» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/05/2017 - ඉරිදා ලංකාදීප
ඉදිකිරීම් ක්ෂේත‍්‍රය, තාක්ෂණයෙන් බලගැන්වෙන්ට ඉඩ තිබේ

වාහන තදබදය තමන් ඉතා අපහසුතාවයට පත්කර ඇති බව කියන ප‍්‍රකට නව නිර්මාපකයෙකු, ආයෝජකයෙකු හා ධන කුවේරයෙකු වන ඊලොන් මස්ක් තමන් උමං කණින මෙවලමක් නිපදවා පොලව හාරන්නට පටන්ගන්නා බව කියා තිබේ. එය ඔහු ගේ ටිවිටර් ගිණුමෙකි කෙටි පණිවුඩයන් සේ සටහන් කරන නමුත් එය විශාල අවධානයකට ලක්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඇතැම් මාධ්‍ය වලට එය උපහාසයෙන් කළ සටහනකි. ලෝස් ඇන්ජලීස් නගරයේ ඔහුගේ කාර්යාලය පිහිටුවා ඇති තැන සිට මෙම උමග විදින්නට පටන්ගන්නා බව කියන විට ද ගාඩියන් පුවත්පතට ප‍්‍රකාශයක් කරන නගර බලධාරීහු ඒ වෙනුවෙන් අවසරගත යුතු බව කියා තිබේ. උමං කැනීමේ අදහස ආන්දෝලනාත්මක සේ නැගී පැතිරෙන විට නැවතත් අදහස් දක්වන ඊලොන් මස්ක් මෙම ව්‍යාපෘතිය ඉතාම අලස එකක් වනු ඇති නමුත් එය කළ යුතුව ඇති යැයි දක්වන බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

අභ්‍යවකාශ තරණය පුද්ගලික අංශයට අතටගත් දැවැන්ත ව්‍යවසායකයන් දෙදෙනෙකගෙන් අයෙකු වන ටෙස්ලා මෝටර් සමාගමේ ප‍්‍රධාන විධායක ඊලොන් මස්ක් ය. ඔහුගේ ස්පේස් එක්ස් නමැති සමාගම පිහිටි තැනින් මෙම උමග හදන්නට සූදානම්වනු ඇති බව ප‍්‍රකාශ වෙයි. ඊලෝන් මස්ක් දකුණු අප‍්‍රිකාවේ උපත ලැබූ, අදවන විට නව සොයා ගැනීම් වෙනුවෙන් වෙහෙසෙන බලවත් පර්යේෂකයෙකි. මූලික අධ්‍යාපනයෙන් පසු කැනඩාවට පැමිණි හෙතෙම එහි පුරවැසි බව ලබා පරිගණක මෘදුකාංග අංශයට යොමුවිය. දහ නම වැනි වියේදී ඇමරිකාවට පැමිණි අතර පින්සෙල්වියානු විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබයි. තමන්‍ෙග් සහෝදරයා සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන හෙතෙම පසුව එය දියුණු කරගත් අතර එහි දෙවැනි පියවර බවට පත් කරගත්තේ පේ පැල් නමැති විද්‍යුත් මුදල් හුවමාරු ක‍්‍රමය හදුන්වා දීමය. තව තවත් සමාගම් එකතු කරගෙන ව්‍යාපාර ලෝකයේ ඉදිරියට එන විට 2002 අවුරුද්දේ දී ඇමරිකානු ඩොලර් මිලියන සියයක ආයෝජනයකින් ස්පේස් එක්ස් නමැති අභ්‍යවකාශ වැඩ සටහන ආරම්භ කරන තීරණයට එළැඹෙයි. එයින් ඉනික්බිතිව ටෙස්ලා යනුවෙන් නම් කරන ලද විදුලිය බලයේ ධාවනය කරන මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමු කරන ලද අතර සූර්ය බලශක්තිය පමණක් භාවිතා කරන සෝලා සිටි සංකල්පය යෝජනා කරන්නේ එයින් ඉනික්බිතිවය. මෙම සියලූ දේ තුළින් මිනිසුන් කිසිසේත් අපේක්ෂා නොකරන ලද කලාපයකට ජන ජීවිතය යොමු කරන සංකීර්ණ ආයෝජන වශයෙන් ඉතිහාසයට එකතු කරන්නට ඊලෝන් මස්ක් සමත්වීම විශේෂත්වයකි. එයින් පසු ඔහු අත ගහන්නට සූදානම් වෙන්නේ පොලව කැන එහා මෙහා යාමට බව නිරීක්ෂණය කළ හැකිය.

ඉදිකිරීම් අංශයට ඊලොන් මස්ක් ගේ ප‍්‍රවේශය පැමිණීම සමග විශාල තාක්ෂණ වර්ධනයක් එහිලා සිදුවනු ඇතැයි සැලකේ. අද වන යිට ඉදිකිරීම් අංශයට ති‍්‍රමාණතාක්ෂණය පැමිණ ඇත. පරිගණකයෙන් ස්වයංකී‍්‍රයව නිර්මාණය කරන ගොඩනැගිලි සහ ඒවාගේ අභ්‍යන්තර සැලසුම් හා සැරසිලි පවා සම්පූර්ණයෙන්ම අලූත් ආකාරයට සකස් කරන ප‍්‍රයත්නයක නිරතය. විශේෂයෙන් ගොඩනැගිලි තැනීම හා ඒවාගේ අභ්‍යන්තර අලංකරණය එපමණ කාලයක්ගත වන ඒවා නොවේ. යම් යම් කොටස් නොයෙක් තැන් වල කලින් සකස් කර දශමයට ගැලපෙන සේ සවි කරන්නට තාක්ෂණය දියුණු වී ඇත. ගොඩනැගිල්ල තැනෙන්ට කලින් කාර්යාලයේ අභ්‍යන්තරය සකස් කරන හා ත‍්‍රිමාණ ශිල්පයෙන් ගොඩනැගිල්ල හැදෙන විට ඒවායේ අභ්‍යන්තර මෙවලම් කෙලින්ම ගෙනැවිත් එකතු කරන මටට්මක තාක්ෂණය දියුණු වී ඇත. නමුත් තවත් එහාට මෙම තත්ත්වය දියුණු වෙන්නට ඉඩ ඇති බව සාකච්ඡා වෙමින් පවතී. එයට හේතුව ඊලෝන් මස්ක් වැනි අලූතෙන් හිතන අය ගේ ආගමනයයි. එය ක්ෂේත‍්‍රයට ඉක්මන, ඵලදායීතාවය හා වියදම අඩු කරන ක‍්‍රම හදුන්වා දෙනු ඇතැයි සැලකේ.

පසුගිය කාලයේ පැවැති ජගත් ආර්කථි සංසදයේ දී අනාගත ගොඩනැගිලි ඉදිවන අයුරු ගැන අදහස් ගණනාවක් ප‍්‍රකාශ වී ඇත. අනෙක් ක්ෂේත‍්‍ර සමග සසඳන විට ගොඩනැගිලි ඉදිකිරීම් අංශය විශේෂයෙන් සඳහන්ව ඇති කාරණයකි. එය දියුණු වනු ඇතැයි කල්පනාකරන ලද තරමට ප‍්‍රගතියක් නැති අතර තාක්ෂණයෙන් හා නව සොයාගැනීම් වලින් පරතෙරට පැමිණි ඊලෝන් මස්ක් ගේ ප‍්‍රවේශය එයට යම් පිටිවහලක් වනු ඇතැයි විශ්වාස කෙරේ. ඔහු තමන්ගේ කාර්යාලය අසල සිට උමගක් කනින්නට සූදානම් බවකියන විට එය කියන්නේ හුදෙක් විහිළුවට නොව අලූත් තාක්ෂණික මෙවලම් ගැන බොහෝ දුරට කල්පනා කර අවසානයේ දී බව නොයෙක් දෙනා කතා කරන්නය පෙළැඹී තිබේ.

සම්ප‍්‍රදායික සැලසුම් ශීල්පීන් මහන්සි වී අඳීන අවසානයේ දී ගල්වැලි එකතුකර කොන්ත‍්‍රාත්කරුවන් ගොඩනගන ගොඩනැගිලි, මහා මාර්ග හා උමං මාර්ග යනාදිය වෙනුවෙන් සිදුවන එකිනෙකට වෙනස් විධි ක‍්‍රම සම්පූර්ණයෙන් වෙනස් කරන ප‍්‍රයයත්නයක් හදුන්වාදුනහොත් පවතින ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් වෙන්නට බැරි නැත. ජගත් ප‍්‍රජාව අලූතින් හිතන ඊලෝන් මස්ක් ගේ වචනයකට පවා විශාල අවධානයක් යොමු කරන්නේ එහෙයින්ය.

දියුණු වන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ නිතර ඉදිකිරීම් සිදුවෙයි. ඒවාට සැලසුස් සකස් කිරීමේ සිට භාවිතයට ගැනීම දක්වා කාලය තුළ විශාල වශයෙන් මානව සම්පත් උපයෝගී කර ගැනේ. තාක්ෂනය වියදම් කරන අන්දම හා නිසි සැලසුමක් නැතිව ඉදිකිරීම් කරන අයුරු මෙරට ජනතාවට අත්දැකීම් ඇත. අධිවේගී මාර්ගයක් හදන්නට සැලසුම තීරණය කිරීම දුෂ්කරය. ඒවා වරින්වර වෙනස් වෙයි. අන්තිමේ දී ක්ෂේත‍්‍රයේ වැඩ ආරම්භ කරන ලද පසු පවා සැලසුම වෙනස් කරන අතර ඒවායෙන් සිදුවන නාස්තිය බරපතල එකකි. පාරක් හදන්නට, ගොඩනැගිල්ලක් ඉදිකරන්නට අවශ්‍ය සම්පත් එකතු කිරීම විශාල ගැහැට ඇතිකරයි. ඒවා ප‍්‍රවාහනය තවත් ගැටළුවකි. අධික තදබදය ඇති මහා මාර්ග ඔස්සේ මහල් දහයක දොලහක ගොඩනැගිල්ලක් තන්නනට භාණ්ඩ ගෙන යන විට ඇතිකරන පීඩාව දන්නේ ඒවායෙහි නිරත පිරිසය. එම අවහිරය ධනය අපතේ යැවීමක් බව අද පර්යේෂකයන් අවධානට යොමු කරයි. එක තැනකට අමුද්‍රව්‍ය ගෙනැවිත් ගොඩනැගිලි හදනවාට වඩා වෙනත් තැනක කොටස් එකතුකර ඒවා වෙන්වෙන්ව නිර්මාණය කර අවසාන ඒකකය තනන තරමට තාක්ෂණය දියුණු කර ඇත්තේ එහෙයින්ය. කලින් දක්වන පරිදි ගොඩනැගිලි හැදෙන අතරවාරයේ අභ්‍යන්තර අවශ්‍යතා ද සකස් කරන්නට හැකි තරමට සන්නිවේදනය හා තාක්ෂණ දියුණුය. පාරිභෝගිකයාගේ උවමනාව පරිදි අභ්‍යන්තරය හදන්නටත් කලින් පියැවිඇසින් නිරීක්ෂණය කරන ති‍්‍රමාණ විධි අද බහුලව ප‍්‍රයෝජනයට ගැනේ. මේවායෙන් විය හැකි පරිවර්තනය දෙස අවධානය යොමු කිරීඹ ඉතාමත් වැදගත් කාලයක් බව සඳහන් කරනු වටී,

අද ශ‍්‍රී ලංකාව සටන් කරන්නේ වැලි ගොඩ දැමීම ගැනය. දැව සම්පාදනය කරගැනීමට වන සංහාරයක් සිදුවන ආකාරය කෙරෙහිය. අනාගතයේ දී ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය අනුව පරිසරය ආරක්ෂා වන අන්දම ගැන හිතන්නට ඉඩ තිබේ. ඒවාට යොදා ගන්නා ද්‍රව්‍ය අප අද කල්පනා කරන්නේ නැති අමුද්‍රව්‍ය විය හැකිය. එපමණක් නොව ඒවා සම්පූර්ණයෙන්ම මිනිස් අත්වලින් අල්ලන්නේ නැතිව තැනෙන්නට ඇති ඉඩ කඩ වැඩිය. අවදානමක් ඇති තැන්වල සූක්ෂම මෙවලම් වලින් අන්තිම නිවැරදිව දිවා රාත‍්‍රී නොතකා ඉදිකිරීම් කරන යකඩ මෙවලම් බලකායක් ඉදිරියේ දී භාවිතා වෙන්නට ඉඩ ඇත. එය පවතින ව්‍යුහය අලූත් පැත්තකට යොමු කරනු ඇත. පරිසරය දෙස අවධානය යොමු කරමින් ඉඩ කඩ ඉතාම මැනවින් ප‍්‍රයෝජනයට ගන්නා ආකාරයට ඉදිකිරිම් කර්මාන්තය සකස් වුවහොත් එයි ප‍්‍රතිඵල දැනෙන්නේ ජනතාවටය. ශ‍්‍රී ලංකාව මෙම දියුණු වන පැති ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. අලූත් තාක්ෂණය හා නව මෙවලම් භාවිතයෙන් අඩුම මහන්සියකින් වෙනස් දේවල් ලෝකයේ තැනෙන විට ඒවා රටට හදුන්වා දෙන්නේ කෙසේදැයි අප අවධානය යොමු කරන්නට අවශ්‍යය. අභ්‍යාවකාශය ජයගන්නට තැත්කරන ඊලෝන් මස්ක් මහපොලව කැන එය හරහා යන්නට එන්නට හැකි යමක් කරන බව කියන විට අප අවධානය යොමු කළ යුතු එහෙයින්ය. ලෝකයේ ස්වභාවය මේසන් හැන්ද, උදැල්ල අලවංගුවෙන් වෙනස් වන විට මෙරට මහාමාර්ග අධිවේගී මාර්ග හා ගොඩනැගිලි තැනෙන තැනට ඒවා සමීප වනු ඇත.