» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
17/11/2019 - ඉරිදා ලංකාදීප
පහසු ජයග්‍රහණ සහ ජනතාවාදී පාලනයේ දුෂ්කරතා

පශ්චාත් සත්‍ය චදිඑ-එරමඑය යනුවෙන් අර්ථ දක්වන සංකල්පයක් තිබේ. බටහිර චින්තකයෙකු වූ ෆෙඩ්රික් විල්හෙම් 1870 ගණන් වල දී ප්‍රකාශ වන සත්‍ය සහ ප්‍රායෝගිකව නිරාවරණය වන සත්‍ය අතර පරතරයක් ඇති බව අනාවරණය කළේය. 1917 දී පමණ තවත් සමාජ විද්‍යාඥයෙකු වූ මැක්ස් වෙබර් සත්‍යය තුළ ගැබ්ව ඇති කරුණු හා වටිනාකම් අලලා විග්‍රහයක යෙදී තිබේ. මෑත කාලය තුළ ඇත්ත බව හුවා දක්වා ප්‍රකාශ වන සෑහෙන තොරතුරු ප්‍රමාණයක් අවසාන විග්‍රහයේ දී බරපතල ලෙස සමාජය නොමග යවන සුළු කරුණු ඇතුලත් බව අනාවරණය කළේය. එම සවිස්තරාත්මක අධ්‍යයන පර්යේෂණාත්මකව සලකන විට රටක පැවැත්ම සහ සමාජ උන්නතිය හමුවේ ඉතාමත් වැදගත්ය.

මෑත කාලය තුළ පශ්චාත් සත්‍ය යන සංකල්පය කෙරෙහි විශෙAෂ අවධානයකට ලක් විය. එකක් ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කරන ලද ආකාරයයි. අනෙක බි්‍රක්සිට් එනම් බි්‍රතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වන තීරණය වෙනුවෙන් පැන නැගුණ තත්ත්වයයි. සත්‍ය බව එක හෙලා ප්‍රකාශ කරන ලද කරුණු වලින් බොහෝ විට අනාවරණය කෙරෙන්නේ නිවැරදි තොරතුරු නොවන බව සනාථ වී තිබේ. විශෙAෂයෙන් දේශපාලනඥයන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නොයෙක් ආකාරයෙන් කරන සන්නිවේදනය තුළ පශ්චාත් සත්‍ය හ`දුනාගන්නට සමත් වී ඇත. එයින් කරන ලද නොමග යැවීම සෑහෙන ප්‍රශ්නයක් බවට පත් ව තිබේ.

හො`දම උදාහරණය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට බි්‍රතාන්‍ය තුළ පවතින මතවාදයයි. බ්‍රික්සිට් තීරණය ගැනීමට ජනමත විචාරණයක් පවත්වන ලද අතර මෙම කාලවකවානුව තුළ පශ්චාත් සත්‍යය පැහැදිලි කරන එක කාරණයක් විද්වත්හු පෙන්වා දී තිබේ. යුරෝපා කොමිසමට සාමාජිකත්වය ස`දහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව එක සතියකට පවුම් මිලියන 350 ක් ගෙවන අතර මෙම මුදල බ්‍රිතානය ජනතාවගේ බදු වලින් කරන අතිශය නිෂ්ඵල දෙයක් වශයෙන් විරැද්ධ මතධාරීහු පෙන්වා දුන්හ. අන්තිමේ දී විරුද්ධවාදීහු කියා සිටියේ සතිපතා මෙම මුදල යුරෝපා කොමිසමට ගෙවන බවය. බ්‍රිතාන්‍ය සංඛ්‍යා ලේඛන අධිකාරිය මෙම කරුණ ප්‍රතික්ෂේප කළේය. පදනම් විරහිත කරුණක් බව කියා සිටි අතර සත්‍ය විකෘති කිරීමක් බව කරුණු සහිතව පෙන්වා දුන්නේය. එම තොරතුරු බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන ලද නමුත් සත්‍යට එහා ගිය මතයක් ජනමත විචාරණයට විශාල බලපෑමක් කරන ලද බව ස`දහන් කළ යුතුය.

2016 ජුනි මාසයේ දී බි්‍රක්සිට් ජනමත විචාරණය පැවැත්වුණ අතර එය සියයට 51.9 ක ප්‍රතිශතයකින් පරාජය විය. අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්විය. ඉන් පසුව අගමැති ධුරයට පත් තෙරේසා මේ සහ දැන් අගමැති ධුරයට පත්ව සිටින බොරිස් ජොන්සන් යන දෙදෙනොටම මෙම උගුලෙන් ගැලවීමට මගක් නැත. 2017 වසරේ මාර්තු වල ප්‍රකාශයට පත් කරන ලද පරිදි වසර දෙකක ක්‍රියාදාමයකට පසු බ්‍රිතාන්‍ය යුරෝපා හවුලන් ඉවත්වනු ඇත. නමුත් එය කරගත නොහැකි විය. ඉවත්වීමේ ලියැවිලි සකස් කරගැනීම සංකීර්ණ කි්‍රයාවලියකි. යුරෝපා හවුලට එකතු වන විට සමූශයක් වශයෙන් ගන්නා තීරණ වලින් රටවල් වලට හා ජන සමාජයට සෑහෙන වාසි අත්පත්වනබව පැහැදිලිව දැක්වුණ අතර යුරෝපා හවුලෙන් ඉවත්වීම වාසිදායක දෙයක් නොවන බව පර්යේෂකයන් හා විද්‍යාර්ථීන් පෙන්වා දී තිබේ. නමුත් දේශපාලනඥයන් හා දැඩි මතධාරින් එම සත්‍ය පිලිගැනීමට සූදානම් නැත. පසුගිය දා දක්වා දින නියම කර තිබුණ අවසන් දිනය නැවත වතාවක් ලබන වසරේ මාර්තු අවසානය දක්වා කල් දමා තිබේ. බ්‍රිතාන්‍ය දේශපාලන ක්‍රමය එරට තිබුණ උසස් සම්ප්‍රදාය හා අනන්‍ය ලක්ෂණ සම්පූර්ණයෙන්ම පරාජය කරන්නට පශ්චාත් සත්‍යයට හැකියාව ලැබී තිබේ.

ජාත්‍යන්තරය තුළ පශ්චාත් සත්‍ය දේශපාලන ව්‍යාපාර අතිශය විවේචනයට ලක් ව ඇත. බ්‍රිතාන්‍යයේ අතිශය ප්‍රසිද්ධ ඩේලි ටෙලිග්‍රාෆ් හි පාර්ලිමේන්තු තීරු ලිපි රචකයෙකු වන මයිකල් ඩෙකොන් ස`දහන් කරන පරිදි zzකරුණු නිවැරදි නැත. කරුණු අශ=භවාදීය. කරුණු ජාතිහිතෛශී නැතZZ යනුවෙන් කියා සිටියේය. පශ්චාත් සත්‍යට කුමන්ත්‍රණ මැවිය හැකිය. නමුත් අවසානයේ දී සත්‍ය හෙළිකරන හැබෑ තොරතුරු වලට පවා අවස්ථාව අහිමි වන බව හෙතෙම පෙන්වා දුන් වැදගත් කාරණයකි.

පශ්චාත් සත්‍ය ගැන සාකච්ඡා කරන මෙම අවස්ථාවේ දී අප සියළු දෙනාටම එයින් කියැවෙන පණිවුඩය ගැන අත්දැකීම් තිබේ. දේශපාලන ක්‍රමය තුළ පශ්චාත් සත්‍ය භාවිතා කරන අන්දම ගැන නොදන්නවා නොවේ. සත්‍ය බව හුවා දක්වා පතුරවන වැරදි අශභවාදී සහ කුමන්ත්‍රණ ගැන ප්‍රකාශ වන දෙයින් ලැබී ඇති ප්‍රයෝජනය කුමක්ද ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා පසුගිය දා ඔහු ගේ දියණියගේ වයසේ දරුවෙකු සමග ප්‍රසිද්ධ සාකච්ඡාවක් කළේය. ඔහු කියා සිටියේ zzවිරුද්ධවාදීන් අතර පවා එක`ගතා තිබිය යුතුZZ බවය. zzවිශාල වාද කරන පිරිස පවා දරුවන්ට ආදරය කරන බවZZ හෙතෙම ස`දහන් කළ අතර එයින් අදහස් කළේ වාදයක දී සම්පූර්ණයෙන්ම එරෙහි වන නමුත් අනාගතය ගැන හිතන බවය. zzඅනෙක් අයගේ වැරදි හොයා බලා ප්‍රකාශ කරන අය මම දක්ෂයි කියා හිතනවා නම් එය වැරදි අදහසක්ZZ බව ද ඔබාමා දැක්වීය. බැරක් ඔබාමා සිය විශ්‍රාම ජීවිතයේ දී දාර්ශනික සේ හිතන්නට නැඹුරු වී සිටී. ලෝකයට අලූත් පණිවුඩයක් දෙන්නට උත්සාහ කරයි. zz නායකයෙකු කරන්නේ අනුන්ට ගල් ගහන එක පමණක් නම් දිග ගමනක් නැතිZZ බව මෙහි දී ප්‍රකාශ කර ඇති ඔබාමා zzමමත්වයෙන් හිතන තමන් පමණක් දක්ෂ, අනුන් කරන්නෙ වැරදි බව හිතන ක්‍රමයකින් සමාජ මෙහෙවරක් සිදු නොවන අතර එය හරහා රටකට වෙනසක් කරන්නට බැරිZZ බව ද අවධාරණය කරයි.

අලූත් නායකයෙකු තෝරා ගැනීමට ඡන්දය පාවිච්චි කර සිටින ශ්‍රී ලංකාවේ සෑම සියළුම දෙනා මෙම පශ්චාත් සත්‍ය ගැන හිතා බැලීම සුදුසුය. ඉහලින් සිටින නායකයෙකු තම ගමන ගැන අවධානය යොමු කළ යුතුය. ඡන්දයෙන් පසු රටට අවශ්‍ය කරන්නේ සුපුරුදු පශ්චාත් සත්‍යට යොමු වීම නොවේ. අනුන්ට ගල් ගහන අනුන්ගේ වැරදි පමණක් දකින ක්‍රමයක් නොවේ. පසුගිය වසර හැත්තෑව තුළ මෙරට පැවැති දේශපාලන ක්‍රමය වෙනවෙන් ජනතාව ගෙවා ඇති වන්දිය බලවත්ය. විශාල හානියක් රටට සිදුකර තිබේ. සෑම දෙනාම එකතු වී එකමුතු වී අලූත් ගමනක් ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. වරද අනුන්ගේ හා නිවැරදි තමන් යැයි ආකල්පය සුදුසු නැත. විශෙAෂයෙන් අද පවතින අලූත් තාක්ෂණික සමාජ යුගය තුළ අලූත් වෙනසක් ඇතිකරන්නට පදනමක් අවශ්‍යය.

අද පවතින තොරතුරු ප්‍රවාහය තුළ ගැටළු තිබේ. දශක ගණනකට කලින් සිද්ධි හා තොරතුරු සකස්කර සංස්කරණය කර ඛෙදාදෙන ව්‍යුහයක් තිබුණි. දැන් සමාජ මාධ්‍ය යුගයේ දී දකින් දේ වාර්තා වෙයි. එක සිද්ධියක් ගැන කරන එක අර්ථකතනයක් සෑහෙන අර්බුදයක් ඇති කරනු ඇත. සමහර අවස්ථාවල ඒවායේ දේශපාලනයක් නැත. හුදෙක් ජනතා විරෝධයක් පමණකි. චිලී යේ එය සිදුවිය. ලෙබනනයේ අගමැතිවරයාට පවා ඉල්ලා අස්වන්නට කරුණු පෙළගැසුණි. හොංකොං හි විරෝධතා ඇවිලෙමින් තිබේ. ඒවාට හේතුවක් නැත. විරෝධය පෙළ ගසන නායකයෙකු සොයා ගත නොහැකිය. මෙය නූතන සමාජ මාධ්‍ය හැසිරීමේ ප්‍රතිඵලයකි. අපි දකින්නේ වැරදි හා වාර්තාකරන්නේ වැරදි දේ නිසා ඇති වන තත්ත්වයකි. අප සියළු දෙනාටම පවා සෑහෙන වගකීමක් තිබේ. රට වැසියන් වශයෙන් මෙයට වඩා පුලූල් පදනමක් සහිතව හිතන්නට අවශ්‍යය. නායකයන් පරිනත විය යුතු පමණක් නොව අප සියළු දෙනාද අලූත් යුගයක් හමුවේ පාර්ශවකරුවන්ය. ඡන්දයෙන් තේරී පත්වන නායකයාට පමණක් සියල්ල කරන්නට පුලූවන්කමක් නැත. අප හිතන ක්‍රියා කරන හා තීන්දු ගන්නා ආකාරය ගැන වෙනස් මානයකට යා යුතු කාලය එළැඹ තිබේ. දරුවන්ට ආදරය කරන පුරවැසියන් පිරිසක් බවට පත් විය යුතු අතර ජාත්‍යන්තරයෙන් මෙම අවස්ථාවේ දී අපට උගන්වන වැදගත් පාඩම එයයි.