ජන මාධ්‍ය භාවිතාව සම්බන්ධ අලූත් කතිකා නිතර හට ගැනේ. ආචාරධර්ම පැනවීම ගැන අදහස් ඇතිවෙයි. ජනමාධ්‍ය පාලනයට කොමිසමක් පිහිටුවීම සහ සිවිල් නීති යටතේ ජනමාධ්‍ය පාලනය ගැන යෝජනා මතු වූ අවස්ථා ඇත. නොබෝදා සිවිල් සංවිධාන කණ්ඩායම් සංවිධානාත්මකව, ජනමාධ්‍ය ආයතන වෙත ගොස් විරෝධයක් පළ කළේය. මාධ්‍ය භාවිතාව ප‍්‍රශ්න කිරීම එම කණ්ඩායම උත්සාහ කරන ලද බව පැහැදිලිය. තමන්ට අවශ්‍ය දේ මාධ්‍යයේ ප‍්‍රකාශ නොකරන අවස්ථාවක මාධ්‍ය පරිහරණය කරන ජනතාව ගත යුතු තීරණය කුමක්ද? ප‍්‍රතික්ෂේප කිරීම හැර අනෙකක් නොවේ. මාධ්‍යයේ බලය ගොඩනැගෙන්නේ පාඨක ශක්තිය පදනම් කරගෙනය. ජනතා සහාය නැති මාධ්‍ය වටිනාකමක් නැති එකකි.
ඉතිහාසයට අනුව මාධ්‍යයේ සම්ප‍්‍රදාය ගොඩනැගෙන්නේ පාලකයන්ගේ උවමනාව අනුවය. ඉහළ සමාජ පැලැන්තියට එකඟ භාවිතාවක් වශයෙනි. කාලයාගේ ඇවෑමෙන් ජනමාධ්‍ය පොදු ජනතාව වෙත නැඹුරු වී තිබේ. යම් යම් දුබලතා ඇතත් ජනමාධ්‍යයේ භාවිතාව ප‍්‍රජාව වෙනුවෙන් වන ප‍්‍රවනතාවයක බව සඳහන් කළ යුතුය. ජනමාධ්‍ය පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන්ය. තොරතුරු ප‍්‍රකාශ කරන අතර ප‍්‍රජාව ඥාණනය කරන ආයතන වශයෙනි. ජනමාධ්‍ය සම්බන්ධව තිබූ ආකල්ප අද සංකීර්ණ තැනකට පරිවර්තනය වී තිබේ. සමාජ ගෝලීයකරණයට ලක්වීමේ ප‍්‍රතිඵලයකි. තොරතුරු විකාශයේ වේගවත් බව සහ විද්‍යුත් තොරතුරු සම්පාදනය එයට පදනම් වී ඇත. දශක එකහමාරකට පමණ කලින් සමාජ වෙබ් අඩවි යනුවෙන් සංකල්පයක් දැන සිටියේ නැත. පසුගිය වසරේ තුන්වන කාර්තුව වන විට ෆේස්බුක් සාමාජික ප‍්‍රමාණය බිලියන 2.27 ඉක්මවා වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවා ෆේස් බුක් ගිණුම් ප‍්‍රමාණය මිලියන හතරකට ආසන්න පමණ බව අනාවරණය වෙයි. ෆේස් බුක් වඩා ජනප‍්‍රියවන වන අතර ට්විටර්, ඉන්ටග‍්‍රෑම්, වට්ස් ඇප් සහ වී චැට් යනාදී වශයෙන් මාධ්‍ය ව්‍යුහ ඉතා ප‍්‍රබල බලපෑමක් ඇති කරන්නට සමත් වී තිබේ. සමාජ ජාලා වලින් තොරතුර දැනගන්නා සමාජයක් බිහි වී ඇත. එය තහවුරු කරගනු සඳහා සම්ප‍්‍රදායික මාධ්‍ය පරිහණය කරන්නට නැඹුරු වී ඇති බව පැහැදිලිය.
ඇමරිකාවේ පළමු පුරවැසියා ගේ සමාජ මාධ්‍ය භාවිතාව එයට එක උදාහරණයකි. ඇමරිකාවේ පුවත්පත්, රුපවාහිනි, ගුවන් විදුලි හා වෙබ් මාධ්‍ය විශාල ප‍්‍රමාණයක් තිබේ. ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිට ජනාධිපතිවරණයේ දී ෆොක්ස් හා බ‍්‍රයිට්බාට් යන මාධ්‍ය හැරෙන්නට අන් මාධ්‍යයක සහය ලැබුණේ නැත. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී සිට අද දක්වා ඔහුගේ පුද්ගලික ට්විටර් ගිණුම සක‍්‍රීය සන්නිවේදනයක නිරතය. ඔහු කතා කරන්නේ සමස්ථයට නොවේ. තෝරා ගත් ඉලක්ක කණ්ඩායමටය. ඔහුගේ ට්විටර් පණිවුඩය දෙස ප‍්‍රජාව අවධානයෙන් සිටී. සම්ප‍්‍රදායික මාධ්‍ය නිවේදන හා පිරිවරාගත් මාධ්‍යවේදීන්ගේ සේවය රහිත කෙලින්ම ජනතාව අමතන්නට හැකියාව ඇති නූතන මාධ්‍යයේ බලය හෙතෙම ප‍්‍රායෝගිකව දක්වා ඇත. ජන මාධ්‍යයේ පවතින රාමුව වෙනස් කිරීමට කරන බලපෑම වෙනුවට තමන්ගේ මාධ්‍යයක් ඉදිරියට ගැනීමට ඇති අවස්ථාව මෙයින් පෙන්නුම් කෙරේ.
තමන්ට මතයක් තිබේනම් එය පතුරවන්නට ඇති අවස්ථා මෙයින් පැහැදිලිය. ශ‍්‍රී ලංකාවේ පවා පසුගිය මැතිවරණ වල දී සමාජ මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ ව්‍යුහය ඇති කරන ලද බලපෑම මහත්ය. සම්ප‍්‍රදායික මාධ්‍ය කරන ලද ප‍්‍රචාරණය ඉක්මවා ගියේය. ඉදිරි මැතිවරණ හෝ වෙනත් තීරණාත්මක අවස්ථාවල සමාජ මාධ්‍ය සන්නිවේදනය වඩා සක‍්‍රීය වනු ඇති බව නිසැකය. මාධ්‍යයෙන් නිකුත් කරන පණිවුඩය දෙස නොව සංකීර්ණ තාක්ෂණික යුගයේ සන්නිවේදනයෙන් ඇති කරන ඵලය දෙස අවධානය යොමු කිරීම සුදුසුය. සම්ප‍්‍රදායික මාධ්‍යයේ තොරතුරට අසතුටු ප‍්‍රජාවට පුවත් පත මිල දී ගැනීම නතර කළ හැකිය. ගුවන් විදුලි යන්ත‍්‍රය අක‍්‍රීය කළ හැකිය. දුරස්ථ පාලකය අත ඇති නරඹන්නාගේ තීරණය ඉතාම තීරණාත්මකය. තමන්ට අසතුටු දේ තිබිය දී තමන්ට අවශ්‍ය දේ සන්නිවේදනය කළ හැකිය.
සෑම පුද්ගලයෙකුටම මතයක් ඇත. නූතන මාධ්‍ය ව්‍යුහය අනුව මත ඉදිරිපත් කිරීමට අවකාශයක් ද තිබේ. තෝරා බේරාගෙන තමන්ගේ මතධාරී කණ්ඩායම් ගොඩනගා ගැනීමට හැකියාව ඇත. ඒවා ඉලක්ක කරන ආකාරයද විශේෂිතය. නොබෝදා බි‍්‍රක්සිට් වෙනුවෙන් කරන ලද ව්‍යාපාරය එවැනි තෝරාගත් කණ්ඩායම් වෙනුවෙන් ඉලක්කගත සන්නිවේදනයක් කළේය. සමාජ විශ්ලේෂණ සමාගමක් විශේෂ පරිශ‍්‍රමයකින් තෝරා ගත් මිලියන තුනක පිරිසක් ඉලක්ක කර සන්නිවේදනය කළ අතර එය සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගෙන තිබේ. නවීන මාධ්‍යයේ සූක්ෂම ස්වභාවය එයින් තහවුරුවෙයි. බිග් ඬේටා නවීන මාධ්‍යයේ තවත් සුවිශේෂ පැත්තකි. ජනතාව කැමැති හෝ අකමැති කෙසේ වෙතත් තාක්ෂණයට ගොදුරුවෙමින් සිටී. දුරකථනයකින් ඇමැතුම් ගන්නා ස්වභාවය, සමාජ මාධ්‍ය පරිහරණය කරන ආකාරය, වෙළද සැලකින් භාණ්ඩ මිල දී ගන්නා අන්දම පරීක්ෂා කරන ව්‍යාපාරික පර්යේෂණ ක‍්‍රම බිහිවී තිබේ. මෙම වානිජ සමාගම් ජනයාගේ හැසිරීම නිරීක්ෂණය කර සිතැඟි වලට ගැලපෙන ව්‍යාපාරික ලෝකයක් බිහිකරමින් සිටී. යතාර්ථය එයයි. ජනතාව ගේ ක‍්‍රියාකාරකම් අධ්‍යයනය කර ඒවා විශ්ලේෂණය කිරීම සඳහා වෙනම සමාගම් ඇත. ඒවා එම දත්ත වලට වෙළඳ පොලක් හදා තිබේ. තොරතුරු තාක්ෂණ යුගයේ දී අප සියළු දෙනා නොදැනුවත්වම දත්ත බවට පත්ව ඇත. ගූගල්, ෆේස්බුක්, වට්ස් ඇප් හෝ ඕනෑම සමාජ මාධ්‍යයකින් අප කියවන්නට කැමැති තොරතුර උකහා ගන්නා අතර මෙම සමාගම් කරන අධ්‍යන කොපමණ ප‍්‍රබල ද යත් අප ගැන අප දන්නවාටත් වඩා සමාගම් ජාලා අප ගැන තොරතුරු දන්නා යුගයක් උදා වී තිබේ. මෙයින් පෙනෙන්නේ නූතන මාධ්‍යයේ බලවත්කම පමණක් නොව එය පැතිරි ඇති ආකාරයයි.
මෙයින් දශකයකට දෙකකට කලින් ජනමාධ්‍ය සීමිත ව්‍යුහයකි. අද ජන සමාජයේ සියලූම දෙනා ප‍්‍රවෘත්ති බෙදාහරින මාධ්‍ය ආයතන බදුය. මාධ්‍ය භාවිතාව මේ ආකාරයට ව්‍යාප්ත වන පසුබිම තුළ පවා සම්ප‍්‍රදායික මාධ්‍ය බලවත් තිරණාත්මක එකක් බව තහවුරු වී තිබේ. එය එසේ තිබිය දී දවසකට, එක මොහොතකට නිකුත්වන තොරතුරු ප‍්‍රමාණය ද අවධානයට යොමු වූ කරුණකි. ගණනය කළ නොහැකි තරම් අසීමිත ප‍්‍රවෘත්ති හා තොරතුරු ප‍්‍රමාණයක් ලෝකය පුරා විවිධ මාධ්‍ය වලින් බෙදාහැරෙමින් තිබේ. මේවා සියල්ල පරිහරණය කරන්නට කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නැත. තෝරා බේරාගැනීම එකම විකල්පයයි. තොරතුරු අධි ප‍්‍රවාහයක් ගැන අවධානය යොමු කෙරෙන්නේ එහෙයින්ය. ජනතාව තොරතුරු වෙන් කරගන්නේ කෙසේද? එයට හොඳ වෙන්කර ගැනීමේ ක‍්‍රමයක් බහුතරයකට නැත. ආකර්ශණීය ඕපාදුප වශයෙන් බෙදාහැරෙන දේ වලට වැඩි අවධානයක් ඇත. කෙටියෙන් ඉදිරිපත් කරන තොරතුරු ද පරිභෝජනය වැඩි වී ඇති බව පෙනේ. මෙම තොරතුරු වලින් අහඹු සේ පරිහරණය කරන ඒවායෙන් පමණක් නිගමනයකට එන ප‍්‍රජාවගෙන් නිර්මාණය වන ලෝකය කෙබදු එකක් විය හැකි දැයි අනෙක් අතට ජාත්‍යන්තරය තුළ සාකච්ඡා වෙමින් තිබේ.
මාධ්‍ය පාලනය සහ මාධ්‍ය නිෂ්පාදනය කරන තොරතුරු සම්බන්ධව නීති පැනවීම ලෝකය පුරා නොයෙක් ආකාරයට අවධානයට ලක්ව ඇති කාරණයකි. නමුත් එය අසාර්ථක හා අතාර්කික පිලිවෙතක් බව ප‍්‍රත්‍යක්ෂ වී තිබේ. තොරතුරකට ගොදුරු නොවීම හා තොරතුරු වලින් මතු කරන තතු වලින් හැබෑව තෝරා ගැනීමට ජනයා පොළඹවන වැඩ පිලිවෙලක් හැර මූලාශ‍්‍ර පාලනය කිරීම නිරර්ථක බව තේරුම් ගැනීම වැදගත්ය. මාධ්‍ය වර්ගීකරණයෙන් ගැටුම් ඇති කර ගැනීම වෙනුවට යතාර්ථයට මුහුණ දිය හැකි වැඩ පිලිවෙල සැලසුම් කළ යුතුය. නූතන තාක්ෂණ යුගයේ මාධ්‍ය භාවිතාව ගැන රට තුළ පුලූල් සංවාදයක් නැත. ඉදිරිපත් කරන්නාගේ භූමිකාවටවඩා පරිහරණය තීරණාත්මක සාධකයක් වී ඇත. එදිනෙදා කරන පරිහරණය අනුව වෙළඳ පොල ගොඩනැගෙන, මත හදන හා මතය නිර්මාණය කරන ව්‍යුහයක් නිර්මාණය වී තිබේ. එයට සෑහෙන ප‍්‍රමාණයකින් මෙරට ජනී ජනයා ගොදුරු වී ඇති බව පැහැදිලිය. සමාජය ඥාණනය කරන අතර අලූත් මත ඇති කරන්නට පියවර ගත යුතුව තිබේ. යහපත් දේ තෝරාගැනීමට හැකියාවක් ජනතාව සතු බව සඳහන් කළ යුතුය.
|