» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/11/2016 - ඉරිදා ලංකාදීප
නීතිය සැමට පොදු බව දක්වන දුෂණ විමර්ෂණය

සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ දුෂණයට එරෙහිව තදින් ක‍්‍රියා කළ නායකයෙකි. රට හදන්නට දුෂණ වංචා නැත්තටම නැතිකරන පියවර ගත් ප‍්‍රබල චරිතයකි. ඒ කාලයේ දී එනම් ලී ක්වාන් යූ දුප්පත් සිංගප්පූරුව භාරගන්නා විට පහල සිට ඉහලටම අල්ලස් හෝ දූෂණ දරුණුවටම බලපැවැත්වුණ බව සඳහන්ය. ගිලන් රථ රියැදුරෙකුට අත යටින් කීයක් හරි නොදුන්නොත් රෝගියා මිය ගියත් වාහනය පණ ගන්වන්නේ නැත. තත්ත්වය එපමණ බරපතල විය. ලී ක්වාන් යූ බලයට පැමිණි වහා ඳුෂණය නැත්තටම නැති කරන තද පාලනයක් හඳුන්වා දුන්නේය. සිංගප්පූරුව ඳූෂණ විමර්ෂණ කාර්යාංශයක් පිහිටුවන ලද අතර සැක කටයුතු පුද්ගලයන් ගැන විමර්ෂණය කරන්නට, බැංකු ගිණුම් පරීක්ෂා කරන්නට එයට බලය පැවරීය. බදු ගෙවූ අන්දම සොයා බලා සැක කටයුතු අයගේ පවුලේ සාමාජිකයන් සතු වත්කම් පවා සොයා බලා වැටලීම් කරන්නට එම කාර්යාංශයට බලය හිමිවිය. සිංගප්පූරුව ඳූෂණ වංචා නැති රටක් බවට පත් කර පිරිසිදු පාලනයක් පවත්වාගෙන යාම ලී ක්වාන් යූ අගමැතිවරයාගේ අභිලාශය වූ බව එයින් පැහැදිලිය.

ලී ක්වාන් යූ ඳුෂණ මර්දනයේ දී පැත්තක් ගත්තේ නැත. ඔහු කිසිම ඳුෂණයක් හෝ වංචාවක් නොකළ අතර අයුතු ප‍්‍රයෝජන ගැන ඇඟිල්ල දිගු කරන්නට කිසිවෙකුට හැකියාවක් ලැබුණේ නැත. අගමැතිවරයාගේ කිට්ටු හිතවතෙකු මැලේසියානු ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කළේය. එවකට එම ගුවන් සේවය සිංගප්පූරු හා මැලේසියා ඒකාබද්ධ ව්‍යාපාරයකි. එහි ඳුෂණ හෙළිවන විට මිතුරුකම පැත්තකට දැමූ ලී ක්වාන් යූ ඔහුව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් නෙරපා දැමීය. තවත් අවස්ථාවක පරිසර රාජ්‍ය ඇමැතිවරයාට සිර දඞුවම් නියම කළේය. මේවායෙන් පෙන්නුම් කළේ ඳුෂණ මඩින වෑයම තුළ පුද්ගලික සම්බන්ධකම් නැති බවය.

1986 නොවැම්බර් මාසයේ දවසක ලී ක්වාන් යූ ගේ කැබිනට් සගයෙකුට විරුද්ධව පැමිණිල්ලක් විභාග කරන්නට ඳුෂණ විමර්ෂණ කාර්යාංශය පියවර ගනී. අගමැතිවරයා එයට ඉඩ දුන්නේය. එවකට ජාතික සංවර්ධන අමාත්‍යංශය භාරව සිටි එකී ඇමැතිවරයා පරික්ෂණ කෙරෙහි තැති ගත්තේය. පරික්ෂණ අරඹන්නට කලින් හෙතෙම සිය දිවි නසා ගත්තේය. ඔහු දිවි නසා ගන්නට කලින් ලියන ලද ලිපියක් ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු අගමැතිවරයා වෙත යොමු කළේය. සති දෙකක කාලය තුළ තද ශෝකයෙන් හා අධෛර්යයෙන් ජීවත් වූ බව ඇමැතිවරයා එහි සඳහන් කර තිබුණි. ගරු කටයුතු පුරවැසියෙකු වශයෙන් තමන්ගේ අතින් සිදුවූ වැරුද්දට තම ජීවිතයෙන් ඉහළම වන්දිය ගෙවන බව ද එහි සඳහන් විය. ඳුෂණ පැමිණිල්ල ගැන කරුණු සොයන විට කරන ලද වැරදි හෙළිදරව් වනවාට බියෙන් ඇමැතිවරයා දිවි නසාගත් බව එයින් තහවුරු විය.

සිංගප්පූරුවේ සිද්ධිය අන්තර් ජාතික අවධානයට ලක් වූ ඉතාමත් සානුකම්පිත සිද්ධියකි. එරට ඳුෂණ වලක්වන විශේෂ පණත අනුව තෑගි, ණය, මුදල්, ප‍්‍රසාද දීමනා, කොමිස් හෝ ණය ලිහිල් කිරීම වැනි ඕනැම දෙයක් නීති විරෝධී කරන ලද අතර මේවා දීම, ගැනීම හෝ එවැනි ගනුදෙනුවක නිරත වූ බව දැනගෙන නිහඞව සිටීම ද දඞුවම් ලැබෙන වරදක් විය. ආණ්ඩුවේ පමණක් නොව පුද්ගලික අංශයේ ඳුෂිත තැන්ද සොයා බලන බලය, ඳුෂණ විමර්ශන කාර්යාංශයට හිමි ව තිබුණි. එම කාර්යය තවත් බලවත් කරනු සඳහා පසුව එම කාර්යාංශය පැවැති නීතිපති දෙපාර්තමේන්තුවෙන් අගමැති කාර්යාලයට පවරාගෙන ඇත. තවත් ස්වාධීනව මෙහෙයැවිය හැකි වන පරිදි මෙහි කාර්යගැන සොයා බලා අවශ්‍ය නම් කෙලින්ම මැදිහත් වෙන්නට ජනාධිපතිවරයාට ඉඩ දෙන නීති සකස් කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අතරමැදියන් නැතිවිය. ඳුෂණ හා වංචා තුරන් වූ අතර යුක්ති සහගත ආර්ථික පරිසරයක් සිංගප්පූරුවේ බිහි විය. සිංගප්පූරුවේ හැරවුම් ලක්ෂ්‍යය ඳුෂණ වැලැක්වීමේ පියවර බව ජාත්‍යන්තර විචාරකයෝ සෘජුව දක්වා තිබේ.

ජනවාරි අටවැනිදා පරිවර්තනයෙන් ශ‍්‍රී ලංකාව අලූත් යුගයකට ඇතුළු වී සිටී. ජනාධිපතිවරණය සහ එයින් පසු පැවැති මහ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකාවේ ඳුෂණ, මහා පරිමාණ වංචා සහ මහජන මුදල් කොල්ලකෑම ඉතාම බලවත් බවට හඞක් නැගිණි. පැවැති තත්ත්වය තුරන්කරන බව ආණ්ඩුව එක හෙලා කියා සිටියේය. ඳුෂණ වංවා මැඩලීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල මෙහෙයුමක් විය. ජනතාව බලා සිටින්නේ හරියට වැරදි හොයන තුරුය. ඳුෂණ වංචා සොයන වැඩ පිලිවෙලක් තිබේ. මහජනතාව ඒ ගැන බලා සිටිති. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද? අධ්‍යක්ෂකවරයෙකු තනතුරෙන් පහ කරන්නේ නැත. නඩු අවසානයේ ඇමැතිවරු හිරගෙදරට යවන්නේ නැත. ලැජ්ජාව නිසා මේ රටේ දිවි නසා ගන්නේ කවුද? සිංගප්පූරුව වේගයෙන් පරිවර්තනය කළ ලී ක්වාන් යූ එයට පදනම් කරගත්තේ ඳුෂණ නැති රටක් යන අභිමානයයි. ලී ක්වාන් යූ ඳුෂණ මැඩලන නීති පනවන විට ඇති වූ අවාසනාවන්ත තත්ත්වය මෙරට සිදුවිය යුතු නැති බව මගේ පුද්ගලික විශ්වාසයයි. නමුත් රටේ සිදුවූ අති විශාල වංචා ගැන තොරතුරු තිබේ. මේවා සැහැල්ලූවෙන් පැත්තකට කළ නොහැකිය. දේශපාලන නායකයන්ට සමිප චරිත ගැන කියැවෙයි. බලය අයුතු ලෙස පාවිච්චි කිරිම ගැන තොරතුරු පළ වෙයි. සිංගප්පූරුවේ ඳුෂණ විමර්ෂණ කාර්යාංශයේ වගන්ති අනුව තෑග්ගක් ගැනීම පවා වරදකි. ණය මුදල් හෝ් කොමිස් ගැනීම ද ඳුෂණයකි. පිරිසිදු පාලනය හදන්නේ එතැනින්ය. ශ‍්‍රී ලංකාවට එය කළ හැකිද?

රට හදන්නට නීතිය වැදගත්ය. නීතිය සියළුම දෙනාට එක හා සමාන විය යුතුය. යුක්තිය ඉශ්ඨ වන බව සමාජයට දැනෙන්නට අවශ්‍යය. සාමාන්‍ය පුද්ගලයාට එකක් සහ බලවතාට වෙනස් අන්දමට විය යුතු නැත. වරද ලජ්ජාවට හේතුවකි. අවමානයකි. වංචා ඳුෂණ වල නිරත ව එයින් උපයා ගත් ධනය පිරිසිදු නැත. ඒවා පිලිකෙව් කළ යුතුය. පිරිසිදු පාලනයකින් රටේ ස්වභාවය පාරිශුද්ධ කිරිම අවශ්‍යය. වගකීම දේශපාලනඥයන්ට පමණක් නොවේ. ආණ්ඩු පමණක් සියලූ දේ කළ යුතු නැත. ඳුෂණ වංචා සොයන ආණ්ඩුවේ ව්‍යුහ වලට පවා තම පරීක්ෂණ ස්වාධීනව ක‍්‍රියාවට නංවන වගකීම ඇත. ඳුෂණ වංචා සෙවීම පක්ෂ පාට අනුව වෙනස් වන බව දැනෙන්නට ඉඩ හැරිය යුතු නැත. සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ නිවැරදිව තීරණගත්තා පමණක් නොව තමන්ගේ සමීප කැබිනට් සගයාට ද එකම නීතිය පැනවීය. ගිලන් රථ රියැදුරෙකු අල්ලස් ගත්තා යැයි අල්ලාගෙන ඔහුට බරපතල දඞුවම් පමුණුවන අතර කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට නීතියට අවඥා කරන්නට කිසිසේත් ඉඩ දුන්නේ නැත.

අධිකරණය යනු සමානාත්මතාවය තහවුරු කළ හැකි තැනකි. බලය ඇති පමණක් නොව බලය නැති පුද්ගලයාට ද නීතිය සමානව සලකන රටක ජනතාවගේ ආත්ම ශක්තිය වර්ධනය වෙයි. අභිමානය වැඬේ. සිංගප්පූරුවේ දියුණුවට බලපවත්වන්නේ එකී සාධකයයි. සමාජයක් පවතින තත්ත්වයෙන් වෙනස් කර පරිවර්තනයකට ලක් කරන විට විශ්වාසය වැදගත්ය. එය වචන වලින් පමණක් ඇති කළ නොහැකිය.