයකට මදක් වැඩි මෙම කුඩා රටේ මිලියන පහක පමණ ජනගහනයක් ජීවත් වෙති. ජනගහනය මෙන් දෙගුණයකට වඩා සංචාරකයන් පිරිසක් අවුරුද්දකට එහි පැමිණෙන බව වාර්තා පෙන්වයි. ජනගහනය ද සමග මිලියන පහලොවකට පමණ සියලූ පහසුකම් සපයන්නට සිංගප්පූරුවට සිදුවීම සාමාන්‍ය දෙයකි. එරටට ලෝකයේ නන් දෙසින් ලක්ෂ ගණනින් පැමිණීම එක පැත්තකි. එසේ පැමිණෙන අමුත්තන් සමග ඔවුන්ගේ රටවල් හා ගනුදෙනු කරන්නට සිංගප්පූරුව තෝරාගෙන ඇත්තේ කළමණාකරනයක් ඇති තානාපති සේවාවකි. මෙම සේවාව ලෝකයේ ඕනෑම රටකට ආදර්ශයට ගත හැකි තාර්කික එකක් බව පෙන්වා දිය යුතුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලිබරල් පැවැත්ම සම්බන්ධ නව ප‍්‍රවනතා සහිත සිංගප්පූරුව ලෝකයේ රටවල් 180 ක් සමග තානාපති සම්බන්ධතා පවත්වයි. නමුත් කෙලින්ම සිංගප්පූරුවේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් සහිත කාර්ය මණ්ඩලයක් යොදවා ඇත්තේ රටවල් 49 ක පමණක් බව නිල වාර්තා දක්වයි. කුඩා රටක් ජාත්‍යන්තරය සමග රාජ්‍ය තාන්ත‍්‍රික ගනුදෙනු වෙනුවෙන් තමන්ට උවමනා රටවල් සමග අනන්‍ය ආකාරයකට සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන අතර සෙසු සියලූම රටවල් සමග හො`ද හිත පවත්වාගෙන යන්නේ එරට විදේශ කටයුතු අමාත්‍යංශය තෝරා ගත් ක‍්‍රමවේදයකට අනුවය. විද්වත් හසල අත් දැකීම් ඇති සිංගප්පූරු පුරවැසියන් අතුරින් තෝරාගත් අය සිංගප්පූරුවේ සිටියදීම වෙනත් රටක තානාපතිවරයෙකු වශයෙන් ක‍්‍රියා කරයි. උදාහරණයක් වශයෙන් කොළඹ සම්බන්ධීකරණය කරන්නේ කොන්සල් ජනරාල් වරයෙකි. ඔහු විද්‍යුත් ලිපිනයක් භාවිතා කරයි. කොළඹ නගරයේ තැපැල් ලිපිනයක් ද ඇති අතර එය වෙනත් ආයතනයක් බාරේ ලිපි ලැබෙන ආකාරයටය. මවුබිමේ ජීවත්වෙමින් තවත් රටක් සමග රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා පවත්වන මෙම තානාපති නිලධාරිවරයා අවුරුද්දකට දෙතුන් වතාවක් සිය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමග ශ‍්‍රී ලංකාවට පැමිණ හෝටලයක නවාතැන්ගෙන රාජකාරි කටයුතු කර පෙරලා මවුරට බලා යයි. සිංගප්පූරුව ලෝකයේ රටවල් 130 කට වැඩි ගණනකට රාජ්‍ය තාන්ත‍්‍රික සේවා පවත්වාගෙන යන්නේ මේ ආකාරයටය. ප‍්‍රකට විද්‍යාර්ථීන් සම්බන්ධ වන හෙයින් මෙම තානාපති සේවාව ගැන ලෝකයේ රටවල් අතර අකමැත්තක් නැත. ගැටුම් සහ මතබේධ අඩු පහසුවෙන් කාර්ය නිරාකරණය කර ගත හැකි ලිබරල් ප‍්‍රතිපත්ති සහිත පාලන ක‍්‍රමයකට අනුගත සිංගප්පූරුව සමග සම්බන්ධතා පවත්වන්නට මෙයට වඩා වෙනස් ආකාරයක් බලාපොරොත්තු වන්නේ ද නැත.

රටවල් එකසිය තිස් එකක කාර්යාල වියදම්, එහි නිරත විය යුතු දුත පිරිසට වැටුප් සහ නිල කාර්ය පවත්වාගෙන යන්නට උවමනා කරන වියදම් බලන විට සිංගප්පුරු අත් විශාල ධනයක් ඉතිරි කර ගනිමින් ලෝකය පුරා අලූත් ආකාරයකට සම්බන්ධතා පවත්වාගෙන යමින් සිටී.

මෙහි වරදක් කියන්නට හැකියාවක් නැත. තානාපති සේවා ඇරඹෙන්නේ සන්නිවේදනය පහසු නැති රටක් වෙනුවෙන් තීරණ ගැනීමට කාලයක් ගතවන පැරණි යුගයේ අවශ්‍යතාවය අනුවය. දැන් තත්ත්වය වෙනස්ව තිබේ. තාක්ෂණික යුගයකට ජාත්‍යන්තරය ඇතුළු වී හමාරය. ඉතිහාසයට අනුව යම් බැරූරුම් තීන්දුවක් සම්බන්ධයෙන් රටවල් දෙකක පාලකයන් දෙදෙනෙකු අතර අදහස් හුුවමාරු වෙන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවන්නේය. පණිවුඩකරුවන් රහස් ලිපි රැගන දෙකෙලවර කරා ගමන් කරන විට ගතවන කාලයක් තිබේ. ඒ තුළ යම් ගැටලූවක් මුල් අවධිය පසුකර බැරූරුම් තත්ත්වයකට පත්වී හමාරය. රාජ්‍ය පාලකයෙකුගේ බලය හිමි රටක් වෙනුවෙන් තීරණ ගැනීමට පූර්ණ බලය ඇති නිලධාර්යෙකු තවත් රටක් සමග සම්බන්ධව සමීපයෙන් සිටින්නට උවමනාව ඇතිවන්නේ ඒ අනුවය.

පාලකයන් දෙදෙනෙකු ගේ අදහස් හුවමාරුවකට අද බාධාවක් වන්නේ සම්බන්ධවන මොහොතක ප‍්‍රමාදය පමණකි. සන්නිවේදන පෙරැලියෙහි මුල් වකවානුවේ ටෙලෙක්ස්, පසුව ෆැක්ස් මගින් රාජ්‍ය නායකයන් අතර කෙලින්ම සන්නිවේදනය පහසු වූ අතර දැන් එය දුරකථන යුගය පසුකර වීඩියෝ සම්මුඛ සාකච්ඡා අවදියට අවතීර්ණ වී තිබේ. ඕනෑම රටක රාජ්‍ය නායකයෙකු තමන් අසල ඇති පරිගනකයට සම්බන්ධ දුරකථනයෙන් අංක කිහිපයක් කරකවා ලෝකයේ එහා කෙළවරක සිටින තවත් රටක නායකයෙකු සමග සජීවීව හැ`ගීම් සහ ඉරියව් වලින් දනවන අරුත තේරුම්ගත හැකි ආකාරයට සාකච්ඡාව මෙයෙවන්නට හැකියාව ඇත. එපමණක් නොවේ. මෙම සාකච්ඡුාවට එකවර දෙතුන් දෙනෙකු සම්බන්ධ කරගැනීම දක්වා තාක්ෂණය දියුණුව පත්ව තිබේ. එවැනි වකවානුවක කෙලින්ම ප‍්‍රශ්න විස`දාගත හැකි සමාජ ව්‍යුහයක් තුළ තානාපති කාර්යාල නඩත්තුව අත්‍යවශ්‍යම කාරණයක් ද යන්න අවධානය යොමු කළ යුතුය.

ඇමරිකාව ලෝකය කලාප කිහිපයකට බෙදයි. කලාපයේ වැදගත්ම රටට විශාල කාර්ය මණ්ඩලක් සහිත පුලූල් තානාපති සේවාවක් ඇති කරන අතර එය අවට රටවල් ගණනාවක් බලාගන්නා රාජ්‍ය තාන්ත‍්‍රික සේවයක් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. වේගයෙන් තොරතුරු හුවමාරු කරගත හැකි වේගයෙන් රටවල් අතර ගමන් කළ හැකි යුගයක පවුල් පිටින් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් තවත් රටකට ගොස් පදිංචි වී මවු රට වෙනුවෙන් සේවය කරන්නට අවශ්‍යම නැති බව පැහැදිලිව ඔප්පු වී තිබේ. යම් උවමනාවක් ඇති අවස්ථාවක සියලූ තොරතුරු එකතු කරගෙන ඉක්මනින් ගුවනින් ගොස් රටවල් අතර ගැටලූ නිරාකරණය කරගන්නට විශේෂ ¥ත පිරිස් වලට හැකියාව ඇත. ලෝකයේ රටවල් අතර තිබූ පරතරය දින ගණනක සිට පැය ගණනක් දක්වා අඩුවී ඇති අවස්ථාවක එහි වාසිය ඉතා මැනවින් ප‍්‍රයෝජනයට ගත හැකිය.

ශ‍්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් ක‍්‍රියා කරන්නට අවශ්‍ය නැත. ඇමරිකානු න්‍යාය අනුගමනය කිරීම ද අවශ්‍යතාවය නොවේ. රටට අනන්‍ය ක‍්‍රමවේදයක් ගැන අලූතින් අවධානය යොමු කළ යුතුය. නිදහස අත් පත් කරගැනීමෙන් පසු මෙයින් දශක හයහමාරකට කලින් ලෝකය තිබූ පසුබිම අද නැත. ආර්ථික සහ සමාජ වශයෙන් වෙනස් වී තිබේ. ගෝලීයකරණ සමාජ ව්‍යුහයක් ගොඩනගන්නට තාක්ෂණය සමත්ව ඇත. දේශපාලන ක‍්‍රම අතර සියුම් වෙනස්කම් විනා දක්ෂිණ සහ වාම වශයෙන් පැහැදිලිව බෙදී වෙන් වූ බල ක`දවුරු නැත. එවැනි පසුබිමක කාලීනව රාජ්‍යතාන්ති‍්‍රක උවමනාව වෙනස් මගක් ගැනීම ප‍්‍රායෝගිකය.

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයක් පමණ ඩයස්පෝරාව වශයෙන් බටහිර රටවල ජීවත්වෙයි. අර්බුදකාරී තත්ත්ව යටතේ රටින් පලාගිය පුරවැසියන්ගේ දෙවැනි සහ තුන්වැනි පරම්පරාව තමන්ගේ දෙමව්පියන්ගේ භූමිය දෙස බලන්නේ වෙනස් කෝණයකින්ය. ඔවුන් දිනා ගැනීමට රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට වගකීමක් තිබේ. මෙරට පුරවැසියන්ගෙත් තවත් මිලියනයක් පමණ මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරයි. මෙම කණ්ඩායම රටට වැඩිම විනිමය ප‍්‍රමාණයක් උපයා දෙන පිරිස බවට පත්ව තිබේ. තාවකාලිකව මවුබිමෙන් පිටත්ව ජීවත්වන මෙම පිරිස එදිනෙදා මුහුණ දෙන සිදවීම් වලට සහාය වීම රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ වැදගත් සේවාවක් විය හැකිය. මෙම අංශ කෙරෙහි සැලකිල්ලක් දක්වමින් ලෝක සිතියමේවැදගත් තැන් අලූතින් ලකුණු කර අලූත් ආකාරයකට තානාපති සේවාව දෙස බලන්නට තිරණය කිරීම සුදුසුය. පුලූව සාකච්ඡුා කර සංවාදයක් තුළින් තීරණ ගැනීම රට අලූත් දිසාවකට යොමු කරන හැරවුම් ලක්ෂ්‍යයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.