ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ ජනමතය ඉතාමත් වැදගත්ය. පරමාධිපත්‍ය හිමි ජනතාවටය. ඡන්දයක් පැවැත්වීම එය මැන බලන ක‍්‍රමයයි. මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයන් ජනතාව ආමන්ත‍්‍රණය කර ඔවුන් තමන්ට කැමැති කරගැනීම සඳහා දරන අති විශාල වියදම ජාත්‍යන්තරව අවධානයට ලක් වූ ක්ෂේත‍්‍රයකි. එය හමුවේ කි‍්‍රයාකරන ලද අන්දම ගැන විවිධ සංවාද තිබේ. මලයාසියානු අගමැති නජීබ් රසාක් අරබයා මතුව ඇති බරපතල ආන්දෝලනය සලකා බැලීම වැදගත්ය. සවුදි අරාබියාවේ රජ පවුලෙන් ලැබුණ ධනයෙන් කොටසක් මලයාසියානු අගමැතිවරයාගේ පුද්ගලික ගිණුමෙන් මතු වී ඇති අතර එය අති විශාල දූෂණයක් බවට ජාත්‍යන්තර මතවාදයක් නැගී තිබේ.
නොබෝදා ද ගාඩියන් පුවත් පත අනාවරණය කරන ලද පරිදි එරට නීතිපතිවරයා සඳහන් කරන්නේ සවුදි පවුලෙන් ලැබුණ මුදල් තෑග්ගෙන් කොටසක් අගමැතිවරයාගේ ගිණුමට එකතුවීම වරදක් නොවන අතර එය දූෂණයක් නොවන බවය. එය පරිහරණය නොකරන ලද එකක් වන අතර අගමැතිවරයා සහ සවුදි රජ පවුල අතර සිදුවූ ගනුදෙනුවක් බව දක්වා තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 620 ක් යැයි එක් තැනක ද තවත් තැනෙක එය ඩොලර් මිලියන 700 ක් බව ද කියැවෙන අතර තවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අගමැති බිරිඳ පළඳින දියමන්ති මාල ඇතුළු දේ වෙනුවෙන් කරන ලද වියදම ගැනය. මෙම මුදල් ගැන නොයෙක් තොරතුරු පළවන අතරවාරයේ එරට විපක්ෂය වහා ඉල්ලා අස්වන සේ ඔහුට බලකරන නමුත් නජීබ් අගමැතිවරයා කියන්නේ මෙම මුදල් තමන්ගේ පුද්ගලික සුඛවිහරණය උදෙසා හෝ නොගත් බැවින් ධුරයෙන් ඉවත්වීමට කිසිදු හේතුවක් නැති බවය. මෙම මුදල් ගැන ආන්දෝලනයට පසු අගමැති නජීබ් ඔහුගේ එවකට සිටි නීතිපතිවරයා සෞඛ්‍ය හේතු මත ඉවත් කරන ලද අතර විවේචනය කරන ලද නිලධාරීන් ගණනාවක් ද සේවයෙන් පහ කරන ලදී. අලූත් නීති පතිවරයා මෙම මුදල් ඔහුගේ පුද්ගලික ගිණුමේ පවත්වාගෙනයාම වරදක් නොවන බව පෙන්වා දී ඇති බැවින් කිසිම ප‍්‍රශ්නයක් නැති බව ද අගමැති නජීබ් කියයි.
මේ අතරවාරයේ මලයාසියාව අවුරුදු විසි දෙකක් පාලනය කරන ලද හිටපු අගමැති මහතීර් මොහමඞ් ද ගාඩියන් සඟරාවට පැයක සම්මුඛ සාකච්ඡාවක් දෙන අතර අවධාරණයෙන් කියන්නේ මෙම මුදල් අල්ලසක් බවය. ජනතා සහාය දිනාගැනීමට මාර්ගය එය නොවන බව හෙතෙම කියන්නේ මෙම මුදල් මැතිවරණ අරමුදලක් වෙනුවෙන් භාවිතා කරන ලද බව හෙළිදරව් කරමින්ය. රජයට ලැබුණ මුදලක් මැතිවරණ කටයුතු වලට වෙන්කරගැනීම සුදුසු නැති බව කියන හෙතෙම සල්ලි උවමනා නම් එවා සොයා ගැනීමේ ක‍්‍රමය මෙය නොවන බව කියා තිබේ.
හෙළිදරව් වන කරුණු අනුව අගමැති නජීබ් රසාක් සිය මැතිවරණ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් වෙනම අරමුදල් පවත්වාගෙන ගොස් තිබේ. සවුදි රජ පවුලෙන් ලැබුණ ධනයෙන් කොටසක් ද සිය පුද්ගලික ගිණුමට මාරු කර ඇති අතර එසේ කරන්නේ ඉදිරි මැතිවරණ අවශ්‍යතා වෙනුවෙන් විය හැකිය. එය එසේ කිරීම සාධාරණ ද යන විශාල විවාදය අද ජාත්‍යන්තරය පුරා ඇවිලෙමින් තිබේ.
මැතිවරණ කටයුතු වෙනුවෙන් එකතු කරන සල්ලි සම්බන්ධයෙන් අර්බුද මතු කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. ලෝකයේ සියළුම රටවල අඩු වැඩි වශයෙන් මැතිවරණ අරමුදල් දුෂණ ගැන චෝදනා ඇත. මැතිවරණ වියදම් සාධාරණ කිරීම සඳහා දියුණු රටවල සිට නොදියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින රටවල් දක්වා විනය, විගණනය වශයෙන් නොයෙක් සාකච්ඡා කරන නමුත් ඒවායෙන් එපමණ පලක් වී නැත. මැතිවරණ වියදම්, ඒවාට එකතු වන ධනය හා ඒවා වියදම් කරන අන්දම අති විශාල දූෂණයක එක කොටසක් බවට පත්ව තිබේ. මලයාසියාවෙන් පැන නැගෙන්නේ එය සම්බන්ධ විරෝධයේ එක කොටසකි.
ඡන්දයක් කරන්නට විශාල මුදලක් අවශ්‍යය. ප‍්‍රචාරක කටයුතු හා අපේක්ෂකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හුවමාරු වන මුදල නීත්‍යානුකූලව ගණන් ගැනීම ඕනෑම රටක දී පහසු එකක් නොවේ. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා යුරෝපා රටවල් මෙම මැතිවරණ වියදම් පාලනය හා එම වියදම් විනිවිද පෙනෙන අයුරින් කරගෙන යනු සඳහා නීති පනවා ඇත. ඇමරිකාව ඡන්ද අපේක්ෂකයන්ට ලබාගත හැකි මුදල් සම්බන්ධව සීමා දක්වා තිබේ. එසේම එම මුදල් ලැබෙන්නේ කොතැනින්දැයි ප‍්‍රසිද්ධ කරන්නට අවශ්‍යය. උතුරු යුරෝපා රටවල් වල මුදල් පරිත්‍යාග එකතු කරගත හැකි පක්ෂ වලට පමණකි. බි‍්‍රතාන්‍යයේ පුද්ගලයන්ට මැතිවණ වියදම් සඳහා මුදල් ලබා ගත හැකි අතර ඒවා ලැබෙන මාර්ගය ප‍්‍රසිද්ධ කළ යුතුය. මැතිවරණයට පසු විගණනය කරන ලද ගිණුම් වාර්තා ප‍්‍රසිද්ධ කෙරේ. එය දූෂණය වලක්වන උපක‍්‍රමයකි. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව වැනි රටවල ලියාපදිංචි දේශපාලන පක්ෂ වලට මැතිවරණ වියදම් වෙනුවෙන් රජයෙන් මුදල් ලැබේ. කලින් වතාවේ ලබාගත් ඡන්ද ප‍්‍රමාණය අනුව රජයෙන් ගෙවන නමුත් එය සුළු ප‍්‍රමාණයකි. දේශපාලන පක්ෂ මහා පරිමානයෙන් ධනය එකතු කරන්නේ එහෙයින්ය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළින් පවතින රටවල මැතිවරණ ක‍්‍රමය, මැතිවරණ වියදම් හා සාධාරණ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා නීති පනවා තිබේ. එම නීති වලින් යුක්ති සහගත සමාජයක් හදන්නට ප‍්‍රයත්න දරයි. නමුත් ඒවා සියයට සියයක් සාර්ථක යැයි සඳහන් කරන්නට හැකියාවක් නැත. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය සහ යුරෝපා රටවල පවා මැතිවරණ වියදම් සහ මැතිවරණ වෙනුවෙන් එකතු කරන ධනය දූෂිත තත්ත්ව ඇති කරන බව වාර්තා වී තිබේ. එවැනි පසුබිමක් තුළ ශ‍්‍රී ලංකාව වැනි රටක මැතිවරණයක් හමුවේ අති විශාල දුෂණයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අශෝබන ලෙස ප‍්‍රචාරක කටයුතු වල නිරත නොවූ අපේක්ෂකයන් විරලය.
දූෂිත හා බලපෑම් වලින් තොර මැතිවරණ පැවැත්වීම නීති වලට පමණක් කළ නොහැකිය. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය තුළ ධනය හා බලය වෙනුවෙන් ඉඩකඩ විවෘත වී තිබේ. එකී ස්වභාවය පාලනය කරන්නට දේශපාලන පක්ෂ වලට විශේෂ වගකීමක් ඇත. ශී‍්‍ර ලංකාවේ දේශපාලන පක්ෂ ව්‍යුහය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වඩා අවශ්‍ය බව සඳහන් කළ යුතුය. පක්ෂ තුළ ඇත්තේ ඒකාධිපති ක‍්‍රමයකි. මැතිවරණ වියදම් වෙනුවෙන් සල්ලි එකතු කිරීම පමණක් නොව ඒවා බෙදා ගැනීම ද ලොකු කුඩා සියළු දේශපාන පක්ෂ අවිනීත අන්දමට කරන බව ප‍්‍රසිද්ධ රහසකි.
මනාප ක‍්‍රමය මෙරට මැතිවරණ වියදම් වැඩි කරන ප‍්‍රධාන සාධකයක් වී ඇති අතර විශාල බල ප‍්‍රදේශයක මනාප එකතු කරන්නට කරන වියදම වෙනුවෙන් ඕනෑම ක‍්‍රමයකින් ධනය උපයන්නට අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂ වලට සිදුව තිබේ. පක්ෂ වලට මුදල් ආධාර කරන අයට බලයට පත් වූ පසු හොඳ සැලකිලි ලැබෙන බව නොදන්නා අය විරලය. එය නරක තත්ත්වයක් නමුත් ඡන්ද දායකයන් පමණක් නොව සාධාරණ රටක් හදන්නට පොරොන්දු දෙන දේශපාලනඥයන් ද ක‍්‍රියා කරන්නේ එලෙසය. මැතිවරණ වියදම් වෙනුවෙන් සල්ලි හුවමාරුව සාමාන්‍ය දේ බවට පත්ව තිබීම අශෝභන බව කිසිවෙකු තකන්නේ නැත. දේශපාලන වැඩ වලට සල්ලි දෙන ක‍්‍රම විනිවිද පෙනෙන සේ කළ හැකිය. ඇමරිකාවේ හෝ යුරෝපා රටක මෙන් පක්ෂ වලට ආධාර කරන පුද්ගලයන් හෝ ආයතන ප‍්‍රසිද්ධ කරන්නට මෙරට හැකියාවක් නැත. මන්ද පවතින ක‍්‍රමය තුළ ප‍්‍රසිද්ධියේ පක්ෂ වලට ආධාර කළහොත් සිදුවිය හැකි අවදානම ගැන හොඳ අවබෝධයක් ඇති බැවිනි. එහෙයින් බොහෝ පුද්ලුගලයන් හා ව්‍යාපාර කාටත් හොරෙන් තමන්ගේ සම්බන්ධතා පවත්වාගෙන යන්නට හැම පක්ෂයටම මුදල් බෙදා දෙන බව ප‍්‍රකටය. අන්තිමේ දී මෙම මුදල් වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නේ යැයි හිතන්නේ නම් එය බරපතල වරදකි.
ශී‍්‍ර ලංකාවේ දේශපාලනට පිරිසිදු කරන්නට නම් විශාල පරිවර්තනයක් කළ යුතුය. එය කළ හැකි පක්ෂ නායකයන්ටය. ජනතාව ඒ වෙනුවෙන් බල කරන්නට අවශ්‍යය. තමන්ගේ දේශපාලනඥයා සහ දේශපාලන පක්ෂය පිරිසිදු සහ ප‍්‍රතාපවත් එකක් කරන්නට නම් ජනතාව මෙම ක‍්‍රමයේ පවතින අඩු ලූඩුකම් ගැන මෙයට වඩා අවධානයක් යොමු කිරීම වැදගත් බව දැක්විය යුතුුය.
|