බලපිටියේ මිගෙට්ටුවත්ත නොඑසේනම් මොහොට්ටිවත්ත නමින් හැඳින්වෙන ගම්මානයේ විසු මිගුවේ මෙන්ඩිස් සිල්වා කුඩා දරුවා හොඳ පූජකයෙකු කරන්නට දෙමාපියන් කල්පනා කරමින් සිටියේය. එවකට ලංකාව යටත්ව තිබුණ කාලයයි. අධිරාජ්‍යවාදීන් බුද්ධාගම යටපත් කරන්නට ප‍්‍රයත්න දරමින් සිටියේය. මෙන්ඩිස් සිල්වා ගේ දෙමාපියන් ද ක‍්‍රිස්තියානි ආගම වැළඳගෙන සිටියහ. ආණ්ඩුවේ ඉහළ තනතුරු හෙබවූයේ ආගමෙන් සහ භාෂාවෙන් අධිරාජ්‍යවාදීන්ට සමීප වූවන්ය. පල්ලියෙන් කිස්ත‍්‍රියානි හැදෑරූ මෙන්ඩිස් දරුවා පන්සලෙන් බුද්ධාගම ඉගෙන ගත්තේය. විසි හැවිරිදි වියේ දී දොඩන්ඳුව ගල උඩ විහාරස්ථානය වෙත පැමිණ එහි නායක හිමියන් වූ තෙලිකඩ සෝනුත්තර හිමියන් ඇසුරෙහි කාලය ගත කරන ලද තරුණයා මහණවීමට තීරණය කළේය. කොළඹ නගරයේ භික්ෂුවකට උසුළු විසුළු වලින් තොරව නිදහසේ ගමන් කරන්නට එවකට ඉඩ නොතිබුණ බව මෙරට ඉතිහාසය දක්වයි. එවැනි වකවානුවක පැවිදි බිමට ඇතුලත් වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණෝ බෞද්ධ ප‍්‍රබෝධය පමණක් නොව නැවත නිදහස සොයා යන මෙරට ජන නායකයන්ගේ අධිෂ්ඨානයට ද පණ පොවන්නාහ.
මිගෙට්ටුවත්තේ ගුණනානන්ද හිමිපාණෝ පවත්වන ලද පානදුරා වාදය මෙරට නිදහස ලබාගැනීමේ මෙහෙවර ඉදිරියේ වැදගත් සන්ධිස්ථානයකි. බෞද්ධාගම හා කිතුණු ආගම ගැන සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා එදා මෙම විවාදය සංවිධානය කෙරිණි. පානදුර වාදය බුද්ධාගම හා ක‍්‍රිස්තියානි ආගම අතර සත්‍ය අනාවරණය කරගැනීම සඳහා පැවති පංච මහා වාදයන්ගේ අවසන් අවස්ථාවයි. එමෙන්ම සත්‍ය තහවුරුවූ මොහොතයි. පළමු විවාදය පැවතියේ 1865 අවුරුද්දේ වරාගොඩ දීය. ඒ බැප්ටිස් මිෂනාරී පූජකවරුන් සමගය. දෙවැන්න 1865 අවුරුද්දේ බද්දේගම ගණේගම ප‍්‍රදේශයේදීය. කි‍්‍රස්තියානි පූජකවරුන් සමග මුලින් වාචිකව ද පසුව ලිඛිතව ද වාද කළ බව දැක්වේ. තෙවැන්න උදන්විටදී මිෂනාරී පූජකවරු හා හුණුපොල නිලමේ සමග මුහුණට මුහුණ ලා කළ බව සඳහන්ය. සිව්වැන්න ගම්පොළ දී පැවති අතර එයට බැප්ටිස් - වැස්ලියන් හා මිෂනාරීවරු සමග භික්ෂූන් වහන්සේලා සහභාගී වූ බව ඉතිහාසයේ දැක්වේ. අවසන් හා තීරණාත්මක වාදය පැවතියේ පානදුර නගරයේදීය. 1873 අගෝස්තු 26 වැනිදින බැප්ටිස් - වැස්ලියන් හා මිෂනාරී පූජකවරු සමගය. බෞද්ධ ප‍්‍රබෝධය හා ජාතිකාභිමානය නංවමින් මෙරට නිදහස හා අදීනත්වය වෙනුවෙන් පෙනී සිටි මේ විවාද වර්තමානයේ අප ගත යුතු මග පෙන්වන සංකේතයකි.
බොදුනුවන් බලපෑමෙන් ආගමට හරවා ගැනීමට හා අවිද්‍යාව පැතිරවීමට එරෙහිව කිසිවක් කරකියා ගත නොහැකිව තිබුණි. බොදුණු මතය නිහඞව තිබුණ වකවානුවකි. බෞද්ධ ජනතාවගේ හඞ මතුකර විවාදාත්මකව ඉදිරියට ගෙනඑන්නේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ය. හිමියෝ කතෝලික දහම පතුරවන පිරිස වෙත බුදු දහම සහ කිතුණු දහමේ කරුණු ගවේශනය කර නිවැරදි පැත්ත බව දැක ගන්නා ලෙස අභියෝග කළේය. මේ විවාද පැවතියේ යටත් විජිත යුගයකය. අමතක කළ යුතු නැති පැත්ත එයයි. ජනතා බලවේග මර්දනය හා තර්ජනය කරන වනකානුවකය. පාසල් අන්‍යාගම් වලට ලක් විය. ඉරිදා දවස නිවාඩු දිනයක් බවට පත් කරන අතර පෝය වෙනුවෙන් තිබුණ අවස්ථා එයින් ඇවිරෙයි. අධිරාජ්‍යවාදීහු බුද්ධාගම අඩපණ කිරීමෙන් සිය පාලනය පහසු කරගත හැකි බව වටහා ගෙන ක‍්‍රියා කළේය. තනතුරු සහ ලාභ සත්කාර පතා සෑහෙන පිරිසක් ක‍්‍රිස්තියානි ආගම වැළඳ ගත්හ. ගුණානන්ද හිමිපාණෝ ජාතිය අවදි කරන්නේ එවැනි පසුබිමකය.
නමුත් යටත් විජිත ආණ්ඩුකාරවරු මේ විවාදයට ඉඩ දුන්හ. වාදයෙන් බෞද්ධයන්ට හඞක් වන ගුණානාන්ද හාමුදුරුවන් පරාජයට පත්ව නිගරුවට ලක්වනු ඇතැයි බි‍්‍රතාන්‍ය පාලකයෝ කල්පනා කරන්නට ඇත. එවකට පළ වූ 1873 වසරේ ලක්රිවි කිරණ පුවත් පතක් කියා තිබුණේ මෙවැනි විවාදයකින් ඔලූ පලා ගන්නවා ඇති බවයි. විවාදය නිසා නොසන්සුන්බව ඇති වී ගැටුම් මතු විය හැකි බවයි. අවසානයේ එයේ වූයේ නැත. යටත් විජිත පාලකයන් ගේ විලාසය යටපත් කර මහත් හඞක් නංවන්නට විවාදයට හැකිවිය.
මෙම පානදුරා වාදයේ තොරතුරු ලෝකය පුරා පැතිර ගියේය. පුවත් පත් එහි වරුණ විශේෂයෙන් වාර්තා කරන ලද අතර ඒ ගැන ඉංග‍්‍රීසි භාෂාවෙන් කුඩා පොත් පළවී තිබේ. ඒවා කියැවූ බටහිර වැසියෝ පුදුමයට පත්ව ඇත. බුද්ධාගම ගැන අලූත් විමසිල්ලකින් බලන්නට විවාද වල වාර්තා හේතු විය. බුද්ධාගම කෙරෙහි කරුණු කියවා ඒ ගැන පැහැදුන හෙන්රි ඕල්කට්, රිස් ඬේවිඞ් මහත්වරු, මැඩම් බ්ලැවැස්කි සහ මියුසියස් හිඟින්ස් මහත්ම මහත්මීහු වැනි බටහිර විද්වතුන් මෙරටට පැමිණියේය. එය පානදුර විවාදයේ මහිමය පෙන්වන කදිම සාක්ෂියකි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ප‍්‍රධාන හිමිපාණන්ට වාදය පවත්වාගෙන යන්නට ආධාර කළ ති‍්‍රපිටකවාගීශ්වර හික්කඩුවේ ශී‍්‍ර සුමංගල, සාසනවංසාලංකාර වැලිගම ශ‍්‍රී සුමංගල, පානදුරේ ගුණරත්න හිමිපාණන් වහන්සේලා ද ගිහි පාර්ශවයෙන් කැපවී ක‍්‍රියා කළ කොරනේලිස් පේ‍්‍රරා, කරුණාරත්න හා ජෙරමියෙස් දියෙස් මහත්වරු ප‍්‍රධාන පිරිස දාවිත් ද සිල්වා පූජක තුමන් හා සිරිමාන තක්සේරු තැන ඇතුලූ කණ්ඩායමක් සිටි බව ඉතිහාසය දක්වයි. මෙම වාදය හෙයින් බෞද්ධ දර්ශනයේ සත්‍යාසත්‍ය බව ලෝකය පුරා පැතිරිණි. විවාද කරන ලද අවස්ථාව බිතු සිතුවමකට නගා ඇති අතර එය කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ අදටත් පවතින ඓතිහාසික චිත‍්‍රයකි.
පානදුරා වාදයට මග පෑදෙන්නේ ද විශේෂ ආකාරයකටය. හිමිපාණෝ දිනක් උන්වහන්සේ කියවන ලද සඟරාවක තිබුණ තොරතුරු වලින් කම්පාවට පත් වූහ. ඒඅනුව කොළඹ හා අවට බුදු දහම දුබලවන හා බුදු දහම නිගරුවට පත්වන බව දැනගත්හ. කොළඹට වැඩම කරන හිමිපාණෝ දීපදුත්තාරාමයේ වැඩ වාසය කිරීමට තෝරාගත්හ. හික්කඩුවේ සිරි සුමංගල නායක හිමිපාණෝ එහි වැඩ සිටි අතර තරුණ ගුණානන්ද හිමියෝ බුදු දහම ගැන වැඩිදුර හදාරන්නට නායක හිමියන්ගේ ඇසුර ප‍්‍රයෝජනයට ගෙන තිබේ. එම හැදෑරීමෙන් ලැබූ සත්‍යාවබෝධය අනුව විවාද කරන්නට පසුබිම සකස් වෙන බව සඳහන් කළ හැකිය. නිතර අන්‍ය ආගමිකයන් සමග බුදු දහමේ ඇත්ත පෙන්වා දෙන්නට කතා කරන්නට යුහුසුළු වූහ. ගුණානන්ද හිමියෝ වාද විවාද හාර දහසක් පමණ පවත්වන ලද බව ඉතිහාසය දක්වයි.
පානදුරා වාදය එයින් ප‍්‍රමුඛ උච්චතම අවස්ථාවයි. එය යටපත් වෙමින් තිබුණ බුදු දහමට නව පණක් ලබා දුන්හ. දෙස් විදෙස් වියතුන් එකතුවී ජාතික ආගමික ප‍්‍රබෝධය වෙනුවෙන් කැපවෙන්නට පියවර ගත්හ. බොදු පාසල් ඇතිකරන අතර ආනන්ද, ධර්මරාජ, මහින්ද හා මියුසියස් වැනි විදුහල් එහි ප‍්‍රතිඵලයකි. අමද්‍යප ව්‍යාපාරය පිහිටුවන්නට ද මග පෑදෙන්නේ මෙම පුනරුදයයි.
ලංකාව යනු ලෝකයේ රටවල් අතර ඉහළින් තැබිය හැකි තැනක් බව විජාතිකයන්ට හිමිපාණන්ගේ ධෛර්යයට හැකියාව ලැබිණ. වාදයට උපන් හපන්කම් දැක් වූ හෙයින් වාදීපසිංහ යන උපහාර නාමයෙන් හඳුන්වන්නට ජනතාව පෙළ ගැසිණ. යටපත්ව තිබුණ ජාතික අනන්‍යතාවය, බෞද්ධ ආගමික ශක්තිය මතුකරන්නට කරන ලද මෙහෙවර කිසිවෙකට නොදෙවෙනි බව ජනතාව විශ්වාස කරන්නට වූහ. පානදුරාවාදය හා එයින් ඇතිවූ බලපෑම මෙරට නිදහස දිනා ගැනීමේ අරමුණට ශක්තියක් විය. නිදහස් අරමුණු සහ නිවහල් අවකාශය සමාජ ගතකරනු සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ගෙන් ලද දායකත්වය ඉතාම වැදගත්ය. ශ‍්‍රී ලංකාව නිදහස ලබා හැත්තෑ වසරක් සම්පූර්ණ කර තිබේ. 1883 පෙබරවාරි නම වැනි දා දකුණේ කි‍්‍රස්තියානි ආගම වැළඳගෙන සිටි මුහුදුබඩ පවුලක උපත ලැබූ දරුවෙකු සාසනයට එකතු වී හැට හත් වැනි වියේදී කීර්තිශේෂෝපගතකර අවසන් හුස්ම හෙළුෑහ. පනස් වසරකට ආසන්න කාලයක් කරන ලද මෙහෙවර බොදුනු ජනතාව අදටත් කිසිසේත් අමතක කර නැත.
|