» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/12/2019 - ඉරිදා ලංකාදීප
ඩිජිටල් ව්‍යවසායකත්වයකට දොරටු විවෘත කිරීම

ව්‍යවසායකත්වය තරම් භාවිතා කරන වචනයක් මෙරට නැති බව සැකයක් නැත. සියළුම ආණ්ඩු, සියළුම ආයතන ව්‍යවසායකත්වය නගා සිටුවනු සදහා නොයෙක් සහාය පළ කරමින් සිටී. නමුත් තරුණන්ගේ අදහස මොනයම් ක‍්‍රමයකින් හෝ වෙනත් රටකට පැන ගැනීමය. ඇමරිකාවට, බි‍්‍රතාන්‍යයට හෝ ජපානය ඉලක්ක කර ඇති රට හැරයාමේ අභිප‍්‍රාය මෑතක සිට කොරියාව දක්වා ද නැඹුරු වී තිබේ. වෙනත් රටකට යා ගත නොහැකි නම් අඩුම තරමින් රජයේ රැකියාවක් තරුණ තරුණියන් අපේක්ෂා කරන බව නිරීක්ෂණය කළ හැකිය. මෙම ස්වභාවයෙන් ගැලවෙන්නේ කෙසේද? ව්‍යවසායකත්වය යන සංකල්පය ප‍්‍රායෝගික එකක් බවට හරවන්නේ කෙසේද?

සුප‍්‍රකට ව්‍යවසායකයෙකු වන ජැක් මා අපි‍්‍රකාවට අලූත් තරගයක් යෝජනා කර තිබේ. එය අන්තර්ජාල ව්‍යවසායකත්වයකි. Entrepreneur යන අදහස වෙනුවට හෙතෙම Netpreneur යන භාවිතාව ප‍්‍රයෝජනයට ගනී. එය අලූත්ම වචනයකි.

ජැක් මා යන පුද්ගලයා ගේ පසුබිම ද සොයා බැලීම සුදුසුය. හෙතෙම අද වන විට චීනයේ ධනවත්ම ව්‍යාපාරිකයා වන අතර ඔහු සතු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 41.1 ක් බව දැක්වෙයි. තමන් විශ‍්‍රාම යන අතර ලෝක යහපතට කැපවන බව ජැක් මා පසුගියවසරේ කියා සිටි අතර සිංගප්පූරුවේ දී පැවැති ව්‍යවසායක හමුවක දී ඔහු කරන ලද සදහන ඉතාම වැදගත්ය. අද තමන් අලිබාබා සමූහ ව්‍යාපාරයේ රැකියාවකට ඉල්ලූම් කළහොත් රස්සාවක් නොලැබෙනු ඇති බව කියා සිටියේය. තාක්ෂණය හා අධ්‍යාපනය වෙනස්වන තරම ගැන එයින් ඉගියක් සැපයේ.

චීනයේ දකුණේ හැංග්ෂෝ ප‍්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු සාමාන්‍ය පවුලක සාමාජිකයෙකු වූ ජැක් මා, බොහො වැර වෑයමෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. අවස්ථා දෙකක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශ විභාග අසමත්විය. නමුත් තුන් වැනි වතාවේ සාර්ථක විය. ඔහුගේ පසුබිම ඉංග‍්‍රීසි ටිකක් දැනගෙන සිටීම නිසා වෙනස් විය. ඔහු ජීවත් වූ ප‍්‍රදේශයට එන සංචාරකයන්ට උදව් කරමින් පරිවර්තන කාර්ය භාරයක් කළ ඔහුට එහි දී නොදන්නා සංචාරකයෙකු ජැක් යන නම පටබැද තිබේ. නැත්නම් හෙතෙම ඒ. කේ. ඒ. මා යන් බව ඔහුගේ වතගොත පිරික්සන විට පෙන්නුම් කරයි. විශ්ව විද්‍යාලයට ඇතුලත්ව උපාධියක් ගත් හෙතෙම දරුවන්ට ඉංග‍්‍රීසි උගන්වමින් සිටියේය. ස්ථිර රස්සාවක් ලබා ගැනීමට මහන්සි විය. ජැක් මා කියන පරිදි ආයතන තිහක පමණ සම්මුඛ පරීක්ෂණ වලට ගොස් ඇත. පොලිසියට බැදන්නට ගියේය. නුසුදුස්සෙකු විය. ප‍්‍රකට කේ.එෆ්.සී. ජාලයේ අවන්හලක් ප‍්‍රදේශයට පැමිණියේය. විසි හතර දෙනෙකු අයැදුම් කළේය. විසි තුන් දෙනෙකු තෝරා ගත් අතර ඔහු ප‍්‍රතික්ෂේප වූ බව ජැක් පසුව කියා සිටියේය. පසුව ඇමරිකාවේ සංචාරයකට අවස්ථාව උදාකර ගත් හෙතෙම පරිගණකය ගැන යන්තම්වත් දැනගෙන සිටියේ නැත. ජැක් එහි දී අන්තර් ජාලය මුල්වරට පරිහරණය කර බලන්නේය. නැවත චීනයට ගිය අතර අලූත් දේ කරන්නට ගොස් අවස්ථා කිහිපයක අසාර්ථකත්වයට පත් විය. පසුව නිෂ්පාදකයන් හා ගැනුම්කරුවන් මුණ ගස්සවන වෙළද වෙබ් අඩවියක් හදයි. මිත‍්‍රයන් කිහිප දෙනෙකු එයට හවුල් වෙයි. එම අඩවිය අලි බාබාය. සේවා අරඹන විට චීනයෙන් පමණක් නොව ලෝකයේ නොයෙක් තැන් වලින් ඔහු ගේ වානිජ අන්තර් ජාල වෙලදාම කරා ගැනුම්කරුවන් පැමිණෙන්ට පටන් ගනී.

අලිබාබා කරන්නේ ලෝකයේ විකුණන්නන් සහ පාරිභෝගිකයන් අන්තර් ජාලයෙන් සම්බන්ධ කිරීමයි. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති චීනයේ එය පහසු වෙන්නට ඇත. ජැක් ගේ ව්‍යවසායකත්වය ලෝක අවධානයට ලක්වෙයි. ප‍්‍රකට සගරා ඔහු හොදම ව්‍යවසායක නාමයෙන් හදුන්වයි. තමන් පැමිණි ගමන දෙස බලන ජැක් මා පළමුවෙන් අප‍්‍රිකාවට එන්නේ 2017 වසරේ දී ය. එහි දී ලැබුණ අත්දැකීම් අනුව අපි‍්‍රකානු තරුණන්ගේ පැවැත්ම වෙනස් කරන තීරණයට පැමිණෙයි. ජැක් මා අනාගත ඩිජිටල් අධ්‍යාපනය භාවිතා කර අප‍්‍රිකානු ව්‍යවසායකත්වය නංවන සැලැස්මක් ප‍්‍රකාශයට පත් කර ඇත. එයට අනුව දක්ෂතම ව්‍යවසායකයෝ සොයා තෑගි පිරිනමන අතර වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන දහයකි.

එක්සත් ජාතීන් පෙන්වා දෙන පරදි 2015 වසරේ අප‍්‍රිකානු කලාපයේ තරුණ ජනගහනය සියයට 17 ක ප‍්‍රතිශතයක් වූ අතර වසර 2030 වන විට සියයට 42 ක් පමණ වනු ඇත. වයස අවුරුදු 15-35 අතර අප‍්‍රිකාවේ තරුණ තරුණියන්ගේ ප‍්‍රමාණය එපමණ ඉහළට යන පසුබිමක ඇති විය හැකි ප‍්‍රශ්න ගැන ජැක් මා තක්සේරුවක නිරත වී ඇත. තමන් මුහුණ දුන් අත්දැකීම් අනුව හිතන අතර විසදුම නිර්මාණය අන්තර්ජාලයට භාර දෙන්නට තීරණය කර තිබේ. අලි බාබා සමාගමේ විධායක අධ්‍යක්ෂක ධුරයෙන් විශ‍්‍රාම ගත් හෙතෙම ප‍්‍රකට බිල් හා මෙලන්ඩා පදනම ආකෘතියේ සුබසාධන පදනමක් පිහිටුවාගෙන ඇති අතර තම ධනය ලෝක යහපතට වෙන් කරන තීරණයකට එළැඹ තිබේ. අප‍්‍රිකාව එයට සුදුසු තැන බව හදුනා ගෙන ඇත.

දකුණු අප‍්‍රිකානු නායක සිරිල් රමපෝසා මුණ ගැසුණු ජැක් මා සිය අභිලාශය දක්වා ඇති අතර එයට ඉහළම සහයෝගය පළ වී ඇත. තාක්ෂණ අංශයේ ව්‍යවසායනත්වය නංවනු අරමුණු කරගෙන රූපවාහිනී වැඩසටහනක් ආරම්භ කළ අතර එයට සහභාගී වන දස දහසක් දෙනා අතරින් දක්ෂතම තරුණ අන්තර් ජාල ව්‍යවසායකත්ව යෝජනාවට ජය අත්පත් වනු ඇත. අප‍්‍රිකානු තරුණන් ගේ මුහුණ දෙස බලන විට ජවය ඇති අතර ධෛර්යය ගැන විශ්වාසයක් තමන්ට ඇති බව ජැක් මා ප‍්‍රකාශ කර ඇත. ජලය, භූමිය, යටිතල පහසුකම්, සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අංශ ගැන ආණ්ඩු වෙහෙස විය යුතු අතර තරුණන් එයින් ප‍්‍රයෝජන ගෙන අලූත් ලෝකයක් තනනු ඇති බව ලෝක ප‍්‍රකට ව්‍යවායකයෙකු වන ජැක් මා කියා තිබේ.

ශ‍්‍රී ලංකාවේ තරුණන් වෙනුවෙන් ව්‍යවසායකත්වය දියුණු කරන යෝජනා ගැන අවධානය යොමු කරන විට මෙම අත්දැකීම් ගැන කල්පනා කිරීම සුදුසුය. ව්‍යවසායකත්වය වෙනුවෙන් ලබා ගන්නා අවස්ථා මොනවාද? ඉදිරි වසර දහය අවසන් වන විට ලෝකය සහමුලින්ම වෙනස් වී තිබිය හැකිය. නිෂ්පාදන ක‍්‍රම හා වෙළද පොල හැසිරීම අලූත්ම තැනකට පරිවර්තනය වනු ඇත. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කෙලින්ම ගනුදෙනු කරන තැනට පත් විය හැකි අතර සේවා අංශය අති විශාල දියුණුවකට පත්විය හැකිය. සේවා ලබාගන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නයට උත්තර අන්තර්ජාලයෙන් ලැබෙන අතර ජැක් මා සදහන් කරන පරිදි අන්තර්ජාල ව්‍යවසායකත්වය භැඑචරුබැමර යන අදහස පැතිරෙන්නට ඉඩ තිබේ. ප‍්‍රතිපත්ති සම්පාදකයෝ මෙම අදහස ගැන අවධානය යොමු කළ යුතුය.

ව්‍යවසාය වශයෙන් ශ‍්‍රී ලංකාව කරන්නේ මොනවාද? හුදෙක් වෙළද සැලක්, සත්ව පාලනය, යමක් නිශ්පාදනය කිරීම යනා දී වශයෙන් දැන් පවතින ලැයිස්තුව අනාගතයේ දී වැදගත් වන්නේ නැත. දැන් එන්ජිමක් රහිත එනම් විදුලියෙන් ධාවනය වන වාහන භාවිතාවට එන කාල වකවානුවක් හෙයින් අනාගතයේ දී ගරාජ් වැනි වැඩපොල පවා අවලංගු වීමට ඉඩ තිබේ. යාන්ත‍්‍රික කොටස් අලූත් වැඩියා කිරීම වෙනුවට යාන වාහන වල අලූත් පරිගණක පද්ධති යාවත්කාලීන කිරීම එකම අවස්ථාව වියහැකිය. කඩමණ්ඩිය අහෝසි විය හැකි අතර පාරිභෝගිකයන් වෙළද සැලට නොඑන යුගයක් බිහි වෙන්නට බැරි නැත. මේවා ගැන නිදහසේ හිතන වගකීමක් අප සියළු දෙනාටම තිබේ. ව්‍යවසායකත්ව යනු පරණ පාඩමකි. එහි අලූත් පෙළපොත අප ගේ භාවිතාවට ලැබී නැත. අප‍්‍රිකාව එයට සූදානම්ය. ජැක් මා එහි ව්‍යාප්තිය වෙනුවෙන් පෙරමුණ ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ තරුණ පෙළ ගත යුතු මග ගැන අවධානය යොමු කිරීම මෙහි දී ඉතාම වැදගත්ය.