පොසොන් පුර පසලොස්වක පොහොය දිනයේ අහසේ පායන සඳ රටට බලපාන පරසො බල සංකේතයකි. මිහිදුමහ රහතන්වහන්සේ ලක් බිමට වැඩම කරන්නේ පොසොන් දිනයකය. එදවස රාජ්යස පාලකයා වූයේ දේවානම් පියතිස්ස රජ තුමාය. මිහිදුමහ රහතන් වහන්සේ සහ දේවානම් පියතිස්ස රජ අතර සංවාදයක් සිදුවූ බව සඳහන්ය. බුදු දහම ගැන අවබෝධයක් ලබන්නට සමත් බුද්ධියක් පාලකයා සතු බව තහවුරු කරගන්නට එම සංවාදය ඉවහල් වී ඇත. පළමු ධර්ම දේශනාවෙන් පසු රජතුමා බුද්ධ දේශනාවේ හරය අවබෝධ කර ගෙන ඇත. අසල්වැසි ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා එවන ලද ආගන්තුක ආගමික පණිවුඩය රටට වරදක් නොකරන බව රජු හිතන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
මිහිදුමහ රහතන් වහන්සේ ඇතුළු දූත පිරිස ලක්බිමට රැගෙන පැමිණි ධර්මය කුමක්ද? එය බුද්ධ දේශනාවයි. සක්විති රජකම අතහැර පැවැදිව සර්වඥතා ඥාණය අවබෝධ කරගත් ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ දේශනාවයි. බුද්ධත්වයට පත් වූ බුදු රජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කරන ලද අවස්ථාවේ දී පැවැදි සහ ගිහි වෙනස වෙන්කර දක්වන ලදහ. ශුද්ධෝදන පිය රජතුමා ගේ ආරාධනය නිසි අවස්ථාවේ දී පිලිගෙන රජගහ නුවරට වැඩම කරන ලද බුදු රජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳ බුද්ධ වංශය අර්ථ දක්වන්නට සමත් වූහ. රජ ගෙදර දාන මානා දී සියළු සැප සම්පත් සහිත හෙයින් මහ මග පිඬු සිඟා වැඞීම අයෝග්යා බව පිය රජතුමා කියා සිටි අවස්ථාවේ දී බුදු රජාණන් වහන්සේ පර වූකාශ කළ වදන් වල විශාල අර්ථයක් ඇත. ‘‘මහරජ මෙය බුද්ධ වංශයේ පිලිවෙතයි’’ බුදු රජාණන් වහන්සේ පර්ථ කාශ කළහැයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි. බුදු රාජණන් වහන්සේ කරි් යා කරන ලද පරක් තිපත්තියට අනුව ශාක්යබ වංශයට වෙනස් පිලිවෙතක් බුද්ධ වංශයට තිබේ. බුද්ධ වංශය කුමක්ද? බුදු හිමියන්ගේ දර්ශනය අනුව බුද්ධ වංශය අදාල රාමුව කෙබෙදුද? බුදු දහම මෙරටට දායාද කරන ලද පොසොන් පොහොය කාලයක දී බුද්ධ වංශයට අදාල කාරණා ගැන සාකච්ඡාවක් කිරීමට අදාල වන පසුබිම ද මෙහි දී දැක්විය යුතුය.
විභාග වන නඩුවක් අතර තුර සිදුවීමක් පදනම් කරගෙන ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම අධිකරණය දඬුවම් පමුණුවා ඇත. දඬුවම පැමිණවීම ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අතර හිරගත කරන ලද ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරුවන්ගේ ඇදුම නියම කිරීම එයට වඩා සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. වර්තමානයේ ආන්දෝලනයට ලක් වූ එකම භික්ෂුන් වහන්සේ ඥානසාර හිමි පමණක් නොවේ. ධර්ම ශාස්තරීකම ය කාරණා පසෙක තබා විවිධ කාරණා මුල් කරගෙන හැසිරන භික්ෂූන් වහන්සේලා සිටිති. ඇතැම් භික්ෂුහු ගිහියන්ටත් වඩා විවේචනයට ලක්ව තිබේ. භික්ෂුවක අත්හල යුතු දේ ලඟා කරගෙන ඇති සමහර හිමිවරු ගිහි පැවිදි වෙනසට අභියෝග කර ඇති අවස්ථා සෑහෙන පරි සමාණයකින් වාර්තා වී තිබේ. බුද්ධ වංශය හා ශාක්ය වංශය අතර තිබුණ පරතරය ඉතාම තුනී වී ඇති අතර එහි වෙනසක් හදුනාගත නොහැකි තරමට පළුදු තිබෙන බව පෙනේ. ඥානසාර හිමි සිද්ධිය වෙනස අනාවරණය කරන එක සංකේතයක් බව සඳහන් කළ හැකිය.
බුද්ධ දේශනාව අනුව ගිහි පැවිදි වෙනස නිසි දේ දක්වා තිබේ. භික්ෂුන් වහන්සේලා සහ ගිහි පාර්ශවය අතර තිබුය යුතු සම්බන්ධය මැනැවින් දක්වා ඇත. සියළු සැප අත් හැර භික්ෂු ජීවිතයට ඇතුළු වන පුද්ගලයන් තුළ පැවැතිය යුතු විනය පැහැදිලිව බුද්ධ දේශනාවේ දැක්වෙයි. බුදු දහම ලේඛණගත කිරීමෙන් පසු විනය පිටකය යනුවෙන් වෙනම ඇතුලත් කොටසක් තිබේ. ශාසනයට ඇතුළු වන පුද්ගලයෙකු ගේ වත් පිලිවෙත් සහ හැසිරීම ගැන එහි මැනවින් සඳහන්ය. විනය විරෝධී සිද්ධි මොනවාදැයි විගරවෙතහ කර තිබේ. විනය නීති උල්ලංඝනය, ඒවායේ විපාක සහ වරද පිලිගෙන සමාව ගැනීමෙන් පසු නැවත භික්ෂු ජීවිතය අඛණ්ඩව පැවැත්ම යනා දී වශයෙන් විධාන දක්වා තිබේ.
භික්ෂුවක ගේ පැවැත්ම පාලනය බුද්ධ වංශය අනුව සිදු විය යුතුද? නොඑසේනම් ශරී ික ලංකාවේ බලපවත්වන නීතියට භික්ෂුව ගේ පැවැත්ම යටත් විය යුතුද? එය රටට අවශ්යේ විවාදයකි. කාලාන්තරයක් තිස්සේ සිද්ධ වූ වෙනස්කම් හෙයින් භික්ෂුව හා ගිහි සමාජය අතර තිබිය යුතු වෙනස්කම් මැකී ගොස් ඇත. එය කවදා කොතැනක දී සිදුවූයේ දැයි වෙන්කර පෙන්විය නොහැකි බව පෙනේ. මෙරට ව්යකවස්ථාව මගින් බුද්ධාගමට විශේෂ තැනක් දී තිබේ. නමුත් නිසි අර්ථකතනයක් නැත. පාර්ලිමේන්තුව තුළ භික්ෂුවක ගේ ස්වභාවය ගැටළු සහගත වී ඇත. උත්සව අවස්ථාවක දී ජාතික ගීතය ගායනා කිරීමේ දී සෙසු ජනී ජනයා සමග ජාතික ගීතයට ගරු කිරීමට නැගී සිටිය යුතුද නැත්ද යන කාරණය විවිධ සාකච්ඡා වලට ලක්ව ඇත. සභාවක් ආමන්තරයු ණය කරන විට භික්ෂුන් වහන්සේ නමක මයිකරරීමෆෝන ඇති තැනට ගොස් කතා කරනවාද? යන්න ගැන ගැටළු ඇත. අධිකරණයේ දී භික්ෂුවක ගේ භූමිකාව අලූතින් හිතන්නට සිදුවී තිබේ. මෙයින් පෙනී යන එක කාරණයක් ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. ශරීට ලාංකේය ජන සමාජය තුළ භික්ෂුව පැවැත්ම විගරකතාග කිරීමේ අවශ්යකතාවය පැන නැගී තිබේ. අධිකරණයේ දී දෙන තීරණය කෙසේ වෙතත් හිරගත කිරීමෙන් පසු භික්ෂුවකගේ සිවුර ඉවත්කර සිරගෙදර ජීවිතයට ඇතුලත් කරන්නේ කෙසේද යන්න එකඟතාවයක් ඇති කරගත යුතුය. දඩුවම සමග සිවරු පිරිකර වලින් ඈත් කළ හැකිද? අකැමැත්තෙන් සිවුර ඉවත් කර සත් දිනකට පසු භික්ෂු භාවය අහෝසි වන බව විනය නීති වල දක්වන අතර ගිහි පාලන වගන්ති අනුව භික්ෂුත්වය අහෝසි කළ හැකිද? උපසම්පදා භික්ෂුවක විශාල විනය නිති මාලාවකට යටත්ය. ගසක කොලයක්, මලක් කැඞීම මගින් පවා අවැතක් සිදුවෙයි. බරපතල විනය සිද්ධි මහා අවැත් සේ දැක්වෙයි. ඒවායෙහි නිරත භික්ෂුවක කරුණු සොයා බැලීමෙන් පසු නෙරපීමට නිකාය වලට හැකියාව තිබේ.
කරුණු මෙසේ වෙතත් වර්තමාන ඇතැම් භික්ෂුන් ද පිරිහී ඇති අතර බුද්ධ වංශයක් අද නැති බව ඇතැම් පිරිසකගේ අදහසයි. ගිහියන් හා භික්ෂුන් අතර ඇති සම්මුතිය පලූදු වී ඇති අතර සමාජ පිලිගැනීම කෙසේ නමුත් අධිකරණය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම සමාන යැයි අර්ථකතනයක් තිබේ. පොසොන් පොහොය කාලයේ රටට ලැබුණ බුදු දහම දාර්ශනික විමර්ශනයකට ලක් කිරීමේ වගකීමක් අපට තිබේ. මහා නායක ස්වාමීන් වහන්සේලා පවතින තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතුය. භික්ෂූන් වහන්සේලාගේ ඇවතුම් හා පැවැතුම් ගැන නිසි තීරණ ගත යුතුව තිබේ. මැදහත් අදහස් ඇති මහා නායක භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත කමිටුවක් එයට මුල් විය යුතුව ඇත. එම අදහස් පෝෂණය කළ හැකි ගිහි සමාජයේ විද්වතුන් අතර වත්මන් තත්ත්වය සාකච්ඡාවට ලක් කළ යුතුව තිබේ.
තායිලන්තය වැනි රටක භික්ෂුන් වහන්සේ නමකගෙන් විනය විරෝධී සිද්ධියක් වාර්තා වුවහොත් එය ගැන තීරණයක් ගැනීමේ වගකීම සංඝරාජ හිමියන්ට අයත් කාරණයකි. ශරීී ලංකාවේ සංඝ රාජ තනතුරක් වර්තමානයේ නැත. සංඝ සමාජය නිකාය යනාදී වශයෙන් විවිධ පාර්ශවවලට බෙදී තිබේ. පාර්ශව එකතු වී සිද්ධි හැදෑරිය යුතුය. බුදු දහම වර්තමානයෙහි පවතින තත්ත්වය ජාත්යකන්තර අත්දැකීම් ඇසුරෙන් සාකච්ඡාවකට ලක් කළ යුතුය. ඒ අනුව තීරණ වලට අවතීර්ණ විය හැකි නම්, පොසොන් උදාව සමරන මෙම කාල වකවානුව රටට අලූත් ආලෝකයකි.
|