» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/10/2017 - දේශය
ජෝෂප් ජේබ්බියාගේ පෙරැළිකාර චරිතය

ඇමරිකානු ජාතික තරුණ ව්‍යවසායකයෙකු වන ජෝෂප් ජේබ්බියා ඉතාම ඉක්මනින් අන්තර් ජාතික අවධානයට ලක් විය. තාක්ෂණික යුගයේ අලූත් අදහස් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් නමක් දිනා ඇති හෙතෙම නොබෝදා කතාබහට ලක්වූයේ සැන් ප‍්‍රැසිස්කෝ නගරයේ ඇති තමන්ගේ බඩු ගබඩාව නිවහන බවට පත් කරගැනීමත් සමගය. ඉඩකඩ විකිණීම ව්‍යවසායයක් කරගත් මෙම තාක්ෂණික ශිල්පීයා එනම් තිස් හය හැවිරිදි ජෝෂප් ලෝකය පහසු තැනක් කරනු සඳහා අලූත් අදහස් ඉදිරිපත් කරමින් සිටී.

ජෝර්ජියා හි ඇට්ලන්ටා නගරයේ දී 1981 දී උපත ලැබූ ජෝෂප් ජේබ්බියා තවත් මිත‍්‍රයන් දෙදෙනෙකු සමග සැන්ප‍්‍රැන්සිස්කෝ නගරයට පැමිණයේ සාමාන්‍ය රැකියාවකටය. කුඩා තැනක් කුලියට ගෙන නතර වෙයි. කරන ලද රැකියාව අහිමිවීම හෙයින් කාමරයේ කුලී ගෙවීමට නොහැකිවන මෙම තරුණන්ට නවාතැන ද අහිමිවීමේ ප‍්‍රශ්නයක් මතුවෙයි. සැන් ප‍්‍රැන්සිස්කෝ නගරයේ පවත්වන වෙළද ප‍්‍රදර්ශනයක් වෙනුවෙන් විශාල අමුත්තන් පිරිසක් එකවර පැමිණෙන අතර හෝටල්වල නවාතැන් සොයාගැනීම ප‍්‍රශ්නයක් බවට පත්වෙයි. නගරයේ සියළුම හෝටල පිරී ඇත. නවතින්නට තාවකාලික තැන් සොයන අමුත්තන්ගේ අවශ්‍යතාවය හªනා ගන්නා ජෝෂප් ජේබ්බියා සිය සගයන් හා එක්ව අලූත් විසªමක් සම්පාදනය කරයි. ඔවුහු කරන්නේ වායු මෙට්ට තුනක් මිලදී ගෙන තම කාමරයේ තබා නවාතැන් ඇති බවට දැන්වීමක් ප‍්‍රදර්ශනය කිරීමයි. එය සාර්ථක විය. කිහිපදෙනෙකු කාමරයේ නවාතැන් ගත්තේය. පසුව මෙම මිතුරන් එයාර් බී ඇන් බී යනුවෙන් අන්තර් ජාල සමාගමක් ආරම්භ කරන අතර එය ලෝකය පුරා ව්‍යාප්ත නවාතැන් සැපයීමේ සේවාවක් බවට පත්වෙයි. ඒවා ඔවුන්ට අයත් නැත. සමාගම ආරම්භ කරන විට කිසිදු ප‍්‍රාග්ධනයක් අවශ්‍ය වූයේ නැත. අනුන්ගේ තැන් මාර්කටිං කරන්න්නට පටන් ගත්තේ බී ඇන් බී සමාගමයි. අද එම සමාගමේ වෙබ් අඩවියට අනුව ලෝකයේ රටවල් 191 ක පිහිටි නගර හැටපන් දහසක පිහිටි ලක්ෂ තිහක් වූ නවාතැන් පොලවල් ගැන විස්තර ඇතුලත්ය. මේවා තරු හෝටල් නොවේ. සංචාරක බංගලා හෝ නවාතැන් පොලවල් නොවන අතර සාමාන්‍ය නිවාස වල ප‍්‍රයෝජනයට නොගන්නා කොටස්ය. දවසක් දෙකක් නිවාඩුවට යන අයගේ නිවස හෝ ගෙදරක ඇති වැඩි ප‍්‍රයෝජනයක් නොගන්නා ඉඩකඩ සංචාරකයන්ට කුලියට සැපයේ. උදේ කෑම සහ නවාතැන් පහසුව ඇති බව අන්තර් ජාලයේ ප‍්‍රසිද්ධ කරන ව්‍යවසායයක් සේ 2008 දී ආරම්භ කරන ලද එයාර් බී ඇන් බී ව්‍යාපාරය අද ලෝකය පුරා සංචාරකයන් සහ නවාතැන් සම්බන්ධ කරන ආකර්ශණීය එකකි. එකම හෝටල් කාමරයකවත් අයිතියක් නැති බී එන් බී සමාගම ලෝකයේ ඕනෑම තැනක ඇති ඉඩකඩ සංචාරකයන්ට විකුණමින් සිටී. ශ‍්‍රී ලංකාවේ නවාතැන් පොලවල් ද එයට අයත්ය.

ජෝෂප් ජේබ්බියා අමුතු අදහස් ඇති අයෙකි. ඔහු උපාධියට ඉගෙන ගන්නා තරුණ කාලයේ සිට තමන් නවාතැන්ගත් තැන් වල අමතර ඉඩකඩ ඇති බව සොයා ගත්තේය. ඒවා ප‍්‍රයෝජනයට ගැනීම සුදුසු බව ඔහුගේ අදහස විය. එයාර් බී ඇන් බී ආරම්භ කරන ලද කාලයේ දී ඔවුහු නවාතැන් ගෙන සිටි ස්ථානය සංචාරකයන් සඳහා කදිම තාවකාලික නිවහන් බවට පත් කරන ලද අතර ජෝෂප් අද කියන අන්දමට එය එකල ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයවූ කාර්යාලය බවට ද පත්ව තිබුණි.

ජෝෂප් ඇතුළු සගයන් මෙම ව්‍යාපාර සංකල්පය නිර්මාණය කර එය අන්තර්ජාලයට එකතු කරන විට ඔහු ගැන දන්නා නොදන්නා වැඩි දෙනෙක් කල්පනා කළේ මේ අයගේ සිහිකල්පනාව නරක් වී ඇති බවය. කිසිම දැන හැªනුම්කමක් නැති අමුත්තන් තමන්ගේ ගෙදරට ගෙන කාමරයක යතුර දෙන්නේ මොන හිතකින්දැයි ඇතැම්හු ප‍්‍රශ්න කළහ. මෙම විශ්වාසය ඇතිකරන්නට ගත් ව්‍යායාමය ව්‍යාපාරයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑවේය.

එයින් නතර නොවූ හෙතෙම අලූත් ස්මාට් නිවාස සැලසුම් ඉදිරිපත් කළ අතර අමුත්තන්ගේ හිත්ගන්නා සොදුරු තැන් බවට ඒවා පත් කරනන්නට අධිශ්ඨාන කරගත්තේය. එසේ සැලසුම් කරන නමුත් සම්ප‍්‍රදායික ක්ෂේත‍්‍රවලින් මතු වූ අභියෝග සුළු පටු නොවේ. එයාර් බී එන් බී සමාගම ආරම්භ කර වසර දහයක් තුළ සමාගමේ මග පෙන්වීම අනුව මිලියන 200 ක් දෙනා ලෝකයේ නොයෙක් තැන් වල නතර වී ඇත. එය සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාර වලට තියුණු පසුබෑමකි. පලාත් පාලන හෝ ආණ්ඩුවේ බදු වලට යටත් නැති නිදහස් ව්‍යාපාර පිබිදීම ලියා පදිංචි ව්‍යාපාරිකයන්ට තර්ජනයක් විය. සැන් ප‍්‍රැන්සිස්කෝ හි සමාගමක් නීති ක‍්‍රියාමාර්ග ගත්තේය. ජෝර්ජ් ඇතුළු එයාර් බී එන් බී සමාගමට එයින් ඇමරිකානු ඩොලර් මිලියන හාරසියයක ඇනවුම් අවලංගු විය. එයින් පසු බාසිලෝනා හි නඩු තීන්දුවකින් යුරෝ ලක්ෂ හයක් ගෙවන්නට සිදුවූයේ ව්‍යාපාරයක් සේ ලියාපදිංචියක් නැති දේපොල අන්තර් ජාලයේ ප‍්‍රසිද්ධ කිරීමේ වරදටය. කෙටි කාලීන බදු දෙන තැන් ගැන නිව්යෝක් බර්ලින් හා පැරිස් නගර වල ද එවැනිම අවහිරතා මතුවිය. එයින් පසුබට නොවූ ජෝර්ජ් ලෝකයේ නොයක් රටවල දේපල නිති අධ්‍යයනය කර ඒ අනුව තමන්ගේ ව්‍යාපාරය හසුරවන්නට සමත් වූයේය.

ග‍්‍රැෆික් ඩිසයින් සහ ලලිත කලා උපාධිධරයෙකු වන ජෝෂප් ජේබ්බියා තම සගයන් සමග ව්‍යාපාරය කරගෙන යන විට එයට ආරම්භක ප‍්‍රාග්ධනය සොයාගත්තේ එවකට ඔබාමා හා මැකේන් යන ජනාධිපති අපේක්ෂකයන් ගේ සිතුවම් සහිත ධාන්‍ය ආහාර පැකැට් නිර්මාණය කිරීමෙන් ලත් ආදායමෙන් බව පැවසේ. අද වන විට ජෝෂප් ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන තිස් එකක් බව සඳහන් වන අතර නවාතැනේ කුලිය ගෙවාගන්නට නොහැකිවූ තරුණයෙකු කෙටි කාලයක් තුළ පැමිණි ගමන බිස්නස් වීක් සඟරාව ටොප් 20 නමින් සම්මානයට පාත‍්‍ර කරන්නේ 2009 වසරේ දීය. එයින් අවුරුදු දෙකකට පසු ෆෝචූන් සඟරාව ද ඔහුට සම්මාන පිරිනමයි.

මෙම වසරේ මැයි මාසයේ දී හෙතෙම අනාගතය සඳහා ගැලපෙන ගෘහ භාණ්ඩ නිර්මාණය කරන ව්‍යාපාරයක් ආරම්භ කළේය. එය අලූත් අදහසකි. අනෙක තමන් පැමිණි ගමන අනුව ඉදිරියට යන්නට අපේක්ෂා කරන ධෛර්යවන්ත තරුණන් සදහා ප‍්‍රතිපාදන සැපයිය හැකි අරමුදලක් ඔහු ඉගෙනගත් ලලිත කලා විද්‍යාලය අනුබද්ධව ඇරඹීය. එයින් නොනැවතුන හෙතෙම දාර්ශණික නිර්මාණගීලී මිනිසුන් සේ ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව ඇති වොරන් බෆට් හා බිල් ගේට්ස් යන බිලියනපතියන් සමග එකතුවිය. තමන්ගේ ධනයෙන් වැඩි කොටසක් ජන සමාජයේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරන්නට කැමැති අයවලූන් එහි එකට එකතු වී සිටිති.

ජෝෂප් ජේබ්බියා තම හවුල් බී එන් බී සමාගමට නුදුරින් පිහිටි බඩු ගබඩාව නිවහන බවට පත් කරගත් අතර ස්මාට් නිවාස, අනාගත ගෘහ භාණ්ඩ සැලසුම් කරන්නේ එහිදීය. එතැන ද අතිරේක ඉඩකඩ ඇති බව හදුනාගත් හෙතෙම ඒවායේ ප‍්‍රයෝජනය ගන්නා සේ ලෝකයේ සරණාගත පිරිසගෙන් ඉල්ලා ඇති බව අලූතින්ම ලැබෙන වාර්තා අනාවරණය කරයි. එය කෙබදු වාතාවරණයක් ඇතිකරනු ඇත්දැයි අද වනවිට ජගත් ප‍්‍රජාව බලා සිටියි.