» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/10/2019 - ඉරිදා ලංකාදීප
සතුරු බලවේග වෙත ඉලක්කය මානන අදිසි ප‍්‍රහාර

ජර්මන් සමූහාණ්ඩුවේ ගගන නිරීක්ෂණ අංශ මෑත කාලයේ එක් අවස්ථාවක දී රෙඩාර් පද්ධතියට හසු නොවන ගුවන් යානයක් නිරීක්ෂණය කර තිබුණි. එය විශාල ආන්දෝලනාත්මක සිද්ධියක් විය. තම ග-වන් සීමාවට පැමිණි හ`දුනාගැනීමට නොහැකි යානය ගැන ඔවුහු කළබල වූහ. විමර්ෂණ ඇරඹුන අතර අනතුරක අභිරහස් සේයාවක් වශයෙන් ලෝකය පුරා පැතිර ගියේය. මේවා එෆ් තිස් පහ වර්ගයේ යානා වශයෙන් සැලකේ. නොදන්නා යානා සැරිසරන බව මුලින් ජර්මනියේ සූක්ෂම රෙඩාර් හා සෙන්සර් පද්ධති වල සලකුණු වූයේ නැත. යානා නිපදවා තිබුණේ ඉහළම යුද තාක්ෂණය සහිතවය. සතුරු පාර්ශව වලට මෙවැනි යානා එන බවක් කිසිසේත් නිරීක්ෂණය කළ නොහැකි වන පරිදිය. ජර්මන් තාක්ෂණික සමාගමක් පසුව නිපදවා තිබුණ ඉතාම ඉහළ හැකියාවකින් යුතු රෙඩාර් පද්ධතියක් මෙම සැ`ගවුණු යානා අනාවරණය කරගැනීමට සමත්විය. එම අනාවරණ සෑහෙන කතා බහකට හේතු වූ බව ස`දහන් කළ යුතුය.

රටවල් අතර අර්බුද හෝ ගැටුම් කිසියම් රාමුවක් තුළ සිදුවෙයි. යුද්ධයක දී පවා විනාශ නොකරන ගුණාංග ඇත. ලෝකය පුරා ත‍්‍රස්තවාදය වර්ධනය වන ස්වභාවයක් තිබේ. ත‍්‍රස්තවාදීන්ට පිලිවෙලක් නැත. භයානක ඝාතන මෙහෙයවයි. අදිසි සතුරන් ප‍්‍රහාර එල්ල කරන ක‍්‍රමය හ`දුනාගැනීම පහසු නැත. ආරක්ෂක අංශ මෙකී තත්ත්වය ගැන අවධානයෙන් සිටිති. සතුරන් ජරාජය කරන ක‍්‍රම ගැන බලවත් රටවල් නිතර අධ්‍යයනයෙහි යෙදෙති. අහසින්, පොලවෙන් ආරක්ෂාව සහතික කරන නූතන රහස්‍ය ක‍්‍රම දිනපතා දියුණු වෙමින් තිබේ. අලූත් තාක්ෂණ ක‍්‍රම වැදගත් බව සාක්ෂාත් වෙමින් පවතී. විශේෂයෙන් ත‍්‍රස්තවාදය ව්‍යාප්ත වන විට අවධානයෙන් සිටීම කෙරෙහි හමුදා අංශ සැලකිල්ල යොමු කරයි. සතුරා ගේ මුහුණුවර නොදන්නා අවස්ථාවක, විශේෂයෙන් මරාගෙන මැරෙන කල්ලි වැනි අංශ සූදානම් වන පසුබිමක සතුරන්ට වඩා සූක්ෂම විය යුතුය.

සීතල යුද්ධයක් පැවැති වකවානුවේ පෙනෙන බලවේග සමග සටනට ක`දවුරු දෙක සූදානමින් සිටියහ. ඇමරිකාව හා සෝවියට් දේශය එකිනෙකා පසමිතුරු වේශයෙන් ක‍්‍රියා කරන සමයේ යුද අවි වෙනුවෙන් සෑහෙන අයෝජනයක් කළේය. අද එම සටන වෙනස් වී ඇත. ලෝකය සටන් කරන්නේ නොපෙනෙන ත‍්‍රස්තවාදයක් සමගය. ඉතාම සූක්ෂම වැඩ පිලිවෙල තිබිය දී පවා ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් එකොලොස්වැනි දා ප‍්‍රහාරය ත‍්‍රස්තවාදයේ භයානක කම පෙන්නුම් කළේය. ආරක්ෂාව ගැන තිබුණ අඩුපාඩු හා අනාගතයේ දී එවැනි දේ වලකා ගැනීමට ගත යුතු පියවර ගැන සොයා බලන කොමිසමක් ඇමරිකාව පත් කළේය. රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රටික් පක්ෂ දෙක නියෝජනය කරන පස් දෙනා බැගින් නම් කර පත් කරන ලද ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නට ඇමරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේය. ගත යුතු පියවර එමගින් ස්වාධීනව නිර්දේශ කළේය. එයට පසු ඇමරිකාව එරට ආරක්ෂාව හා ආරක්ෂාව වෙනුවෙන් ඇති ආයතන හා නීති සම්පූර්ණයෙන් ප‍්‍රතිව්‍යුහගත කර නවීකරණයට පියවර ගත්තේය.

ඇමරිකානු ආරක්ෂක අංශ මෙහෙයැවෙන ආකාරය ගැන අද ලෝකය පුරා විවේචන තිබේ. දුරකතන කතාබහ කරන සැක කටයුතු තැන් රහසිගතව සවන් දෙන අතර චන්ද්‍රිකා තාක්ෂණය හා ඩ්‍රෝන යාන්ත‍්‍රණ මෙහෙයවා අවශ්‍ය තැන් අනාවරණය කරගනිමින් සිටී. බුද්ධි අංශ කටයුතු කරන විස්මිත ආකාරය ගැන තොරතුරු වාර්තා වෙයි. ඇමරිකානු රහසිගත ගුවන් යානා විශේෂයක් ගැන ද අනාවරණය වී තිබේ. වෙන්ඩිෂන් යනුවෙන් හැ`දින්වෙන මෙම යානා හ`දුනාගැනීමේ සලකුණු රහිතව ඉලක්ක සොයා ගමන් කරමින් සිටී. ලෝකයේ ඕනෑම තැනකට ගොස් සැක කටයුතු ත‍්‍රස්තවාදීන් අත් අඩංගුවට ගෙන හැකියාව සහිතය. ඇමරිකාවේ නීති පද්ධතිය අනුව කටයුතු කිරීම පහසු නැති අවස්ථාවල ත‍්‍රස්තවාදය විනාශ කරනු ස`දහා බලය ඇති රටවල් කරා සැකකරුවන් ගෙන ගොස් ප‍්‍රශ්න කරන අවස්ථා ඇත. සාමාන්‍ය නීතියට තර්ජන එල්ලවන විට ඒවා පාලනය කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ග වල සැලසුම් ආණ්ඩුවක බලය පවා අභිබවා යන අවස්ථා තිබේ. ඇමරිකානු හමුදාවට අයත් නිල නොවන ක`දවුරු ගැන චෝදනා විශාල විවේචනයකට ලක්ව ඇති බව ද පෙන්වා දිය යුතුය.

බිහිසුණු ත‍්‍රස්තවාදය පරාජය කරනු ස`දහා නීත්‍යානුකූල ආරක්ෂක අංශ ගෙන යන අරගලය තව දුරටත් පරිවර්තනය වී ඇති අන්දමක් ද දැකගත හැකිය. ඇමරිකානු ආරක්ෂක අංශ සිය මෙහෙයුම් වල කොටස් පුද්ගලික අංශයට පවරා තිබේ. ‘බ්ලැක්වෝට’ යන සමාගම එයින් එකකි. ඇමරිකානු රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් ආරක්ෂා කරන වගකීම පුද්ගලීකරණය කර තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග එකතුවන මෙම පුද්ගලික ආයතන වගකීම පුලූල් කර ඇත. සමහර අවස්ථාවල සටන් පවතින තැන් වලට අවශ්‍ය කරන සේවා සැපයීම ද පුද්ගලීකරණය කරන ලද යුගයක් අද පවතී. සේනාංක වලට අවශ්‍ය ආහාර, ඇ`දුම් හා යුද උපකරණ ගෙනයෑම පුද්ගලික අංශයට පවරා ඇති බව ඇමරිකාවෙන් ලැබෙන වාර්තා පෙන්වයි.

ආරක්ෂාව සැපයීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, නිල නොවන සේ මෙහෙයැවීම, තාක්ෂණය භාවිතා කිරීම යනා දී වශයෙන් උපක‍්‍රම සංකීර්ණ වී තිබේ. එයට හේතුව සතුරාගේ මුහුණුවර වෙනස්වීම බව පෙන්වා දිය යුතුය. නීතිය ආරක්ෂා කර ජන ජීවිතය සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන එකිනෙකට වෙනස් ආකාරයෙන් අණ සක පතුරවන ස්වභාවය අනාවරණය කළ නොහැකි තරම් සූක්ෂම වී තිබේ. ජනතාවගේ බදු මුදල් වැය කරන, රහසිගත මෙහෙයුම් ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධාන, මානව හිමිකම් ආයතන හා මාධ්‍ය මගින් විශාල විවේදන කරන නමුත් ලෝක නායකයෝ සිය ධෛර්යය කිසිසේත් අත්හැර නැත.

ශ‍්‍රී ලංකාව අරක්ෂාව, ආරක්ෂක උපක‍්‍රම ගැන අලූතින් අවධානය යොමු කරන රටකි. මෑත දශක ගණනාව තුළ නොයෙක් අභියෝග වලට මුහුණ දුන් අවස්ථා පාඩමක් වූ බව අමතක නැත. දකුණේ ත‍්‍රස්වාදයක් හා උතුරේ ත‍්‍රස්තවාදයක් පරාජය කරන්නට ආරක්ෂක අංශ නිල හා නොනිල වශයෙන් මෙහෙයවා තිබේ. ඒවා ගැන බරපතල විවේචන ඇත. උග‍්‍ර චෝදනා තිබේ. නොතීතිය රජ කරවන ලද බවට ජාත්‍යන්තර අවලාද පැන නැගී ඇත. 1971 වසරේ අවිගත් කැරැුල්ල මර්දනය කිරීම ස`දහා ඉන්දියාව පවා ආධාර කරන ලද බව රහසක් නොවේ. 1983 දෙවැනි කැරැල්ල හමුවේ විවිධ නිල නොවන අවිගත් කණ්ඩායම් බිහි වූ වග ස`දහන්ය. ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීම ස`දහා කැරළිකරුවන් සොයා ඝාතනය කරන ලද ක‍්‍රම ගැන පොත පත පවා ලියැවී ඇත. එම අභියෝග කාල වකවානුවල තීරණ ගත් ආරක්ෂක නිලධාරීන්, දේශපාලන නායකයන් ගේ නම් ඉදිරියේ අදටත් කලූ පැල්ලම් තිබේ. එම පැල්ලම් ගැන ස`දහන් කරන්නේ මහා අපරාධ වශයෙනි. ඇමරිකාව පවා නිලධාරීන් ගත් ක‍්‍රියාමාර්ග වලින් ගලවන අණ පණත් බල ගන්වා ඇත. කලූ කොටි, ප‍්‍රා වැනි අංශ ගැන සිහිපත් කළ යුතුය. රටවල් වලට විවිධ වෙිශයෙන් තස්තවාදය ඇතුලුවී ඇත එය මර්ධනය කල යුතු බව අප උගත් වැදගත් පාඩමකි.

ජාතික ආරක්ෂාව, පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙහෙයැවෙන ආකාරය ගැන ලෝකය පුරා විශාල විවේචනයක් ඇත. අද පවතින නොපෙනෙන, ඉතා සූක්ෂමව කි‍්‍රයාකරන ත‍්‍රස්තවාදය පරාජය කරනු ස`දහා ක‍්‍රියාත්මක විය යුතු ආකාරය ගැන නීති වගන්ති වලින් පැහැදිලිවෙන්නේ නැත. ලෝකයේ සෑම නායකයෙකුම මෙම අභියෝගයට මුහුණ පා සිටී. බලය ඉල්ලන දේශපාලන නායකයෝ ජනතාව ආරක්ෂා කිරීම උදෙසා ගන්නා පියවර පමණක් නොව නිසි අවස්ථාවේ දී ඕනෑම බලයක් අතට ගෙන ක‍්‍රියා නොකිරීම ද උදහසට හේතුවක් වී තිබේ. ශ‍්‍රී ලංකාවේ සහරාන් ඇතුළු කන්ඩායමේ මරාගෙන මැරෙන සිද්ධි ගැන ඔත්තුසේවා දැනගෙන පියවරක් නොගැනීම ද වරදක් වී ඇත. මේවා සාධාරණ තලයක සිට සාකච්ඡුා කිරීමට මානව අයිතීන් ගැන කතාකරන සංවිධාන සූදානම් ද යන්න ප‍්‍රශ්නයකි.