» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/03/2017 - ඉරිදා ලංකාදීප
මැද මාවතට නැවත දොර විවර කළ නෙදර්ලන්තයේ මහා මැතිවරණ ප්‍රතිඵලය

සමාජ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධව සම්ප‍්‍රදාය බහුලව භාවිතා වන රටක් සේ නෙදර්ලන්තය හැඳින්විය හැකිය. රජතුමා එරට පාලනයේ කේන්ද්‍රීය චරිතයකි. හෙතෙම ආණ්ඩුව පත්කිරීමට හා කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේ දී සහය වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමය අනුව සමානුපාතික මැතිවරණයකින් මහජන නියෝජිතයෝ තෝරා ගැනෙති. දේශපාලන පක්ෂ ගණනාවක් වන අතර පරිසරය හා අවුරුදු පනහට වැඩි වයස්ගත අය වෙනුවෙන් වශයෙන් පවා සුවිශේෂී පක්ෂ ද ඒ අතර තිබේ. දහ නම වැනි සියවසේ මුල් භාගයේ සිට රට පාලනය කරන්නේ තනි දේශපාලන පකෂයක් නොවේ. එයට හේතුව මහ මැතිවරණයක දී තනි පක්ෂයකට බලය නොලැබීම බව සඳහන් කළ යුතුය. පසුගියදා නෙදර්ලන්තයේ මහ මැතිවරණය පැවැත්විණි. ජාත්‍යන්තර ප‍්‍රජාව එහි ප‍්‍රතිඵලය දෙස බලා සිටියේ බලවත් අවධානයකින්ය. අන්තවාදී අදහස් මතුකරන පක්ෂ නායකයන්ට තැන ලැබෙන ප‍්‍රවණතාවයක් ජාත්‍යන්තරය තුළ මෑතක සිට පවතී. ඒ අනුව යමින් නෙදර්ලන්ත මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය යුරෝපා සංගමයේ පැවැත්මට පවා තීරණාත්මක විය හැකි යැයි අදහස් පැණ නැගිණි. අන්තවාදී දේශපාලනයට එරට වැසියන් එපමණ ඉඩ දී නැත. එය අද වන විට ජගත් ප‍්‍රවෘත්ති සේවාවන් හි අවධානයට ලක්ව ඇති එක් ප‍්‍රබල කරුණකි.

නෙදර්ලන්ත මහ මැතිවරණයට දේශපාලන පක්ෂ විසි අටක් ඉදිරිපත් වූ අතර මිලියන දහතුනක ඡුන්ද දායකයෝ ඡුන්දය පාවිච්චි කරන්නට වරම් හිමිව සිටියේය. මැතිවරණය පවත්වන විට පරිගණක මගින් ඡුන්ද ප‍්‍රතිඵලය වෙනස් කරන බවට ලෝකයේ තැනින් තැන කියැවෙන කියැවෙන හෙයින් එරට වැසියන්ට පුරුදු ඉලෙක්ට්‍රොනික් ක‍්‍රමය පැත්තකට දමා ඡුන්ද පත‍්‍රිකාවේ රතු පැන්සලකයකින් ලකුණු කරන්නට සිදුවිය. විශේෂත්වය වූයේ තමන් වැඩට යන අතරවාරයේ දුම්රිය පොලේ දී හෝ ඡුන්දය ලකුණු කර යන්නට ඉඩ දී තිබීමය.

එරට තද දක්ෂිණාංශික පක්ෂයක් සේ සැලකෙන නිදහස් පක්ෂ නායක ගියර්ට් වයිල්ඩර්ස් මෙම මැතිවරණයේ දී කිසියම් පරිවර්තනයක් කරනු ඇති බව මතුපිටින් පෙනෙන්නට තිබිණ. විචාරකයන් ඔහු ගැන හැඳීන්වූයේ ‘එරට ට‍්‍රම්ප්’ වශයෙන්ය. මැතිවරණයට කලින් වයිල්ඩර්ස් යුරෝපා සංගමයෙන් ඉවත්වන බව කියා සිටියේය. සංක‍්‍රමණිකයක්ට විරුද්ධව අදහස් දැක්වීය. විශේෂයෙන් තුර්කිය හා මොරොක්කෝ රටවල් වලින් නෙදර්ලන්තයට පැමිණ අවස්ථා අත්පත් කරගැනීම ගැන යම් විරෝධයක් එරට තිබුණ අතර වයිල්ඩර්ස් එය උත්සන්න කර ජනතාව තමන්ගේ පැත්තට නතු කරගැනීමෙ උත්සාහයක නිරත විය. සුළු ජාතිකයන් ගේ ප‍්‍රශ්න ද ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට පාදක කරගත්තේය. මුස්ලිම් විරෝධයක් ගෙන ආවේය. එය ප‍්‍රබල එකක් වූ අතර වයිල්ඩර්ස් ට මරණ තර්ජන පැමිණි බව කියැවෙන අතර අමතර ආරක්ෂාවක් දෙන්නට සිදුවිය. මෙම ප‍්‍රචාරණ ව්‍යාපාර හෙයින් ඒ වන විටත් බලයේ සිටි නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මහජන පක්ෂය සහ අගමැති මාක් රූටේ අපහසුතාවයට පත්විය.

අගමැතිවරයා ඇතුළු ඔහුගේ මැද මාවතේ ප‍්‍රතිපත්ති මෙම දැඩි මතවාදී ආක‍්‍රමණය පරාජය වනු ඇති බව ප‍්‍රචාරක කටයුතු වල මුල් පියවරේ සිට නිරීක්ෂණය කළ හැකි විය. මැද පෙරදිග මුස්ලිම් රටවල් වලින් ලක්ෂ ගණනින් සංක‍්‍රමණිකයන් පැමිණීම වලක්වන බවට මැතිවරණ වේදිකාවේ දී වයිල්ඩර්ස් කියන විට එය වඩා සිත්ගත්නා ප‍්‍රකාශයක් වූ අතර නෙදර්ලන්ත ජාතිකයන් එයට එකඟවනු ඇතැයි පෙනෙන්ට තිබීම විශේෂත්වයකි. යුරෝපා සංගමය තුළ සිටීමෙන් තම ජාතික අනන්‍යතාවය අහිමි වන බව දැඩි මතධාරී දේශපාලනයෙහි ප‍්‍රබල තර්කයක් වූ අතර එහි පසුබිම ඇති කළේ ගියර් වයිල්ඩර්ස් බව නොරහසකි. හෙතෙම සමාජ මාධ්‍ය බහුලව පාවිච්චි කළේය. ඒවායෙන්් තද අදහස් නිකුත් කළේය. මුස්ලිම්වරුන්ට එන්නට නොදෙන බව හා වැන්දඹුවන්ට නෙදර්ලන්තයට ඇතුළු නොවිය යුතු බව දැක්වීය. ඔහු ඇතුළු පිරිස් ඇත්ත නොවන තොරතුරු මවා ඒවා සමාජ මාධ්‍ය මගින් පළ කරන බව මැතිවරණ ප‍්‍රචාරණයේ දී හෙළිදරව් වූ අතර ඒවා විශ්වාස කරන ඡුන්ද දායකයන්ගේ ජනමතය සියුම් සේ වෙනස් වෙන්නට බැරිකමක් නැති බව ස්වාධීන විචාරකයන් පවා අඟවා සිටි වැදගත් කරුණකි. වයිල්ඩර්ස් සිය ප‍්‍රචාරක කටයුතු අතරතුර ඇතැම් රූපවාහිනී වැඩසටහන් අවලංගු කරන ලද අතර හෙතෙම ඉතා තද අදහස් පතුරවන විට ඒ කෙරෙහි ආශක්ත වූ නෙදර්ලන්ත වැසියෝ ඇමරිකානුවන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් පත්කරන්නට ගත් මග අනුගමනය කරන්නට ඉඩ ඇති අතර එය ඉදිරියේ දී පැවැත්වෙන ප‍්‍රංශ මහ මැතිවරණයට ද, බරපතල සේ බලපෑ හැකි යැයි සැක පහල විය.

නමුත් නෙදර්ලන්ත පුරවැසියන් රැුල්ලට හසුවෙන්නට සූදානම් වූයේ නැත. මහ මැතිවරණ ප‍්‍රතිඵලය පෙන්වන්නේ එයයි. තද අන්තවාදය වෙනුවට මැද මාවත තෝරාගෙන තිබේ. එකී තීන්දුව වෙනුවෙන් එරට සමාජය තුළ විශාල උනන්දුවක් තිබුණ බව ඡුන්දය ප‍්‍රකාශ කරන්නට තිබු උවමනාව සමග තහවුරු වෙයි. 1977 වසරේ පැවැති ඡුන්දයට පසු එරට ඡුන්දය භාවිතා කිරීමේ ඉහළම ප‍්‍රතිශතයක් එනම් සියයට අසූවකට වඩා ඡුන්ද පාවිච්චියක් වාර්තා කරන්නේ මෙම මැතිවරණයේ දීය. එය මැදි අදහස් ඇති නෙදර්ලන්ත ජාතිකයන්ගේ උද්යෝගයෙහි ප‍්‍රතිඵලයක් බව පැහැදිලිය. සාමාන්‍යයෙන් දියුණු රටවල්වල ඡුන්දය පාවිච්චි කිරීමේ දී විශාල ප‍්‍රතිශතයක් වාර්තා වෙන්නේ නැත. නමුත් අන්තවාදය කරා රට ගමන් කළහොත් එය අනතුරක් බව වටහා ගත් කිසියම් පිරිසක් වහා ඉදිරිපත් වී නැවතත් පවතින තත්ත්වයෙන් රටේ ස්වභාවය බැහැර නොකරන තීන්දුවක් ගෙන ඇති බව තේරුම් ගත හැකිය. මැතිවරණයේ අවසන් ප‍්‍රචාරක කටයුතු අතරතුර වත්මන් අගමැති මාක් රූටෙට් කියා සිටියේ මෙම මහ මැතිවරණය ඉතා තීරණාත්මක එකක් වන අතර නෙදර්ලන්තය ජනප‍්‍රියවාදයට ඉඩ නොදෙන රටක් වශයෙන් පෙනී සිටිය යුතු අතර ලෝකය ගමන් කරමින් ඇති අන්තවාදී ජනප‍්‍රිය නායනත්ව ඇති කරන ප‍්‍රවනතාව නතර කළ යුතු බව හෙතෙම කෙලින්ම කියා සිටියේය. ඡුන්දය භාවිතා වූ ආකාරය හා එයින් පිළිබිඹු වූ ප‍්‍රතිඵලය අඟවන්නේ නෙදර්ලන්තය අගමැතිවරයා වශයෙන් පෙන්වා දුන් කාරණා කෙරෙහි බලවත් සැලකිල්ලක් යොමු කරන ලද බවය.

මැතිවරණ ප‍්‍රචාරණයේ දී ඉහළින් සිටි ගියර්ට් වයිල්ඩර්ස් නොසිතූ පරාජයකට මුහුණ දුන් අතර අගමැති මාක් රූටේ නැවතත් ආණ්ඩුවක් පිහිටුවන වරම අබියස සිටී. නෙදර්ලන්ත සමානුපාතික ක‍්‍රමය අනුව තනි බලයක් ලබාගැනීම පහසු නැත. පක්ෂ දෙකක් හෝ ගණනාවක් එකතු වී ආණ්ඩු බලය ලබා ගනී. ආණ්ඩු පිහිටුවන ශක්තිය කළමනාකරණය කරන්නේ රජතුමාය. තනි බලයක් නැති පසුගිය කාල වකවානු තුළ ආණ්ඩු පිහිටුවීම සඳහා සාකච්ඡුා මාස ගණන් දිගට පවත්වා ඇති බව සඳහන් වන අතර එය අවුරුද්දක් දක්වා දිගු වූ වතාවක් ගැන ද සඳහන්ය. පක්ෂ එකඟ වූ පසු එහි රාමුව අනුව සකස් කරන ගිවිසුම රජතුමා වෙත ඉදිරිපත් කර ආණ්ඩුව පිහිටුවන වරම ලැබේ. එතෙක් ක‍්‍රියා කරන්නේ පැවැති ආණ්ඩුව භාරකාර රජයක් වශයෙන්ය. හිටපු අගමැති මාක් රූටේ එම වරම අභියස සිටී. අන්තවාදී අදහස් අනුව තද ජාතිකවාදී පාලනයකට ගමන් කරන්නට තිබුණ ඉඩ අවුරන මෙම අවස්ථාව උදා වූයේ කෙසේ දැයි අද ජාත්‍යන්තරය කතාකරමින් සිටින මාතෘකාවකි.

ජාතිකවාදය, අන්තවාදය හෝ ජනප‍්‍රියවාදය එක්තරා ආකාරයේ උපක‍්‍රමයක් පමණකි. පාලකය අතය ගන්නට අරමුණු කරන දේශපාලනඥයන් එයට සූදානම් වන සූක්ෂම ස්වභාවය එයින් පෙන්නුම් කෙරේ. ජාතිවාදය හෝ අන්තවාදී කතාවලින් ජනතාව මුලා කරන්නට හැකියාව අඩු බව නෙදර්ලන්තය පෙන්වා දුන් බව යතාර්ථයයි. ශ‍්‍රී ලංකාවේ ජව සමාජය පවා කෘතීම ප‍්‍රදාරණයෙන් හෙම්බත්ව සිටින බව නොරහසකි. යථාර්ථය සඟවා අධිතොරතුරු සම්පාදනය මගින් ජනමතය වෙනස් කරන්නට යම් යම් අවස්ථා වල දී දේශපාලනඥයන්ට හැකිවිය. නමුත් අද වන විට එහි අභ්‍යන්තරය ජනතාව තේරුම් ගනිමින් සිටී. විකෘතිය වෙනුවට ප‍්‍රකෘති තොරතුරු කෙරෙහි නැඹුරු වෙන්නට සමත්ව ඇති බව පැහැදිලිය. ඡුන්ද දින්නට අන්තවාදය ප‍්‍රචාරය කිරීමේ නැඹුරුව තව දුරටත් වලංගු නොවෙන්නට ඉඩ තිබේ. නිදහස ලැබීමෙන් පසු පසුගිය මැතිවරණ දක්වා පැවැති මැතිවරණ දෙස මුසමාලෝචනය කරන විද්‍යාර්ථියෙකු වෙතොත් ජනතාව වෙතපතුරවන ලද මත වල ස්වභාවය හා ඒවායේ යුක්ති සහගත බව මැනැවින් හªනාගත හැකිය. අසත්‍ය ප‍්‍රචාර, ඉටු කළ නොහැකි පොරොන්දු හා ඡුන්ද දායකයන්ට බෙදා දෙන දේවල් ප‍්‍රතිපත්ති වලට වඩා වටිනාකම් ඇතිකරන ලද කාලය අවසන් විය හැකිය. ලෝකයේ ප‍්‍රවණතා සහ ඡුන්දදායකයන් බුද්ධිමත් වන තරම එයට සාක්ෂියකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට යොමු කරන්නේ නම් මැනවි.

මිලින්ද මොරගොඩ