ජාත්‍යන්තර ‘‘ද ඉකොනොමිස්ට්’’ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙන ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා තම රටේ අද උපදින දරුවන්ගෙන් හරි අඩක් අවුරුදු සියයක් ජීවත්වනු ඇති බව කියා තිබේ. එය එක පැත්තකින් එරට වෛද්‍ය විද්‍යා දියුණුව පෙන්වයි. සෞඛ්‍ය පහසුකම් ගැන අඟවයි. අනෙක් පැත්තෙන් වැඩිහිටියන් රැුකබලා ගැනීමට ඇති පසුබිම ගැන අනාවරණය කරයි. ජපානය දැනටත් සෑහෙන වැඩිහිටි ජනගහනයක් ජිවත්වන රටක් වශයෙන් සැලකේ. එදිනෙදා කටයුතු වල දී වයස්ගත පිරිස රැුකබලා ගැනීම වෙනුවෙන් සෑහෙන කැපවීමක් කරන්නට සිදුවී ඇත. වාර්තා අනුව සමස්ථ ජනගහනය අඩු වෙමින් පවතින අතර එයට හේතුව උපත් ප‍්‍රමාණයට වඩා ලක්ෂ හතරක පමණ මරණ වසරකට වාර්තා වීම බව දැක්වේ. උපත් සීමාව, වැඩිවයස්ගත ජනගහනය ඉහළ ප‍්‍රතිශතයක් ගැනීම, ශ‍්‍රම බලකාය අඩුවීම හා සුබසාධන පිරිවැය ඉහළ මට්ටමකට පත්වීම ජපානය මුහුණ පා ඇති අභියෝග අතර තිබේ. ඒ සියළු පැති අභිබවා වසර සියයක් දක්වා වැසියන් ජීවත් කරන තීරණය අවධානයට ගත යුතු එකකි.
ජපානය දුපත් හය දහස් අටසිය පනස් දෙකකින් සමන්විත බව දැක්වෙයි. ජනාවාස දුපත් ගණන එයින් අතලොස්සකි. මුළු ජනගහනයෙන් සියයට පහලොවකට ආසන්න ප‍්‍රමාණයක් තෝකියෝ වල ජීවත්වන අතර නූතන තාක්ෂණික සහ වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලින් උපරිම ප‍්‍රයෝජන ලබමින් සිටී. ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට ලෝකයේ වැඩිම සාමාන්‍ය ආයු කාලයක් ජීවත්වන වැසියන් සිටින රට ජපානයයි. එය අවුරුදු අසූ හතරකි. ජනගහනයෙන් සියයට විසි අටක් අවුරුදු හැට පහට වැඩි අය වන අතර ජර්මනියේ පවතින සියයට විසි එකක, ඇමරිකාවේ පවතින සියයට පහලොවක හා ඉන්දියාවේ පවතින සියයට හයක අනුපාතය සමග සසඳන විට එය ඉතා ඉහළ මටට්මකි. අද උපදින දරුවන් ගෙන් අඩක් වයස අවුරුදු සියය දක්වා ජීවත්වනු ඇතැයි පුරෝකථකනය කරන ජපාන නායකයෝ එයට සූදානමක් වශයෙන් වැඩිහිටි සුබසාධනය ඉහළම තැනෙකට පත් කර ඇති අතර එම සුබසාධන වියදම පියවා ගැනීමට ගන්නා වැඩ පිලිවෙල ගැන ද සාකච්ඡා කරන බව පෙනේ. කාන්තාවන්ට අලූතින් ශ‍්‍රම බලකායට ඇතුළු වන අවස්ථා බහුල කර ඇත. වයස් ගත ජනගහයට ද වැඩ කරන්නට හැකිවන පරිදි ශ‍්‍රම වෙළඳ පොල පැවැත්ම වෙනස් කර තිබේ.
ජපානයේ සෑම රැකියාවකටම සියයට 1.6 ක ඇබෑර්තු පවතී. ගොවිපොල, ඉදිකිරීම් අංශය හා වැඩිහිටි නිවාස වලට ලෝකයේ ඕනෑම රටකින් ශ‍්‍රමිකයන් ගෙන්වා ගැනීමට හැකි වන පරිදි නීති වෙනස් කරන්නට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙයි. සියයට විසි තුනක වැඩ කරන පිරිසක් වයස අවුරුදු හැට පහට වැඩි බව දැක්වෙයි. එය සමාජ සුබසාධන වියදම් ඉහළ දැමීමට හේතුවකි. වයස්ගත පිරිස නඩත්තුව වෙනුවෙන් කරන වියදම සෑම වසරකම ඉහළ යමින් තිබේ. අද පවතින යෙන් ටි‍්‍රලියන 121 ක සිට 2040 වන විට යෙන් ටි‍්‍රලියන 190 දක්වා ඉහළ යන්නට ඉඩ ඇති බව ප‍්‍රකාශ වී ඇත. එය වෙනුවෙන් ධනය සොයාගැනීම ප‍්‍රශ්නයකි. ජපානයේ ණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 250 කි. එය විශාල පිරිවැයක් වන අතර එසේ තිබිය දී අද උපදින පරම්පරාවෙන් හරි අඩකට අවුරුදු සියය වන තෙක් ජීවත්වන ආර්ථික හා සමාජ දර්ශනයක් ගොඩනැගීම කිසිසේත් පහසු නැති අභියෝගයකි.
එයට සැලසුම් හදන්නේ කෙසේද? වයස්ගත ජනගහනය නැවත වැඩ කරන තැනට යොමු කර තිබේ. ජපාන රජයේ හා පුද්ගලික අංශයේ විශාම වයස ඉහළ නංවා ඇත. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කර තිබේ. වයස්ගත පිරිස රැකබලාගන්නා අතර ධනවත් අය සිය සුබසාධනය වෙනුවෙන් වැඩිපුර බදු ගෙවිය යුතුය. වයස්ගත අය ඉතා හෙමින් සැහැල්ලූවෙන් වැඩ කරන විට රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේද? කාර්යක්ෂමතාව නංවන මග කුමක්ද? රොබෝ තාක්ෂණය හා පරිගණක මෙවලම් ආරෝපනය කර ඇත. අලූත් තාක්ෂණය ජපානයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා තිබේ. මෙකී පැති වලින් අරමුණු කරන ව්‍යුහාත්මක වෙනස්කම් මගින් ජපානය ලෝකයේ අසිරිමත් රටක් බවට පත් කර ඇත.
මෙම ස්වභාවය ශ‍්‍රී ලංකාවේ අනාගතය සමග සැසඳීය හැකිද? ජපානය හා ශ‍්‍රී ලංකාව අතර විශාල මිත‍්‍රත්වයක් තිබේ. එයට හේතුව දෙවන ලෝක මහා යුද්ධයයි. මිත‍්‍ර පාක්ෂික රටවල් යුද හානි වලට ජපානයෙන් වන්දි ඉල්ලා සිටියේය. දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ ජපානය වන්දි ගෙවන්නට හැකි ආර්ථික ශක්තියක සිටියේ නැත. එවකට ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ජපානයෙන් වන්දි ඉල්ලීම යුක්ති සහගත නැති බව පෙන්වා දුන්නේය. යුද්ධය අවසන් වන විට ශ‍්‍රී ලංකාවට වඩා දුර්වල ආර්ථික පසුබිමක සිටි ජපානය අද ලෝකයේ දියුණු රාජ්‍ය අතර ප‍්‍රධාන එකකි. ලෝකයේ ආයෝජන හා ප‍්‍රදානය කරන රටවල් ලැයිස්තුවේ ඉහළ තැනකය. එයට හේතුව නිසි කැපවීම හා විනය බව නොරහසකි. නොපසුබට උත්සාහයෙන් අරමුණ කරා ගිය ජපාන වැසියෝ සිය අභිමතාර්ථ සාක්ෂාත් කරගෙන තිබේ. මතු උපදින පරම්පරාවට වසර සියයක් ජීවත්වන පදනම එහි වැදගත් සන්ධිස්ථානයකි.
ශ‍්‍රී ලංකාව වැදගත් ඉහළ සමාජ සංස්කෘතික වටපිටාවක් සහිත රටකි. යාන්තම් විශ‍්‍රාම වයසට එළැඹෙන විට වැඩිහිටියෝ ගැන නොතකන සමාජයක් බිහි වෙමින් තිබේ. ආදායමක් උපයන්නේ නැති පිරිස යැපෙන්නන් සේ සලකන අතර සමහර පවුල් වලට වැඩිහිටියන් නඩත්තු කිරීම ගැටළුවක් වී ඇත. වැඩිහිටියන් පාරට ගෙනැවිත් අත් හරින්නේ සහ ඔවුන් සමග ඇතිකරගත් අඩදබර පොලිසි උසාවි වලින් කෙළවර වන බව පෙනේ. වියපත්වන සමාජයට නිසි රැකවරණයක් නැත. සමාජ සුබසාධන අවස්ථා සීමිතය. වැඩිහිටි ජනතාවගේ සිතුම් පැතුම් තේරුම්ගෙන අරමුණු සාක්ෂාත් කරන්නට පියවරක් නැති තරම්ය. රජයෙන් හා පුද්ගලික අංශයෙන් වැඩිහිටි රැුකවරණය ගැන නොයෙක් වැඩසටහන් පවත්වාගෙන යන නමුත් ඒවායේ ප‍්‍රමිතිය ගැන ගැටළු තිබේ. නිසි හවුහරණක් නැති සෑහෙන ජන කොටසක් නිති පතා දුක්බර ජීවිත ගත කරති. එවැනි පසුබිමක් තුළ මෙරට අලූතින් උපදින දරුවන්ගේ ජීවිතාපේක්ෂාව ගැන විශාල ඉලක්ක තිබිය හැකිද?
රට තුළ පවතින ජනතා ප‍්‍රශ්න ගැන පාලකයන්ට අවබෝධයක් නැත. ජපානයේ ද දේශපාලන ගැටුම් තිබේ. පාලන ව්‍යුහය ගැන අර්බුද මතුවෙයි. නමුත් සමාජ අභිවෘද්ධිය දෙවැනි තැනක ලා නැත. මෙරට ආණ්ඩු ව්‍යවස්ථාව, බලයට පත්වන හැටි, බලය ආරක්ෂා කරගැනීම වැනි කාරණා ගැන විශාල වශයෙන් සාකච්ඡා කරයි. ආණ්ඩු බලය අල්ලා ගැනීමට අරගල සිදුවෙයි. ඒවායෙන් ජන සමාජයට ලැබෙන ආලෝකය කුමක්ද? බලයට පත්වන නායකයෝ තමන්ගේ පහසුකම් ගැන හිතන නමුත් ජනතාව ජීවත් කරන්නේ කෙසේදැයි කල්පනා කරන්නේ නැත. ජනතා අභිලාශ සාක්ෂාත් කරන දර්ශනයක් රටට අවශ්‍යය. ජනතාව නගා සිටුවන, ජනතා අවශ්‍යතා සම්පාදනය කරන පාලන ව්‍යුහයක් ඇතිකරන්නට පාලකයෝ වගබලාගත යුතුය.
|