» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/10/2016 - දේශය
ෆාඩියුමෝ ඩායිබ් මව්බිමට ආපසු ඇවිත්

දහ හතර වියැති වයසට එන තෙක් ලියන්නට හෝ කියවන්නට නොහැකිව සිටි සෝමාලියානු දැරියක පසුව ශාස්ත‍්‍රපති උපාධියක් හිමිකරගන්නීය. ලෝකයේ සිදුවන දේ දකින ඇය තමන්ගේ උරුමය සොයන අතර ඇයගේ ගමන දෙස බලන ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහස ඇය නතර වනු ඇත්තේ සොමාලියානු ජනාධිපති ධුරයේ බවය. ෆාඩියුමෝ ඩායිබ් නම් මෙම ධෛර්යවන්ත කාන්තාව ද එයින් මෙපිට උත්තරයක් හොයන බවක් නොපෙනේ. මට දැනටමත් මරණ තර්ජන එනවා. නමුත් ගමන අත් හරින්නේ නැහැ ෆාඩියුමෝ මාධ්‍යයට කියන්නේ 2016 වසරේ දී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණය ගැන ස`දහන් කරමින්ය.

ෆාඩියුමෝ ඩායිබ් උපන්නේ සෝමාලියාවේ දී නොවේ. ඇයගේ දෙමාපියන් කෙන්යාවට පලා යයි. එහි දී උපත ලද ඩායිබ් දැරිය ද සමග මව්බිමට නැවත එන ඇගේ දෙමාපියන්ට එහි පරිසරයට හුරු වෙන්නට හැකියාවක් නොතිබිණ. අභ්‍යන්තර සිවිල් යුද්ධය ඔවුන්ගේ ජීවිත කටුක එකක් බවට පත් කරන්නේය. සෝමාලියාවේ සිවිල් යුද තත්ත්වය එයට වඩාත් හේතු විය. ත‍්‍රස්තවාදී කණ්ඩායම්වල කැරළිකරුවන් හා සන්නද්ධ හමුදා ක‍්‍රියාකාරීත්වය නිසා සෝමාලියාව අන්ධකාර තැනක් බවට පත්වූ අතර ජනතාවගේ පැත්ත ඉතාම ශෝචණීය එකක් බවට පත්විය. නැවතත් රටින් රට යන ඔවුන්ගේ අන්තිම නවාතැන බවට පත්වන්නේ පින්ලන්තයයි. එය ඩායිබ් ගේ වාසනාව බව කියන්නට අවශ්‍යය. ඇගේ දෙමාපියන් මෙම දියණියට කලින් දරුවන් එකොලොස් දෙනෙකුට උපත ලබා දී තිබේ. නමුත් බාලවියේ දීම එම දරුවන් එකිනෙකට වෙනස් රෝග වැළ`දීම හේතු කරගෙන මෙලොව හැරයන්නේය. පින්ලන්තයේ දී හො`ද සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සහිතව හැදී වැඩුණ ඩායිබ් ට අකුරු ඉගැන්වීමට වඩා ජීවත්කරවීම වැදගත් බව දෙමව්පියන් තීරණය කරන්නට ඇත.

පින්ලන්තයේ දී අවුරුදු දහ හතරේ දී ඉගෙන ගෙන උපාධි ලැබ ඇය ශාස්ත‍්‍රපති උපාධිය ලබාගන්නේ හාවඞ් විශ්ව විද්‍යාලයෙන්ය. දැන් හෙල්කින්සි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියට සූදානම්ව සිටී. කාන්තාව, සාමය සහ ආරක්ෂාව තේමා කරගෙන කරන පර්යේෂණ අවසානයේ දී ඇය ආචාර්යවරියක වනු ඇති අතර මෙම සියල්ලට පසුබිම හදන්නේ එක්සත් ජාතීන් සමග එකතු වී ස්වේච්ඡාවෙන් වැඩ කරන අතර තුර බව ස`දහන් කරන්නට අවශ්‍යය. එහිදී ඇය මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ගැන ඉහළ අවධානයකින් ඉගෙන ගත්තාය. ඩායිබ් උත්සාහයෙන් නැගී, තමන්ටම අනන්‍ය ස්වභාවයෙන් වැඞී දැන් තමන්ගේ මව්බිම පරිවර්තනය කළ යුතු අවස්ථාව අත්පත් කරගෙන ඇති බව කියන්නේ නිර්භීතවය.

පසුගිය අවුරුද්දේ ඇය ජනාධිපතිවරණයට එන බව එරට රූපවාහිනියෙන් ප‍්‍රකාශ කරන විට එරට ජනතාව කියන්නේ හො`දටම ඔලූව නරක් වෙලා බවය. නමුත් ඩායිබ් කියන්නේ සෝමාලියාවේ වැසියන්ට එහෙම දෙයක් ගැන හිතන්නවත් බැහැ කියන උත්තරයයි. එයට හේතුව ඇය කියන ආකාරයට සෝමාලියාව ඒ තරමට නරක අහයපත් තැනක් බවට පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේවාර්තා අනුව 2013 අවුරුද්දේ මුල් මාස හය තුළ පමණක් එරට මොගඩිෂු අගනුවර කාන්තාවන් 800 කට වඩා අමිහිරි ඛේදනීය ගොදුරු බවට පත්ව තිබේ. නොදන්නා මිනිසුන් විනාශ කරන කාන්තාවන් හා දැරියන්ගේ ශෝකාන්ත හැම තැනකින්ම වාර්තා වෙන්නට පටන්ගෙන තිබේ. එවැනි පසුබිමක් තුළ ඩායිබ් දරුවන් හතර දෙනෙකුගේ මවක ලෙස නැවත සෝමාලියාවට පැමිණ එහි බිහිසුණු බවට එරෙහිව සටන් කිරීම එරට වැසියන්ට අනුව නම් බරපතල අනුවනකමකි.

නීතිය තිබේ. නමුත් ජනතාව දුබලය. දුර්වලය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ශක්තියයි. මම එය දෙන්නට සූදානම් යැයි ඩායිබ් ප‍්‍රසිද්ධියේ කියයි. කාන්තාවන්ට අනිවාර්ය කෝටා ක‍්‍රමයක් ඇති සොමාලියානු මැතිවරණ නීතිය තුළ 2016 ඔක්තෝම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති දහ අට දෙනෙකුගෙන් යුත් අපේක්ෂක ලැයිස්තවේ සිටින එකම කාන්තාව ඇයයි. තවත් කාන්තාවන් ඉදිරිපත් වුනොත් මෙම තත්ත්වය වෙනස්කළ හැකියි ඩායිබ් කියා තිබේ.

සෝමාලියාවේ පාලකයා තෝරා ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් 2016 දී පැවැත්වුණ හොත් එය 1967 අවුරුද්දට පසු පැවැත්වෙන ඓතිහාසික එකක් බවට පත්වනු ඇත. එදා බලයට පත් ජනාධිපතිවරයා වසර දෙකක් ඇතුලත ඝාතනය වූ අතර එයින් පසු කාලයක් ආරක්ෂක අංශ රට පාලනය කළේය. නොයෙක් සිවිල් යුද්ධ ජනතා නැගිටීම්ල කෙළවරක් නොවීය. මහජනතාවට එයින් ලැබුණේ අමිහිරි අත්දැකීම් බව ස`දහන් කළ යුතු නැත. කෙළවරක් නැති වෙනස්කම් සහිතව එකිනෙකට වෙනස් ක‍්‍රම අත් හදා බලන අතරවාරයේ 2012 අවුරුද්දේ දී යම් ප‍්‍රමාණයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් පවත්වන ලද නමුත් එය සම්පූර්ණ ව්‍යුහය වෙනස් කරන එකක් නොවේ. මෙවර ජනාධිපතිවරණයට ජාත්‍යන්තර පෙළඹවීම විශේෂයෙන් ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය අවධානය මැද පසුබිම සකස් වී තිබේ. ඩායිබ් ගේ ඉදිරිපත්වීම ගැන සන්නද්ධ කල්ලි වලින් මරණ තර්ජන ඇතුළු නොයෙක් එදිරිවාදිකම් එල්ලවන නමුත් රට තුළ ඇයට ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබේ. විශේෂයෙන් කාන්තාවන්ගෙන්ය.

මෙම පසුබිම හදාගෙන අවසන්. දැන් නතරකරන්නට බැහැ යනුවෙන් කියන ඇය නිතර සිහිපත් කරන්නේ සෝමාලියාවේ සංස්කෘතිය සහ උරුමය විනාශ කරන්නට තමන්ට උවමනා නැති නමුත් මෙම පවතින ව්‍යුහය අතුගා දමන බවට’’ සහතික වශයෙන්ම කියා සිටින්නීය. ප‍්‍රතිපත්ති සකස්කර පිරිසිදු යහ පාලනයක් ගැන කියන ඇය කාන්තාවන්ට හිමි තැන දෙන අතර ¥ෂණ හා වංචා වලට තිත තබන බව පැහැදිලිව කියා තිබේ.

ඇය සෝමාලියානු උරුමය ඇතිව පින්ලන්තයට අනාථ දැරියක සේ පැමිණ උපාධියක් ගත් පළමු කාන්තාවයි. හෙදකම ඉගෙන ගෙන එරට රෝහලක සේවයකට එකතු වූ පළමු අනාථ සෝමාලියානු කාන්තාව ද ඇයයි. එපමණක් නොව එතෙකින් නොනැවතී ඇය අනාථ සෝමාලි දැරියක වශයෙන් ආචාර්ය උපාධියට ලියාපදිංචි වී සිටින්නීය. තමන්ගේ මවුබිමේ පවතින තත්ත්වය වෙනස් කරන්නට මුල් වෙන පළමු අනාථ කාන්තාව වෙන්න ද කැමැති බව ඇය දක්වන්නීය. හතලිස් දෙහැවිරිදි ෆාඩියුමෝ ඩායිබ් සියල්ල එක රැයකින් වෙනස් කළ හැකිය යන ආස්තානයේ නොසිටියි. ඇයට අනුව මෙය එක උත්සාහයකි. ඇගේ පසුබිම කාන්තාවන්ට කිසිම දෙයක් නැති පැවැත්මක එකකි. කිසියම අවස්තාවක කාන්තාව ගැන වගකීමකින් නොසලකන පසුබිමකය. සෝමාලියාව මිලියන දහ තුනක පමණ ජනගහනයක් ජීවත්වන රටකි. නමුත් මෙයින් සියයට හතලිස්තුනක් පමණ අන්ත දිළි`දු භාවයෙන් පීඩා වි`දියි. ජනගහනයෙන් හරි අඩක් ජීවත්වෙන්නේ ලෝකයේ නන් දෙසින් ලැබෙන මානුෂිය ආධාර හා සතුන් ඇති කිරීමෙන් උපයා ගන්නා සුළු ආදායමෙන් බව වාර්තා දක්වයි. කානාත්වන් ගේ තත්ත්වය ඉතාම නරක වෙන්නේ මෙම පසුබිම ද සමග උත්සන්නව තිබූ යුද තත්ත්වයත් සමගය. බාලවියේදීම සිය දියණිය ජීවත් කළ යුතු නිසා රටින් බැහැරට පලාගිය දෙමාපියන්ගේ දරුවා අද සෝමාලියාවේ ජීවත්විය යුතු පරම්මරාවේ අනාගතය ගොඩනගන්නට සූදානම් වෙයි. එය බරපතල තීන්දුවකින් පසු ධෛර්යවත්තව ක‍්‍රියා කළ යුතු අවස්ථාවක් බිහිකර තිබේ. ඇයගේ කැපවීම අනුව සියල්ල වෙනස් කළ නොහැකි විය හැකි නමුත් එය විශාල පරිවර්තනයක සියුම් ආරම්භයක් විය හැකි බව ඉතාමත් පැහැදිලිය.