1971 වසරේ මැද භාගයේ දී යුරෝපා කළමණාකාරීත්ව සංසදය මැයෙන් ආයතනයක් බිහිවෙයි. ස්විට්සරලන්තයේ සිවිල් ක‍්‍රියාධරයෙකු ඇතිකරන ලද මෙම සංවිධානය පසුව ලෝක ආර්ථික සංසදය යනුවෙන් නම් කෙරේ. ව්‍යාපාරික, දේශපාලන, අධ්‍යාපන ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන්, අලූත් සොයා ගැනීම් කරන පිරිස් සහ දැනටමත් බලගතු ක්ෂේත‍්‍රවල නිරත වෘත්තීය නිපුණතා සහිත තෝරාගත් පිරිස් මෙහි සැසිවාර වලට සහභාගී වෙති. ලෝකයේ දැන් පවතින තත්ත්වය මෙයට වඩා යහපත් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.
එකිනෙකට වෙනස් මාතෘකා සම්බන්ධව පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත් වන ලෝක ආර්ථික සංසදය මෑතක සිට අලූත් බලශක්ති ප‍්‍රවනතා, සන්නිවේදනයේ ඉදිරි පරම්පරාවේ පැති හා රථ වාහනවල දියුණු තාක්ෂණ ස්වභාවය ඇතුළු කරුණු ගැන නැවුම් අදහස් ඉදිරිපත් කරන්නට පටන්ගෙන තිබේ. පසුගිය දා නිකුත් කරන ලද අදහසක් අනුව ඉදිරි දස වසර තුළ මිලියන සංඛ්‍යාත රථ වාහන ප‍්‍රමාණයක් රියැදුරෙකු රහිතව ලෝකයේ නොයෙක් රටවල මහා මාර්ග වල ධාවනය වනු ඇත. ගුවන් නියමුවෙකු රහිත ගුවන් යානා දහස් ගණනක් ගුවන් තොටුපොල වලින් අහසට නගින හා ගොඩබානු ඇති බව ප‍්‍රකාශ වෙයි. මෙයින් වසර දහයකට කලින් මෙවැනි අදහස් හිතන්නටත් බැරි ඒවාය. තොරතුරු තාක්ෂණයේ පස්වන පරම්පරාව භාවිතයට පැමිණීම සමග වාහන නඩත්තු කිරීම හා ඒවායේ අයිතිකාරීත්වය යන්න යල්පැන ගිය අදහසක් වන බව දැනටම සනාථ වී තිබේ. විශේෂයෙන් ව්‍යාපාරික සමාගම් සිය කාර්ය මණ්ඩල අවශ්‍යතා වෙනුවෙන් ගමන් බිමන් වෙනුවෙන් එන්ජිමක් හෝ රියැදුරෙකු රහිත ටැක්සි සේවා පාවිච්චි කරන්නට පෙළැඹෙන බව පැහැදිලිව වාර්තා වී ඇති කරුණක
රථ වාහන වල ඉන්ධන භාවිතයක් රහිතය. එසේ හෙයින් අනාගත වාහන වලට එන්ජිමක් අවශ්‍ය නැත. වාහනය සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීය එකකි. එහෙයින් වාහනයක් ධාවනය කරවන රියැදුරෙකු නැත. පස් වැනි පරම්පරාවේ සන්නිවේදනයෙන් බලවත් වන පරිගණකයක් මගින් සකස් කරන ධාවන සැලැස්මට අනුව වාහන මහ මග ධාවනය වෙයි. තමන්ටම වාහන අයිතිකර ගැනීමේ අවශ්‍යතාවයක් නැති වෙයි. ඕනෑම තැනක සිට තම ගමන යාම සඳහා රථයක් කැඳවිය හැකි වන අතර අන්තර් ජාලයෙන් ගෙවීම් කර තමන්ට අවශ්‍ය තැනකට වාහනය ඉක්මනින් ගෙන්වාගැනීමට වටපිටාව සකස් වෙයි.
කෙසේ නමුත් ඇතැම් වාර්තා අනුව වසර 2050 වන තෙක් රියැදුරු රහිත විදුලියෙන් ධාවනය වන වාහන පුලූල් භාවිතයකින් මහා මාර්ගයට නොපැමිණෙනු ඇති බව ප‍්‍රකාශ වන නමුත් මෑත කාලය තුළ නොසිතිය හැකි වේගයකින් දියුණු වූ දුරකථන තාක්ෂණය අනුව සලකන විට එය කල්යන්නට ඉඩ නැති බව දැක්වෙයි. විශේෂයෙන් ඇමරිකාවේ මගී ධාවන සැතපුම් ප‍්‍රමාණයෙන් සියයට අනූපහක්ම මගියාගේ ඉල්ලීම අනුව රියැදුරෙකු රහිත වාහන වලින් සිදුවන්නට ඉඩ ඇති බව තවත් වාර්තා පෙන්වා දෙයි. එය ඇත්තටම විය හැකි තත්ත්වය බව පොදු පිලිගැවීම වී තිබේ. ඒ සඳහා වන රෙගුලාසි තවත් වසර තුනක් ගත වන විට ලෝකය පුරා සම්මත වෙතැයි සැලකේ. මෙයින් සිදුවිය හැකි පරිවර්තනය කුමක්ද? අදට පවතින තත්ත්වයට වඩා දහ ගුණයකින් වාහන භාවිතාව ඉහළ යනු ඇත. බලශක්තිය, මූල්‍ය පහසුකම් පමණක් නොව වාහන නඩත්තුව පවා අඩුම ස්වභාවයකින් වාර්තා විය හැකිය. වසර 2030 වන විට සියයට අසූවකින් රථ වාහන අනතුරු පහත වැටෙන අතර අද පවතින වියදමට වඩා හරි අඩකින් හැම අතකින්ම වාහන භාවිතා කිරීමේ පිරිවැය අඩු වනු ඇත. එයට හේතුව තාක්ෂණයයි. වාහන ධාවනයට පස් වැනි පරම්පරාවේ දුරකථන ජාලා සහ පරිගනක මගින් වාහන ධාවනය වීම තවත් වාසියක් වනු ඇත. ලෝක ආර්ථික සංසදය කරන ලද පර්යේෂණයකට අනුව මහා මාර්ගයේ ධාවනය කරන වාහන ප‍්‍රමාණය සියයට විසි අටකින් පහල යන අතර සාමාන්‍ය ගමන් බිමන් කාලය සියයට තිහකින් අඩුවෙයි. කාබන් ඩයොක්සයිඞ් නිකුතුවෙන් පරිසරයට වන හානිය සියයට හැට හයකින් අඩුවෙයි. වාහන නිකරුනේ ගාල් කර තැබීම අවශ්‍ය නොවන හෙයින් නගරයකට උවමනා කරන රථවාහන ගාල් කරන ඉඩකඩ සියයට හතලිස් අටකින් කපා හැරිය හැකි වනු ඇත.
පස් වන පරම්පරාවේ දුරකථන ජාලා මගින් රියැදුරෙකු රහිතව ධාවනය වන වාහන වලට අවශ්‍ය සිතියම්, නියමානුකූල විඩියෝ දත්ත, එකිනෙකට සම්බන්ධවන පරිගනක සමූහයක් මගින් යටිතල පහසුකම් සැපයේ. එය මහා මාර්ගයේ අනතුරු වලකා ආරක්ෂාව තහවුරු කර, තදබදය අවම කර කාර්යක්ෂම ප‍්‍රවාහන සේවාවක් ඇති කෙරේ. මෙහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ කුමක්ද? වාහනයක ගමන් ගන්නා සෑම මගියෙකුට තමන්ම රථය පැදවීම වෙනුවට එයින් ඉතිරිවන කාලය අන්තර් ජාලයෙන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමට යෙදවිය හැකි වනු ඇත. වෛද්‍යවයෙකු චැනල් කරගත හැකිවෙයි. ලැබෙන විවේකය අතිශය වැදගත් කාරණයකි.
පස් වැනි පරමාපරාවේ දුරකථන තාක්ෂණය භාවිතා කරන රියැදුරෙකු රහිත වාහන වලින් ගමන් බිමන් යන යුගය ඉදිරි දස වසර තුළ ජාත්‍යන්තරයේ පැතිරෙන වකවානුවක ශ‍්‍රී ලංකාවේ ගමන කොයිබට ද? මහා මාර්ගයේ තදබදය ඉතාම වැඩි වෙමින් තිබේ. පර්යේෂණ වාර්තා පෙන්වන පරිදි ජනතාව පොදු ප‍්‍රවාහන සේවා වලින් ඈත් වෙමින් සිටී. ඒවායේ ස්වභාවය, අධික කාලයක් වැයවීම යනා දී කරුණු හෙයින් අඩුම තරමින් තමන්ගේම යතුරු පැදියකින් හෝ ගමන් කරන්නට පුරවැසියන් තීරණය කර ඇති බව පැහැදිලිය. මහ පාරට එන වාහන ප‍්‍රමාණය වැඩිවී ඒවායේ අක‍්‍රමවත් ධාවනය අනතුරු ඉහළ නංවා ඇති අතර ප‍්‍රධාන නගර වල වායු දුෂණය ඉහළම ප‍්‍රතිශතයක බව ප‍්‍රකට කරුණකි.
කිසියම් අලූත් පරිවර්තනයක් සඳහා අවධානය යොමු කරන්නේ නැත. අයවැයෙන් යෝජනා කරන පරිදි මෙරට ඉන්ධන වාහන භාවිතය අවසන් කරන වකවානු නියම කර තිබේ. එසේ නමුත් එම ඉලක්ක සාක්ෂාත් කර ගත හැකි යැයි රටවැසියන් විශ්වාස කරන්නේ නැත. වාහන ධාවනය කරන රියැදුරන්ට අධික දඩ පනවා විසදුම් සොයන්නට ආණ්ඩුව සූදානම් ව තිබේ. පාරේ ඉරක් කපාගෙන ගමන් කළහොත් එය සාහසික වරදකි. වැරදි තැනක නතර කළහොත් හෝ පාරේ ඇති මාර්ග සංඥා වලට අවනත නොවුනහොත් ස්ථානීය දඩ නියම කෙරේ. රටපුරා දවසකට වාහන පදවන්නන් ගෙවන දඩ ප‍්‍රමාණය ගණන් බැලූවහොත් එය මෙරට ආර්ථිකයේ සෑහෙන කොටසකි. වාහන බලපත‍්‍රය ගන්නා රියැදුරෙකු නීති කඩන්නට ඉගෙන ගන්නේ නැත. තමන් ආදරය කරන වාහනයට නැග දවස ආරම්භ කරමින් සුක්කානම අතට ගන්නා රියැදුරෙකු නීතිය හා ආචාර ධර්ම නොතකා සාහසික අන්දමට මාහා මාර්ගය පාවිච්චි කරන බවට තමන්ටම ශපථ කරගන්නේ නැත. සියළුම දෙනා මහ පාරට එන්නේ මනුස්සයන් වශයෙන්ය. නමුත් කාලය ගතවන විට, තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට කාලය හරස් වන බව දැනෙන විට සියල්ල වෙනස් වෙයි. එකිනෙකා පරාද කරමින් නීති නොසලකා මහ පාර පාවිච්චි කරන්නට පෙළඹෙන්නේ එවිටය.
ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අලූතින් සිතන්නට කාලය උදා වී තිබේ. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ පවතින ව්‍යුහය වෙනස් කළ යුතුය. අති විශාල පිරිවැයක් දරා ඉන්ධන ආනයනය කර ඒවායෙන් ධාවනය කරන වාහන වලින් කිසිම කාර්යක්ෂමතාවයක් හෝ ජනතා සේවයක් සිදු නොවේ නම් අලූතින් හිතන්නට අවශ්‍ය බව තේරුම් ගත යුතුය. පොදු ප‍්‍රවාහනය කාර්යක්ෂම කළ යුතු අතර හැකිතාක් විදුලිය බලයෙන් ධාවනය වන වාහන වලට රට තුළ දොරටු විවෘත කරන්නට අවශ්‍යය. ඒවා දිරිමත් කිරීම පාලකයන්ට වගකීමක් තිබේ. අඩුම තරමින් තීරු බදු රහිතව ආනයනය කරන වාහන පරිසරයට හිතකර සම්පූර්ණ විදුලියෙන් ධාවනය වන වාහන බවට නීති සකස් කළ හැකිය. අනාගතයේ දී රට තුළ රියැදුරු රහිතව ධාවනය වන වාහන ගමන් කරන්නට හැකිවන පරිදි නීතිය හා විධිවිධාන වෙනස් කළ යුතුවෙයි. තමන්ටම අයත් වාහන සංචිත පවත්වාගෙන යාමේ අදහස තුරන් කරන සංස්කෘතිය රාජ්‍ය හා පුද්ගලික ආයතන වලින් ආරම්භ කරන්නට පියවර ගැනීම සුදුසුය.
|