කියැවීමෙන් මිනිසෙකු සම්පූර්ණ වෙයි යන්න ප‍්‍රකට කියමනකි. සම්මානනීය බි‍්‍රතාන්‍ය ලේඛකයෙකු වූ සමර්සෙට් මොම් ලියන්ට පෙර කියවන්නැයි උපදෙස් දී තිබේ. සෑහෙන්න කියවන අය තමන්ගේ දර්ශනය අනුව ලියන අතර එම ලියැවිලි ලෝකය වඩා යහපත් තැනක් කරන්නට මගපාදයි. වර්තමාන දියුණුවට හේතු පාදක වූ නව නිපැයුම්කරුවෝ මහත් සේ පොත පත කියවන බව නොබෝදා හෆින්ටන් පෝස්ට් යන ලිබරල් මතධාරී වෙබ් අඩවිය විශේෂ ලිපියක් ලියමින් අනාවරණය කළේය. එය පොත පත කියවන දැනුම සොයා යන සමාජයකට ඉතාම වැදගත් තොරතුරකි.
වොරන් බෆර්ට් යනු ඇමරිකානු නව නිර්මාණශීලී සුපිරි ධනවතෙකු වන අතර අලූත්ම වාර්තා පෙන්වන්නේ ඔහුගේ ධනවත්කම ඇමරිකාවේ දෙවැනි තැන හා ලෝකයේ හතරවැනි තැන අත්පත් කර දී ඇති බවය. මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ වන අතර අද එම ව්‍යාපාරය ලෝකයේ විශාලතම පරිගනක මෘදුකාංග සමාගම බවට පත්ව ඇත. හෙතෙම තම ධනයෙන් කොටසක් සමාජ උන්නතිය වෙනුවෙන් වෙන් කෙරේ. බිල් සහ මෙලින්ඩා පදනමට එක පුද්ගයෙකුගෙන් ලැබුණ විශාලතම ධන පරිත්‍යාගය සේ වොරන් බෆර්ට් ගේ ආධාර මුදල වාර්තාගත වී ඇත. වොර්න් බෆට් සඳහන් කරන අන්දමට හෙතෙම දවසකට පොතක පිටු පන්සියයක් කියවයි. එය තම සාර්ථකත්වයේ රහස බව හෙතෙම ජාත්‍යන්තරයට කියා සිටී. තදින් ඇබ්බැහි වූ කාලයේ දී දවසකට පිටු 600-1000 දක්වා කියවන ලද බව ඔහු කියා ඇත. කියවන පොත් තෝරාගෙන ඒවායේ ඇති දැනුම අවබෝධ කරගත් පසු අලූත් නිර්මාණශීලී පසුබිමක් ඇතිවන බව පිලිගත හැකිය. වොරන් බෆට් දක්වන පරිදි අදටත් ඔහුගේ කාලයෙන් සියයට අසූවක් වෙන් කරන්නේ පොත පත කියැවීමටය.
ජාත්‍යන්තර වාර්තා අනුව අනාවරණය වෙන්නේ ලෝකයේ බොහෝ දෙනෙකු තොරතුරු දැනගැනීමට අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන බවය. පොත පතින් ඈත් වී තිබේ. ඉක්මනින් ආස්වාද තොරතුරු දැනගන්නේ සමාජ මාධ්‍යයෙන්ය. 2016 වසරේ දී ඇමරිකානුවන් ගේ සියයට හැට දෙකක් තොරතුරු දැනගෙන ඇත්තේ සමාජ මාධ්‍ය වලින්ය. මෙම සමීක්ෂණය ගැන අදහස් දක්වන විචාරකයන්ට අනුව එක්තරා අන්දමට අසත්‍ය ප‍්‍රවෘත්ති සමාජය තුළ පැතිරයාම පෙන්වන කදිම දර්ශකයකි. අන්තර්ජාලය යනු වාරණයක් රහිතව වෛරී අදහස් පතුරවන, එරෙහි එනම් විරුද්ධ මත ඇති කරන සහ සමාජය බේධ බින්න කරන මතවාද පතුරවන තැනක් යැයි විද්‍යාර්ථීන් කියන්නට පටන්ගෙන තිබේ. එසේ තිබිය දී දාර්ශනික චින්තනයකින් යුතු වොරන් බෆට් වැනි ධන කුවේරයන්ගේ සාර්ථකත්වයට හේතුව කියැවීම යැයි දක්වන විට මවිත විය යුතු නැත. ඇතැම් විවේචකයන් ඉතා ධනවත් ඔහු කියවන්නට වෙලාවක් නැතැයි සඳහන් කරන නමුත් වොරන් බෆට් කියන්නේ ‘‘ඔබ සියළුම දෙනාටම කියවන්න වෙලාවක් හොයාගන්න පුළුවන් නමුත් එහෙම නොකරන බව මට සහතිකයි’’ යනුවෙනි.
ඔහු පමණක් නොව ලෝකයේ ප‍්‍රකට ධනවතුන් හා ආයෝජකයන් කියවන්නට ඇබ්බැහි වූවන්ය. මයික්‍රොසොෆ්ට් ව්‍යාපාරයේ සම නිර්මාතෘ බිල් ගේට්ස් තවත් අයෙකි. ඔහුට අනුව අවුරුද්දකට පොත් පනහක් එනම් දළ වශයෙන් සතියකට එකක් කියවයි. ඇමරිකවේ ඒ.එක්ස්.එස්. රූපවාහිනි ආයතයේ සභාපති මාක් කියුබන් ද අඩුම තරමින් දිනකට පැයතුනක් පොත් කියවයි. ස්පේස් එක්ස් නමැති පුද්ගලික අභ්‍යවකාශ තරණ වැඩසටහන ආරම්භ කර ඇති තවත් ධනවතෙකු වන එලෝන් මස්ක් ගෙන් උඩු ගුවන ජයගන්නට අදහස ඇතිවුණේ කොහොම ද කියා විමසා ඇති අතර ඔහු උත්තර දී ඇත්තේ ‘‘ පොත් කියැවීමෙන්’’ බවය. මාර්ක් සුකර්බර්ග් ලෝක ප‍්‍රකට ෆේස්බුක් සමාජ ජාලයේ සම නිර්මාතෘවරයාය. ඔහු කියන්නේ 2015 වසරේ සිට අඛණ්ඩව සති දෙකකට වතාවක් එක පොතක් බැගින් කියවන බවය.
තවත් ඇමරිකානු මාධ්‍ය අයිතිකාරිණියක හා ජේ්‍යශ්ඨ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඔප්රා වින්ෆි‍්‍ර ද සෑම මාසයකම අලූත් පොතක් කියවන අතර ඇගේ පොත් මිතුරු සමාජයේ සාමාජිකයන් සමග එය ගැන සාකච්ඡාවක් කිරීම ජීවන පුරුද්දක් කරගෙන ඇති බව ප‍්‍රකාශ කර තිබේ.
මෙසේ අනාවරණය කරන්නේ සුළු පිරිසක් නොවේ. ඇමරිකානු සමාජය තුළ නමක් දිනාගෙන ඇති පොත් කියවනවා යැයි හිතන්නේ නැති පුද්ගලයන් 1,200 ක් එකතු කරගෙන ඔවුන්ගේ පොත් කියැවීමේ රුචිය ගැන පරීක්ෂා කර බලා ඇති බව හෆින්ටන් පෝස්ට් දක්වයි. එයින් කියැවෙන තොරතුරු අනුව සෑම සාර්ථක පුද්ගලයෙකුටම පොත පත ඇසුරු කිරීමෙන් විශාල සාර්ථක භාවයක් ලැබී තිබේ. මෙම අය කියවන්නේ තමන්ගේ අතට අහුවෙන ඕනෑම දෙයක් නොවේ. තොරාගත් විශ්ව සම්භාවනාවට පත් කෘතිය. ඒවායේ ඇති දැනුම පරිශීලනය කරන අතර කෘති මගින් අලූත් අවබෝධයක් අලූත් විදියට හිතන්නට පසුබිමක් හදන බව අනාවරණය කර තිබේ.
සාර්ථක පුද්ගලයන්ගේ පොත් කියැවීම ගැන කරුණු සොයා බලා ඇති පර්යේෂකයන් පෙන්වා දෙන තවත් දෙයක් තිබේ. එනම් මෙම දියුණුවට පසුබිම ලෝකයේ වෙන දේ ගැන දැන ගැනීමය. යැපෙන්නේ නැතිව තමන්ටම ආර්ථිකයක් ගොඩනගා ගැනීමට මෙම පුද්ගලයන් මහන්සිවෙන්නේ පොත පත පරිශීලනයෙන් ලැබෙන දැනුම ආභාශයක් කරගෙනය. දැනුම හිඟකම ආදායම අඩුවෙන කාරණයක් බව ද මෙම පර්යේෂකයන් පෙන්වා දෙන කරුණකි.
විශිෂ්ඨ සාර්ථකත්වයට පත්වූ අයවලූන් සම්ප‍්‍රදායික අධ්‍යාපනය ලබා ඇති නමුත් එක්තරා අවස්ථාවකින් පසු නොනැවතී තමන්ගේම උත්සාහයෙන් පොතපත කියවා දැනුම සම්පාදනය කරගෙන තිබේ. අධ්‍යයනය නතර කර නැත. ඔවුන්ගේ සාර්ථකත්වයේ වැදගත්ම රහස බවට පත්ව ඇත්තේ එයයි.
මෙම සදහන් කරන ලද ආර්ථික සමෘද්ධියට පත් උදාර මනුෂ්‍යයන් කියැවීම හා අධ්‍යයනය සම්බන්ධ ඇති වටිනාකම පෙන්වා දෙයි. ශී‍්‍ර ලංකාවේ බහුතරයකට මෙයින් ලබාගත හැකි පාඩම කුමක්ද? අධ්‍යයනය හා නොනැවතී කියැවීමෙන් උපයාගත හැකි දැනුම ගැන අපට අවබෝධයක් තිබේද? මෙරට පාලනය කරන දේශපාලනඥයන්, නිලධාරීන් අතරින් කොපමණ පිරිසක් නිතිපතා තමන්ගේ දැනුම අලූත් කරගැනීමේ නොනවතින අරගලයක නිරතව සිටීද? බලය අල්ලා ගැනීමේ අරගලය හැර දැනුම සම්පාදනය කිරීම අරගලයක් බව දේශපාලනඥයන්ගෙන් වැඩි දෙනෙකු නොදනී. ලෝකයේ වෙනස්වන ප‍්‍රවනතා ගැන සොයා බලන්නේ කොපමණ සීමිත පිරිසක් ද ? ශ‍්‍රී ලංකාවේ වැඩි කොටසක් අලූත් වෙන අන්දම අධ්‍යයනය කරන්නේ නැත. දුප්පත් මානසිකත්වයකය. පොතක් කියැවීම අලූත් දැනුම සොයා යාම පාසල් අධ්‍යාපනයේ කොටසක් පමණකැයි අපගේ පොදු විශ්වාසයයි. තවතුරකට පත් වූ වහා කියැවීම අත හැර තීරණ ගැනීම අතට ගන්නා යමෙකු ගෙන් පවතිනතත්ත්වය වෙනස් කරන්නට යම් බලපෑමක් අපේක්ෂා කරන්නට හැකියාවක් නැත. පෙනෙන අන්දමට රට තුළ ඇති ප‍්‍රබල දුබලතාවයකි.
සාහිත්‍ය මාස, පොත් ප‍්‍රදර්ශන පවත්වන නමුත් මේවායේ පවත්වන දේශන හෝ අලෙවි වන පත පොත ගැන අධ්‍යයනයක් කළහොත් ඒ සියල්ලම පාසල් අධ්‍යාපනයට අවශ්‍ය වන ඒවා පමණක් බව පැහැදිලි වෙනු ඇත. පොතක් මිල දී ගන්නා කෙනෙකු එය කියවන්නට අවස්ථාව සොයා ගන්නේ කලාතුරකින්ය. පවතින සමාජ ආර්ථික වටපිටාව අනුව පොතක් පත්තරයක් ගන්නට හැකි පිරිස ද සීමිත විය හැකිය. එය අධ්‍යනයෙන් පමණක් නොව දැනුමෙන් ද දුප්පත් සමාජයක වග සංකේතවත් කරයි. තමන්ට පොතක් පරිහරණය කරන පසුබිම නැතිනම් අඩුම තරමින් ජාතික හෝ ප‍්‍රාදේශීය පුස්තකාලයක සාමාජික වී ඇති පිරිස ජනගහනයෙන් කොපමණ සීමිත පිරිසක්ද? මෙරට සෑහෙන ප‍්‍රශ්න ප‍්‍රමාණයක් හොඳ අවබෝධය තුළින් දුරු කරගත හැකිය. නමුත් දැනුම අවබෝධය වෙනුවෙන් ජනතාව මහන්සි වෙන්නේ නැත. ජනතාව අධ්‍යයනය කරන දැනුමෙන් පොහොසත් සමාජයක් වෙනවාට පාලකයන් ද එතරම් කැමැත්තක් නැත. යතාර්ථය එයයි.
|