» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/10/2017 - ඉරිදා ලංකාදීප
සමාන අවස්ථා ඇතිකරන ලද කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ජවය

කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ආරම්හය සිදුවූයේ අහම්බෙන් බව දැක්වේ. අප‍්‍රිකානු රටක දරුවන් රබර් කිරි වලින් තනාගත් බෝලයකින් සෙල්ලම් කරමින් සිටි අතර එය පසුව බටහිර රටවල් කරා ව්‍යාප්ත විය. සීතල කාලයේ දී හිරු රශ්මිය සඳහා එළිමහනට එන එංගලන්ත ජාතිකයන් කල්ගත කරමින් සෙල්ලම් කරන කී‍්‍රඩා විලාශයක් එයින් නිර්මාණය කරගත්තේය. ටෙස්ට් කි‍්‍රිකට් යැයි නම් කරන ලද එය එක්තරා පැලැන්තියක් නඩත්තු කරන ලදී. හිරු නොබසින අධිරාජ්‍යය ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩාව තම ජාතිකයන් විහිදී සිටි රටවල්වලට ගෙන ගියේය. ඒ යටත් කරගෙන සිටි රටවලට බව සදහන් කළහොත් නිවැරදිය. ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, පකිස්තානය සහ ශ‍්‍රී ලංකාව ඇතුළු නොයෙක් රටවල ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාප්තවෙයි. මන්දගාමී ක‍්‍රීඩා විලාශයක් පෙන්වන ලද එහි ආරම්භක ශෛලිය වෙනුවට අද එහි වෙනස්කම් ගණනාවක් තිබේ. වේගය හා ජවය එකතු වූ ක‍්‍රිකට් එකිනෙකට වෙනස් පැති වලින් ඉදිරියට පැමිණ ඇත. රෝස පැහැති පන්දුවේ දිවා රාත‍්‍රී කි‍්‍රකට් අලූතින්ම එකතු විලාශයයි.

පකිස්තානය දීර්ඝ කාලයක් රට තුළ ක‍්‍රිකට් ක‍්‍රිඩා කරන අවස්ථාව අහිමිව සිටියේය. එයට හේතු වූයේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වන අතර එම පසුබිම එරට ක‍්‍රීඩකයන්ට තරගාවලි නොලැබී ගියේය. ශ‍්‍රී ලංකාව හා පකිස්තානය තමන්ගේ මවු රටවලින් බැහැරව මුණ ගැසෙන තරගාවලියක් මේ වන විට පැවැත්වෙන අතර දිවා රාත‍්‍රී ටෙස්ට් ක‍්‍රිකට් හදුන්වා දෙන්නේ මෙම තරගාවලියේදීය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අලූත් පෙරැළියකි. දවසේ වැඩ කරන්නට හැකි කාලය දින පහක් තිස්සේ ගත කරන ක‍්‍රීඩා ලෝලීන් ගැන ඇති විවේචන යම් පමණකට වෙනස් පැත්තකට හරවන්නට දිවා රාතී‍්‍ර කි‍්‍රකට් සමත්වනු ඇති බව විචාරක මතයයි.

දීර්ඝ අමිහිරි පරාජිත වකවානුවකට මුහුණ දී සිටි මෙරට ක‍්‍රීඩකයින් ට ද පකිස්තානය සමග මැද පෙරදිග දී පැවැත්වෙන තරඟමාලාව අස්වැසිල්ලක් අත්පත් කර දී තිබේ. තරග පරාජය වන විට ක‍්‍රීඩකයින් ගැරහූ, පාලක මණ්ඩලයේ සිට ක‍්‍රීඩකයින් දක්වා විවේචනයට ලක් වූ ස්වභාවය දැන් තරමක් තුනී වී තිබේ. දිනන විට ඉහළින් පිලිගන්නා සහ පරාජය වන විට ගරහන පිලිවෙත සුදුසු නැත. ක‍්‍රීඩාව තුළ තිබිය යුතු ජය හෝ පරාජය ඉවසන විශේෂ ගුණය නැතිකරන තරමට කි‍්‍රකට් ක‍්‍රිඩාවේ වත්මන් වානිජ ස්වභාවය හේතු වී ඇති බව විචාරක මතයයි.

කාලයක් ගත වන විට දින පහක් සෙල්ලම් කරන ටෙස්ට් ස්වභාවය ගැලපුණේ නැත. එය කාලය නාස්ති කරන එකක් වන අතර අනුග‍්‍රාහකයන් පමණක් නොව මාධ්‍ය පවා මෙම දීර්ඝ තරග ශෛලිය වෙනස් කරන උවමනාවක සිටියේය. සීමිත පන්දුවාර පැමිණියේ ඒ අනුවය. එය තවත් තියුණු කර පන්දු වාර විස්ස බැගින් තරග කරන ඉතාම වේගවත් විලාශයක් දැනට හදුන්වා දී තිබේ. දිවා රාත‍්‍රී ටෙස්ට් පමණක් නොව වර්ණවත් පන්දුව ද තරගයට හදුන්වා දෙන විට ක‍්‍රීඩා ලෝලීන් මාධ්‍ය හා අනුග‍්‍රාහක ප‍්‍රවණතා ඉතාම වේගයෙන් වානිජකරණයට පත්විය. මාධ්‍ය ආවරණ, තරග අනුග‍්‍රහය, ක‍්‍රීඩකයන් සඳහා අති විශාල මුදල් ලැබෙන මාර්ග ඇතිවන විට ක‍්‍රිකට් කී‍්‍රඩාව හා එහි නියැලි ක‍්‍රීඩකයන් වස්තු හිමියන් බවට පත්වන අතර ඔවුන්ගේ විලාශය හා හැසිරීම දරුණු විවේචනයට භාජනය විය. තරග හා ක‍්‍රිඩකයන් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම, තරග පාවාදීම එළියට පැමිණි අතර ක‍්‍රීඩාව, කී‍්‍රඩකයන් පමණක් නොව ක‍්‍රිකට් පාලනය කරන නිලධාරීන් හා ආයතන වල ස්වභාවය ද කර්කශ ගැරහිලි වලට ලක්විය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය මෑතක දී මුහුණ දුන් ඉරණම එම තත්ත්වයට හොඳ උදාහරණයකි.

ආරම්භක කාලයේ දී ක‍්‍රිකට් වලට විලාශය පමණක් නොව සම්ප‍්‍රදායක් ද තිබිණ. ක‍්‍රීඩාවට පරිපූර්ණ පිලිවෙලක් තිබුණ එහි ආභාශය සීමා වූයේ වරප‍්‍රසාද ලත් පැලැන්තියකට පමණකි. පැලැන්තියට එකතු වෙනු සඳහා සැහෙන අරගලයක් කරන්නට සිදුවූ අතර පවුල් පසුබිම, අධ්‍යාපනය ලැබූ පාසල, ඉංගී‍්‍රසි කතා කරන විලාශය පමණක් නොව හැන්දෙන් ගෑරුප්පුවෙන් ආහාර ගන්නට පුලූවන්කම ද එයට තිබුණ බව සඳහන් කළ යුතුය. ක‍්‍රමයෙන් ක‍්‍රීඩාව සාමාන්‍ය ජනතාව අතරට ගියේය. එය එක්තරා ආකාරයක විප්ලවයකි.

ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ හතරේ සීමාවෙන් එපිට සිට ඉහළ පැලැන්තියේ අය සෙල්ලමට ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන ආකාරය බලා සිටි යුගය අවසන්ය. එක්තරා සමාජ ස්ථරයකට සහ එම සමාජ ස්ථරය නියෝජනය කරන පාස් වලට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් වෙන්වී තිබුණ කාලයක් විය. ක‍්‍රිඩාව තිබුණ ටෙස්ට් මට්ටමින් වෙනස් වී සීමිත තරග මගින් වේගවත් වන විට ජනී ජනයා එය කරා ඒකරාශී වෙන්නට පටන් ගත්තේය. වොලිබෝල් ජාතික ක‍්‍රීඩාව වන නමුත් ජනතාව වැළඳ ගත්තේ ක‍්‍රිකට්ය. එය පංති පෙලැන්ති අභිබවා යන ගුණයක් සහිත විය. පසුගිය දශක කිහිපය තිස්සේ වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කරන දරුවන් එය සමාජ ප‍්‍රවාහයක් බවට පත් කළේය. ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ සමාජයේ වීරයන් බවට පත් වූ අතර ඔවුන්ගේ හැසිරීම, අදින පළඳීන අන්දම අනුකරණය කරන තරමට සමාජය තුළ චරිත වලට වටිනාකමක් එකතු වීම විශේෂ සිද්ධියකි.

මෙකී වෙනස්කම් ඔස්සේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ පැවැති සම්ප‍්‍රදායික උරුමය බිඳ වැටීම ද ඉතාම ගැඹුරෙන් අවධානයට ලක් කළ යුතු කරුණකි. ශ‍්‍රී ලංකාවේ දී ඇතිකරන ලද වෙනස්කම් අතරින් වැඩි අවධානයට ලක් කළ යුතු එයයි. ක‍්‍රිකට් යනු තව දුරටත් සීමිත කණ්ඩායමක් සතු උරුමයක් නොවේ. ශක්තිය, ධෛර්යය හා කැපවීම ඇති තරුණන් එය ආක‍්‍රමණය කළේය. දිනන්නට නම් ජවය සොයා යා යුතු අතර එම ජවය රටේ තැන් තැන් වලින් දිදුලන විට ඔවුන් තෝරා ගැනීම හැර අන් විකල්පයක් නොවූ බව පැහැදිලි කළ යුතුය.

මෙරට ඉතිහාසය හදාරන විට දක්ෂයන්ට තැන ලැබෙන, එම දක්ෂයන් තෝරා ගැනීමේ දී සමාජ පසුබිම, ජාතිය, ආගම හෝ බලපුලූවන්කාරකම නොසලකන තැනකට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පැමිණ තිබේ. ඕනෑම ක්ෂේත‍්‍රයක කිසියම් නොපෙනෙන රාමුවක් ඇති අතර එය පාලනය කරන්නේ ක්ෂේත‍්‍රයේ අධිපතිවාදීහුය. දක්ෂයන්ට තැන ලැබෙන ස්වාභාවික උවමනාව පාලනය කිරීම නිසා සමාජය තුළ හටගෙන ඇති වෛරය තේරුම්ගත යුතුය. කොපමණ දක්ෂ, කැපවීමෙන් කි‍්‍රයා කරන අයෙකුට පවා පසුබිම, දේශපාලනය හෝ වත්පොහොසත්කම අනුව හිමි තැන නැති වන විට ඇති කරන කම්පාව සුළු පටු නොවේ. සමස්ථයක් වශයෙන් සමාන අවස්ථා අහිමිවීම සමාජය එක්තරා මට්ටමකින් පිරිහීමට බලපාන හේතුවකි.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රිඩාව ඉකුත් කාලය තුළ යම් ප‍්‍රමාණකින් සමාජ සාධාරණත්වය ඇති කර තිබේ. දක්ෂයන්ට තැනක් ලබා ගන්නට තරගකාරී වාතාවරණයක් බිහි කර ඇත. අසාධාරණ ලෙස ක‍්‍රීඩකයන් කොන් කරන විට ක‍්‍රීඩා ලෝලී ජනතාව නැගී සිටින අතර ජනමාධ්‍ය එය වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක් ඇති කර තිබේ. දක්ෂ ක‍්‍රිඩකයන් ගේ ක‍්‍රීඩා විලාශය අනුව අනුග‍්‍රහය දිනා ගත හැකි වී ඇති අතර දක්ෂතාවය දුර්වල වන විට අනුග‍්‍රාහකයන් පමණක් නොව ක‍්‍රිඩා ලෝලීන් ද ඈත්වන ස්වභාවික රාමුවක් නිර්මාණය වී තිබේ. එය පලූදුවන එයට බලපෑම් කරන අවස්ථා පෙනෙන විට පාලක මණ්ඩලය ඇතුළු බලධාරීන් කෙරෙහි ජනතාවගේ කෝපය නැගෙන බව නිරීක්ෂණය කළ හැකිය.

සම්ප‍්‍රදායික පෙලැන්තියකට පමණක් සීමා වී තිබුණ යුගය අවසන් කරන්නට ක‍්‍රිකට් කී‍්‍රඩාවේ දී හැකිවීම අද අනෙක් ක්ෂේත‍්‍රවලට ද ඇතුලත් කරන්නට අවශ්‍යව තිබේ. කි‍්‍රකට් ගැන එහි පරිවර්තවය ගැන අවධානය යොමු කරනවාට වඩා එහි සිදු වූ වෙනස්කම් සමාජ උන්නතියට උපයෝගී කරගැනීම සුදුසුය. දක්ෂයන්ට තැන ලැබෙන ක‍්‍රමයක් බිහි කරන්නට කි‍්‍රකට් අංශයෙන් අත්දැකීම් ලබා ගත හැකිය. වෙනත් ක‍්‍රීඩා වලට උපයෝගී කරගත හැකිය. පාසලකට දරුවෙකු ඇතුලත් කරගැනීමේ සිට වෘත්තීය අවස්ථා සම්පාදනයේ දී ද හැකියාව, දක්ෂතාවය, කැපවීම වෙනුවෙන් පිලිගැනීමක් ඇති කරන්නට අවශ්‍යය. අද නොයෙක් තැන් වල එය නැත. දේශපාලන බලපෑම් වලට මුල් තැන ලැබේ. දේශපාලනඥයෙකු හෝ ඉහළ නිලධාරියෙකු ගේ බලපෑමෙන් තොරව පාසලක්, රස්සාවක්, ඉඩමක්, නිවාසයක් හෝ ණයක් ගන්නට හැකිනම් එය මෙරට සමාජයේ විශාල වෙනසක් ඇති කරනු නිසැකය. දේශපාලන මැදිහත්වීම නැතිනම් අත යටින් මුදලක් නොදී අවශ්‍යතාව සමුපූර්ණ කරගත නොහැකි බව සමාජය තුළ විශ්වාසයක් තිබේ. ජාතිය හෝ ජන්මය ගැන සොයා බැලේ. එය තුරන් කරන්නට අවශ්‍යය. දක්ෂයන් ගේ කැපවීමෙන් කණ්ඩායමක් ජයග‍්‍රහණය කරා පැමිණි ගමන, එම ගමන වෙනුවෙන් කැපවූ පිරිස මෙහිලා අමතක කළ නොහැකිය. එක ක්ෂේත‍්‍රයක පරිවර්තනයෙන් ලබා ඇති අභිමානය අනෙක් ක්ෂේත‍්‍රවලට ද යොමු කළ හැකි නම් ශී‍්‍ර ලංකාව පවතින මාවතෙන් වෙනස් කර අභිමානවත් රටක් බවට පත් කළ හැකිය.