ශ‍්‍රී ලංකාවේ වැඩකරන ජනතාව විසින් පසුගිය මැයි පළමුවැනිදා සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරන දිනය උත්කර්ශවත්ව සමරන ලදී. රට තුළ මෑත කාලය තුළ ස්වාමි සේවක අර්බුද සෑහෙන තරම් තිබිණ. වෘත්තීය සමිති සිය හාම්පුතුන් සහ ආණ්ඩුව සමග ගැටෙන්නේ සහෝදර සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන්ය. පෙලපාලි යන, වැඩ වර්ජනය කරන සහ ආවේගයෙන් හැසිරෙන ජනතාව තම වෘත්තීය අරගලය වෙනුවෙන් පෙනී සිටින අන්දම විශේෂ අවධානයට ලක් විය යුතුය. නමුත් මෙම යුගයේ ඉතා බැරෑරුම් සහ ජන ආකර්ශනයට ලක්වන වැඩකරන ජනතාවගේ අරගලය තවත් දශකයක් දෙකක් යන විට සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයකට හැරෙනු ඇති බව සඳහන් කළ හැකිය.
ප‍්‍රකට දාර්ශනික මතධාරියෙකු වන තෝමස් ෆී‍්‍රඞ්මන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඔහුගේ තීරු ලිපියට ජාත්‍යන්තරය තුළ සිදුවන පරිවර්තනය ගැන දීර්ඝව කරුණු දක්වා තිබේ. එකී ලිපිය සාරාංශ කළහොත් අප ජීවත්වන ලෝකය ඉදිරි කාලය තුළ සම්පූර්ණ වෙනස් තැනක් බවට පත්වනු ඇත. ඔහු කැලිෆෝනියාවේ පිහිටි ඉන්ටෙල් කෝපරේෂන් බහු ජාතික තාක්ෂණික ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක බ‍්‍රයින් කි‍්‍රෂ්නිච් උපුටා දක්වයි. ප‍්‍රධාන විධායකවරයා ප‍්‍රකාශ කරන අන්දමට ඔහුගේ මුනුබුරු මිනිබිරියන් ගේ කාලය වන විට එම පරපුරේ කිසිවෙකු වාහන පදවන්නේ නැත. එහෙයින් එම කාලයේ අයට රියැදුරු බලපත‍්‍ර අවශ්‍ය නොවේ. මෙය ඉදිරි දශක දෙක තුළ සිදුවිය හැකි පරිවර්තනයකි. වාහන සම්පූර්ණ ස්වයංක‍්‍රීයව ධාවනය වන හෙයින් රියැදුරෙකු නැති වාහන බහුල වනු ඇති අතර එය ඉතාම ආකර්ශණීය සිතිවිල්ලක් නමුත් කැබ් හා ට‍්‍රක් රියැදුරන්ට මුහුණ පාන්නට සිදුවන ඉරණම බරපතලය. එපමණක් නොවේ ටැක්සි සහ බස් රියැදුරන් පවා අත්‍යවශ්‍ය නොවන සේවයක් බවට පත්වනු ඇත. තමන්ට පවරන වැඩසටහන අනුව ධාවනය කෙරෙන වාහන මහ මග ගමන් කරන දිනය අත ළඟ හෙයින් ඒ ගැන ආස්වාදයෙන් බලා ඉන්නා සමාජය තමන්ගේ පරම්පරාවේ එක් කොටසක ගේ ජීවන වෘත්තිය අහෝසිවීමේ අවදානම ගැන අවධානය යොමු කළ යුතු බව ඉන්ටෙල් විධායක නිලධාරීවරයා කියා ඇතිබව මෙම තීරු ලිපිය දක්වා තිබේ.
අතිශය තියුණු අදහස් ගණනාවක් මෙම නිව්යෝක් ටයිම්ස් තීරු ලිපියේ පැහැදිලිව කියා තිබේ. රියැදුරන්ගේ රස්සාව නැති වෙන නමුත් අපේ රස්සාව ආරක්ෂා සහිත යැයි හිතන ගිණුම් විධායකයන් හා ගණකාධිකාරීවරුන් ද වෙන්නට ඉඩ ඇති ස්වභාවය ගැන දැනගත යුතු යැයි එහි වැඩි දුරටත් කියයි. එකී කරුණු දක්වන්නේ සාක්ෂි සහිතවය. 2014 වසරේ දී නැනෝ මීටර් මෙමරි චිප් සොයාගෙන ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වර්ග මිලිමීටරයක ට‍්‍රාන්සිස්ටර් මිලියන 37.5 ක් ගබඩා කරන්නට හැකියාව ලැබී තිබේ. මෙම ගෙවී යන අවුරුද්ද අවසාන වන විට මෙම තත්ත්වය තවත් දියුණු වන අතර එය මිලියන 100 ක් ගබඩා කළ හැකි මටට්මට පත්වනු ඇති අතර එය බලය අතින් අති විශාල පෙරළියකි. එය එසේ වන විට පරිගණක තාක්ෂණය පත්විය හැකි දියුණුව කාර්යාල හා ගිණුම් ක‍්‍රම සංවිධානය කිරීම පහසු වන අතර ගණකාධිකාරීවරු අනවශ්‍ය වෙන්නට ඉඩ ඇත.
කාර්මීකරණයේ වෙනත් පැති ගැන සිතන වර්තමාන සමාජය දැන් භාවිතයේ පවතින යන්ත‍්‍ර ඉතාම ඉහළ ස්මාට් තාක්ෂණයෙන් යුතු යැයි බව කල්පනා කරන්නේ නම් ඉතාමත් කෙටි කාලයක් තුළ එය වැරදි බව තේරුම් ගන්නවා ඇත. එය මෙම තීරු ලිපියේ දක්වන තවත් කරුණකි. මන්ද මනුෂ්‍ය මොලය තරමට හිතන්නට පුලූවන් වන, එයට වඩා වේගවත්, නිවැරදි හා ඉතා කුඩා ඉඩක ස්ථාන ගතකරන්නට හැකි මෙවලම් බිහි වනු ඇත. මේවායේ අසීමිත බලය, වෙනස් බලශක්ති ප‍්‍රභව හා බලශක්ති පිරිවැය අවම මටට්මක පැවැතීම ක්ෂේත‍්‍රයේ විශාල වෙනසකට හේතු වනු ඇත. ප‍්‍රකාශ වන අන්දමට වාහනයක පවා ස්ටීරියන් වීල් නැති, එන්ජිමක් හෝ බ්‍රේක් පද්ධතියක් නැති පසුබිමක ඒවා අලූත්වැඩියා කළ යුතු නැත. නඩත්තුව, ඉන්ධන හෝ ලිහිසි තෙල් පිරිවැයක් නොවෙන තරමට වැඩිදියුණු වන පසුබිමක මේවායේ නිරතව සිටින වෘත්තිකයන්ට අත්පත්වන කල දසාව කුමක්ද? නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ තීරු ලිපිය පාඨකයන්ගේ අවධානය යොමු කරවයි.
මෙහිදී අනාවරණය කරන ඉතාම වැදගත් කාරණයක් ඇත. අවුරුදු කිහිපයක් පාසල් ගොස් ඉගෙනගෙන එය ජීවිත කාලයටම යැපෙන්නට ප‍්‍රමාණවත් යැයි හිතන සමාජ ව්‍යුහය අවසානයක් කරා පැමිණ තිබේ. එනම් හැමදාම ඉගෙන ගන්නට සිදුවෙයි. දැනුම අලූත් කරගන්නා ඉතාම නිර්මාණශීලීන්ට අනාගත පැවැත්මෙහි අයිතිකාරයන් වනු ඇත. ජීවත්වෙන්නට නම් දැනුම අවශ්‍ය වන අතර අනෙක් සියළු වෘත්තීය අංශ අර්බුදයකට ලක්වන විට දැනුම පමණක් පුලූල් වන බව සඳහන් කරන බව තේරුම් ගත යුතුය.
ශී‍්‍ර ලංකාවේ ජන සමාජය මෙම පැති ගැන අලූතින් හිතන්නේ නැත්තේ මන්ද? ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අවධානය හැකි තරම් රැකියා සැපයීමය. මෙම රැකියා වල ස්වභාවය අනතුරක බව අවධානයට නොගන්නේ මන්ද? අද ඉතාමත් වාසිදායක වෘත්තීය අවස්ථා බව හිතන අංශ තවත් දශකයක් දෙකක් වෙන විට කිසිදු පිලිගැනීමක් නැති තැනකට පත්වෙයි. ගමනාගමනය වෙනස් වන විට ඒ ආශ‍්‍රිත සියළු අංශ වෙනස් වෙයි. ශ‍්‍රී ලංකාවේ බස් රථයක හැඩය පසුගිය අවුරුදු හැට තුළ වෙනස් වී නැත. පිටත ස්වරූපය, අභ්‍යන්තර ආසන සැකැස්ම, ජනතාව හිටගෙන යන අන්දම පමණක් නොව ටිකට් එකක් නිකුත් කිරීම පවා ආකෘතිගතය. මේවා රාමුවෙන් පිටතට පැමිණ නැත. තවත් වසර විස්සක් තිහක් ඇතුලත එන්ජිමක් නැති, රියැදුරෙක් නැති, පොසිල ඉන්ධන අනවශ්‍ය බස් ගමනක් ගැන අපට හිතන්නට පුලූවන්ද? එකී ස්වභාවය රටට ඇතුළු වුවහොත් දැන් රැුකී රක්ෂා කරන දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඉරණම කුමක් විය හැකිද? එකී ජන කොටස විශ‍්‍රාම යවා යැපෙන්නට සැලැස්වීම නුදුසුදුය. ඔවුන්ට ද අනාගතයේ කොටස්කරුවෙකු වෙන අයිතිය තිබේ. ඒ වෙනුවෙන් ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් නිර්මාණශීලීන් බිහි කිරීමට සැලසුමක් අවශ්‍ය කෙරේ. එයින් විනා පැවැත්මක් නැත. මන්ද ජාත්‍යන්තරයේ සිදුවන පරිවර්තනයෙන් බැහැර වෙන්නට රටට හැකියාවක් නැත. දුපතක් වූ පමණින් ලෝකය තුළ සිදුවන වෙනස්කම් වලින් බැහැර විය හැකි යැයි සිතන්නේ නම් එය යුක්ති සහගත නැත.
අද වන විට දේශපාලන නායකයන් අවධානය යොමු කරන්නේ ආර්ථිකය ගැනය. යුරෝපා හවුලෙන් බි‍්‍රතාන්‍ය ඉවත්වීම ගැන විශාල විවාදයකි. අලූතින් පත්වූ ලෝක නායකයෝ ජාත්‍යන්තරයේ පැතිර යන දුප්පත්කම, ආදායම් පරතරය හා එහි විෂමතාගැන බරපතල සාකච්ඡුා කරති. නමුත් තාක්ෂණය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. එහි ප‍්‍රතිඵළ ඉදිරි වසර විස්ස තුළ අමුතුම ස්වභාවයක් ඇති කරනු ඇත. කර්මාන්ත ඇති කිරීම හෝ රස්සා බිහි කිරීම වැනි මාතෘකා වෙනුවට ඉදිරි කාලය තුළ අලූතින් බිහිවන ක‍්‍රමයට ඇතුළු වෙන්නේ කෙසේදැයි අවධානය යොමු කරන්නට අවශ්‍යය. අද ශ‍්‍රී ලංකාවේ ජනතාව සෑම සියළු දෙනෙක්ම තමන්ටම වාහනයක් අයිති කරගන්නට බලා සිටියි. නමුත් අනාගතයේ දී වාහනයක අයිතිය වැදගත් එකක් වෙන්නේ නැත. තමන්ගේ ගමන වෙනුවෙන් ඕනෑම තැනකින් වාහනයක් කුලියට ගත හැකි අතර එය වියදම අඩු එකක් බව අනාගතයේ දී අයිතිවාසිකම් අත්හරින සමාජය මැනැවින් තේරුම් ගන්නවා ඇත. එම වාහනය අනාගතයේ දී එන්ජිමක් නැති, රියැදුරෙක් නැති එකක් වෙන විට රටේ පැවැත්ම අලූත්ම එකකි. ත‍්‍රීවිලර්, ටැක්සි, බස් සහ ලොරි යනාදී වශයෙන් මේ හැම තැනකම අර්බුද මතුවෙන්නට කලින් විසªම් නිර්මාණය කළ යුතුය. එන්ජින් නැති වාහන වල අලූත්වැඩියාවක් නැති අතර ඒවායේ බලය සැපයෙන ක‍්‍රම වෙනස් හෙයින් තැනතැන ඇති ඉන්ධන පිරවුම්හල් ද ප‍්‍රයෝජනයක් නැත. ඒ සමගම රටේ ඛනිජ තෙල් අවශ්‍යතාවය ද වෙනස් වන විට මෙරට සමාජ ආර්ථික ව්‍යුහය හිතා ගැනීමටවත් නොහැකි එකක් වෙන්නට ඉඩ තිබේ. මෙම ස්වභාවයට මුහුණ දෙන්නට නම් පාසල් අධ්‍යාපනයේ සිට වැඩසටහන් සම්පාදනය කළ යුතුය. අධ්‍යාපන ක‍්‍රමය වෙනස්කරන්නට අවශ්‍යය. ඉගෙනගැනීම පාසලෙන් පමණක් නොව හැමදාම දැනුම අලූත් කරගන්නා සමාජයක් බවට සැලසුම් කළ යුතුය. මේවා විශාල අභියෝග සේ ජාත්‍යන්තරය තුළ සිදුවන අවස්ථාවක රට තුළ සිදුවිය යුතු දේ ගැන විද්වතුන් ක‍්‍රමෝපායික ලෙස සාකච්ඡුා කිරීම අවශ්‍යය.
|