» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/04/12 - ලංකාදීප
නොනගතයට පසු නැකතට වැඩ ඇල්ලීම -මිලින්ද මොරගොඩ
www.milindaprashna.com

භාග්‍යවත් මාසය උදා වී තිබේ. වසරේ බක් මාසය උදාවන විට සෞභාග්‍යය ගැන ඉ`ගි කරයි. සියලූ හදවත් තුළට සතුට කැ`දවයි. එය අවුරුදු උදාවයි. ශ‍්‍රී ලාංකික ජනතාව බේධයකින් තොරව සූර්ය සංක‍්‍රාන්තිය උත්සවාකාරයෙන් සමරන දිනය ළ`ගා වෙමින් තිබේ.

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සංස්කෘතික උළෙලකි. එහි හැම අංගයකටම අරුතක් ඇත. අස්වැන්න නෙලා අටු කොටු පුරවා ගනී. ගහ කොළ හරිත පැහැය ගනී. සැනසිල්ල සහ සමාජ එක`ගතාවයට මුල් තැන ලැබේ. පරණ අවුරුද්ද අවසන් ව, අලූත් අවුරුද්ද උදාවන තෙක් සියලූ කටයුතු වලදී චාරිත‍්‍ර වාරිත‍්‍ර හා නැකැත් වලට මුල් තැනක් හිමිවෙයි. එයින් අවුරුදු උදාවෙන් පිබිදුණ හදවත් එක අරමුණකට ගොනු කරයි. එය වැදගත්ය.

පරණ අවුරුද්දේ ගිනි අලූත් අවුරුද්දට එකතු කර ගත යුතු නැත. පරණ ගැටුම් එතැනින් අත් හල යුතුය. අවුරුදු තිහකට වැඩි කාලයක් කලබල හා මත බේධ මැද ගෙවුණ කාලයේ ඇබ්බැහිවීම් තවමත් අපට ඇත. සාමකාමී අලූත් යුගයක පැවත්ම ගැන අත්දැකීම් අඩුය. සැකය අවිශ්වාසය තවමත් අප අතර තිබේ. තවත් කෙනෙකුගේ මතයට ගරු කිරීම හුරු නැත. සමාව ඉල්ලන්නට පමණක් නොව සමාව දෙන්නටත් සූදානම් නැත. ශී‍්‍ර ලංකාවට ද අද අවශ්‍ය සමාජ එක`ගතාවයයි. එක අරමුණකින් ක‍්‍රියා කිරීමයි. බුලත් දී පහුගිය අවුරුද්දේ වැරදි සමාකරගන්නා සංස්කෘතියක් ලාංකික අපට ඇත. මුරණ්ඩු නොවන හා යමක් කමක් දන්නා වැඩිහිටියන් ගේ අවවාදය එහි දී පිළිගැනේ.

පසුගිය කාලය ගැන ආපසු හැරී ආවර්ජනය කරන්නට නොනගතයක් තිබේ. එය කිසිවක් නොකර සිටිය යුතු පුණ්‍ය කාලයකි. අලූත් අවුරුද්දේ නැකැත් නැති එම කාලය ආගම දහමට යොමුවන වේලාවකි. එයින් සාවධානව සිටින විට මුල මැද අග ගැන නිසි විග‍්‍රහයකට යන්නට අවස්ථාව උදා වෙයි. පසුව, සුබ මොහොතකින් යහපත් අදහස් ඇති ගුණවතෙකු සමග ගනුදෙණු කරයි. සාමය සංයමය හා හිත පිරුණ බව සංකේතවත් කරන්නට කිරි ගහ, නැවුම් ළි`ද, කිරි බත හා කැවිලි පෙවිලි සම්බන්ධ වෙයි.

අලූත් අවුරුද්ද උදා වීමෙන් පසු නැකතට සුබ කාර්යයක නිරතවන්නේ හා හා පුරා කියාය. එය වැඩ ඇල්ලීමයි. සුබ දිසාව බලා සුබ මොහොතින් වැඩ අල්ලන්නේ චාරිත‍්‍රයක් වශයෙන් ම නොවේ. එහි ගැඹුරු දර්ශනයක් ඇත. පරණ පරිච්ෙඡ්දය වෙනුවට අලූත් යුගයකට වැඩ අල්ලන්නට රටක් හැටියට අප සූදානම් විය යුතුය. සාමකාමීබව හා එකමුතුකම එයට ඉතාම වැදගත් සාධකයකි.