ඉන්දියන් සාගරයේ මුතු ඇටය ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. පසුබිම ජිනීවා මානව හිමිකම් සමුලූවයි. යෝධයන් අතර කුඩා රටකට පැවැත්ම පහසු නැත. එය තේරුම්ගත යුතුය. කාලයක්, ඇමරිකාව හා සෝවියට් දේශය යන බලවත් රාජ්‍ය අතර සීතල යුද්ධයක් තිබිණ. නොබැදි ව්‍යාපාරය එයට විකල්පයක් විය. එය සමබර විදේශ ප‍්‍රතිපත්තියකට දොරටු විවෘත කළේය.
ඇමරිකාව ලෝක බලවතාය. බලවත් රටවල් අතර දේශ සීමා රහිත ජනතා බලවේග ඇත. මෙම බලවේග පරිසරය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස හෝ කාන්තා අයිතීන් වැනි දේ වෙනුවෙන් පෙනී සිටිති. සන්නිවේදන හා මාධ්‍ය දියුණුව ලෝක වාසී සමාන අදහස් ඇති ජන බලවේග ගොඩනගයි. වෙබ් අඩවි, බ්ලෝග් සමාජ එයට මහත් උපකාරයකි. දේශ සීමා නැති ජන බලවේග ගොඩනැගෙන්නේ එහෙමය. රටක පැවැත්මට ගන්නා තීරණ අභ්‍යන්තර හා බාහිර පීඩනයකට ලක්වෙයි. පාලකයන්ට දෙකොණ විලක්කුවකි.
පෙනෙන අන්දමට කුඩා රටක්, කුඩා ආර්ථිකයක් ඇති සමාජයකට ජගත් ප‍්‍රජාව ඉදිරියේ ධෛර්යවත් ලෙස අභිමානයෙන් නැගීසිටින්නට හැකියාව ලැබීම සුවිශේෂී අවස්ථාවකි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් වැදගත් වන්නේ විදේශ සම්බන්ධතා හා එහි උපායශීලී බවයි.
පර්වතය පෙනී, එහි හැපී එය මැඩ ගෙන පෙරට යා හැකිය. පර්වතය කැන උමගකින් පිටවීම හෝ පර්වතය වටා යමින් එය මගහැරයාම තවත් අවස්ථාය. ඉතිහාසයේ දී බාහිර ආක‍්‍රමණ පැමිණි අවස්ථාවේ දී ශක්තිය, ධෛර්යයට අමතරව උපාය පාවිච්චි කරන ලද බවට සාක්ෂි ඇත. කුඩා රටකට බලවත් රාජ්‍ය අභියෝගයක් වියහැකි නමුත් උපායදැන දුරදක්නා නුවණින් කි‍්‍රයාකිරීමෙන් ගෞරවයත් අවස්ථාවත් දිනා ගත හැකිය. ආර්ථීක දේශපාලන වෙනස්කම් ඉදිරියේ රාජ්‍ය නායකයන් විවිධ තීරණ ගෙන ඇත. අභියෝග, තර්ජන හා මර්දන ඉදිරියේ විටෙක නැමෙමින් හා තවත් අවස්ථාවක පියවරක් පිටුපසට තබමින් කි‍්‍රයාකිරීම හෙයින් අනන්‍යතාව ආරක්ෂා කර ගන්නට සමත්ව තිබීම කැපීපෙනෙයි.
1971 කැරැල්ල, 83 ජූලි කලබල, 1987 දෙවැනි කැරැල්ල හා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය ශ‍්‍රි ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය අභියෝගයට ලක්වූ බැරූරුම් අවස්ථාය. විදේශ මිතුරන් ගේ භූමිකාව වෙනස්ය. රට තුළ මතය ට වැඩි පීඩනයක් ජාත්‍යන්තර මහජන සංවිධාන එල්ල කරයි. මානව හිමිකම්, හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හමුවේ වන බලපෑම් සමබර කරගනිමින් ප‍්‍රශ්න වලට මුහුණදීම පහසු නැත. දශක තුනක් යුධ පරිසරයකට ගොදුරු වී සිටි යුගයේ ශී‍්‍ර ලංකාව ට ජාත්‍යන්තරය ඉදිරියේ තිබුණ ප‍්‍රතිරූපය වෙනස්ය. ත‍්‍රස්තවාදය අවසන්ය. සාමය තහවුරු කරගැනීම කරා ගමන් කරන ශ‍්‍රී ලංකාව අලූත් තැනෙකි. ඇසට ඇස, දතට දත න්‍යාය නොවේ. සහමුලින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් විය යුතුය. කලූ පැහැයෙන් සුදු පැහැයට වෙනස්ව ඇති බව ඔප්පු කිරීම අද රටට ඇති අභියෝගයයි. එය පහසු නැත.
|